IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රාජකීයේ අලුත් ළමයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්නලු

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළු කර ගන්නා සිසුන්ගේ සංශෝධිත නාම ලේඛණය ප්‍රසිද්ධ කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.

වංචනික ලෙස ඇතුළු කළ සිසුන් 31 දෙනකු ඉවත් කර ඒ වෙනුවෙන් වෙනත් සිසුන් 21 දෙනකු ඇතුළු කර ගන්නා බව අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා කීවේය. 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ඉවත් කළ සිසුන් වෙනුවට ඇතුළු කර ගන්නා සිසුන් 31 දෙනාගේ නම්ද ඇතුළත්ව සංශෝධිත ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුතු බවයි.

විවිනිවිධ භාවයකින් අදාළ කටයුතු සිදුවන්නේ නම් සිසුන් ඇතුළත් කිරීමට පෙර ලැයිස්තුව ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි. වංචනිකව සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගත් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.



අදහස් (0)

රාජකීයේ අලුත් ළමයින්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්නලු

රොකී Sunday, 15 January 2017 01:52 PM

ස්ටාලින් මහත්තය හරි. අලුත් ලැයිස්තුව ප්‍රකාශ කිරීම අවශ්‍යයි. ඒ වගේම වංචා කරපු දෙමවුපියන්ට, ඒවාට සපෝට් එක දුන්නු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතුයි. පගා මාස්ටර් විදුහල්පතිව කෙලින්ම ගෙදර යවන්න (බ)

:       0       0

නුවන් Sunday, 15 January 2017 04:03 PM

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම සාධාරණය (නි)

:       0       0

කමල් Sunday, 15 January 2017 04:24 PM

අමාත්‍යාංශය ඇතුළේම ඉන්න හොරු ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

උදය Sunday, 15 January 2017 04:57 PM

කොළඹ සුපිරි පාසල් බොහොමයක තත්ත්වය මේකයි (නි)

:       0       0

බණ්ඩාර Monday, 16 January 2017 12:38 AM

ළමුන් 31 දෙනෙක් වංචනික ලෙස බඳවාගත් නිසා ඉවත් කළත් එම ළමුන් ශ්‍රී ලාංකිකයන්. මව්පියන්ගේ වැරදි ඔවුන්ට අදාළ නැහැ. නැවත මේවා සිදුනොවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් පිහිටවිය යුතුයි. එහෙම නැතුව කොහොම කළත් පාසල් මඟින් ළමුන් බඳවාගැනීම දූෂණ සහිතයි (නි)

:       0       0

හැරල්ඩ් Monday, 16 January 2017 12:46 AM

ඉතාම හොඳයි (නි)

:       0       0

ලාල් Monday, 16 January 2017 01:07 AM

බලයට පත්වෙන සෑම රජයකම මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ඉහවහා ගිය වංචනික, දූෂණ ක්‍රියාකාරකම් ගැන සොයා නොබලා, අහිංසක කුඩා දරුවන් 31ක් දෙනෙකුගේ අනාගතය මෙසේ සදහටම අඳුරු කිරීමට කටයුතු කිරීම උදම් ඇනියයුතු මහා ලොකු වීර ක්‍රියාවකැයි නියම දරු කැක්කුමක් ඇති කිසිවකු පිළිනොගන්නා දෙයක් නේද? (නි)

:       0       0

චාමර Monday, 16 January 2017 01:44 AM

බණ්ඩාර, ලාල්, සත්‍ය තොරතුරු හා නිවැරදි පදිංචිය ඇති ළමුන්ගේ අනාගතය අඳුරු කිරීම අනුමත කරනවාද? විකල්පය කුමක්ද? (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 16 January 2017 01:58 AM

වංචනික ලියකියවිලි ඉදිරිපත් කර ළමයින් ඇතුළත් කිරිමට තැත්කළ දෙමව්පියන්ටත් නීතිය තදින්ම ක්‍රියත්මක වියයුතුයි. එසේ නොවන නිසා තමයි මේවා වෙන්නේ (නි)

:       0       0

සිරි Monday, 16 January 2017 02:46 AM

ලාල්, ඔබ හරි. හයහතර නොදන්නා කිරිසප්පයන්ගෙන් මෙලෙස පළිගන්න බැහැ දරු දුක හඳුනන අයට (නි)

:       0       0

පුෂ්පලතා Monday, 16 January 2017 02:52 AM

මේ ළමයින් ඇතුළත් කිරිමේ මාෆියාවට සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංහයේ ඉහළ නිළධාරින් ටිකට පළමුව දඩුවම් කර ඔවුන් එම තනතුරු වලින් මාරු කළයුතුයි. (නි)

:       0       0

නලීන් Monday, 16 January 2017 03:13 AM

අනාගතයේදීත් මෙම නීති මේ අයුරින්ම ක්‍රියාත්මක වේවා.!!! (නි)

:       0       0

ඉන්දි Monday, 16 January 2017 05:04 AM

දඬුවම් අත්‍යවශ්‍යයි මේ දෙමව්පියන්ට, අනෙක් දෙමව්පියන්ට හැදෙන්න 2018 ට. 1 වසරට ඇතුළුවෙන පොඩි එකාත් දන්නවා හොඳට බොරු කියන්න පදිංචිය ගැන අහනකොට. පටන්ගන්නෙම බොරුවෙන් නම් ලොකුවුණාම හිතාගන්නකෝ. ඒ නිසා මේ දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ පැත්තට සපෝර්ට් එකට නම් කතාකරන්න එපා. (නි)

:       0       0

උදිත Monday, 16 January 2017 05:59 AM

ලාල්, සිරි වගේ අයගේ අදහස් වලින් පෙනෙනවා ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා. (නි)

:       0       0

නිමල් Monday, 16 January 2017 06:06 AM

ප්‍රශ්නය පටන්ගන්නේ එම පාසල රාජකීය වීම නිසා සහ අනෙක් පාසල් එසේ නොවීම නිසාය. එසේ වීම පාසල් පද්ධතියේ විෂමතාවයට හොඳ නිදසුනක්. මෙම විෂමතාවය මග හැරවීමට කොතෙක් රජයන් උත්සාහ දැරුවද එය නොහැකි වී ඇත. මේවාට සිසුන් දැමීමට උත්සාහ දරන දෙමාපියන් දෙපාර්තුමේන්තු ප්‍රතිඵල විශ්ලේෂණ බලන්න. එවිට නියම රාජකීය විද්‍යාල ගණනාවක් හමුවේවි. සමහර විශිෂ්ට පාසල් ඉතා දුරබැහැර ඒවා. (නි)

:       0       0

සඳුන් Monday, 16 January 2017 06:28 AM

මුලින්ම දඬුවම් දෙන්න පටන්ගන්න ඕනෑ හොර සහතික නිකුත් කළ අයගෙන්. (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 15 January 2017 01:04 PM

එ්ක ඇත්ත. විනිවිදභාවයෙන් වැඩ කිරීම යහපාලනයේ කොටසක්. කාටවත් ඇඟිල්ල දික් කරන එක නවත්තලා තමන් දූරදර්ශී වියයුතුයි. අධ්‍යාපන ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ඔතනින් හරි පටන්ගනිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 902 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 140 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 335 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 474 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2166 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4221 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site