IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රාජකීය සිසුවාගෙන් රාජකීය ගීත

 

 

 

ජාත්‍යන්තර වශයෙන්  තම කලා නිර්මාණයක් එළි දැක්වීමට පාසල් වියේදීම දස්කම් ලැබූ චරුත් ගුණරත්න  පසුගියදා ඇමරිකාවේ නිව්යෝරක් නුවර  සිය ලංකාවට ආවේ  ඒ සිහිනය සැබෑ කරගිනිමින්.  කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී චරුත්  මුණ ගැසි ඔහු ඇමරිකාවේ ගත කළ කාලයේදි ලැබූ අත් දැකීම් වගේම ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා බහක යෙදෙන්නට අපිට හැකි වුණා.

චරුත් යනු මෙරට සංගීත ලෝලීන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබා දෙන්නට වෙර දරන තරුණයෙක්.  ඒ වෙනස මෙරට සංගීත ලෝලයින්ට ලබා දීමේ අරමුණ ඇතිව තමයි චරුත් ඇමරිකාවට ගියේ.  චරුත්ගේ තුන්වෙනි ගීතය පටිගත කළේ නිව්යෝර්ක් නුවර ‘ජුවෙල් ප‍්‍රඩක්ෂන්‘    විඩියෝ නිෂපාදනාගාරයේ.

චරුත් කොළඹ රාජකීය විද්‍යාලයේ  උසස් පෙළ වාණිජ අංශයේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙක් වගේම ඔහු පාසැලේ දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්.

චරුත් ගායන ලෝකයට මුල්ම අඩිතාලම දැම්මේ  ටිකක් විතර වෙනස් ගීතයකින්. ගීතයේ නම ‘කොළඹ‘. පද රචනය අමන්ත ගුණරත්න, සංගිතය ලංත‍්‍රා පෙරේරා. එහි තේමාව වුණේ  තරුණ පිරිමි ළමයින් පස්සෙන් එන ගැහැණු ළමයින් ගැනයි.

 

‘ගිය ගිය තැන යන එන තැන කෙල්ලො අපිට පිස්සු වටෙනවා‘

කොහේ ගියත් කවද වුණත් කෙල්ලෝ අපේ පස්සෙන් එනවා‘

 

එම ගීතය  පෙරලිකාර තරුණ පරපුරේ පේ‍්‍රක්ෂක  ප‍්‍රතිචාර බොහෝ දිනා ගත්තත් ගැහැණු  ළමයි  නම් චරුත්ට හොදටම බැන වැදුණාහ.

ඔහු ගැයූ දෙවන ගීතය  ‘මිස් කෝල්‘   මෙරට යෞවන යෞවනියන් අතර බෙහෙවින් ජනප‍්‍රිය විය.  එහි පද රචනය මනුරංග විජේසේකර සහ සංගීතය රදේෂ්  වැන්දබෝනා.  එහි තේමාව වුනේ තමන් ආදරය කළ යුවතිය නිළියක් වීමත් සමගම  පෙම්වතා අත හැර  යාමයි.  එය විරහ ගීතයක් වූ නිසාම චරුත්ගේ පළමු ගීතයට වඩා පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර දිනාගත්තා. එය යූ ටියුබය ඔස්සේ මේ වන විට දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය දහනම දෙනෙක් නරඹා තියෙනවා.

 

’ මිස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුණා

හිස් කොළයක් ගෙන එහි පිරෙනතුරා ඔබෙ නම එහි ලිව්වා

මගේ දෑස පුරා ඔබ සෙවූ කතා බොරු බව මට දැනුණා

ඔබ යන්න ගියත් මට දුක නැහැ එක පාරක්  මුණ ගැහිලා‘

 

  ඔහුගේ ළයාන්විත කටහඩ ඇසීමට බොහෝ  යෞවන  යෞවනියන් ප‍්‍රිය කළ නිසාම දෙලක්ෂයකට ආසන්න පිරිසක් මේ වන විට  යූ ටියුබය ඔස්සේ  ‘මිස් කොල්‘ ගීතය  ඩවුන්ලෝඞ් කරගෙන ඇත.

 

දැන් ඔහු සූදානම් වන්නේ තවත් වෙනස්ම ගීතයක් පේ‍්‍රක්ෂකයන්  අතරට ගෙන එන්නයි. ඒත් ඒ ගීතය පේ‍්‍රක්ෂකයන් අතරට යවන නම නම් ඔහු අපිට දැන්ම කියන්නේ නැහැ.  ඒකට හේතුව තමයි ගීතය වගේම ගීතයේ නමටත් වෙනසක් කරන්නයි ඔහුගේ බලාපොරොත්තුව.  චරුත්  ඔහුගේ අළුත්ම ගීතය මෙරට පේ‍්‍රත්ෂකයන්ට එළි දක්වන දාට  එය අපිට කියාවි.

 

චරුත්ගේ අලුත්ම ගීතය නිර්මාණය කිරීමට වු පසුබිම ගැන අපි ඔහුගෙන් විමසුවෙමු.

මගේ පළමු ගීතය  ‘කොළඹ‘.  දෙවැන ගීතය ‘මිස් කෝල්. මට උවමනා වුණා ඒ ගීත දෙකටම වඩා වෙනස් ගීතයක් තුන්වැනි ගීතය වශයෙන් පේ‍්‍රක්ෂකයන්ට දෙන්න. ඒ  ගීත වලට ලැබුණ ප‍්‍රතිචාරත් එක්ක ඇමරිකාව සම්බන්ධ කරගෙන මට වෙනස්ම ගීතයක් නිර්මානය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනී තිබුණා.  ඒ වෙනස වෙනස්ම ආකාරයෙන් ලංකාවට ගේන්නයි මම ඇමරිකාවට ගියේ.

ශ‍්‍රී ලාංකික යුවතියක් තමන්ගේ මව්බිම අත හැර ඇමරිකාවට පදිංචියට යනවා. එයා එහි ජීවත් වෙන අයුරු තමයි මේ ගීතයෙන් කියවෙන්නේ.   ආදරය, දුක, වේදනාව සහ සතුට සියල්ලම මේ ගීතයේ අන්තර්ගත වෙනවා.

මෙම ගීතයේ  පද රචනය මනුරංග විජේසේකරත්,  සංගීතය ප‍්‍රියන්ත නාවලගේ යන ශිල්පීන් විසින් සිදු කළා.  ළඟදීම ඒ ගීතය ඔයාලට රස විදින්න පුළුවන් තවත් වෙනසකුත්  එක්ක.

 

 

චරුත් ඇයි ඔබ මෙම ගීතය පටිගත කිරිමට ඇමරිකාවම තෝරාගත්තේ?

මගේ බලාපොරොත්තුවක් තිබුණා ඇමරිකාව සම්බන්ධ කරගෙන ගීතයක් නිර්මාණය කරන්න. මා තෝරාගත් ගීතයේ  පද රචනාව අනුව  යුවතියක් ඇමරිකාවට පදිංචියට ගිහින් තියෙන තේමාවක් එහි තියෙන්නේ.  ඒක ඇමරිකාවට සම්බන්ධ නිසා තමයි එහෙ ගිහින් කරන්න  ඕනෑ වුනේ.  සිංදුව ඇසෙනවිට පේ‍්‍රක්ෂකයින්ට වෙනසක් තියෙනවා.

තව මාසෙකින් වීඩියෝව ලැබුණු විට බලාගන්න පුළුවන් දුක, සතුට දෙකම වෙනස් විදියට.

 

 

ඔබ මේ ගීතය පටිගත කරන්න ගියාම ලබපු අත්දැකීම් ගැන කිව හැකිද?

අපි අගෝස්තු 28 ලංකාවෙන් ගියේ.  දවස් හතරක් පහක් තිස්සේ නිව්යෝර්ක් නගරයේ හොද  වීඩියෝ නිෂ්පාදනාගාරයක් හෙව්වා.

එහෙම හොයන විට තමයි ‘ජුවෙල් ප‍්‍රඩක්ෂන්‘ කියන වීඩියෝ නිෂ්පාදනාගාරය සොයා ගත්තේ. එය පිට පිට පස් වතාවක් එමි සම්මාන ලැබූ වීඩියෝ නිෂ්පාදනාගාරයක්.

මගේ ගීතය එහි දවස් තුනක් තිස්සේ පටිගත කළා. එය ජීවිතයට හොද අත් දැකීමක් වුනා.  එහි පටිගත කිරීම් සඳහා විශේෂ කැමරා තිබුණා.  තාක්ෂණය  ඉතාමත් දියුණුයි. 

ඒ  වගේම  නිව්යෝරක් නගරයේ විවිධාකර සුන්දර ස්ථාන අපි පටිගත කිරිම් සඳහා යොදාගත්තා.  ඇමරිකාවේ රගපාන ප‍්‍රසිද්ධ නිළියක් මගේ ගීතයේ වීඩියෝවට එක්වුණා.  ඔවුන් සමග කටයුතු කිරිම හරිම පහසුයි. ජීවිතයේ පළමු වතාවට අත්දැකීම් වගේම දැනුම් සම්භාරයකුත් මා ලබා ගත්තා.

 

 

ඔබගේ පළමු ගීතය ‘කොළඹ‘ ගීතයට   ඔබ ගැහැණු ළමයින්ගෙන් බොහොම බැනුම් ඇහුවාද ?

ඔව් ඒක ඇත්ත. ඒ ගීතය රස විදපු ගැහැණු ලමයි තමයි මට වැඩි පුරම බැන්නේ.   ඒ ගීතය පිරිමි ළමුන් පසුපස එන ගැහැණු ළමුන් ගැන කියන වෙනස්ම ආරයක ගීතයක්. ඒ අමුතු ආරය  තරුණ පරම්පරාවට අළුත් අත් දැකීමක් වුනා.   ඒ ගීතයට ගැහැණු ළමයි නොසෑහෙන්න බැන්නා. මගේ හොඳම මිතුරියන් පවා  තවත් බනිනවා. බැනුම් විතරක් නෙමෙයි හොද ප‍්‍රතිචාරත් ලැබුනා. ඒ වුනාට වැඩියෙන්ම ලැබුනේ බැනුම් තමයි.

 

 

චරුත්ගේ දෙවන ගීතය   ‘මිස් කෝල්‘. එයත් ටිකක් වෙනස් ආරයක ගීතයක්. එවැනි වෙනසක් කළේ ඇයි?

මගේ පළවෙනි ගීතය   ටිකක් බයිලා ගිතයක් වගේ නිසා මට දෙවන ගීතය ආදර ගීතයකට ගියොත් හොදයි කියලා මට හිතුනා. මොකද ‘කොළඹ‘ ගීතයට  ලබපු ප‍්‍රතිචාරත් එක්ක මට වෙනසක් කරන්න  ඕන කම තිබුනා.  ඒ විදියට තමයි ‘මිස් කෝල්‘ ගීතය නිර්මාණය වුනේ. එහි ආදරය සහ දුක දෙකම තිබුනා. විරහ ගිතයක් නිසා පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ගොඩක්  ලැබුනා.

 

 

චරුත් ඔබ සංගීත ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ පවුලේ  ආභාෂයකින්ද?

ඔව්, ඒක එහෙම වෙන්න පුලූවන්. මගේ සීයා ඒ කියන්නේ  තාත්තගේ තාත්තා එයාගේ නම එඩිසන් ජිනදාස. ඔහු 1970 දශකයේ හිටපු  චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක්.  ඔහුගේ ආභාෂය  නිසා වෙන්න පුළුවන් මාව  කලා ක්ෂේත‍්‍රයට ඇදිලා යන්නේ. .

 

 

 

 

ඔබ ගයන ගීත වල පද රචනය, සංගීත නිර්මාණය සහ ගීතයේ වචන භාවිතය ගැන කිව්වොතින්

 මගේ පළමු ගීතය ‘කොළඹ‘ පද රචනය අමන්ත ගුණරත්න, සංගිතය ලංත‍්‍රා පෙරේරා යන ශිල්පීන්  දෙපල  තමයි කළේ. දෙවන ගීතය  ‘මිස් කෝල්‘  පද රචනය මනුරංග විජේසේකර සහ සංගීතය රදේෂ්  වැන්දබෝනා යන ශිල්පීන් දෙපලත්, තෙවන ගීතය පදරචනය මනුරංග විජේසේකරත් සහ සංගීතය ප‍්‍රියන්ත නාවලගේ යන ශිල්පියෝය.

මම ගීතයක් තෝරාගන්නට පෙර මුලින්ම බලන්නේ ඒ ගීතයේ වචන හිතට කා වැදෙනවද නැද්ද කියා.  ඒක මට විතරක් නෙමෙයි   සමාජයේ සෑම තරාතිරකම පොඩි මිනිහටත්, ලොකු මිනිහටත් සැමටම  තේරෙන සරල භාෂාවක් විය යුතුයි.  කෙටියෙන් කිව්වොත් මම ගයන ගීතයේ  වචන  මිනිස්සුන්ගේ ඔළුවට වැදෙන විදියට කිව්වොත් නිවරදියි.

 

 

ඔබ සංගීත ක්ෂේත‍්‍රයට පිවිසුණේ කොයි ආකාරයෙන්ද?

මම පුංචි කාලේ සිට ගීත ගායනා කරන්න කැමතියි. විශේෂයෙන් අවුරුදු අටේදි වගේ මම මුලින්ම පාසැලේ උත්සව විලදී ගීත ගායනා කළා. ගෙදරදිත් සිංදු කිව්වා.  ඒ කාලෙදි මම තේරුම් ගත්තා මට යම් දක්ෂතාවයක් තියෙනවා කියලා.  ඒ දවස්වල පාසලේ උත්සව වලදී මම සිංදු කිව්වා. අපොස සාමාන්‍ය පෙළ දක්වා මම සංගීතය පාසැලේ විෂයක් හැටියට හැදෑරුවා.

මම ක‍්‍රිකට් ක්‍රීඩාවට බොහොම ආසයි. මගේ හිත ක‍්‍රිකට් වලට ඇදී ගියා. මම පාසැලේ 13 න් පහළ සහ 15න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩා කළ නිසා ඒ කාල සීමාවෙදි  සංගිතයෙන් ඈත් වෙන්න වුණා.

නමුත් අපොස සාමාන්‍ය පෙළ ලිව්වට  පස්සේ  මට ලොකු නිදහසක් ලැබුණා. ඔය අතරේ  මාස හය හතක දී මම ‘කොළඹ‘  ගීතය වගේම  ‘මිස් කෝල්‘ ගීතයත් පේ‍්‍රක්ෂකයන් අතරට ගෙන ගියා.

 

 

ඔබට මේ ගීත ගායනා කිරීමේදී, පුහුණු වීම කරද්දී අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නැද්ද?

සංගිතය නිසා අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් කරන්න මට හැකියාවක් ලැබී තිබෙනවා. ඇත්තම කිව්වොත් අධ්‍යාපන කටයුතු වලට මෙය ලොකු හයියක් වෙලා තියෙනවා. සංගීතය නිසා අධ්‍යාපන කටයුතු වලට  ලොකු උනන්දුවක් තියෙනවා. මගේ ඊලග බලාපොරොත්තුව තමයි අපොස උසස් පෙළ හොඳින් සමත් වීම.

පුහුණු වීම් කියලා අමුතු දෙයක් කරන්නේ නැහැ. පාසලේ මගේ මිතුරන් සමග එකතු වි සිංදු කියනවා. එහෙම නැත්නම් ගෙදරදී සිංදු කියනවා. මම අධ්‍යාපනය සහ සංගීතය එකට පටලවා ගෙන නැහැ.

 

 

ඔබ තවම පාසල් යන දරුවෙක්. ඔබේ ගීත වලට අයත් දර්ශන බලා පාසලේ ගුරුවරු වැඩිහිටියෝ  ඔබට බැන්නේ එහෙම නැද්ද?

අනේ නැහැ. ඔවුන් කීවේ චරුත් ඔබේ දක්ෂතාවය තියෙන්නේ ඔතැන. ඉදිරියට යන්න කියලා ඔවුන් මා  දිරිමත් කළා.

 

 

චරුත් ඔබේ පෞද්ගලික තොරතුරු?

 මට ඉන්නේ සහෝදරයෝ තුන්දෙනයි. වැඩමල් සහෝදරයා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබානවා. අනිත් එක්කෙනා තවම පාසැල් යනවා.  පුංචි මල්ලි නම් තවම පොඩියි. ඔහු ඇරුණම අනිත් සහෝදරයෝ මගේ වැඩ කටයුතු වලට  සහයෝගය දෙනවා.

මගේ අවශ්‍යතා පවා ඔවුන් හඳුනාගෙන  ඒවා ලබා දෙන්න අම්මට, තාත්තට පවා කියන අවස්ථා තියෙනවා. ඔවුන් මට  මිතුරන් වගේ.

 

 

ඔබේ අනාගත බලාපොරොත්තුව

 මගේ අලුත් සිංදුව ලබන මාසයේ විතර එළි දක්වන්න බලාපොරොත්තුවෙන්  ඉන්නවා. ඒකට ලැබෙන  පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර  බලා  තවත් එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරෝතතුවක් තියෙනවා.

මේ අතරින් මගේ පළමු වැනි ඉලක්කය  වෙන්නේ අපොස උසස් පෙළ විභාගය හොදින් සමත් වීමයි.  ඉන් පස්සේ උසස් අධ්‍යාපනය හදරා කලා ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

ඒ වගේ මගේ පාසල වන කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් ගීතයක්  නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.  

 

 

 



අදහස් (0)

රාජකීය සිසුවාගෙන් රාජකීය ගීත

සංජීව Wednesday, 25 September 2013 02:14 PM

ලංකාවෙන් බිහිවුණ නව පරපුරේ ගායකයින් 99% කටම සංගීත ක්ෂේත්‍රයට කරන්න පුළුවන් ලොකු සේවයක් තියෙනවා. (නි)

:       0       1

පහන් Tuesday, 24 September 2013 07:55 PM

මට ඒ සින්දු ඇසීමෙන් මහා හිස් බවක් දැනුනා. කපුගේ ,මිල්ටන් මල්ලවාරච්චි ,නාරද දිසාසේකර වැනි ගායකයින් නැවත බිහිවෙන්නේ නැද්ද? (නි)

:       0       1

පහන් Tuesday, 24 September 2013 07:56 PM

විසිෂ්ටයන් බලෙන් බිහිකළ නොහැක ,බිහිවිය යුතුය (නි)

:       0       1

සරා Wednesday, 25 September 2013 02:14 PM

මේවා අපිට නම් වැදගත් නැහැ (නි)

:       0       0

ශිවන්දි Wednesday, 25 September 2013 09:18 PM

මේ සෝන්ග් එක ඇහෙන කොට මට වමනේ යන්න එනවා.(නදී)

:       0       0

නිරන්ජන් Wednesday, 25 September 2013 02:20 PM

අපිටත් සල්ලි තිබුනා නම්ම්ම්ම්ම් !!!!!!!!!!!!!!! (නි)

:       0       0

නිපුන Thursday, 03 October 2013 11:59 AM

පැරණි ගායක ගායිකාවන්ගේ ගීත අදත් අපට මතකයි.දවසක් දෙකක් අහලා අමතක වෙන සිංදු නෙමෙයි හැමදාමත් මතක තිබෙන සිංදුවක් හදන්න. (නි)

:       0       0

ආරච්චි Saturday, 28 September 2013 01:00 PM

මිස් කොල් සිංදුව නම් හොදයි. අනිත් එක නමි හරිම හිස්.(නදී)

:       0       0

සජිත් Wednesday, 25 September 2013 09:25 AM

අනේ ! අපිට නම් ඒක කිසිම හරයක් නැති 'සෝන්ග්' එකක්. (නි)

:       0       0

පද්මේ Thursday, 26 September 2013 04:43 PM

මමත් රාජකීයයෙක් නිසා මේක කියවලා මිස් කෝල් කියන ගීතය ඇහුවා.තවත් නව පරපුරේ කෙනෙකුගේ සින්දුවක් පමණයි.ප්‍රසිද්ධියට පාසලේ නම භාවිතා කරන එක නම් අනුමත කරන්න බැහැ.මල්ලිගේ වරදක් නෙමේ මේක (ස)

:       0       0

ශානිකා Friday, 27 September 2013 12:21 AM

සල්ලිකාරකමනේ පෙන්නන්නේ සින්දු දෙකෙන්ම. (නි)

:       0       0

නිර්මල Sunday, 13 October 2013 07:54 AM

මම නම් මේ සිංදු වලට කැමතිම නැහැ (නි)

:       0       0

දිනේෂ Thursday, 03 October 2013 12:46 PM

මල්ලි, අපිට ඔයා දැක්කම සින්දුව අහන්න හිත දෙන්නේ නැහැ (නි)

:       0       0

දුම්මලසූරිය.. Thursday, 26 September 2013 12:17 PM

ඔච්චර වර්ණනා කරන්න තරම් ගැබුරක් ඔය කියන ගීත දෙකේම නැහැ. අද කාලේ හැමතැනම ඇහෙන අර්ථ ශුන්‍ය වචන ගොඩක් විතරයි...ගතයුත්තක් නැහැ..... සල්ලි තියෙනෙන පවුලක දරුවෙක් නිසා.... ඒ සල්ලිවලින් මොනවා හරි කරන්න හිතිලා කරන වැඩක් බවයි මටනම් හිතෙන්නේ.....ඒ ලමයව අනවශ්‍ය විදියට වර්ණනා නොකර හොද වැඩක් කරන්න උනන්දු කලානම් තමා අනාගතයේදී අපිට හොද නිර්මාණකරුවෙක් දකින්නට පුළුවන් වෙන්නේ.. (දී)

:       0       0

චතුරංග Wednesday, 09 October 2013 04:45 PM

අනේ මල්ලි, සල්ලි! (නි)

:       0       0

තරිදු Wednesday, 25 September 2013 10:20 AM

මට නම් කිසිම රසයක් නැති සින්දුවක්. (නි)

:       0       0

මලිති Friday, 27 September 2013 02:37 AM

පහන්, ඔබ සමග 100% ක් එකගයි මම (නි)

:       0       0

රත්නායක Thursday, 26 September 2013 05:46 PM

සින්දුව නම් නියමයි (නි)

:       0       0

රසිකා Wednesday, 25 September 2013 10:29 AM

වෙනස් ගීතත් තියෙන්නන ඕනෑ.මම හරිම කැමතියි. (නි)

:       0       0

විනී Sunday, 13 October 2013 11:03 AM

මගෙනුත් ඔන්න සුබපැතුමි !!!!! ලස්සන නිර්මානයක් කරන්න ඉදිරි‍යට.(නදී)

:       0       0

නන්ද Wednesday, 25 September 2013 10:40 AM

රාජකීය ගීත ? අනේ අපොයි කවුද මේක ලිවුවේ. මම එකඟ වෙනවා පහන් හා සජිත් සමග. වෙනස් ආකාරයේ අත්දැකීම් ලබා දෙන්න කියලා මයිලී සයිරස් වගේ වැඩ කරන්න හිතෙයිද දන්නේ නැහැ. (ස)

:       0       0

පැතුම් Thursday, 26 September 2013 01:02 PM

මල්ලියේ, ඔය එක්ක කිසිම තරහකින් නෙවෙයි මේ අදහස් දාන්නේ. මන් ඔයාගේ ගීත 2ම බැලුවා. සල්ලි වැඩිපුර තිබුනට හොඳ නිර්මාණ කරන්න බැහැ. ඔයාට තියෙන සුළු හෝ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න සංගීතය හොඳින් හදාරන්න. නිකන් මූණ ඇඹුල් කරගෙන, හොටු පෙරාගෙන ඇඩුවට ඒක හොඳ නිර්මාණයක් වෙන්නේ නැහැ. හොඳ නිර්මාණයක් කරනවානම් ඇමෙරිකාවේම යන්න ඕනෙත් නැහැ. ගුණදාස කපුගේ, අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මාලනී වැනි අසහාය ගායක ගායිකාවන් ගීත ගැයුවේ අඩු පහසුකම් මැද්දේ. ඒත් ඒ ගීත සදා අමරණීයයි. ඉගෙනගෙන යමක් කරන්න. මෙවැනි බාල නිර්මාණ නොකර. (දී)

:       0       0

තිළිණි Friday, 27 September 2013 06:29 PM

අද කාලේ සල්ලි වලින් කරන්න දෙයක් නැති වුණහමත් මේ වගේ අය බිහිවෙනවා (නි)

:       0       0

හේවා Tuesday, 01 October 2013 07:32 AM

භාතිය සංතුෂ්ලාත් එද්දී කොච්චර බැනපු අය හිටියද? (නි)

:       0       0

මිනෝලි Wednesday, 25 September 2013 12:29 AM

අපි ඔබගේ 'මිස් කෝල්' ගීතයට හරිම කැමතියි (නි)

:       0       0

ලහිරු Friday, 27 September 2013 06:45 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 25 September 2013 11:30 AM

පහන්, අජිත් සහ නන්ද සමග එකඟයි . කිසිම හරයක් සහ රසයක් නැති නිර්මාණ .... (ස)

:       0       0

ලක්මාල් Friday, 27 September 2013 01:43 PM

අනේ පවු..තමන්ගේ බැරි කම තමන් නොදන්නා හැටි (අ)

:       0       0

කෙවින් Wednesday, 25 September 2013 11:59 AM

මටත් සල්ලි තිබුනා නම්, ඔය වගේ රාජකීය ගීත ඕනෑ තරම් කියන්නත් පුළුවන්.පුතා, කොන්ඩෙ ටිකක් කපාගෙන හොදට ඉගෙන ගන්න. එතකොට තව හොද නිර්මාණයක් කරන්න පුළුවන් (නි)

:       0       0

ලක්මාල් Thursday, 26 September 2013 09:15 AM

තනිකරම ගොන් පාර්ට් එකක්.(අ)

:       0       0

අශාන් Thursday, 26 September 2013 07:48 PM

මම නම් මෙයාගේ සිංදු වලට ආසා නැහැ (නි)

:       0       0

නලින්ද Saturday, 12 October 2013 11:29 AM

ඔයාගේ සින්දුවලට මම නම් ආසා නැහැ. හැබැයි ඔයාගේ ආසාව ඒක නම් මට ප්‍රශ්නයකුත් නැහැ. (නි)

:       0       0

නවීන් Friday, 27 September 2013 09:08 AM

කොල්ලෝ, නුඹට ජය වේවා! (නි)

:       0       0

ලාරා Tuesday, 24 September 2013 05:52 PM

කෙල්ලෝ කොහෙද අපි පස්සෙන් එන්නේ ? සල්ලි පස්සෙන් මිසක්. (නි)

:       0       0

මේනකා Friday, 04 October 2013 07:31 PM

සින්දු කියන්න ඔයාට අයිතියක් තියනවා. ඒත් වැදගත් පාසලක නම තමන්ගේ ජනප්‍රියතාව ඇති කරගන්න යොදා ගන්න එක නරකයි. (නි)

:       0       0

තරු Thursday, 26 September 2013 02:19 PM

සෘණාත්මක අදහස් දක්වන අයට කියන්න කැමතියි හැමෝටම ගුණදාස කපුගේලා, නන්දා මාලනීලා වෙන්න බැහැ (නි)

:       0       0

ලක්මාල් Monday, 30 September 2013 01:58 PM

මේ ලිපිය ගැන අදහස් දාන්නකෝ. (නදී)

:       0       0

සඳු Tuesday, 08 October 2013 03:15 PM

බහුතරයක් කියපු කතාව ඇත්ත. මෙයාට සල්ලි වැඩි නම් වෙන මොනවහරි කරන්න තිබුනා. මහා විකාර සින්දු. අහගෙන ඉන්නත් බෑ. (ස)

:       0       0

ක්‍රිස් Monday, 30 September 2013 09:04 AM

සෝමාලියාවට ගිහින් කරත් කමක් නෑ සල්ලි වැඩි නම්, ඒත් සින්දු එකම විදිහේ ඒවනේ .... (ස)

:       0       0

සදා Friday, 27 September 2013 10:01 AM

කෙනෙක් යමක් කරනකොට ඒකට හරස් වෙන වල කපන අයනම් මේ රටේ වැඩි හරියක් ඉන්නවා. ඒත් හොද කියන්නේ අත දෙන්නේ බොහොම අඩු පිරිසක් පහන් ඔයාගේ සින්දු දෙක නම් හොදයි. අපි තව බලාගෙන ඉන්නව ඔයාගේ අලුත් නිර්මාණ එනකම් ඔයාට සුබ අනාගතයක් ඔය හින්ට් ගහපු අයගේ බොක්කට වැදෙන්න දෙන්න ඕනේ හොදේ.(නදී)

:       0       0

මල්කා Saturday, 05 October 2013 09:54 AM

කිසිම හරයක් නැති ගීත. ඔය වියදම් කරපු සල්ලි වලින් ඇයි රටට ඉගෙන ගන්න මල්ලිලා නංගිලාට හරයක් ඇති ගීත දෙන්න බැරි. සල්ලිකාරයෙක් වුනාට හොද ගායකයෙක් බව නම් මට පේන්නේ නෑ (දී)

:       0       0

නිපුන Thursday, 03 October 2013 11:46 AM

කරනවා නම් මල්ලි හරයක් ඇති දෙයක් කරන්න.සල්ලි වැඩි නම් ඔයා දුප්පත් ළමයින්ට උදව් කරන්න ඉගෙන ගන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 587 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 676 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2139 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1574 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1511 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1765 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24784 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23349 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site