රජයේ ඉඩම්වල පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව සතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළේය.
රජයේ ඉඩම් සංශෝධනයේ ව්‍යවස්ථාපිත රෙගුලාසි යටතේ ලැබී ඇති සීමිත බලතල කිහිපයක් පමණක් පළාත් සභා සතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ථීණය කරනු ලැබුවේ රජයේ ඉඩම් සම්බන්ධ කරනුවලදී පළාත්බද මහාධිකරණයට තීරණ ගත හැකි බවට අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවකට එරෙහිව ඇපෑලක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
රාගල වතුයායේ වතු අධිකාරීවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ වැවිලි උපදේශක එස් සී කේ ද අල්විස් මහතා සහ නීතිපතිවරයා විනිස් ගොනු කර තිබූ මෙම ඇපෑලහි පෙත්සම්කාර වගඋත්තරකරු වශයෙන් රාගල සමාෆෝර්ස් වතුයායේ සෙල්ලමුත්තු රාසු මහතා නම් කර ඇත.
මේ පිළිබඳ අගවිනිසුරු මොහාන් පීරිස්, කේ ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීගේ එකඟත්වයෙන් වෙන වෙනම නඩු තීන්දු තුනක් ප්‍රකාශයට පත් කර ඇත.
විනිසුරුවරුන් තිදෙනා ඒකමතිකව අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතත් අදාළ ප්‍රස්තුත පිළිබඳ එකිනෙකට වෙනස් දෘෂ්ඨිකෝනවලින් විග්‍රහ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා විදියට තේසවාලමේ නීතිය කියලා නීතියක් රටේ නැහැ.ඒක ස්වයංව උතුරේ ද්‍රවිඩ ජනයා ක්‍රියාත්මක කරන යම් ක්‍රියාපටිපාටියක්.කොහොම වුණත් මේ තීන්දුව එක් හිසරදයක අවසානයක්.ඒත් තව හිසරදයක් තියෙනවා. කොහොම වුණත් ශිරාණි මැඩම් හිටියා නම් මේ තීන්දුව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නත් තිබුණා. (නි)
ලන්දේසි තේසවලාමේ නීතිය නීති ගත කරනකොට කියල තියෙනවා ඒ නීතිය දකුණු ඉන්දියාවේ කොරමන්දල වෙරල තීරයෙන් පැමිණි මාලාබර් ජාතිකයන්ට ඒක අදාල වෙනවා කියලා. ඒ කියන්නේ මේ ගොල්ලන් ඔක්කොම ඉන්දියාවෙන් ආපු අය.අපි නෙවෙය් කියන්නේ සුද්දෝ.(අ)
ලන්දේසි තේසවලාමේ නීතිය නීති ගත කරනකොට කියල තියෙනවා ඒ නීතිය අදාලවෙන්නේ දකුණු ඉන්දියාවේ කොරමන්දල වෙරල තීරයෙන් පැමිණි මාලාබර් ජාතිකයන්ට ඒක අදාල වෙනවා කියලා. ඒ කියන්නේ මේ ගොල්ලන් ඔක්කොම ඉන්දියාවෙන් ආපු අය.(නදී)
පළාත් සභාවට තිබෙන සීමිත බලතල යටතේ, පළාතේ ඉඩම් පළාතේ ජනතාවටයි කියමින් දෙමළ බස කතා කරන දෙගොල්ලම, උතුරු සහ නැගෙනහිර පළාත් ඒ ගොල්ලන්ටම හිමි කර ගනිමින්, සිංහලයන් වැඩි දෙනෙකු දුප්පතුන් බැවින් දිවයිනෙහි ඉතිරි පළාතුත් මුදල් බලයෙන් ඒ ගොල්ලෝම හිමි කර ගනිවිද?දැනට සිදුවන්නේද එයයි.බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඡන්ද කතිරයට ඇති කෑදරකම නිසා සිංහලයාගේ අයිතිය ගැන කතා කරන්නේ නැහැනේ. (ස)
බන්දුල පෙරේරාගේ කතාව ටිකක් පිළිගන්න බෑ. මොකද තේසවලාමේ නීතිය මම ඉගනගෙන තියනවා "ව්‍යාපාර නීතිය" කියන විෂය යටතේ. එතකොට එක නීතියක් නෙමෙයි නම් "ව්‍යාපාර නීතිය" විෂය යටතේ උගන්නන්නේ කොහොමද? දන්නා කෙනෙක් ටිකක් විස්තර කරන්න පුළුවන් නම් වටිනවා. "දෙයියෝ සාක්කි" එකේ විහිලු කර ගන්නවා වගේම මේ වගේ වැදගත් දේවල් වලටත් අදහස් දාන්න අපිට මොනවා හරි ඉගනගන්න. (ස)
දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි තැන පහළට ගොස්ද?(නි)
මම අහගෙන එක් තරා ගුවන් විදුලියක ඔය විනිසුරු තුමෙක්ම කියනවා උතුරේ නව මහා ඇමති කල් යල් බලලා දුර්වල අවස්ථාවකදී නීතියෙන් රිංගලා බලතල ලබගනීවේ කියලා. නව මහා ඇමති තුමා හොදින් නීතිය ගැන දන්නවා කීවා. කොහොම උනත් හොද තීන්දුවක්. පොලිස් බලතලත් මොන ක්‍රමයකින් හරි සීමා කලොත් ටිකක් සහනයක්.(නදී)
විඥා කිව්වලු ප්‍රධානියා උනාම 3/4 ලැබුනම ඒ පැත්තේ අයතිය පළාතේ ප්‍රධානායාටයි අත තිව්වොත් ප්‍රබා අරන් එනවා කියල?(නදී)
දුමින්ද ගේ ප්‍රශ්නයේ ලොකු තේරුමක් තියෙනවා. නඩු තීන්දුව හරි. නමුත් ඒකෙන් වාසිය සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ. (නි)
බොහොම හරි (නි)
රන් අකුරෙන් ලියැවෙන තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉමහත් ගෞරවයෙන් හිස නමා ආචාර කරමි (නි).
ව්‍යවස්ථාවේ තිබෙන නීතියක් කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නවත්වන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
ඉතාම කාලෝචිත තීන්දුවක්.පොලිස් බලතලද ඇත්තේ මධ්‍යම ආණ්ඩුවට පමණි (නි)
එක තමයි පොතේ හැටි. ඒ වුනට මන්ත්‍රී ගොල්ල කොල්ලකන්නේ ආණ්ඩුවේ ඉඩම්. ඒකට මොකක්ද කොරන්නේ.?(නදී)
කාලෝචිත වුත් ඉතා අනගිවුත් තීන්දුවකි. (නි)
අන්තවාදී රට බෙදන්නෝ බන්ග වේවා.(නදී)
සාධාරණ සහ යුක්ති ගරුක තීන්දුවක්. එලෙසින්ම ක්‍රියාත්මක වේවා!(නදී)
මෙම තීන්දුව බොහෝ කලකට පෙර ගන්න තිබුනේ. (නි)
අන්න කලකින් ගත් නිවැරදි තීරණයක් (නි)
එතකොට මහා ආණ්ඩුවේ ඉඩම් අයිති තමිල්නාඩුවට නෙමෙයි නේ? තේසවලාමේ මේ පුංචි රටට හරියන්නෙ නැහැ. (නි)
මේ තීන්දුව මේ වෙලාවේ ගොඩක් වැදගත්. තේසවලාමේ නීතියත් අවලංගු කළ යුතුයි (නි)
තේසවලාමේ නීතියත් අවලංගු කළ යුතුයි.දමිළයන්ට කොළඹ ඉඩම් ගන්න පුළුවන් නම් අනිත් ජාතීන්ට මොකද උතුරේ ඉඩම් ගන්න බැරි. (නි)
පළාත්බද මහා අධිකරණ වලට රජයේ ඉඩම් සම්බන්ධව තීරණ ගැනීම අහෝසි කිරීම කාලයට උචිත හොද තීරණයකි (නි)
මේ තීන්දුව මේ වෙලාවේ ගොඩක් වැදගත් පළාත් සබා සමග දුවන රටකට (නි)