IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රාජකීයේ ළමයින් ගැනීම තාවකාලිකව නවතී

කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ආංචි මාර්ග කියයි.

පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා සිදුවූ බවට ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම විද්‍යාලයයේ සහ තවත් පාසල් කිහිපයක ළමයින් ඇතුළත් කිරීම ගැන වහා විමර්ශනයක් අරඹන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය සතියේ අධ්‍යාපන ලේකම්ට උපදෙස් දී තිබිණි.

නව වසරේ පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ උත්සවය  රට පුරා පැවැත්වීමට නියමිතව ඇත්තේ බදාදා (11) දිනයේදී ය.

දැනගන්නට ඇති පරිදි අමාත්‍යංශයෙන් උපදෙස් දී ඇත්තේ තාවකාලිකව ළමයින් ලියාපදිංචිය නැවැත්වීමට පමණි. 11 වැනිදාට නියමිත ළමයින් ඇතුළු කිරීමේ උත්සවය ගැන හෝ අනෙක් ක්‍රියාමාර්ග ගැන දැනුම් දී නැත.



අදහස් (0)

රාජකීයේ ළමයින් ගැනීම තාවකාලිකව නවතී

නාමල් Tuesday, 10 January 2017 07:11 AM

පුබුදුට රාජකීය විදුහලට යන්න බැරිවුණ හිතේ අමාරුව වගේ තියෙන්නේ (නි)

:       0       0

කල්ප Tuesday, 10 January 2017 07:19 AM

ගන්නෝරුවේ තිබෙන රණබිම රාජකීය සහ පොළොන්නරුවේ රාජකීය කොළඹ රාජකීයට වඩා ඉදිරියෙන් ඉන්නවා. ජාතියට වැඩදායි මිනිසුන් බිහිකරලා තියනවා. අනික දැන් රාජකීය මිනිස්සු නැහැනේ ඕවයේ නමත් වෙනස් වෙන්න කාලය හරි. අනිත් එක තමයි දේශපාලකයන්ගේ නම් ඉස්කෝල වලට දාන එක මහා පිළිකුල්සහගත වැඩක්. (නි)

:       0       0

රොෂාන් Tuesday, 10 January 2017 07:39 AM

නොදන්නා අය කතා නොකර හිටියොත් හොඳයි. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් කී දෙනෙක් රට වෙනුවෙන් දිවි පිදුවද කියලා දන්නවාද? හොඳ ,නරක මිනිස්සු හැමතැනම ඉන්නවා. කොටින්ම ඔයාලගේ ගෙවල් වලත්, ගමෙත්, වැඩබිමේත් නරක අය ඉන්නවා. මගෙත් එක්ක එකට ඉගෙනේගත්ත ගොඩක් යාළුවො යුද්ධයේදි මැරුණා. මමත් රාජකීයෙක්. විවිධ ප්‍රශ්න නිසා පාසල් වලට අගෞරව කරන්න එපා. (නි)

:       0       0

මංජුල Monday, 09 January 2017 01:13 PM

බොහොම හොද දෙයක්.හරියටම පරීක්ෂණ සිදුවෙනවානම්, දැනට ලස්තුවේ ඉන්න ළමයි බාගයක්වත් අඩුවෙයි .ඉඩම් ඔප්පුව ,ඡන්දෙ ලියාපදිංචිය තිබුනත් ..පදිංචිය නම් නෑ අවුරුදු 5.සල්ලි ,බලයට සේරෝම යටවෙලා..කවදා සධාරණයක් තියේද ..(අ)

:       0       0

සරසි Monday, 09 January 2017 01:33 PM

මේ පාසල විතරක් නෙවෙයි අනෙකුත් ජනප්‍රිය පාසල් වලටත් දේශපාලක ලැයිස්තු සහ අනෙකුත් අයතා ක්‍රම මගින් ළමුන් ඇතුලත් කර ගන්නවා. ආදී සිසුන්ගේ දරුවන් ලැයිස්තු වලින් කපා දමා දේශ පාලුවන්ගේ අඩු සුදුසුකම් ඇති දරුවන් ඇතුලත් කරගන්නවා . ඉන්පසු සිදු වන්නේ අනාධිමත් කාලයක් සිට මේ පාසල් වල තිබුන උසස්පෙළ සා පෙළ ප්‍රතිපල දැක්කාම ඕනම කෙනෙකුට තේරේවි. (හේ)

:       0       0

තරංග Tuesday, 10 January 2017 09:34 AM

සෑම පාසලකම පාහේ අද අක්‍රමිකතා වෙනවා (නි)

:       0       0

කල්ප Monday, 09 January 2017 03:45 PM

යන්නම වටින ඉස්කෝලේ ඕකෙන් එලියට එන අය පොළොවේ අඩිය ගලල ඉන්න මිනිස්ස්සු නෙමේ (අ)

:       0       0

ඉන්දික Monday, 09 January 2017 05:43 PM

ඔය පාසල ගැන අපි නම් කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

රොෂාන් Monday, 09 January 2017 05:44 PM

අනේ කල්ප, පාසලකට ගිහිල්ලා තියෙනවද? (නි)

:       0       0

ශාන්ත‍ Monday, 09 January 2017 06:18 PM

මෙවන් පාසල් වල හය වසරේ සිට පන්ති තියනවා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

ලුම්බිණි Monday, 09 January 2017 11:47 PM

පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා තිබෙන ක්‍රමය දැන්වත් වෙනස් කළොත් නරකද? මේ ක්‍රමය නිසා තමයි බොහෝ දුෂණ වංචා පාසල් වලට ඇතුළුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

දිමුත් Tuesday, 10 January 2017 12:38 AM

ඒත් එක්කම ගල්කිස්සේ සමහර විද්‍යාලත් බලන්න. දෙපැත්තේම බොරුව වංචාව... (නි)

:       0       0

බන්දුල Tuesday, 10 January 2017 01:37 AM

දරුවෙකුට හොඳ නරක කියාදෙන්න වගේම සිප්සතර ලබාදෙන තැනට ඇතුළු වෙන්නත් අද මුදල් ඕනෑවෙලා. මේ නිදහස් අධ්‍යාපනයද? ඉගෙන ගන්නකොට සල්ලි ගත්තේ නැතිවුණාට, ඇතුල් වෙනකොටම දොළ පිදේනි දෙන්න වෙලා. මේවා ජනප්‍රිය පාසල්ද අප්‍රිය පාසල්ද? (නි)

:       0       0

මොහාන් Tuesday, 10 January 2017 01:40 AM

කල්ප, ඔහොම කිව්වට තමන්ගේ පුතෙක් රෝයල් එකට දාන්න ලැබුනා නම් එපා කියාවිද? (නි)

:       0       0

ශාන් Tuesday, 10 January 2017 02:42 AM

කල්ප, ඉන්දික, එ්කෙන් එලියට එන මිනිස්සු පොළවේ පය ගහලා රටට ඕනෑතරම් වැඩ කරලා තියනවා. හැම පාසලකින්ම හොඳ සහ නරක මිනිස්සු අඩු වැඩි වශයෙන් එළියට එනවා. හැබැයි කල්ප වගේ තමන්ට යන්න බැරිවුණ නිසා කුහකකම් කරන මිනිස්සු නම් කවදාවත් එළියට එන්නේ නැහැ (නි)

:       0       0

රනිල් Tuesday, 10 January 2017 03:17 AM

මමත් රාජකීය විද්‍යාලේ ඉගෙනගත්තේ. මගේ අත්දැකීමේ හැටියට එම පාසලේ වර්ග දෙකෙන්ම ළමයි ඉන්නවා. (නි)

:       0       0

කටුලන්ද Tuesday, 10 January 2017 03:21 AM

කල්ප, ඉන්දික, ඊර්ෂ්‍යාවෙන් පැලෙන්න එපා! (නි)

:       0       0

ලබුදූව Tuesday, 10 January 2017 03:27 AM

මේ වැඩේ කරන්න තිබ්බේ ෆයිනල් ලිස්ට් එක දාන කලින්. දැන් පරක්කුයි කියලයි හිතෙන්නේ. මොකද ලිස්ට් එකේ ඉන්න ළමයි ලෑස්තිවෙලා ඉන්නේ පාසලට යන්න. (නි)

:       0       0

පුබුදු Tuesday, 10 January 2017 03:34 AM

කල්ප කියන කථාව හරි. ලංකාවට වැඩක් කරලා තියෙන්නේ සිංහල බෞද්ධ පාසැල් වල ඉගෙනගත් අය මිසක් රෝයල් එකේ අය නෙමෙයි. ගොඩාක් අයට හරි ආසයි තමන්ගේ ළමයා රෝයල් යනවා කියන්න. ඉගනගත්තේ නැතත් කමක් නැහැ, ගියේ රෝයල්නේ. අපිට නම් කිසිම ආසාවක් නෑ අපේ ළමයි රෝයල් යවන්න. (නි)

:       0       0

සිරි Tuesday, 10 January 2017 04:15 AM

පසුගිය යුද සමයේ රට බේරා ගැනීමට ඉදිරියට ගියේ වෙනත් පාසැල් වල ඉගෙනගත් අය. ඒ අතර කොළඹ වෙනත් ජනප්‍රිය පාසැල්වල ආදී ශිෂ්‍යයන් ඉදිරියෙන්ම සිටියා. (ම)

:       0       0

දර්ශන Tuesday, 10 January 2017 04:52 AM

මේකත් තවත් එක නාඩගමක්, ටික දවසකින් මොකුත් වෙලා නැති බව වාර්තා කරනු ඇත. (බ)

:       0       0

අමාලි Tuesday, 10 January 2017 05:12 AM

කල්ප ඉන්දික, ඔය දෙන්නට තවත් සාමාජිකයෙක් එකතුවුන පුබුදු. රාජකීය විදුහලත් සමහර වෙලාවට මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් වෙලා තියෙන්නේ ඔයාල තුන්දෙනා වගේ අයත් එකේ ඉන්න නිසා. (බ)

:       0       0

සුගත් Tuesday, 10 January 2017 05:15 AM

කිසිම ජාතිබේදයක් නැති ආගම් වාදයක් නැති පාසලක් තමයි රාජකීය විදුහල. කල්ප, ඉන්දික වගේ එයට යන්න බැරි වුන නිසා ඉරිසියා කරනවා වගේ. අනේ පව්. (බ)

:       0       0

උපුල් Tuesday, 10 January 2017 05:20 AM

ඔය ජනප්‍රිය කියන (ප්‍රසිද්ධ) ව්දුහල් වලට මම අභියෝයක් කරනවා, පුලුවන්නම් තම පාසලේ පෝෂිත ප්‍රදේශයේ ළමයි 10ක් විභාග වලින් විභාග සමත් කරලා පෙන්වන්න. මෙි අය කරන්නේ ලමයි හදන එක නෙවෙයි හැදුණු ලමයි අරගෙන ප්‍රතිපල විකුණන එක. කොහොම උනත් මෙි රටේ බලය දරන හා තනතුරෙු දරන අයට රටේ සරලම ගැටලු ටිකවත් විසදන්න තරමි බුද්ධියක් නැ.(බ)

:       0       0

සෑම් Tuesday, 10 January 2017 12:45 PM

තව මෙවන් පාසල් කීයක් ඇත්ද (හේ)

:       0       0

විපුල Tuesday, 10 January 2017 06:47 AM

සාමාන්‍ය නීතිය යටතේ බැලුවොත් පළමු වසර පුරවන්න ළමයි නැතිවෙනවා (නි)

:       0       0

ශෙහාන් Tuesday, 10 January 2017 06:55 AM

සමහර සිංහල බෞද්ධ කියාගන්න පාසල් වලට වඩා රාජකීය විද්‍යාලයේ බෞද්ධකම තිබුණා අපි ගිය කාලේ. ගොඩක් ඒවා නිකන් නමට විතරයි බෞද්ධ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1321 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2353 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9573 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site