බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ පුතා ගේ බෞතීස්මයට ඉතාලියෙන් තෑගි කළ සුවිශේෂි චොක්ලට් තෑග්ගට ශ්‍රී ලංකාවේ දායකත්වයද එක් විය.
ඉතාලියේ රගූෂා දිස්ත්‍රික්කයේ බ්‍රිතාන්‍ය ශාන්ත ජේම්ස් මාලිගාවට කෙළින්ම යැවුණු මොඩිකා චොක්ලට් තෑග්ග 1746 වට්ටෝරුවක් අනුව සැකැසිණි.
චොක්ලට් නිපදවීම පිළිබද විශේෂඥයකු වන ඉඥ්ඥාසියෝ ලාකොනෝ මෙම චොක්ලට් අතින්ම නිපදවීමට ඉක්වදෝරයේ කොකෝවා ද ඉතාලියේ සිනී ද මැඩගස්කරයේ වැනිලා ද ශ්‍රී ලංකාවේ කුරුඳු ද එක්කර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි රජ පවුලේ කෑම බිමට අපත් නියෝජනය වෙලා . ඒක ලොකු ආඩම්බරයක් අපට ලාංකිකයන් හැටියට (නදී)
සිරිලාල් ,මේක තමයි ඇත්ත තත්වය.බලවත් රටවල් වලට ඕනෑම වැරදි වැඩක් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. නමුත් ,අපි වගේ රටවල් වලින් යම් කිසි දෙයක් සිදු වුණොත් ඒ ගැන බලන්න නම් කට්ටිය ඕනෑ තරම් ඉන්නවා. පසුගිය දවසක ඇමෙරිකාව ලෝකයේ බලසම්පන්නම කාන්තාවගේ පුද්ගලික දුරකතනයට සවන්දීම සහ ඇයගේ විද්‍යුත් ලිපි කියවනු ලැබුවා. ඇය මේ පිළිබදව බරැක් ඔබාමාට පුද්ගලිකවම තම අප්‍රසාදය පළ කළා.ඒ වාගේම ලංකාවේ අයගෙත් දුරකථන වලට ඔවුන් සවන් දෙනවා. ඒවා පරිවර්තනය කිරීමටත් අපේ අය ඉන්නවා .ඒක ඔවුන්ගේ රැකියාව. මේ දුරකථන ටැප් කිරීම පිළිබදව දැනට රුසියාවේ ජීවත් වන අයෙක් කීප අවස්ථාවකදීම කියා සිටියා. (නි)
දන්නවා නම් කියන්න බලන්න සුද්දෝ කොහොමද මංකොල්ල කෑවේ කියලා (නි)
මේ ලස්සන රට මුලින්ම ඒ අය ආක්‍රමණය කරන කොට දුක හිතෙන්නේ නැද්ද ඔබ මොනවද ඒ වෙනුවෙන් කරේ?(නදී)
අතුල කියූ දේට මමත් එකගයි.(නදී)
ලංකාව ආක්‍රමණය කල පසුබිම එයයි.(නදී)
කුරුදු කුඩු තේ හැදී බාගයක් පමණ දිනකට පාවිච්චි කිරීමෙන් රුධිරයේ තිබෙන සිනි ප්‍රමාණ අඩු වන බව යුරෝපයේ බොහොම පරීක්ෂණ වලින් කියවෙනවා. (නදී)
කුරුදු ලංකාවෙන් නැතුව කොහෙන් ගෙනියන්න්නද. කුරුදු කියන්නේ ලංකාවට ආවේනික ශාකයක්. පසුකාලිනව වෙන රටවලට සැදුනට දුන්නත් සැබෑ කුරුදු ‘සිලෝන් සිනමන්‘ තවමත් වැඩි වශයෙන් නිපදවන්නේ අපි. ඉතින් මේකේ ඇති විශේෂත්වය කුමක්ද.(නදී)
අනේ අම්මපා අපේ සිංහලයොත් මුන්ගේ මිත්‍යා දෘෂ්ටික වැඩවලට සම්බන්ද වෙලානේ?(නදී)
අපේ මොනවා ගාවගෙන කෑවත් අපේ මොනවා ගත්තත් අපි මොනවා දුන්නත් බටහිර අයත්, උන්ට උඩගෙඩි දෙන අපේ එකාලත් ඒවා කාල වැසිකිලි යන්නේ ලංකාව දිහා බලාගෙන. (නදී)
ඒ උනාට අපේ රට වැනසුවෙත් උන්ම තමයි ....තාමත් හදන්නේ ඒ ටිකම කරන්න තමයි....(නදී)
පාඨකයිනි, පිස්සු කියවන්න එපා.සුද්දා ඒ කාලේ අපේ දේවල් ලෝකයට හදුන්වලා නොදුන්නා නම් අපිටම මොකද වෙන්නේ?අතීතයේ සුද්දා හදපු දේ තමයි අදටත් ඉදිරියට ගෙනියන්නේ.ලෝක වෙළද පොළේ තිබෙන නිෂ්පාදන දුටුවම අපේ රටේ මොනවද නව නිෂ්පදන තිබෙන්නේ? මම සුද්දට ගැතිවෙන්න කියනවා නොවෙයි.අදටත් අපි ප්‍රයෝජනයට ගන්නා දේවල් බොහෝ විට සුද්දා හැදූ දේවල් නේද? (නි)
කුරුදු පොලු යැව්වේ නැද්ද? (නි)
කවුරූ කොහොම කිවුවත් සුද්දා ලංකාවට නාවා නම් අපි තවමත් බොහොම පහළ මට්ටමක ඉන්න ජන වර්ගයක්.එයාලා අපේ දේ අරගෙන ගියාට වඩා දෙයක් දීලා ගියා. (නි)
ඩයනා කුමරියගේ මගුල් මුද්දට අල්ලා තිබෙන මැණික් ගලත් අපේ එකක්ලු නේද? මං කියන්නේ ලංකාවේ දේ කොහොමත් සුපිරියි (නි)
සුද්ද පුළුවන් තරම් අපේ රට කාලා කාලා හපය ඉතුරු කරලා දාලා ගියා. අපේ සිංහල ලේ වෙනුවෙන් සටන් කළ වීරයෝ අමු අමුවේ මැරුවා. දැන් ඉන්න අය කරකියා ගන්න දෙයක් නැතුව තවත් රට හප කරනවා. ඔවුන් එන්නේ රට හදනවාට වඩා තමන් හැදෙන්නයි. ඒකයි අපි තාමත් සුද්දට ණය වෙන්නේ. එංගලන්තයේ ඉඳලා මම මේ ටික ලියන්නේ සිංහලකමට කැක්කුම ඇති නිසා (නි)
හරිම ආඩම්බරයි,අපේ අනාගත ජෝර්ජ් රජතුමාට චොකලට් හදන්න ලංකාවේ කුරුදු ගත්තම ,රජ පවුලට අපෙන් සුබ පැතුම්! (නි)
කොහොමත් අපේ රට වසනවන්තයි (අ)
සුද්දො මේ රට ආක්‍රමණය කළේ නැත්නම් සමහරු ඔය කියන භෞතික දියුණුව නැති වුණත්, සුද්දන් ගියාට පසු අපේ රට විනාශ කළ සහ කරන කලු සුද්දන් බිහි නොවන්නට තිබුනි (නි)
ලංකාවේ කුළුබඩු බටහිරට හඳුන්වා දුන්නේ,මුස්ලිම් වෙළෙන්දෝයි (නි)
ලෙස්ලි ලෝව්,ලාල් ,සුද්දා ලංකාවට එන්න පෙරත් අපි ලෝකයට ණය වෙලා හිටියද? (නි)
ඕන තරම් දෙන්නම් ,,... දකුණේ කට්ටියක් දැන් කුරුඳු තලනවා හෝ ගාලා එයාලට ඕනේ පොලු විතරයි (අ)
තාමත් ලංකාවේ ඒවා ඕනේ.(නදී)
ලංකාවේ නම කොහේ හරි රාජකීය තැන්වල ගෑවෙනවා. (නි)
මම නම් ඕකට කියන්නේ අධිරාජ්‍යගැති මානසිකත්වය කියලා. (නි)
ලංකාවේ නම ගෑවෙන තෙනක් නැතිතරම් දැන්නම්,හොදට හෝ නරකට (නි)
අපිට නම් ඒ ගැන සතුටුයි.හොද දෙයකටනේ නම වැටිලා තියෙන්නේ.ඉතාලි නිෂ්පාදන වලටත් අපේ රටේ දේවල් නැතුව බැහැ කියලා ඒකෙන්ම පේනවනේ. ඒ ගැන හිතලාවත් සතුටු වෙන්න. හැමදෙකටම දේශපාලනය ගාවාගන්න එපා. (නි)
තිබෙන ආඩම්බරය! (නි)
කුරුඳු පොලු හෙම ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න.(අ)
කාන්ති හරියටම හරි,අධිරාජ්‍යගැති මානසිකත්වය අපිව නැති කරපු විරුවන් සමූල ඝාතනය කරපු සුද්දගේ කොහේ හරි ගෑ වුනොත් අපිට හරි ලොකුයි (අ)
ලංකාවේ කුළුබඩු ඔක්කොම කෑවේ ඉස්සර උන්ගේ එලිසබට් ආච්චි ල(අ)
අප්පේ තියෙන උජාරුව. තවමත් කොන්ද නමාගෙන ආශ්චර්ය කතා කරනවා..(නදී)
මෙම පුවතෙහි වැදගත්කම නොසලකා තමන්ට කැමති කෝණ වලින් බලා සුද්දට බනින අයගෙන් මම අහන්නේ මේ වනවිට අපි සුද්දට මොන තරම් නයද කියල දන්නවද ? ඉපදෙන්න සිටින දරුවත් ලක්ෂ 3 ක් ණයයි. (අ)
එංගලන්තයේ අගමැති බලාගෙන ඉන්නවා ළඟදී ලංකාවට ආවම රජයෙන් ප්‍රශ්න කරන්න, උතුරට ගිහින් මානව හිමිකම් ගැන පරීක්ෂණ පවත්වන්න. අපේ මිනිස්සුන්ටත් එයාලා තමයි රජවරු.ලංකාවට එන්න බලාගෙන ඉන්නවා මානව අයිතිවාසිකම් පරීක්ෂා කරන්න. නමුත් කිසිම රටකට ලංකාවෙන් ඒ වගේ දෙයකට යන්න අවසර නැහැ. (නි)
ජාතික වැදගත්කමක් ඇති පුවතක්. (නි)
දන්නා දෙයක් නැත්නම් මොනවත් නොලියා හිටියා නම් හොදයි එහෙම අය (නි)
ලෙස්ලි මහත්තයෝ දන්නවද? සුද්දෝ ලංකාවෙන් කොයිතරම් මංකොල්ල කෑවද කියලා. (නි)
ලංකාවේ කුළුබඩු ගුණාත්මක බවින් වැඩියි (නි)
ලංකාවේ එදා කුරුදු කුලුබඩු ,විතරක් නොවෙයි ඇත් දළත් ලිස්බන් කෞතුකාගාරයේ තාම තිබෙනවා.ලංකාවේ කුරුදු පොලුත් අනාගතයේදී තියයි සමහරවිට. (නි)
ලෝකේ තියන හොදම කුරුදු ලංකාවෙන් තමයි යවන්නේ. ඒකට හේතුව අපේ රටේ තියන දේශසගුණය වඩාත්ම සුදුසුයි. මම ලගදි සහභාගි උනා ආහාර පළිබද සම්මන්ත්‍රනකින් එංගලත්යේ සුපවේදීන් ඒ පළිබදව ගොඩක් ඉහලින් කතා කලා. ලංකාවේ හොදම කුරුදු සහ කුළුබඩු ගැන.(නදී)
ජේ.ආර්.ටත් කරන්න බැහැ කිවුව වැඩේ,මේ අපුරුවට අර කරලා තියෙන්නේ ...... (නි)