IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රාජකීයයේ සිසුන් ගැනීම සඳුදා සිට යළිත්

දැනට නවත්වා ඇති කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

වංචනික ක්‍රියාවලින් තොරව නිසි ක්‍රමවේදයට ඇතුළත් කළ සිසුන් පමණක් සඳුදා සිට බඳවා ගන්නා බව කී ඇමැතිවරයා වංචනික ලෙස ඇතුළත් කිරීමට උත්සාහ කළ සිසුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලබාදෙන පාසලකට ඇතුළත්වීමට සිදුවන බව ද පැවසීය.

රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත්කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි අනුව සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව නවත්වා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා දැනට එම සිසුන් 147 දෙනෙකු සම්බන්ධව කළ ස්ථානීය පරීක්ෂණවලදී ඉන් සිසුන් 31 ක්ම ඇතුළත් කර ඇත්තේ වංචනික ලෙසින් බව හෙළිවී ඇතැයි ද කියා සිටියේය.

රථ ගාලක, මුරකුටි, පල්ලි, ව්‍යාපාරික ස්ථාන, තානාපති කාර්යාල, ඉදිවෙමින් පවතින ගොඩනැගිලි මෙන්ම පදිංචියට කිසිසේත් සුදුසු නැති ස්ථානවල ලිපින යොදා ඇතැමුන් රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට උත්සාහ ගෙන ඇති බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

රාජකීයයේ සිසුන් ගැනීම සඳුදා සිට යළිත්

අංජුල Friday, 13 January 2017 07:31 AM

හොඳ වැඩක්. බොරුවෙන් වංචාවෙන්ම දරුවෙකුගේ අධ්‍යාපනය පටන් අරගෙන හොඳ පුරවැසියෙක් රටට දායාද කරන්නේ කොහොමද. (නි)

:       0       0

අංජුල Friday, 13 January 2017 07:38 AM

කාංචන හරියටම හරි. ජාතික පාසල් ජාතියටම හිමි විය යුතුය. එම පාසල් වලින් ප්‍රාථමික අංශ ඉවත් කර ශිෂත්වයෙන් සමත් වන දක්ෂයින්ට පමණක් ලබාදිය යුතුය. (නි)

:       0       0

ශශික Friday, 13 January 2017 07:47 AM

ගුරුවරු වුණත් ළමයින්ව සංසන්දනයක් නොකර ළමයාට අවශ්‍ය තැනට යන්න උදවු කළයුතුයි (නි)

:       0       0

අනුර ඉලන්කොන් Thursday, 12 January 2017 12:01 PM

අපේ රට හොර ගුහාවක් වෙලා තියෙන්නේ (අ)

:       0       0

කල්ප Thursday, 12 January 2017 12:07 PM

ඇමතිතුමෝ, ඔච්චර ඕක ෆිල්ටර් කරන්න එපා. අනෙක් අයගෙත් කොලටික හරියට පෙන්නුවත් ඇත්තටම ඉන්නේ වෙන කොහෙහරි. (අ)

:       0       0

පවන් Thursday, 12 January 2017 12:32 PM

අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලේ ඉන්න, නිදහස් කියන මාවතක් පැත්තේ ඉන්න අයවත් අල්ලන්න (අ)

:       0       0

ධම්ම Thursday, 12 January 2017 01:13 PM

ඒක හොඳයි.(හේ)

:       0       0

සරසි Thursday, 12 January 2017 01:23 PM

මේ පාසල විතරක් නෙවෙයි අනෙක් ජනප්‍රිය පාසලුත් පරික්ෂා කල යුතුයි. දක්ෂ , පාසලට කීර්තියක් ගෙනා ආදී සිසුන්ගේ දරුවන් කපා දමා දේශපාලුවන්ගේ අඩු සුදුසුකම් ඇති දරුවන් ඇතුලත් කරනවා. පහේ ශිෂ්‍යත්වයෙන් ඇතුලත් කල යුතු දක්ෂ ළමයින් වෙනුවට ව්‍යාපාරිකයන්ගේ ළමයින් පස්සා දොරින් ගන්නවා. මේවා වහාම නැවැත්විය යුතුයි . සමහර විදුහල්පති වරුනුත් මේවාට උඩ ගෙඩි දෙනවා. (හේ)

:       0       0

රොකී Thursday, 12 January 2017 02:18 PM

ව්‍යාජ ලියකියවිලි සකස් කිරීමෙන් පගා ගැසූ නිළධාරීන්ට , විද්‍යාලයේ ලොක්කාට මෙන්ම දරුවන්ගේ දෙමාපියන්ටද දැඩි දඬුවම් දිය යුතුයි. (අ)

:       0       0

හෆීල් Friday, 13 January 2017 08:21 AM

එහමනං කොහොමද කොළඹින් පිට පලාත්වල ඉන්න මැති ඇමතිවරුන්ගේ දරුවන් කොළඹ පාසල්වලට ඇතුලත් කලේ? මේකට කියාවි මන්ත්‍රී වරප්‍රාසද කියල.(අ)

:       0       0

මොහාන් Thursday, 12 January 2017 03:25 PM

ඇමතිතුමනි, මේ අහිංසක දරුවන් මොනවා කරන්නද? මේ වසරේ මේ විදියටම ඇතුලත් කරගන්න.(අ)

:       0       0

සිරිමල් Thursday, 12 January 2017 03:34 PM

මොහාන්..ඔබේ දරුවෙකුත් මෙසේ පාසලට ඇතුලත් කිරීමට උත්සහ කලාද? නීති විරෝධී දේවල් වලට කවදාවත් අනුබල දෙන්න එපා (අ)

:       0       0

කමල් ගමගේ Friday, 13 January 2017 09:38 AM

ජනප්‍රිය පාසල් සියල්ලටම එක අවුරුද්දක් මුදල් අය කරලා ළමයි ගන්න. ඒ මුදල් සියල්ල යොදවලා අනෙක් විදුහල්වලත් පහසුකම් උසස් කරන්න. ලංකාවේ සියලු ළමයිටම හොඳ විදුහලක් ලබා දෙන්න.(හේ)

:       0       0

රුවනි Thursday, 12 January 2017 04:01 PM

සමහර ළමයින් ගෙන ඇති හැටි බලද්දී දේශපාලන බලයේ අනුහසින් කෙරුණ වැඩක් කියලා හොඳටම පේනවා. (නි)

:       0       0

චන්න Thursday, 12 January 2017 04:07 PM

මම ඉන්නේ බම්බලපිටියේ. මගේ පුතාව රෝයල් එකට දන්නා බැරි වුණා. අපි අවුරුදු ගණනාවක සිට බම්බලපිටියේ ජීවත්වෙනවා (නි)

:       0       0

ප්‍රදීප් Friday, 13 January 2017 10:18 AM

මේක හැමෝම දන්නා රහසක්. සියලුම ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරන සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයකට සුදුසුකම් සැපිරිය නොහැක. උදාහරනයකට කොළඹ නගරයේ වසරකට දරු උපත් ප්‍රමාණය සහ ජනප්‍රිය පාසැල වල පලවන වසර සඳහා ඇති ඉඩ කඩ සසඳා බලන්න. පාසල් ඇරෙන වෙලාවට පාසල් අවට නවතා ඇති වාහන ප්‍රමාණය සහ ඒවායේ ගමනාන්ත සොයා බලන්න. ඔබට පිළිතුරු සොයාගත හැක. කිසිවෙකුට මෙයට පිළියම් සෙවීමට උවමනාවක්ද නැත. මෙවැනි පලස්තර් පමණි. (අ)

:       0       0

රොකී Friday, 13 January 2017 12:52 AM

මොහාන්ගේ කතාව සම්පුර්ණයෙන්ම වැරදියි. සුදුසුකම් තියන දරුවන්ගේ අයිතිය නැති කරන්නද ඔබ කියන්නේ? ඔබ වගේ නීතිවිරෝධී කටයුතු අනුමත කරන්න අපි සුදානම් නැහැ. අහිංසක දරුවන්ගේ දෙමවුපියන් දැන ගන්න ඕනෑ ඔවුන්ගේ අධ්‍යාපනය වංචාවෙන්ම පටන් ගැනීම වැරදි බව. නිසි දඬුවම් දියයුතුයි ඒ දෙමවුපියන්ටත්. (නි)

:       0       0

කාංචන Friday, 13 January 2017 01:32 AM

ඇත්තටම ජනප්‍රිය පාසල් වල ප්‍රාථමික පන්ති ඉවත්කර එම ගොඩනැගිලිත් ශිෂ්‍යත්වයෙන් ගන්න සිසුන් සඳහා වෙන්කළ යුතුයි. (නි)

:       0       0

සුසිල් Friday, 13 January 2017 01:51 AM

හරියටම හරි ඇමතිතුමා, ඕක තමයි කෙරෙන්න ඕනෑ, දෙමව්පියන්ට පාඩමක් ඉගෙනගන්නත් එක්ක. දැන් යන්නකො දෙන ඉස්කෝලෙකට, අකැමති නම් යන්න උසාවියට. (නි)

:       0       0

බිමල් Friday, 13 January 2017 02:20 AM

චන්න, මගේ නෝනා විශාඛාවේ ආදි සිසුවියක්. මගේ දුවත් ලැයිස්තුවෙන් කපලා දේශපාලකයෙකුගේ ළමයෙක් ගත්තා. අපි දැන් ඉන්නේ පිටරට. ළමයාව කිසිම කරදරයක් නැතුව පාසලකට දාගත්තා (නි)

:       0       0

සිල්වා Friday, 13 January 2017 03:44 AM

චන්න, බම්බලපිටිය රෝයල් එකට අහුවෙන්නේ නැහැ නේද (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 13 January 2017 03:56 AM

එහෙම වුණා නම්, ගමනාගමනා මණ්ඩලය විසින් දුර ඉඳලා නගරවල තියෙන පාසල්වලට සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවා තිබෙන බස් රථ විශාල ප්‍රමාණයක් රැකියා වලට යන්නන් සඳහා යොදා ගැනීමෙන් යම් තරමක් දුරකට ගමනාගමනා ප්‍රශ්නයත් විසඳ ගන්නත් පුළුවන් වේවි. (නි)

:       0       0

කසුන් Friday, 13 January 2017 03:59 AM

ජය වේවා යහපාලනයට! හරි දේ කළ ඇමතිතුමාට ස්තුතියි! (නි)

:       0       0

විමලරත්න Friday, 13 January 2017 06:16 PM

එ්කත් එහෙමද? (නි)

:       0       0

ඕපාත Friday, 13 January 2017 04:46 AM

ඉතාම හොඳ වැඩකි. කොළඹ බොහොමයක් පාසල් වල තත්වය මෙයයි. 75% වැඩි ප්‍රමාණයක් අාසන්න පදිංචිකරුවන්ගේ අයදුම්පත් වංචාසහගත වේ. (නි)

:       0       0

නලීන් Friday, 13 January 2017 04:52 AM

පාසල් සීමාවන්ට අනුකූලව සිසුන් ඇතුළත් කළා නම් මේ තරම් සියගණනක් පාසල් වෑන් රථ ලංකාවේ හතර දික්භාගයෙන්ම කොළඹට එන්නේ කොහොමද? උදේටත් දහවල් කාලයටත් පාරවල් වහගෙන රථවාහන තදබදයට මහා හේතුවක් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

නලීන් Friday, 13 January 2017 04:57 AM

මොහාන්, අහිංසක දරුවන් පාසලට ඇතුළත් කරන්නේ බොරුව සහ හොරකම පළමුවෙනි පාඩම විදියට කියාදීලද? (නි)

:       0       0

මෙලනි Friday, 13 January 2017 04:57 AM

එක්තරා ටෙලි නිලියෙකුගේ පදිංචිය බත්තරමුල්ලෙනුත් එහා. සැමියා රාජකීය විදුහලේ ආදී සිසුවෙකුත් නොවෙයි. හැබැයි ළමයා එම පාසලේ. දේශපාලන සම්බන්ධකම් වල අනුහසින් ඒ වැඩේ කරගෙන අන්තිමට ළමයා අසවල් විදුහලේ කියලා පත්තර වලට පම්පෝරිත් ගහනවා. (නි)

:       0       0

වේරගොඩ Friday, 13 January 2017 05:31 AM

නොදන්නා නිසා අහන්නේ කවුරුහරි කියනවද ලංකාවේ පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ පටිපාටිය. ආදි සිසුන්ගේ ළමුන් ඇතුළත් කිරීම අනික් ළමුන්ට අසාධාරණයක් නොවෙයිද? (නි)

:       0       0

දිලුම් Friday, 13 January 2017 05:55 AM

මෙතන කයිවාරු ගහන කවුරුවත් කැමති නෑ තමන්ගෙ ළමයව මොකක්හරි පාසලකට දාන්න. කවුරුත් හදන්නේ ළමයට උගන්වන්න. පාසැල් ටික හරියට හැදුනා නම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. (නි)

:       0       0

හැරිස් Friday, 13 January 2017 06:19 AM

කිය කියා ඉන්නේ නැතුව ඇමතිතුමා මේ කරපු දේ හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 215 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1894 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3525 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1601 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11012 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site