(මනෝප්රිය ගුණසේකර)
ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ කළැයි කියන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද වරෙන්තු නිකුත් කළේය.
සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා රාජාංගනයේ සද්ධාරතන නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
සද්ධාරතන හිමියන්ට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සද්ධාරතන හිමියන්ගේ ඇපකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතීසි නිකුත් කළේය.
ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර සැකකාර හිමියන් මීට පෙර අවස්ථාවක සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව උන් වහන්සේ ඇප මත මුදා හරිනු ලැබීය.
සිද්ධියට අදාල පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී නොසිටින සැකකාර හිමයන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
කරැණු සළකා බැලීමෙන් අනතුරැව සැකකාර හිමියන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරැවන්ට නොතිසි නිකුත් කළේය.
නඩුව ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd