IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රාජ්‍ය ආයතනයකින් සිමෙන්තියට කෝටි 15ක පොල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා සිමෙන්ති  සංස්ථාවට අයත් කන්කසන්තුරේ  තෙල් ටැංකි දෙක සහ නළ  පද්ධතිය  පරිහරණය කළ රාජ්‍ය ආයතනයක්  ඒ වෙනුවෙන් එම සංස්ථාවට ගෙවිය යුතු රුපියල්  කෝටි 15 කට වැඩි ගාස්තුවක් ගෙවීම පැහැර හැර ඇතැයි  විශේෂ විගණන  වාර්තාවක සඳහන් වේ.

එසේම සංස්ථාවේ  කළමනාකාරිත්වය එම ගාස්තු අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද එහි දැක්වේ.

විගණන වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම තෙල් ටැංකි දෙක සහ නළ පද්ධතිය ඒ රාජ්‍ය ආයතනයට  පරිහරණය සඳහා ලබාදී ඇත්තේ ලිඛිත ගිවිසුමකට එළඹීමකින් තොරවය.

රේඛීය අමාත්‍යාංශයේ දී 2019 වර්ෂයේ සැප්තැම්බර් 9  වෙනිදා පැවති රැස්වීමකදී  මේ සඳහා ගාස්තු ගෙවිය යුතු බවට නිගමනය කර  ගෙවීම් කරන ලෙස  අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබූ නමුත් සංස්ථාව සතු හෙක්ටයාර්  24281ක්වූ මෙම ඉඩම 2019 පෙබරවාරි 8 දින අංක 2110 දරන රජයේ ගැසට් පත්‍රයකින්  වාණිජ කටයුත්තක් සඳහා රාජ්‍ය ආයතනයකට වෙත බදු දීමට ක්‍රියා කරන බව නිවේදනය  කෙරුණු බව  වාර්තාවේ දැක්වේ.

එම  ගැසට් නිවේදනය නිකුත් කර වසරකට වැඩි කාලයක් ගත වී තිබුණද මෙම ඉඩම පැවරීමේ ගැටලුව නිරවුල් කර ගැනීමට කළමණාකාරීත්වය කටයුතු කර නොතිබූ බව විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (0)

රාජ්‍ය ආයතනයකින් සිමෙන්තියට කෝටි 15ක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 924 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2086 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1605 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1556 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1024 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 766 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25686 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site