IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘රජය බැඳුම්කර සිද්ධිය වසන් කරනවා‘ - ජී.එල් පීරිස්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද පරස්පර ප්‍රකාශ වලින් ආණ්ඩුව පොදු එකඟතාවකින් කටයුතු කරන්නේ දැයි සැකයක් මතුව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (6)  ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක දී  පැවැසීය.

විෂමතාවක් හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කළා නම් ඔහුත්, ඔහු පත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය ඉදිරියට පැමිණ විය යුතු බව ඔහු කීවේය.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා මෙසේ පැවැසීය.

‘අද රට ආරාජික තත්ත්වයකට පත්වෙලා. අද රට යහපාලනය නෙවෙයි කිසිදු පාලනයක් නැති රටක් බවට පත්වෙලා. අද රටේ ආණ්ඩුවක් නැහැ. රහස්‍යභාවය කියන සංකල්පය වංචාකාරී ලෙස භාවිත කරනවා. බැඳුම්කර සිදුවීමේදී කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රහස්‍ය තොරතුරු බව පවසමින් කරුණු සඟවන්න උත්සාහ කරනවා. රහස්‍යභාවය කියන සංකල්පය භාවිත කරමින් මේ කරුණු සඟවන්න උත්සාහ කරනවා. එම නිසා මෙම කරුණු අනාවරණය කරමින් මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය සුරක්ෂිත කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කළ යුතුයි.’ ජී.එල් පීරිස් මහතා  සඳහන් කළේය.

  

 

 



අදහස් (0)

‘රජය බැඳුම්කර සිද්ධිය වසන් කරනවා‘ - ජී.එල් පීරිස්

ශාන්ත Thursday, 07 July 2016 12:12 AM

මතකද අර හෙජින් ගනුදෙනුව? ඒකත් හංගලා නරක පූර්වාදර්ශයක් දුන්නේ (නි)

:       0       0

ශක්ති Thursday, 07 July 2016 12:52 AM

බලය නැතිවෙනකොට කෙඳිරිගානවා. තමන්ගේ උගත්කමත් අමතක වෙනවා. 2010 වසරේ සිට බැඳුම්කර, විදේශ ආයෝජන ගැන පරීක්ෂණ අවශ්‍යයි. (නි)

:       0       0

මංගල වේලාරත්න Thursday, 07 July 2016 12:59 AM

විපක්ෂය කියාගන්න පිරිසට සියලුම දේවල් වැරදියටම පෙනීමට බෙහෙත් නැහැ (නි)

:       0       0

හිමාල් Thursday, 07 July 2016 03:15 AM

අර එතකොට ග්‍රීසියේ බැඳුම්කර ප්‍රශ්නයට මොකද වුණේ? (නි)

:       0       0

මංගල වේලාරත්න Thursday, 07 July 2016 04:03 AM

ශාන්ත හෙජින් විතරක්ද ග්‍රීසිය බන්කොළොත් වෙනවිට ආයෝජනය ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් ගැනීම ඒවා මතක නැති බංකොලොත් අය (බ)

:       0       0

සුසිල් Wednesday, 06 July 2016 02:36 PM

කබ්රාල්ලා ඉන්නකොටත් ඔබ ඔය විදියට මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න කළාද? (නි)

:       0       0

විජය Thursday, 07 July 2016 09:30 AM

අපි මහේන්ද්‍රන්ටත් විරුද්ධයි, මේ උගත් යයි කියන අය එදා කබ්රාල් කරපු හොර වහපු එකටත් විරුද්ධයි, මේවා විවේචනය කරන්න ඕන හොඳ පිවිතුරු අය, පිවිතුරු කිව්වට පිවිතුරු හෙළ උරුමය නොවේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 127 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 293 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1088 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 212 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 963 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site