IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රාජකීය තටාකයේ ගිළුණු සිසුවාට තවම බරපතලයි

කොළඹ රාජකීය විද්‍යාලයයේ පිහිණුම් ක්‍රීඩාව පුහුණුවෙමින් සිටියදී තටාකයේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් තුන්මාසයක් දැඩි සත්කාර ඒකකයේ සිටි 14 හැවිරිදි සිසුවා බදාදා (12) රාගම පුණුරුත්තාපන රෝහලට මාරු කැර යැවීමට නියමිත බව රෝහල් ආරංචි කියයි.

පසුගිය මාර්තු දෙවැනිදා සිට දීර්ඝ කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ එල් පී සසංක ජගත් සිසුවා සදුදා (10)  72 වාට්ටුවට මාරු කරනු ලැබීය.

නිසි සිහිකල්පනාවක් නැති, යන්තම් ඇසි පිය පමණක් ගසන, කිසිවකු හදුනාගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන තම පුතා වෙනත් රටකට හෝ ගෙන ගොස් සුව කර දෙන ලෙස දරුවාගේ මව ගීතා චාන්දනී මහත්මිය ඉල්ලන්නීය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය පරීක්ෂණයක් කර පියවරක් ගත යුතු බවයි. පිහිණුම් පුහුණුකරුවකු හෝ ක්‍රීඩා ගුරුවරයකු එම ස්ථානයේ නොසිටියේ නම් එය බරපතල වරදක් බවත්, එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට වග බලා ගත යුතු බවත් හෙතෙම කීවේය. 

සෙනසුරාදා දිනය බාලදක්ෂයන් සදහා වෙන් කර ඇති බවත්, මේ සිද්ධිය වන අවස්ථාවේ ආදි බාලදක්ෂයන් පවා එම ස්ථානයේ සිටි බවත්, ඔවුන් අනතුරට පත් සිසුවා වහා රෝහල් ගත කර ඇති බවත්, විද්‍යාලයයෙන් අදි ශිෂ්‍යයන් වන වෛද්‍යවරුන් සිසුවා සුවත් කිරීමට වෙහෙසෙන බවත් සිද්ධිය වූ අවස්ථාවේ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා පැවසීය.  සිසුවාගේ දැන් තත්ත්වය විමසීමට විදුහල්පති සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

දරුවාගේ මව ගීතා චාන්දනී මහත්මිය  මෙසේ ද පැවසුවාය.

‘සිද්ධිය වෙන වෙලාවේ පිහිණුම් පුහුණුකරුවත් කණ්ඩායම භාර ගුරුවරයාවත් හිටියේ නෑ කියලා දැනගන්න ලැබුණා. එදා ළමයින් ගොඩක් පිහිණුම් තටාකයට දමලා තිබිලා තියෙන්නේ. එච්චර කට්ටියක් ඉන්දිත් පුතාව ගිළිලා තියෙන්නේ. ගොඩ ගත්ත ගමන් එතැන හිටපු කෙනෙක් වතුර අයින් කරන්න හැදුවාම, පුහුණුකරුවෙක් ඇවිත් වතුර අයින් කරන්න එපා කියලා තියනවා.

පුතාගේ තාත්තා ලේක්හවුසියේ පොත් බැඳුම් අංශයේ වැඩ කළේ. අවුරුදු 13කට කළින් හදිසියේ පපුවේ අමාරුවකින්  නැති වුණා. මගේ මහත්තයාගේ ආදාහනේ දවසේ තමයි පුතා හම්බුනේ. මට තව දුවෙක් ඉන්නවා. දුව මේ අවුරුද්දේ උසස් පෙළට ඇතුළු වුණා. මගේ පුතාගේ සිද්ධිය නිසා දුවගේ අධ්‍යාපනෙත් අවුල් වෙලා.

මාස තුනක් තිස්සේ මම ඉස්පිරිතාලෙට එනවා, යනවා.  

මම ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ මට මගේ දරුවා පිට රටකට හරි ගිනිහින් සනීප කරලා දෙන්න කියලා.

පුතා බාහිර දේවල්වලට දක්ෂයි. බාලදක්ෂ, වූෂු, බාස්කට් බෝල්, නැටුම් එහෙම කළා. ගිය අවුරුද්දේ දළදා පෙරහරෙත් නැටුවා.‘

මවගේ ලිපිනය - ගීතා චාන්දනී, 240/21, ගාලු පාර, කොල්ලුපිටිය.

දුරකතන අංකය - 075 421 60 36 /  011 24 73 816

 



අදහස් (0)

රාජකීය තටාකයේ ගිළුණු සිසුවාට තවම බරපතලයි

පහන් Wednesday, 12 June 2013 12:00 PM

ෂාන් මිනිසුන්ගේ වරදින් හෝ අත් වරදින් අනතුරු සිදු උනා කියල ඒ මිනිස්සුන්ව මැරෙන්න අරින්න පුලුවන්ද ?කොළොන්නාවේ දේසපාලක තුමා අතින් අනතුර සිදුඋනා කියල සිංගප්පුරු නොඇර හිටියද ?ඔයාගේ තියරිය නම් මාරයි ෂාන් පන්ති දාලා උගන්නන්න ඕනේ.(නදී)

:       0       0

විමලසේන හ.ද. Wednesday, 12 June 2013 10:27 PM

මේ ළමයට මුදල්වලින් උදව් කරන්න මම ලැහැස්තියි. (නදී)

:       0       0

හිල්ම් ඉස්මිල් Wednesday, 12 June 2013 12:12 PM

අපේ සහෝදරයෙක් කියපු විදිඅට රාජකීය විද්‍යාලයේ දැන්වීමක් නිකුත් කරලා, අපි අපේ ළමයව බේරගන්න බලමු. මගෙත් දරුවෝ ඔය පාසලේ ඉගෙනුම ලබනවා මමත් උපරිම විදියෙන් දායකත්වය දෙනවා. එත් එක්ක දෙවියන්ගෙන් ප්‍රර්ථනා කරනවා ඉක්මන් සුවය ලබන්න. (ස)

:       0       0

වරුණ Wednesday, 12 June 2013 08:15 AM

අධ්‍යාපන අමාත්‍යන්සෙන් වියදම් කරලා හරි අර හාස්කම් තියෙන දේවාලෙට හරි සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් එකට හරි යව්වනම් හරි නේද?(අ)

:       0       0

චතුර Wednesday, 12 June 2013 12:23 PM

සිද්ධ වුණ දේ හරි කියලා මම කියන්නේ නැහැ. ඒත් මොකක් හරි දෙයක් වුනහම ඒකේ එල්ලිලා දේශපාලන වාසි ගන්න කවුරුහරි හදනවා නම් ඒක වැරදියි. (නි)

:       0       0

අනුර Wednesday, 12 June 2013 12:45 PM

ෂාන්,ඔයාගේ පහත් අදහස් වලට අපගේ බලවත් කණගාටුව .මේ දරුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

සචින් Wednesday, 12 June 2013 08:41 AM

ජනපතිතුමනි ,මේ ළමයා බේරගන්න උදව්වෙන්න (අ)

:       0       0

ඉන්දිකා Wednesday, 12 June 2013 08:48 AM

රන්ජ්ත්, ඔය හරි. රූපවාහිනිවල වල බොරුවට දැන්වීම් දමදම කාලය නාස්ති කරන එකේ, ප්‍රථමාධාර ගැන දැනුවත් කරානම් හොඳ නැද්ද ?(අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 12 June 2013 01:11 PM

මේ දරුවට වග කියන්නේ කව්ද? කෝ පුහුණුකරු? විදුහල්පති? දරුවා,අම්මා මේ තරම් දුක් විදිනකම් නිහඩ මොකෝ? (නි)

:       0       0

පහන් Wednesday, 12 June 2013 09:30 AM

ස්ටාලින් මහත්තයෝ අමාත්‍යාංශ පරීක්ෂණ පස්සේ කරන්න දැන් ඔය දරුවව බේරගන්න විදිහක් බලන්න. දරුවන් තුරුල්ලේ ඉන්නා කලේයා ... දරුසැප තරම් නිවනක් ලොව නැතේයා .... දරු ගින්දරින් හැම හදවත දැවේයා ... දරුදුක තරම් ගින්නක් ලොව නැතේයා ....(පුජා චිත්‍රපටය ).(අ)

:       0       0

මැණිකේ Wednesday, 12 June 2013 09:28 AM

ජනපතිතුමනි අහිංසක දරුවාට පිහිට වන්න.(අ)

:       0       0

සෂිමල් Wednesday, 12 June 2013 09:36 AM

තාත්ත නැති අසරණ දරුවෙක්. මල්ලි මම ඔයාට ඉක්මන් සුවය පතමි.මමත් ආදී රජකීයෙක්. මමත් ඔය පූල් එකේ පිනලතියනවා.(අ)

:       0       0

චාල්ස් Wednesday, 12 June 2013 01:49 PM

ළමයාගේ වැරැද්දට අනිත් අයට කරන්න තියෙන්නේ ඒ වැරැද්ද නිවැරදි කරන එක. ෂාන් ඔය කතා කරන්නේ කවදාවත් වැරැද්දක් කරලා නැහැ වගේ නේ... දරුවට සුෂුම්නාවේ ආබාදයක් තියෙන්නේ. එහම වුනාම හොද වෙන්න කල් යනවා.. දරුවට ශක්තිය දෛරිය හා නිරෝගී සුවය පතමි. ! (ස)

:       0       0

චානුක රණවීර Wednesday, 12 June 2013 09:38 AM

මුලිම්ම මේ ළමයට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!! අධ්‍යාපන අමාත්‍ය අංශය මැදිහත් වෙලා අපේ රටේ සුව කිරීමට පහසුකම්නැතිනම් වෙනත් රටකට ගෙනගොස් හෝ මේළමයව බේරා දෙන්න (අ)

:       0       0

ෂාන් Wednesday, 12 June 2013 09:48 AM

ළමයාගේ වැරද්දට අනිත් මිනිස්සු පලිද?(අ)

:       0       0

දිසානායක Wednesday, 12 June 2013 10:08 AM

පිට රටවල සිටින මා හිතවත් සහෝදර සහෝදරියන්ට මම කරන ඉල්ලීම නම් ඔබට පුළුවන් උපකාරයක් කරන්න. මට පුලුවන්දේ මවට කතා කොට කරන්නම්. මේ වෙලාවේ හැටියට එම මවට ඇවැස්ස වන්නේ මුදලින් උපකාර සහ දරුවට ඇවැස්ස වෛද්‍ය උපකාර පමණි. කරුණාකර සියලු සිත් සතන් මේ පුවත කෙරෙහි යොමුවේවා!(නදී)

:       0       0

චන්දන Wednesday, 12 June 2013 02:25 PM

ඔය පාසලේ දීප්තිමත් දොස්තර ආදිශිශයෝ ඇතුළු අනිත් අයට මේකට උදව් කරන්න පුළුවන්නේ.(ස)

:       0       0

සුගත් Tuesday, 11 June 2013 11:59 PM

ඇයි මේ දරුවා සිංගප්පුරු යවන්න බැරි? (නි)

:       0       0

උපුල්. කේ Wednesday, 12 June 2013 02:54 PM

මේ දරුවා බේරගන්න කොලේජ් එක හා රජයෙන් උදව් කරන්න මුදල් තියෙන ආදී සිසුන් ඉන්නේ .(නදී)

:       0       0

ටානියා Wednesday, 12 June 2013 01:00 AM

සිංදුවක් දෙකක් කීව්වහම රුපියල් කෝටියක් විතර දෙන රටේ මේ අහිංසක අම්මගේ දුකට පිහිට වෙන්න කවුරුවත් නැද්ද? එයාට උදව්වක් කලොත් මොන තරම් පිනක්ද? අම්මේ, ඔයාගේ පුතා ඉක්මට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

සිල්වා Wednesday, 12 June 2013 10:55 AM

වරුණ කට තිබුන පලියට කියවන්න එපා. දේවාල ගානේ ඔබ ගියාට හැමෝම යන්නේ නැහැ. ඒ අය සුදුසු පියවරක් ගනීවි. සිසුවාට ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 12 June 2013 11:03 AM

අපිටත් පුළුවන් ආදාර කරන්න. රාජකීයය මේකට වැඩ පිළිවෙලක් ඉක්මනට සකස් කරන්න. ලංකාවේ ඉන්න බොහෝ දෙනා ඉන්නේ උදව් කරන්න. මුදල් හොයා ගන්න ක්‍රමයක් වහාම පටන්ගන්න.(ස)

:       0       0

කුමාරසිරි Wednesday, 12 June 2013 11:08 AM

ආධි රජකීයන්ව දැනුවත් කරන්න. ඔවුන් උදව් කරාවි , පුතාට " දළදා හාමදුරුවන්ගේ "පිහිටයි.(නදී)

:       0       0

ජයසිංහ Wednesday, 12 June 2013 11:14 AM

ජනාධිපතිතුමනි, ඔබගේ හදවත උණුවී මේ ළමයා සදහා කුමක් හෝ කරන්න.(නදී)

:       0       0

රන්ජිත් Wednesday, 12 June 2013 06:08 AM

නිසි පරිදි ප්‍රථමාධාර දීලා නැහැ වගේ. ලංකාවේ ප්‍රථමාධාර දැනුම හොදටම මදි (නි)

:       0       0

අසංග Wednesday, 12 June 2013 11:30 AM

රාජකීය විදුහලේ එක ළමයෙක්ගෙන් රුපියල් 100 බැගින් එකතු කලත් ඕනෑම රටකට යවලා මේ දරුවාව බේරගන්න පුළුවන්. ගරු ජනාධිපතිතුමාගේ අවධානය හැකි ඉක්මනින් යොමුවේවා! මේ දරුවට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 06:12 AM

ලංකාවේ කිසිම කෙනෙක් කිසිම දෙයකට වගකීමක් ගන්නේ නැති ක්‍රමවේදයේ තවත් එක කණගාටුදායක අංගයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1437 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 916 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1394 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 989 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site