(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ සභාපති ලෙසත් පත් කරනු ලැබ සිටිති.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බවයි.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පත් කරනු ලැබ සිටී. ඔහු රාජ්‍ය පරිපාලනය, විගණනය ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ආදායම් කළමනාකරණය සම්බන්ධයෙන් වසර විසිපහකට ආසන්න පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකි.
මේ අතර බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාද , භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස බුද්ධික පතිරණ මහතාද පත් කරනු ලැබ සිටිති.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජපක්ෂ දෙපළකට මුල් පුටු දෙකක්
Kumara Saturday, 11 March 2023 05:51 PM
යටකලිසමත් නැතුව පාරේ දුවන්න බොහෝම ළඟයි...
අබේගුණවර්ධන Saturday, 11 March 2023 07:12 PM
මට නම් අපේ ගමේ උපන් කොළඹ නාගරික මන්ත්‍රී දෙයියන්දර මහින්ද මතක්වුණා..
LallaSaturday, 11 March 2023 10:29 PM
කහඳගම පාඩම මතක්වෙනවා.....
Chathuri Saturday, 11 March 2023 06:14 PM
බලාගෙන. හයියෙන් අල්ලා ගන්න ඔය ගෞරවය... ළඟදීම... මයිනා දුන්නු පත්විම් සේරම අහොසි වෙයි. යන්නන් වාලේ පාසල් ගියා මිසක්. ඇටිකුකුලෝ තුන්දෙනාට ඉගෙනීම් තියෙනවද? ඒ වුණාට ඉඳගන්නේ ලොකු පුටුවල... නුඹලාට ඔය ලොකු පුටුදෙන ඔවුන්... නුඹලාටත් වැඩිය ගොබ්බයින්. ගොබ්බ රැල නිසානේ අද රට හිඟාකන්නේ. ඒකනේ ලැජ්ජාව කියන දේ දන්නේ නැත්තේ...
chinthana Saturday, 11 March 2023 06:42 PM
නියම ජෝඩුව. ලොකු තාත්තා තිස්සමහාරාමේ පොලිසියේ ට්‍රැෆික් රාලහාමි කාලේ ගංජා ලොරි වලින් හොඳට කප්පම් ගත්තා. පුතා ගැන කවුරුත් දන්නවනේ... හොර පෙරකදෝරුවා කිව්වාම. දැන් ඉතින් මේ ලබලා තියෙන්නේ මොවුන්ගේ බහින කලාවයි...
විපරමා Saturday, 11 March 2023 06:47 PM
මේ අයට දෙන්න තිබුනේ හොරකම්, වන්චා, දූෂණ පිළිබඳව සභාපතිකම්... හොර පෙරකදෝරුවා ඒ වගේ තනතුරකට තමා සුදුසු.. දූෂිත පවුල් පාලනේ ඔවුන්ට කොහේද ආචාර ධර්ම ගැන දැනුමක්.? රටම හොරාකාලා විනාශ කරපු දූෂිත බලලෝභියෝ?
sweneSaturday, 11 March 2023 10:01 PM
වරක් පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා එක්ක පැටලිලා එළියේදී බලා ගන්නම් කියල කියපු චමල්, දන්නා වරප්‍රසාද සහ ආචාර ධර්ම මොනවාද ?
පිටිගල මිලානෝ Saturday, 11 March 2023 07:05 PM
කකුළුවෝ ප්‍රීතියෙන් නටත් පිරිසිදු සිසිල් පැන් මුට්ටියේ...!
මැක්ස් Saturday, 11 March 2023 08:02 PM
ජවිපෙය හෝ සජබය අදහන අන්ධ භක්තික දායක වහලුන්ගේ ඉරිසියාකාර, වෛරී අදහස් කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ යනු හැකියාව ඇති තරුණ දේශපාලනඥයෙකි.
ලලිත් ගමගේSaturday, 11 March 2023 09:32 PM
අදාල කාලයේ අහන්න ලැබුන ආකාරයට ඒසී කාමරේක ස්මාර්ට් දුරකථන ඇතුව විභාගයට ලියන්න අවස්ථාව හදාගැනීමම දකෂකමක් තමයි ලංකාවෙ සියලු දරුවන්ට එම අවස්ථාව දෙන්නත් හැකිනම් ඒක ඇත්තම වෙනවා
චන්දිම ෆොන්සේකSunday, 12 March 2023 12:21 AM
ආච්චිගේ රෙද්ද තමා.
sachith Saturday, 11 March 2023 09:13 PM
ඡන්ද තියන්නේ නැතිව ඉතුරු කරගන්න සල්ලිවලට වෙන්න යන දේ හිතාගන්න පුළුවන්නේ....
ගමේ එකාලා Saturday, 11 March 2023 09:34 PM
මේ තනතුරු දෙන්ඩ වෙන කෙනෙක් හිටියෙම නැද්ද.? රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන්ට සබාපතිකම් දුන්නේ මොලේ හොන්ද නැති එවුන් වෙන්ඩැ .මේවට දෙකොනින්ම හිනා යනවා .
ලසන්ත Sunday, 12 March 2023 05:35 AM
කොහොම හරි ඊළඟ වතාවේත් මුන්දැලාම ආණ්ඩුව පිහිටුවන්න හොඳින්ම ඉඩක් තියෙනවා. ඔය පටන්ගත්තා විතරයි. ඡන්දය වෙලාවේ හැටනවයක් මොට්ටයින් කියාවි අපි නොදන්නා යාලුවන්ට වඩා දන්නා කොටියා (යක්ෂයා) හොඳයි කියලා... ඔවුන්ටම දේවි ඇගිලි අත්සන තියන මෝඩයින් වුණත් මැතිවරණ අවස්ථාවේ ඡන්දය දෙනවා නේද?
Malika Sunday, 12 March 2023 09:14 AM
මෙන්න මේ හොරකම් කරපු රජ පැටවුන්ට ආතක් පාතක් නැතිවෙන හින්දා තමයි ඡන්ද නොපවත්වන්නේ. මොවුන්ට මේ හොර ආණ්ඩුව තියනකම් හොඳයි. දැන් ඉන්න ජනාධිපතිගේ ඩිල්එක හොර තක්කඩියට වයස හරි යනකම් බලයේ රැඳී සිටීමයි. ඡන්ද නොතියන්නේ මුදල් නැති නිසා නොවේ. පරදිනවාට බයේ. මහනුවර වැඩකට නැති පෙරහැරක් තියාගෙන ලාංඡනයට වැඳගෙන හිටපු ජනාධිපතිට ඒ පෙරහැරට කෝටි ගාණක් වියදම් කරන්න මුදල් ලබාගත්තේ කොහොමද? දැන් මට කියයි ජෙප්පෙක් කියලා. අපෝ නෑ. නමුත් සාධාරණව හිතන කෙනෙක්...
Perera Sunday, 12 March 2023 09:49 AM
පුටු දෙකෙන් මේ අයව උස්සලා පොළවේ ගහන්න ඕනෑ.. පරයින්..
Dharmatileke Sunday, 12 March 2023 09:55 AM
මුල් පුටු නෙවෙයි, බංකුවක් දුන්නත් ගනියි.
බටලන්දේ Sunday, 12 March 2023 09:58 AM
මේවාට පුදුම වෙන්න දෙයක් නැහැ.. පිනා ආවේ රාජපක්ෂලාව ගොඩදාන්න තමයි...
mp Sunday, 12 March 2023 10:33 AM
මන්ද බුද්ධිකයින්ට විලිලැජ්ජාවක් නැති බව නොදන්නේද...?
fairoos Sunday, 12 March 2023 12:45 PM
මේවා දාන්න දෙයියෝ සාක්කි එකේ... කාලකණ්ණි එකතු වෙලා රට කෑවා...
Rata Perata Sunday, 12 March 2023 02:00 PM
තවමත් රනිල් වන්දනාවේ යන අපතයින් තේරුම් ගත්තොත් හොඳයි. රනිල් කියන්නේ රාජපක්ෂගේ රූකඩයක් විතරයි කියලා... බොහොමයක් අය ඔහොම තමයි...