IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතන ගැන සොයන විශේෂ කාරක සභාවට සාමාජිකයෝ පත් කැරෙති

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශයන්හි විෂය පථයන්ට නොගැනෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා සමාජික මන්ත්‍රීවරු පස් දෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි , පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් යන අය වෙති.

කතානායකවරයා මෙම සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය පාර්ලිමේන්තුවට අද (7) ඉදිරිපත් කළේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරි සතියේදී රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විශේෂ කාරක සභාව පත්කරනු ලැබ ඇත්තේ අගමැතිවරයාගේ යෝජනාවක් අනුවය.

 



අදහස් (7)

රාජ්‍ය ආයතන ගැන සොයන විශේෂ කාරක සභාවට සාමාජිකයෝ පත් කැරෙති

Jcn Tuesday, 07 September 2021 04:34 PM

ජොන්ස්ටන් ප්‍රනාන්දු මේකෙ ඉන්නම ඕන විද්වතෙක්.. ආඩම්බරයි ලක් මෑණියේ..!!

:       0       13

Ruhunu Tuesday, 07 September 2021 04:35 PM

මරු ඩයල් ටික....

:       0       12

Don perera Tuesday, 07 September 2021 06:45 PM

ඔතන නියම කෙනො ජොන්ස්ටන්

:       0       11

premeTuesday, 07 September 2021 09:08 PM

ඒ තරම් වැඩ කාරයෙක්ද.?

:       0       5

gampila Tuesday, 07 September 2021 07:24 PM

හොරුන්ගෙත් හොරු කම්බාහොරු කිව්වලු

:       0       10

Sriland Tuesday, 07 September 2021 07:36 PM

පුද්ගලික ආයතන ගැන හොයන්නේ වෙන කට්ටියක්ද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...

:       0       10

සාමාන්‍ය දැනීම Tuesday, 07 September 2021 09:53 PM

මෙවැනි හොඳ දේ අගයන්න ඕනි. හැබැයි කොමිටියෙ කට්ටියට වැඩ බලන්න දැනුම තියනවා කියලා විශ්වාසද? රජයේ අවම රැකියා තලය වන පියන්, වැසිකිලි පවිත්‍ර කරන්නා, පිරිසිඳු කරන්නා වගේ තනතුරු අධීක්ෂණයට වුනත් අට පාස් අයව දාන්න එපා. මොකද එයාල අතරත් සාමාන්‍ය පෙළ සමත් අය ඉන්න පුලුවනි. අනෙක් තානාන්තර අධීක්ෂණයට අනිවාර්යයෙන් ඒ හා ගැලපෙන හෝ ඒ අභිභවා අධ්‍යාපනය අවශ්‍යවන බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1667 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2829 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1195 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 984 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1409 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 655 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site