ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ නව ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධනත්වයෙන් අද 08 ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය දී පැවැත් විණි.
එහිදී අමාත්‍යවරයා නව ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සිදුකළේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්රතිසංස්කර හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, මහාචර්ය සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලුත් සීලයට අනුව හාමුදුරුවරුන්ට රැඟුම් කැපද? (බ)
කුමාර්, නැටුම් ගැයුම් වැයුම් විතරක් නෙමෙයි ඕන එකක් කැපයි පුජ්‍ය පක්ෂෙට. එළිපිට කරන ඒවා එමටයි හොරෙන් කරන ඒවත් එමටයි. එයාලත් මිනිස්සුනේ ඔය සිවුර, ලෝගුව දාගත්තට. (බ)
අනේ මෝඩයෝ, මෙතන හාමුදුරුවරු වැඩම කරලා තියෙන්න නාට්‍ය බලන්න නෙමේ, ගොඩනැගිල්ලකට මුල්ගල තියනකොට සෙත් පතන්න. (බ)
දැන් ඉන්න සමහර හාමුදුරුවරු රංගන රැඟුම් දාන්න රැගුම් පාලක මණ්ඩලේ ඉඩ නැතුව ඇති (බ)
එතකොට ඔය දියවන්නාවේ නරි නාටක පෙන්නන පිරිසගේ රැඟුම් පාලනය කරන්නේ කවුද? (නි)
සමහර මිනිස්සු හැමදේම දකින්නේ වැරදියට. මේක කලියුගයනේ...... (නි)
දන්නේ නැති නිසා අහන්නේ.... ඇත්තටම ඔය කියන රැගුම් පාලක මණ්ඩලයෙන් මොකක්ද කෙරෙන්නේ ?? රටට ප්‍රයෝජනයක් තියෙනවා ද ඔය කියන මණ්ඩලයෙන් ??? (ම)
මේ වැඩෙන්රටට යහපතක් වෙයිද ....ඔය ඉඩ ප්‍රමාණය ඇතිද මේ වැඩේට ...පස්කරපු ගාණ කීයද ....කොන්ත්‍රාත් එක කාටද ...රටෙසල්ලි කාබාසිනියා වෙන තවත් වැඩක්ද ...?(අ)
ඇන්ඩෘෘ, අපි තමයි මෝඩයෝ, ඔය විදියට රාත්‍රී සමාජශාලා තැබෑරුම් විවෘත කරන්නත් හාමුදුරුවරුන්ට යන්න පුළුවන්, ඇයි එයාලා යන්නේ නටන්නවත් බොන්නවත් නොවෙය්නේ. (බ)
ඇන්ඩෘෘ මහත්තයෝ, ඔයා දන්නවාද හාමුදුරුවන්න්ට කෝටියක් සංවර සීලය රකින්න මහන්සි වෙන්න ඕනා කියලා. එක ගිහි මනසෙන් හිතාගන්නවත් බෑ.(හේ)
මේ රජය රඟන රැගුම් වලට පාලක මණ්ඩලයක් ඕනේම වෙනවා.(හේ)
ප්‍රියන්ත රටේ සාහිත්‍ය , සංස්කෘතිය පිළිබද සොයා බලා කටයුතු කරන්න ආයතනයක් අවශ්‍යයි , ජයලත් මනෝරත්නයන් රගන ගුරු තරුව වේදිකා නාට්‍යයේ ඕකට උත්තරය තියනවා ඔය කෙලින් වෙච්ච කොන්ද උඩ තියන මැටි මුට්ටියට , රත්තරන් පුරවා ගන්නවද ? අසුචි පුරවා ගන්නවද කියල තීරණය වෙන්නේ සාහිත්‍යයෙන් ...බලන්න වටිනවා ...(බ)
කුමාර්, ඔබතුමා දැක්කේ හාමුදුරුවරු විතරද? සමාජයට අයහපතක් නොවෙන කටයුත්තකට ආශිර්වාද කරන එකක තියෙන වැරැද්ද මොකද්ද? රැගුම් පාලක මණ්ඩලයෙන් වෙන්නේ සමාජයට යහපතක් මිසක් අයහපතක් නෙමේ. (බ)
දේශපාලකයින්ගේ රැඟුම් පාලනය කිරීමටත් ආයතනයක අවශ්‍යතාවයක් ඇත (නි)