IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රාජකීය - ඉසිපතන රග්බි තරගයේ තෙපාර්ශ්වයම අමාරුවේ වැටෙති ?

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති තරගයේදී සිදුවූයේ යැයි කියන සිද්ධි කිහිපයක් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පාසල් රග්බි සංගමය ඒ පිළිබඳව තීරණය ගැනීම ජූනි මස 1 වැනිදා දක්වා කල්දමා තිබේ.

පාසල් රග්බි සංගමයේ විනය කමිටුව ජූනි මස 1 වැනිදා පස්වරුවේ මහනුවර කිංග්ස්වුඞ් විදුහලේදී රැස්වීමට නියමිතය.

රාජකීය විදුහල් පිල තරගයෙන් ඉවත්වීම, ඉසිපතන විදුහල් ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කි‍්‍රයාකලාපය මෙන්ම තරගයේ ප‍්‍රධාන විනිසුරුවරයාගේ වගකීම සම්බන්ධයෙන්ද පාසල් රග්බි සංගමයේ විනය කමිටුවේ අවධානය යොමු වී තිබේ.

මේ පිළිබඳ මූලික පරීක්‍ෂණය පාසල් රග්බි සංගමයේ සභාපති මෙන්ම ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී පෙරේදා (28) රාත‍්‍රි පැවැත්විණි. මෙම පරීක්‍ෂණයට විදුහල් දෙකේ විදුහල්පතිවරුන් මෙන්ම ප‍්‍රධාන විනිසුරු සහ රග්බි විනිසුරු සංගමයේ නිලධාරියකුද සහභාගි වී තිබේ.

විදුහල්පතිවරු දෙදෙනාගෙන්ම ප‍්‍රකාශ ලබාගත් බවත් විදුහල් දෙකෙන්ම ඉදිරිපත් කළ විඩියෝ දර්ශන නැරඹු බවත් මේ පිළිබඳව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ නිලධාරියකු පැවසීය.  

විවාදයට තුඩුදුන් මෙම තරගය පසුගිය 18 වැනිදා රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති අතර තරගයෙන් ඉසිපතන විදුහලට ලකුණු 27.20 ක ජයක් හිමිවූයේ රාජකීය විදුහල් පිල දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී තරගයෙන් ඉවත් වීම හේතුවෙනි.



අදහස් (0)

රාජකීය - ඉසිපතන රග්බි තරගයේ තෙපාර්ශ්වයම අමාරුවේ වැටෙති ?

නිශ්හෙන්ද්‍ර Thursday, 30 May 2013 09:55 AM

බිය නොවන්න , සල්ලි නැති නිසා විසි කරන්න ජයග්‍රාහී ඉසිපතන විදුහල වැරදිකරු වනු ඇත. ඊයේ තප්පරය වැඩ සටහනේ දැක්කද කිව රතු කාඩ් ලැබූ ක්‍රීඩකයෙක් තරග 2 තහනම් කර තිබු වෙලාවක බලපෑම් මත 1 තරගයකට අඩු කරා වගේ මේකටත් වෙන්නේ ඕකම තමයි . අයියෝ ඉසිපතනෙ , මොකටද රාජකීය කට්ටිය එක්ක හැප්පෙන්න ගියේ. පගාව දෙන්න පුළුවන් නම් පමණක් හැප්පෙන්න . (දී)

:       0       0

කසුන් Thursday, 30 May 2013 10:24 AM

රගර් ගැන දන්නෙ නැති අය කොහොමද මේකට අදහස් දාන්නේ? (නි)

:       0       0

චානක Thursday, 30 May 2013 10:32 AM

අනේ ඉසිපතනයෝ! (නි)

:       0       0

එරංග Thursday, 30 May 2013 03:07 PM

බොරුවට වහසි බස් දොඩවන්නේ නැතුව වීඩියෝ එක බලලා කතාකරන්න. රගර්, බොක්ෂින් වගේ ක්‍රීඩා වල හැල හැප්පීම් වැඩියි. එහෙත් සියලු දෙනාම නීති රීති මාලාවකට යටත්ව ක්‍රීඩා කළ යුතුය. ක්‍රීඩකයන් වුන හම පිටියේ විනයනුකුලව හැසිරිය යුතුය. ඉසිපතන විදුහලේ හැසිරීම නම් හරි නැහැ. ජාතියට වඩා ජම්මේ ලොකුයී කියන්නේ මේ වගේ අයට. වෙච්ච සිද්දිය තිබෙන වීඩියෝ එක බලන්න මේ ලින්ක් එකට යන්න. http://www.youtube.com/watch?v=zCu0C-tgvjA

:       0       0

අසංක Thursday, 30 May 2013 03:20 PM

නිකන් රෝයල් එකට බැනල වැඩක් නැහැ ... ඉසිපතන පොරවල් කරලා තියෙන්නේ පීචන් වැඩක් . (අ)

:       0       0

සමන්ත අතුකොරග Thursday, 30 May 2013 03:28 PM

පරදිනකොට පීචන්. බැරි වැඩ නොකර නෙට් බෝල් වත් ගැහුවනම් ඉවරනේ. ගෑණු ගහනවා රගර්.(දී)

:       0       0

රකිත පෙරේරා Thursday, 30 May 2013 10:57 AM

රග්බි ක්‍රීඩාව බොක්සිං ක්‍රීඩාව වැනි ක්‍රීඩාවන් අනතුරුදායකය. එවන් ක්‍රීඩාවන් තුල හැලහැප්පීම් සාමාන්‍ය සිදුවීම්ය. ක්‍රීඩාවෙන් පලා ගොස් නිදහසට කරුණු කීම නිවටකමකි .තම පරාජය පිළිගත යූතුය .මුදල් වලින් සැම දෙයම මිල දී ගත නොහැක . (නි)

:       0       0

සෙලනිකස් Thursday, 30 May 2013 03:47 PM

මහේෂ්, රෝයල් එක හැමදාම ඔහොමයි කියන්නේ තව කවද ද ඔහොම වුණේ? ඉසිපතන සමග ක්‍රීඩා කළ අනිත් පාසල් වලින් ඇහුවා නම් දැනගන්න පුළුවන් නියම තත්වය (නි)

:       0       0

අරුණ Thursday, 30 May 2013 11:48 AM

මොන නඩුද? රාජකීය බාලිකවොත් එක්ක ලබනවර කාන්තා කණ්ඩායමක් සහබාගි කරනවා හැරුණු කොට (අ)

:       0       0

දම්මි Thursday, 30 May 2013 04:04 PM

පාසල් ක්‍රීඩාව නම් එපා (දී)

:       0       0

නිශේන්ද්‍ර Thursday, 30 May 2013 04:26 PM

ඉසිපතනෙට හොද වැඩේ (නි)

:       0       0

මහේෂ් Thursday, 30 May 2013 12:22 PM

රගර් කියන්නේ ඔහොම තමා.රෝයල් එක හැමදාම ඔහොමයි. (නි)

:       0       0

ගාමිණී Thursday, 30 May 2013 04:42 PM

මම ආනන්දියන් කෙනෙක්. සාමාන්‍යයෙන් ආනන්දීයෝ උදවු කරන්නේ ඉසිපතනෙට. නමුත් මෙතැනදී මම ගන්නේ හරි පැත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 4 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 638 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1520 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3401 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1776 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site