කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිණුම් ක්‍රීඩාව පුහුණුවෙමින් සිටියදී තටාකයේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් තුන්මාසයක් දැඩි සත්කාර ඒකකයේ සිටි 14 හැවිරිදි සිසුවා බදාදා (12) රාගම පුණුරුත්තාපන රෝහලට මාරු කැර යැවීමට නියමිත බව රෝහල් ආරංචි කියයි.
පසුගිය මාර්තු දෙවැනිදා සිට දීර්ඝ කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ එල් පී සසංක ජගත් සිසුවා සදුදා (10) 72 වාට්ටුවට මාරු කරනු ලැබීය.
නිසි සිහිකල්පනාවක් නැති, යන්තම් ඇසි පිය පමණක් ගසන, කිසිවකු හදුනාගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන තම පුතා වෙනත් රටකට හෝ ගෙන ගොස් සුව කර දෙන ලෙස දරුවාගේ මව ගීතා චාන්දනී මහත්මිය ඉල්ලන්නීය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය පරීක්ෂණයක් කර පියවරක් ගත යුතු බවයි. පිහිණුම් පුහුණුකරුවකු හෝ ක්‍රීඩා ගුරුවරයකු එම ස්ථානයේ නොසිටියේ නම් එය බරපතල වරදක් බවත්, එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට වග බලා ගත යුතු බවත් හෙතෙම කීවේය.
සෙනසුරාදා දිනය බාලදක්ෂයන් සදහා වෙන් කර ඇති බවත්, මේ සිද්ධිය වන අවස්ථාවේ ආදි බාලදක්ෂයන් පවා එම ස්ථානයේ සිටි බවත්, ඔවුන් අනතුරට පත් සිසුවා වහා රෝහල් ගත කර ඇති බවත්, විද්‍යාලයයෙන් අදි ශිෂ්‍යයන් වන වෛද්‍යවරුන් සිසුවා සුවත් කිරීමට වෙහෙසෙන බවත් සිද්ධිය වූ අවස්ථාවේ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා පැවසීය. සිසුවාගේ දැන් තත්ත්වය විමසීමට විදුහල්පති සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
දරුවාගේ මව ගීතා චාන්දනී මහත්මිය මෙසේ ද පැවසුවාය.
‘සිද්ධිය වෙන වෙලාවේ පිහිණුම් පුහුණුකරුවත් කණ්ඩායම භාර ගුරුවරයාවත් හිටියේ නෑ කියලා දැනගන්න ලැබුණා. එදා ළමයින් ගොඩක් පිහිණුම් තටාකයට දමලා තිබිලා තියෙන්නේ. එච්චර කට්ටියක් ඉන්දිත් පුතාව ගිළිලා තියෙන්නේ. ගොඩ ගත්ත ගමන් එතැන හිටපු කෙනෙක් වතුර අයින් කරන්න හැදුවාම, පුහුණුකරුවෙක් ඇවිත් වතුර අයින් කරන්න එපා කියලා තියනවා.
පුතාගේ තාත්තා ලේක්හවුසියේ පොත් බැඳුම් අංශයේ වැඩ කළේ. අවුරුදු 13කට කළින් හදිසියේ පපුවේ අමාරුවකින් නැති වුණා. මගේ මහත්තයාගේ ආදාහනේ දවසේ තමයි පුතා හම්බුනේ. මට තව දුවෙක් ඉන්නවා. දුව මේ අවුරුද්දේ උසස් පෙළට ඇතුළු වුණා. මගේ පුතාගේ සිද්ධිය නිසා දුවගේ අධ්‍යාපනෙත් අවුල් වෙලා.
මාස තුනක් තිස්සේ මම ඉස්පිරිතාලෙට එනවා, යනවා.
මම ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ මට මගේ දරුවා පිට රටකට හරි ගිනිහින් සනීප කරලා දෙන්න කියලා.
පුතා බාහිර දේවල්වලට දක්ෂයි. බාලදක්ෂ, වූෂු, බාස්කට් බෝල්, නැටුම් එහෙම කළා. ගිය අවුරුද්දේ දළදා පෙරහරෙත් නැටුවා.‘
මවගේ ලිපිනය - ගීතා චාන්දනී, 240/21, ගාලු පාර, කොල්ලුපිටිය.
දුරකතන අංකය - 075 421 60 36 / 011 24 73 816

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ කට තිබුන පලියට කියවන්න එපා. දේවාල ගානේ ඔබ ගියාට හැමෝම යන්නේ නැහැ. ඒ අය සුදුසු පියවරක් ගනීවි. සිසුවාට ඉක්මන් සුවය පතමි. (ස)
මේ ළමයට මුදල්වලින් උදව් කරන්න මම ලැහැස්තියි. (නදී)
මේ දරුවා බේරගන්න කොලේජ් එක හා රජයෙන් උදව් කරන්න මුදල් තියෙන ආදී සිසුන් ඉන්නේ .(නදී)
ඔය පාසලේ දීප්තිමත් දොස්තර ආදිශිශයෝ ඇතුළු අනිත් අයට මේකට උදව් කරන්න පුළුවන්නේ.(ස)
ළමයාගේ වැරැද්දට අනිත් අයට කරන්න තියෙන්නේ ඒ වැරැද්ද නිවැරදි කරන එක. ෂාන් ඔය කතා කරන්නේ කවදාවත් වැරැද්දක් කරලා නැහැ වගේ නේ... දරුවට සුෂුම්නාවේ ආබාදයක් තියෙන්නේ. එහම වුනාම හොද වෙන්න කල් යනවා.. දරුවට ශක්තිය දෛරිය හා නිරෝගී සුවය පතමි. ! (ස)
මේ දරුවට වග කියන්නේ කව්ද? කෝ පුහුණුකරු? විදුහල්පති? දරුවා,අම්මා මේ තරම් දුක් විදිනකම් නිහඩ මොකෝ? (නි)
ෂාන්,ඔයාගේ පහත් අදහස් වලට අපගේ බලවත් කණගාටුව .මේ දරුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
සිද්ධ වුණ දේ හරි කියලා මම කියන්නේ නැහැ. ඒත් මොකක් හරි දෙයක් වුනහම ඒකේ එල්ලිලා දේශපාලන වාසි ගන්න කවුරුහරි හදනවා නම් ඒක වැරදියි. (නි)
අපේ සහෝදරයෙක් කියපු විදිඅට රාජකීය විද්‍යාලයේ දැන්වීමක් නිකුත් කරලා, අපි අපේ ළමයව බේරගන්න බලමු. මගෙත් දරුවෝ ඔය පාසලේ ඉගෙනුම ලබනවා මමත් උපරිම විදියෙන් දායකත්වය දෙනවා. එත් එක්ක දෙවියන්ගෙන් ප්‍රර්ථනා කරනවා ඉක්මන් සුවය ලබන්න. (ස)
ෂාන් මිනිසුන්ගේ වරදින් හෝ අත් වරදින් අනතුරු සිදු උනා කියල ඒ මිනිස්සුන්ව මැරෙන්න අරින්න පුලුවන්ද ?කොළොන්නාවේ දේසපාලක තුමා අතින් අනතුර සිදුඋනා කියල සිංගප්පුරු නොඇර හිටියද ?ඔයාගේ තියරිය නම් මාරයි ෂාන් පන්ති දාලා උගන්නන්න ඕනේ.(නදී)
රාජකීය විදුහලේ එක ළමයෙක්ගෙන් රුපියල් 100 බැගින් එකතු කලත් ඕනෑම රටකට යවලා මේ දරුවාව බේරගන්න පුළුවන්. ගරු ජනාධිපතිතුමාගේ අවධානය හැකි ඉක්මනින් යොමුවේවා! මේ දරුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ජනාධිපතිතුමනි, ඔබගේ හදවත උණුවී මේ ළමයා සදහා කුමක් හෝ කරන්න.(නදී)
ආධි රජකීයන්ව දැනුවත් කරන්න. ඔවුන් උදව් කරාවි , පුතාට " දළදා හාමදුරුවන්ගේ "පිහිටයි.(නදී)
අපිටත් පුළුවන් ආදාර කරන්න. රාජකීයය මේකට වැඩ පිළිවෙලක් ඉක්මනට සකස් කරන්න. ලංකාවේ ඉන්න බොහෝ දෙනා ඉන්නේ උදව් කරන්න. මුදල් හොයා ගන්න ක්‍රමයක් වහාම පටන්ගන්න.(ස)
ඇයි මේ දරුවා සිංගප්පුරු යවන්න බැරි? (නි)
පිට රටවල සිටින මා හිතවත් සහෝදර සහෝදරියන්ට මම කරන ඉල්ලීම නම් ඔබට පුළුවන් උපකාරයක් කරන්න. මට පුලුවන්දේ මවට කතා කොට කරන්නම්. මේ වෙලාවේ හැටියට එම මවට ඇවැස්ස වන්නේ මුදලින් උපකාර සහ දරුවට ඇවැස්ස වෛද්‍ය උපකාර පමණි. කරුණාකර සියලු සිත් සතන් මේ පුවත කෙරෙහි යොමුවේවා!(නදී)
ළමයාගේ වැරද්දට අනිත් මිනිස්සු පලිද?(අ)
මුලිම්ම මේ ළමයට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!! අධ්‍යාපන අමාත්‍ය අංශය මැදිහත් වෙලා අපේ රටේ සුව කිරීමට පහසුකම්නැතිනම් වෙනත් රටකට ගෙනගොස් හෝ මේළමයව බේරා දෙන්න (අ)
තාත්ත නැති අසරණ දරුවෙක්. මල්ලි මම ඔයාට ඉක්මන් සුවය පතමි.මමත් ආදී රජකීයෙක්. මමත් ඔය පූල් එකේ පිනලතියනවා.(අ)
ජනපතිතුමනි අහිංසක දරුවාට පිහිට වන්න.(අ)
ස්ටාලින් මහත්තයෝ අමාත්‍යාංශ පරීක්ෂණ පස්සේ කරන්න දැන් ඔය දරුවව බේරගන්න විදිහක් බලන්න. දරුවන් තුරුල්ලේ ඉන්නා කලේයා ... දරුසැප තරම් නිවනක් ලොව නැතේයා .... දරු ගින්දරින් හැම හදවත දැවේයා ... දරුදුක තරම් ගින්නක් ලොව නැතේයා ....(පුජා චිත්‍රපටය ).(අ)
රන්ජ්ත්, ඔය හරි. රූපවාහිනිවල වල බොරුවට දැන්වීම් දමදම කාලය නාස්ති කරන එකේ, ප්‍රථමාධාර ගැන දැනුවත් කරානම් හොඳ නැද්ද ?(අ)
ජනපතිතුමනි ,මේ ළමයා බේරගන්න උදව්වෙන්න (අ)
අධ්‍යාපන අමාත්‍යන්සෙන් වියදම් කරලා හරි අර හාස්කම් තියෙන දේවාලෙට හරි සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් එකට හරි යව්වනම් හරි නේද?(අ)
ලංකාවේ කිසිම කෙනෙක් කිසිම දෙයකට වගකීමක් ගන්නේ නැති ක්‍රමවේදයේ තවත් එක කණගාටුදායක අංගයක්. (නි)
නිසි පරිදි ප්‍රථමාධාර දීලා නැහැ වගේ. ලංකාවේ ප්‍රථමාධාර දැනුම හොදටම මදි (නි)
සිංදුවක් දෙකක් කීව්වහම රුපියල් කෝටියක් විතර දෙන රටේ මේ අහිංසක අම්මගේ දුකට පිහිට වෙන්න කවුරුවත් නැද්ද? එයාට උදව්වක් කලොත් මොන තරම් පිනක්ද? අම්මේ, ඔයාගේ පුතා ඉක්මට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (නි)