උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් සහිත නිවාස සහ ප්‍රදේශවලින් ඉවත්ව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගොස් රජයේ ආපදා කළමනාකරණ වැඩසටහනට උපරිම සහාය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
‘ආපදා කළමනාකරණ අමාත්‍යවරයාත් නීතිය හා සමාය අමාත්‍යවරයාත් මමත් හානියට පත්වූ ප්‍රදේශවල ගුවනින් ගොස් නිරීක්ෂණයක් කළා. අප එය නිරීක්ෂණය කළේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව වටහා ගැනීමටයි. 1975 වසරේ සිට මා මේ ප්‍රදේශවල ගංවතුර දැක තිබෙනවා. විපතට පත්වූවන්ට සහන සැලසීමට සහභාගිවී තිබෙනවා. මෙවර ගංවතුරේදී වෙනත් අවස්ථාවලට වඩා විශාල ප්‍රදේශයක් ගංවතුරට යටවී තිබෙන ආකාරය දැකගන්නට හැකි වුණා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. වර්ෂාව නතර වේ යැයි බොහෝ අය බලාපොරොත්තු වුණා. නමුත් මාලදිවයිනේ සිට වැහි වලාකුළු ශ්‍රී ලංකාව කරා පැමිණීමට පටන්ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. සිකුරාදා (20) සිට ආපදාවට ලක්වූ ප්‍රදේශවල ආරක්ෂාව ශක්තිමත් කිරීමට අප පියවර ගන්නවා. ප්‍රදේශවල සහන සේවා කටයුතු සිදු කරනවා මෙන්ම ආරක්ෂාව තහවුරු කර ප්‍රදේශවාසීන්ගේ දේපළ සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරනවා.‘ යැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ මහා පාපයක් නිසා මුහුද ගොඩ ගැලුවා. අද වැට් බදු කියන පාපය නිසා විශාල ජල ගංගාවක් කඩා වැටිලා. ඉක්මනින් වැට් බදු ඉවත් කරන්න. (නි)
රාජා භවතු ධම්මිකෝ... (නි)
අපේ රටේ මිනිස්සු පුදුමේ කියන්නේ මේ අදහස් දාන්නෙත් පක්ෂ වලට බෙදිලා හදවතට එකඟව නොවේ. අදහසක් දන්න බැරිතරම් මිනිස්සු කුහක වෙලා (නි)
සාමාන්‍ය ජනතාව නම් හොදටම ධාර්මික වෙලා ඉන්නේ. දේශපාලකයන් නම් බලය ලැබුනම ධාර්මික ගතිය නැති කරගන්නවා (නි)
මේ තරම් වහින්න අහසේ වතුර කොහෙන්ද කියලා හොයලා බලන්න වෙනවා. (නි)
මෙහෙම රටක ඉපදුනු අපි අවාසනාවන්තයෝ කියලා හිතෙනවා (නි)
මේ වගේ ස්වාභාවික විපත් සිදුවෙන්න රටක් හැටියට අපි ධාර්මික නොවීමත් බලපානවා (නි)
නිමල් හරි. බඩේ බත් නැති ජනතාවකට, රස්සාවක් හොයාගන්න දුරකථන ඇමතුමක් දෙනකොට එකෙනුත් බදු ගන්න රටකට දෙවියන්ගෙන් ගැළවීමක් නැහැ. මන්ත්‍රීලට නම් ලක්ෂ 200 වාහන. (නි)
දේශපාලකයන්ට වාහන ගන්න වෙන්කළ සල්ලි වලින් මේ මිනිසුන්ට උදවු කළා නම් නරකද? (නි)
අගමැතිතුමනි, මේ ගැනත් ටිකක් හිතා බලන්න. බදු තව ටිකක් වැඩිකර බඩු මිලත් තව ඉහළ දැම්මොත් ඒ ලැබෙන ආදායමෙන් මේ ජනතාවට සහන සැළසිය හැක. (නි)
අද දකින හෙට - රටේ හෙට දවස...? (නි)
අපොයි ඔව්. අනිත් පොරොන්දු වගේම වෙයිද දන්නෙ නැහැ මේකත්. (නි)
ආපදා කළමනාකරණයට සහය දෙන්න ඕනෑ විපතටපත් වූ මිනිසා නොව ජනතාව විපතට පත්කළ මිනිසායි. පරිසර හානියට සෘජු දායකත්වයක් හැමදාමත් දුන්නේ දේශපාලුවන්ගේ නෑදෑ හිතවතුන්. පරිසරය ආරක්ෂා කරනවා වෙනුවට කැළෑ පාලුවන් රැකි අයට නිසි දඬුවම් ලබා දුන්නේ නම් මේ විපත් බොහොමයක් වළකාගන්න තිබුනා. විපතට පත් ජනතාව අසරණයි. (නි)
එකිනෙකාට බොරුකීමයි, බොරු කිරීමයි, හොරු ආරක්ෂා කිරීමයි නවතා පොරොන්දු වූ පරිදි වැඩ කරන්න. අධ්‍යාත්මික දියුණුව ඇතිකරන්න. නැත්නම් ඉස්සරහට තවත් ස්වභාවික විපත් ඇතිවනු නියතයි. (නි)
මීට වැඩිය ප්‍රායෝගික උත්තර අපි ඔබෙන් අපේක්ෂා කළා. රජය මහජනයාට වඩා අනාථ වෙලා කියලයි මිනිස්සු දැන් කියන්නේ. කණගාටුයි. (නි)
‘රජය කළහැකි හැමදෙයක්ම කරනවා‘ නෙමෙයි අගමැතිතුමනි, කළයුතුයි. (නි)
කටින් බතල කොළ එපා ..(බ)
මින්සුන්ට සීතල කාමර ඇතුලේ ඉදන් උදව් කරන්න බෑ. එලියට ඇවිත් බලන්න. ඔයාලට ජන්දේ දුන්නු අයට මොකද වුනේ කියලා. (බ)
කාලගුණ තත්වය මෙසේ බරපතලවීමට හේතුව සොයා බලන්න. රාජපක්ෂ රෙජීමයේ වැඩක් කියලා කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ (නි)