IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රජගල තැන්නේ යටගියාව මතුවේ

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා  ඒකකය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාර රජගලතැන්න ආරණ්‍ය සේනාසනයේ කරන ලද කැණිම් වලදී පුරා අවුරුදු  2000 ක් ඉපැරුණි ශිලා ලිපියක් සොයා ගත් බව   ශී‍්‍ර ජයයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකයේ මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා ඒකකය දැනට වසර එක හමාරකට පෙර රජගලතැන්න පුදබිමේ කැණීම් ආරම්භ කළේය.

එම කැණීම් වලදි හමුවු මෙම ශීලා ලිපිය ඉතා වැදගත් එකක් බව ද මහාචාර්ය කරුණාසේන හෙටිටිආරචිචි මහතා පැවසීය.

දැනට රජගලතැන්න පුදබිමෙන් ශීලා ලිපි 80 ක් පමණ සොයා ගෙන  ඇත.  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ  එම ශීලා ලිපි අනුරාධපුර යුගයට අයත් බවයි. ඒ ශීලා ලේඛන අතර ලෙන් ලිපි, පුවරු ලිපි ,ගිරි ලිපි,ටැමි ලිපි,ද තිබිණි.

ශී‍්‍ර ජයවර්ධනපුර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ වලදී සොයාගත් මෙම ලෙන් ලිපිය එක අකුරක් අඩියක් පමණ වීශාල අතර මෙම ශීලා ලිපිය අඩි 15 ක් පමණ දිගට ඇත.මෙම ශිලා ලිපිය කිස්තු වර්ෂ පළමුවැනි සියවසේ ලියැවුණු ශිලා ලිපියක් බවද මහාචාර්යවරයා පැවසීය.

එම ශිලා ලිපිය

ගමික යසොපල පුත ගමික මල් බරිය

ගමික වස ක්‍ෂිත උපාසික අනුරධිය සගස

එම ශිලා ලිපියේ තේරුම

‘ගමික යසෝපාලගේ පුත‍්‍ර ගමික මලිගේ බිරිද වුද ගමික වසගේ දියණිය වු උපාසිකා අනුරාධාගේ ( ලෙන) මෙම ශිලා ලේඛනය පොළව මටිටමේ සිට අඩි 20 ක් උඩින්   ගල් කටාරමට පහලින් සටහන් කර තිබේ.

මෙම ගවේෂණ වලදී ගලක් උඩ ගල් පතුරු වලින් බිත්ති සකස් කර එහි උඩට ගල් ලෑලී තබා සකස් කරන ලද සුවිශේෂ ගෙයක්ද හමුව ඇත. මෙම කුටිය භාවනා සදහා යොදා ගන්නට ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා පැවසීය.

මෙවැනි කුටි කීපයක් මෙම ස්ථානයේ තිබි ඇති අතර ඉන් කීපයක් කැඩී ගොස් එවායේ නටබුන් ඒ අවට තිබෙන බවද මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීය.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් මෙම ගවේෂණ ආරම්භ කිරීමෙන් පසුව අලූත් පුරාවිද්‍යා ස්ථාන 138 ක් සොයා ගෙන ඇත එම සොයා ගැනීමත් සමගම රජගලතැන්න පුදබිමේ පුරාවිද්‍යා ස්ථාන 700 සොයාගෙන ඇත.2019 වර්ෂය දක්වා මෙහි කැනීම් කටයුතු සිදුකරන බවද පැවසීය.

 



අදහස් (0)

රජගල තැන්නේ යටගියාව මතුවේ

සරත් Tuesday, 04 March 2014 07:50 PM

මේවා හමුදාවෙන් දාල හරි රැක ගන්න ඕනේ. නැතිනම් අයිති වාසිකම් කියන්න එනවනේ. ඊට එරෙහි උනහම මානව හිමිකමුත් යනවා . අපේ හිමිකම් අහිමි කරලා එයාලගේ සොරකම් රැකගන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 March 2014 08:48 PM

මේවා නිදන් හොරුන්ගෙන් බේරිලා තිබුන එකත් වාසනාවක්.(නදී)

:       0       0

සිසිර Tuesday, 04 March 2014 09:48 PM

අපේ උරුමය.(නදී)

:       0       0

සිල්වා Tuesday, 04 March 2014 10:09 PM

අපේ ඉතිහාසය දකින කොට කියාන බැරි තරම් සන්තෝසයක් හිතට දැනනවා.(දිල්)

:       0       0

චන්දරේ Tuesday, 04 March 2014 10:10 PM

වැඩේ හොදයි ඔය පලංචි වලට ගස් කපන්නේ නැතිව යකඩ බට පාවිචි කරන්න (දිල්)

:       0       0

සරත් ද කොස්තා Tuesday, 04 March 2014 11:09 PM

ඉතාමත් වටිනා ක්‍රියාවක් මම තුන් වරක් ගිහින් තියනවා රජ ගල ට (දිල්)

:       0       0

අසංක Tuesday, 04 March 2014 11:26 PM

කිරි ඉබ්බෝ කබර හුනෝ මකුළුවෝ විකුනන යක්කුන්ගෙන් ඕව බේරගන්න එක අපේ හමුදාවේ කොල්ලන්ට එල්.ටී.ටී.ඊ එකෙන් රට බෙරගන්නවට වැඩිය අමාරු වෙයි.(නදී)

:       0       0

ධම්ම Wednesday, 05 March 2014 12:05 AM

දන්නා කෙනෙක් මට කියන්න 'අම්පාර' ඉංග්‍රීසියෙන් ලියනකොට 'අම්පාරෙයි' වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම කල්මුනෙයි, අක්කරෙයිපත්තු එහෙම ලියන්නේ ඇයි කියලා. මට මගේ දෙමල යාලුවෙක් කිව්වා සීගිරිය හැදුවේ 'කාසියප්පා' රජ්ජුරුවෝ කියලා. එයාගේ මල්ලි 'මුගලන්' ඉන්දියාවට පැනල ගියේ නෑදෑයෝ හොයාගෙන කියලා. ධාතුසේනා,පියසේනා ආදිය දෙමල නම්ලු. (නදී)

:       0       0

රොචින් දි සොයිසා Wednesday, 05 March 2014 03:21 AM

ඇත්ත කවදාක්වත් බොරුවක් කරන්න බැ. අපේ උරුමය අපි රැකගමු.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 March 2014 05:18 AM

ආණ්ඩුවට සම්බන්ද එක පු.වි පණ්ඩිතයෙක් වරක් කියල තිබුනා ශ්‍රී ලංකාවේ ඇති නිධන් හොරු හාරන්න කලින් ආණ්ඩුවෙන් හාරලා ගොඩ දාන්න ඕනේ කියලා. ආණ්ඩුව විසින් රැක්ක කෞතුකාගාරයේ තිබු මිළ කළ නොහැකි කෞතුක භාණ්ඩ වලට සිදුවුණ දෙය මතකයිනේ.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 05 March 2014 06:24 AM

පුරාවිද්‍යා කැනීම් වලින් සොයාගන්න දේ ආරක්ෂා කරගන්න තමා ප්‍රහලිකාව.(නදී)

:       0       0

බණ්ඩාර කටුවිට Wednesday, 05 March 2014 09:46 AM

හරිම සුන්දරයි අපේ ඉතිහාසය රැකගන්න සැමදෙනාට ශක්තිය ලැබේවා (දිල්)

:       0       0

විජේ Friday, 07 October 2016 05:14 AM

ඇත්තටම ගොඩක් ආඩම්බරයි.මාත් රජගල නිසා.අපේ උරැමයන් රකින්න දායක වෙමු අපිත්. (ම)

:       0       0

ලක්සිරි Wednesday, 05 March 2014 02:21 PM

රජගල යනු මානව ශිෂ්ඨාචාරයේම වැදගත් සළකුණු සොයා ගත හැකි තැනක්(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 713 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1782 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2251 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5686 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1690 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6232 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18126 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site