IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රාජ්‍ය ආයතන වැවිලි සමාගම් 10ක් අර්ථසාධකේට පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අර්ධ රාජ්‍ය ආයතන    සහ ප්‍රාදේශීය වැවිලි සමාගම්  දහයකට ආසන්න සංඛ්‍යාවක්  සේවක අර්ථසාධක අරමුදලට දායකත්ව මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි  කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු  විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.

සේවක අර්ථසාධක අරමුදලට ප්‍රධාන වැවිලි සමාගම් තුනෙන් පමණක් රුපියල්  කෝටි 50 කට වැඩි මුදලක් අයවීමට ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

මේ  අනුව ඒ  සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම අර්ධ රාජ්‍ය ආයතන  සහ වැවිලි සමාගම්වල  ප්‍රධානීන් කැඳවීමට ඒ කාරක සභාව තීරණය කළේය.

මේ අතර සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර ඇති ආයතන සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම කමිටුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර්  අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය 23 වැනිදා රැස්විය. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

සේවක අර්ථසාධක අරමුදල අයදුම්කරුවන්ට ප්‍රතිලාභ තැන්පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් ගැන කමිටුව අප්‍රසාදය පළ කළේය.

සේවක අර්ථසාධක අරමුදල ඇත්තේ ජනතාවගේ මුදල් බැවින් ඒ මුදල් කිසිදු කරදරයකින් තොරව ලබා ගැනීමට සුමට සහ කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා ෆයිසල් කාසීම්, මිලාන් ජයතිලක සමන්ප්‍රිය හෙරත්, වී රාධක්‍රිෂ්ණන්, වඩිවෙල් සුරේෂ්, එස්  වේලුකුමාර්, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුද  සහභාගීවූහ.



අදහස් (0)

රාජ්‍ය ආයතන වැවිලි සමාගම් 10ක් අර්ථසාධකේට පොලු තියලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 594 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1898 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1488 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1448 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 938 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 727 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25645 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site