IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රජයේ ඉඩම් මහ ආණ්ඩුවටයි

රජයේ ඉඩම්වල පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව සතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළේය.

රජයේ ඉඩම් සංශෝධනයේ ව්‍යවස්ථාපිත රෙගුලාසි යටතේ ලැබී ඇති සීමිත බලතල කිහිපයක් පමණක් පළාත් සභා සතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ථීණය කරනු ලැබුවේ රජයේ ඉඩම් සම්බන්ධ කරනුවලදී පළාත්බද මහාධිකරණයට තීරණ ගත හැකි බවට අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවකට එරෙහිව ඇපෑලක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

රාගල වතුයායේ වතු අධිකාරීවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ වැවිලි උපදේශක එස් සී කේ ද අල්විස් මහතා සහ නීතිපතිවරයා විනිස් ගොනු කර තිබූ මෙම ඇපෑලහි පෙත්සම්කාර වගඋත්තරකරු වශයෙන් රාගල සමාෆෝර්ස් වතුයායේ සෙල්ලමුත්තු රාසු මහතා නම් කර ඇත.

මේ පිළිබඳ අගවිනිසුරු මොහාන් පීරිස්, කේ ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර මහත්ම මහත්මීගේ එකඟත්වයෙන් වෙන වෙනම නඩු තීන්දු තුනක් ප්‍රකාශයට පත් කර ඇත.

විනිසුරුවරුන් තිදෙනා  ඒකමතිකව අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතත් අදාළ ප්‍රස්තුත පිළිබඳ එකිනෙකට වෙනස් දෘෂ්ඨිකෝනවලින් විග්‍රහ කර තිබේ.



අදහස් (0)

රජයේ ඉඩම් මහ ආණ්ඩුවටයි

සීල Thursday, 26 September 2013 10:14 PM

එක තමයි පොතේ හැටි. ඒ වුනට මන්ත්‍රී ගොල්ල කොල්ලකන්නේ ආණ්ඩුවේ ඉඩම්. ඒකට මොකක්ද කොරන්නේ.?(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 26 September 2013 10:47 PM

මම දන්නා විදියට තේසවාලමේ නීතිය කියලා නීතියක් රටේ නැහැ.ඒක ස්වයංව උතුරේ ද්‍රවිඩ ජනයා ක්‍රියාත්මක කරන යම් ක්‍රියාපටිපාටියක්.කොහොම වුණත් මේ තීන්දුව එක් හිසරදයක අවසානයක්.ඒත් තව හිසරදයක් තියෙනවා. කොහොම වුණත් ශිරාණි මැඩම් හිටියා නම් මේ තීන්දුව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නත් තිබුණා. (නි)

:       0       0

ජේමිස් Friday, 27 September 2013 02:05 AM

ව්‍යවස්ථාවේ තිබෙන නීතියක් කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නවත්වන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

උපාලි Friday, 27 September 2013 02:12 AM

රන් අකුරෙන් ලියැවෙන තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉමහත් ගෞරවයෙන් හිස නමා ආචාර කරමි (නි).

:       0       0

කුමාරන Thursday, 26 September 2013 05:35 PM

ඉතාම කාලෝචිත තීන්දුවක්.පොලිස් බලතලද ඇත්තේ මධ්‍යම ආණ්ඩුවට පමණි (නි)

:       0       0

මෙරිල් Friday, 27 September 2013 03:46 AM

බොහොම හරි (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Friday, 27 September 2013 12:01 PM

බන්දුල පෙරේරාගේ කතාව ටිකක් පිළිගන්න බෑ. මොකද තේසවලාමේ නීතිය මම ඉගනගෙන තියනවා "ව්‍යාපාර නීතිය" කියන විෂය යටතේ. එතකොට එක නීතියක් නෙමෙයි නම් "ව්‍යාපාර නීතිය" විෂය යටතේ උගන්නන්නේ කොහොමද? දන්නා කෙනෙක් ටිකක් විස්තර කරන්න පුළුවන් නම් වටිනවා. "දෙයියෝ සාක්කි" එකේ විහිලු කර ගන්නවා වගේම මේ වගේ වැදගත් දේවල් වලටත් අදහස් දාන්න අපිට මොනවා හරි ඉගනගන්න. (ස)

:       0       0

සත්‍යයා Friday, 27 September 2013 04:28 AM

දුමින්ද ගේ ප්‍රශ්නයේ ලොකු තේරුමක් තියෙනවා. නඩු තීන්දුව හරි. නමුත් ඒකෙන් වාසිය සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

මගරී Saturday, 28 September 2013 05:50 PM

ලන්දේසි තේසවලාමේ නීතිය නීති ගත කරනකොට කියල තියෙනවා ඒ නීතිය අදාලවෙන්නේ දකුණු ඉන්දියාවේ කොරමන්දල වෙරල තීරයෙන් පැමිණි මාලාබර් ජාතිකයන්ට ඒක අදාල වෙනවා කියලා. ඒ කියන්නේ මේ ගොල්ලන් ඔක්කොම ඉන්දියාවෙන් ආපු අය.(නදී)

:       0       0

රාමා Thursday, 26 September 2013 06:34 PM

මේ තීන්දුව මේ වෙලාවේ ගොඩක් වැදගත් පළාත් සබා සමග දුවන රටකට (නි)

:       0       0

මගැරි Saturday, 28 September 2013 06:08 PM

ලන්දේසි තේසවලාමේ නීතිය නීති ගත කරනකොට කියල තියෙනවා ඒ නීතිය දකුණු ඉන්දියාවේ කොරමන්දල වෙරල තීරයෙන් පැමිණි මාලාබර් ජාතිකයන්ට ඒක අදාල වෙනවා කියලා. ඒ කියන්නේ මේ ගොල්ලන් ඔක්කොම ඉන්දියාවෙන් ආපු අය.අපි නෙවෙය් කියන්නේ සුද්දෝ.(අ)

:       0       0

එදිරිසිංහ Thursday, 26 September 2013 06:39 PM

පළාත්බද මහා අධිකරණ වලට රජයේ ඉඩම් සම්බන්ධව තීරණ ගැනීම අහෝසි කිරීම කාලයට උචිත හොද තීරණයකි (නි)

:       0       0

ශාන් Thursday, 26 September 2013 06:46 PM

තේසවලාමේ නීතියත් අවලංගු කළ යුතුයි.දමිළයන්ට කොළඹ ඉඩම් ගන්න පුළුවන් නම් අනිත් ජාතීන්ට මොකද උතුරේ ඉඩම් ගන්න බැරි. (නි)

:       0       0

හේරත් Friday, 27 September 2013 07:28 AM

විඥා කිව්වලු ප්‍රධානියා උනාම 3/4 ලැබුනම ඒ පැත්තේ අයතිය පළාතේ ප්‍රධානායාටයි අත තිව්වොත් ප්‍රබා අරන් එනවා කියල?(නදී)

:       0       0

ඉදුනිල් Thursday, 26 September 2013 07:18 PM

මේ තීන්දුව මේ වෙලාවේ ගොඩක් වැදගත්. තේසවලාමේ නීතියත් අවලංගු කළ යුතුයි (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 07:23 PM

එතකොට මහා ආණ්ඩුවේ ඉඩම් අයිති තමිල්නාඩුවට නෙමෙයි නේ? තේසවලාමේ මේ පුංචි රටට හරියන්නෙ නැහැ. (නි)

:       0       0

රානාස් Friday, 27 September 2013 08:18 AM

මම අහගෙන එක් තරා ගුවන් විදුලියක ඔය විනිසුරු තුමෙක්ම කියනවා උතුරේ නව මහා ඇමති කල් යල් බලලා දුර්වල අවස්ථාවකදී නීතියෙන් රිංගලා බලතල ලබගනීවේ කියලා. නව මහා ඇමති තුමා හොදින් නීතිය ගැන දන්නවා කීවා. කොහොම උනත් හොද තීන්දුවක්. පොලිස් බලතලත් මොන ක්‍රමයකින් හරි සීමා කලොත් ටිකක් සහනයක්.(නදී)

:       0       0

සිල්වා Thursday, 26 September 2013 07:49 PM

අන්න කලකින් ගත් නිවැරදි තීරණයක් (නි)

:       0       0

දුමින්ද Thursday, 26 September 2013 07:58 PM

මෙම තීන්දුව බොහෝ කලකට පෙර ගන්න තිබුනේ. (නි)

:       0       0

අජිත් කරැණාරත්න Thursday, 26 September 2013 08:18 PM

සාධාරණ සහ යුක්ති ගරුක තීන්දුවක්. එලෙසින්ම ක්‍රියාත්මක වේවා!(නදී)

:       0       0

සෙල්වරත්නම් Thursday, 26 September 2013 08:25 PM

අන්තවාදී රට බෙදන්නෝ බන්ග වේවා.(නදී)

:       0       0

නිමල්ලාලිත Friday, 27 September 2013 02:54 PM

පළාත් සභාවට තිබෙන සීමිත බලතල යටතේ, පළාතේ ඉඩම් පළාතේ ජනතාවටයි කියමින් දෙමළ බස කතා කරන දෙගොල්ලම, උතුරු සහ නැගෙනහිර පළාත් ඒ ගොල්ලන්ටම හිමි කර ගනිමින්, සිංහලයන් වැඩි දෙනෙකු දුප්පතුන් බැවින් දිවයිනෙහි ඉතිරි පළාතුත් මුදල් බලයෙන් ඒ ගොල්ලෝම හිමි කර ගනිවිද?දැනට සිදුවන්නේද එයයි.බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඡන්ද කතිරයට ඇති කෑදරකම නිසා සිංහලයාගේ අයිතිය ගැන කතා කරන්නේ නැහැනේ. (ස)

:       0       0

සදුනි Thursday, 26 September 2013 09:09 PM

කාලෝචිත වුත් ඉතා අනගිවුත් තීන්දුවකි. (නි)

:       0       0

නිලු Friday, 27 September 2013 09:55 AM

දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි තැන පහළට ගොස්ද?(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 164 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 710 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 794 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 793 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 902 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1010 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23481 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23089 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site