(සුජිත් හේවාජුලිගේ)

තීරණාත්මක ඩිජිටල් පද්ධති සහිත තෝරාගත් රාජ්‍ය ආයතන 12ක් ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතියට එක් කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරත්න මහතා පවසයි.

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත රාජ්‍ය ආයතන 37ක් සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම වැඩපිළිවෙල  ක්‍රියාත්මක වන බවද  ඔහු සඳහන් කළේය.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය  එම මෙහෙයුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.