හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සැපයූ යුද හමුදා ආරක්ෂක භටයන් ඉවත් කර ඇතැයි ද එය පළිගැනීමක් යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දී අද (02) පැවසීය.
ඔහුගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ජනපතිට, අගමැතිට මහානායක හිමිවරුන් මගින් පවා කරුණු දැක් වූ බව ඔහු කීවේය. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසූයේ ඉවත් කළ හමුදා භටයන් වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකායේ භටයන් ලබා දුන් බවයි.
හිටපු ජනපති වරයෙකුට ලබා දිය හැකි ආරක්ෂකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති මෑත දී කීවේය.
ජනපතිට, අතමැතිට හෝ වෙනත් කිසිවෙකුටත් යුද හමුදා ආරක්ෂාව නොසපයන බවත් රජය කියයි.
මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ තමාට සැපයුණු ආරක්ෂක භටයන් ලොකු පිරිසක් අද ඉවත් කර ඇති බවයි. එහෙත් ඔහුට සැපයුණු එස්.ටී.එෆ්. භටයන් ගැන කිසිත් කියා නොතිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා කඳවුරක නවා තැන ගත්තනම් ඉවරයි (ම)
වශී බෝතලයේ ආරක්ෂාවට මොකද වුණේ (ම)
ආරක්ෂාව තහවුරු කරනවා මිස ඕන ඕන අයට ඕන විදිහට ආරක්ෂකයෝ තියාගෙන ඉන්න අපේ මුදල් නාස්තිකරන්න එපා කියල මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. (ම)
මේකනම් ඇත්තටම පළිගැනීමක් තමයි මහින්ද කියන්නේ 30 අවුරුද්දක යුද්ධයක් නැති කරපු කෙනෙක් එයාට ඉන්න තරමක් ඉන්නේ හතුරෝ ඒ වගේ කෙනෙක්ගේ ආරක්ෂාව ගැන තව හිතන්න ඕනේ (බ)
එතුමාට කියන්න සිත-කය-වචනය සංවර කරගෙන දැහැමිලෙස ජීවිතය ගත කරන්න කියල. ධාර්මික තැනැත්තා ධර්මය විසින් ම රැකගනු ලැබේ කියන බුදු වදන කිසිදාක වෙනස් කරන්න බැහැ නේද මන්ත්‍රී තුමා ? (බ)
සිංහල රටට සේවයක් කළ සිංහල නායකයෙකුට ගරහන දීන සිංහල ජාතියක් ලෝකයේම නැත (බ)
ඒකාලේ ගෙදර බංකරයක් ගහ ගත්තේ නැද්ද ? රට වටේ තියෙන පන්සල්වල යන්න ආරක්ෂාවක් ඕනෙද ? ඔය තායිලන්තයේ ගියේ ඔය හැමෝම එක්කද ? එහෙ ලංකාවට වඩා කොටි ඉන්නවා නේද ? (බ)
රට බේරාගත්හට තෑග්ගක් (බ)
මෙතුමා විශ්‍රාම සුවයෙන් සිටියා නම් ඔයතරම් ලොකු ආරක්ෂක සේනාවක් අවශ්‍ය වන්නේ නැහැ නේද ? අනික් අතට මෙතුමාට යම් කරදරයක් කරලා අත්කරගත හැකි දේ හෝ ලාභය කුමක්ද ? මොකද මුද්ද හෝ වශීබෝල හෝ කඩාගනියි කියලාද ? මෙතුමා නිහඬව සිටියොත් අනික් අයට "හිස් ටින් එකක් වාගෙයි" නිසා වන්දිබට්ට්යෝ දඟලන දැඟලිල්ලක් . කෙසේ නමුත් වැඩකට නැතිව අපතේ යන මහජන මුදල් බවයි පෙනෙන්නේ. (බ)
මහින්ද මහත්තයත් රජයෙන් පලිගන්නවනේ. පැරදුනානම් ,පත් වුන ආණ්ඩුවට කරදරයක් නොවී ,අවුරුදු හතරකින් විතර පසුව ඡන්දෙයකට උනන්දු උනානම් හරි නේ. විවේචනය කළ හැකි වුවත් ,හැම දෙයක්ම බොරුවට විවේචනය කරන එක මෙතුමටම හොඳ මදි (බ)
රටක හදිසි නිතිය ඉවත්වේ ද.? එවිට හමුදාව බැරැක්ක ගතවිය යුතුයි .(බ)
හමුදා ආරක්ෂාව. මේක මානසික ලෙඩක් ..බෙහෙත් නෑ...(බ)
මේ වගේ අය බොරලුගොඩ සිංහයා කියපු පිලිප් ගුණවර්ධන මහතා නොහොත් මෙයාගේ තාත්තගෙත් නම කනවා (බ)
මෙතුමාට ආරක්ෂාව දෙන ඕනේ තමයි නමුත් හමුදාවම දෙන්න කියලා නියමයක් නැහැනේ එ්කට හරියන්න පොලිසින් දීලා තියෙන්නේ (හේ)
මුළු රටේම මිනිස්සුන්ට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න ඉඩ හදල දීල...එතුමාට බයෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලා....(හේ)
මෙය පලි ගැනීමක් නොව.(හේ)
මෙතන සිනමා එපා.(හේ)
රජයට පුළුවන් එකම දේ ඒකයි (හේ)
දැන් ලංකාවේ දැවෙන එකම ප්‍රශ්නය මහින්දට හමුදා ආරක්ෂාවද .? (හේ)
කළ ගුණ දන්නා ජනයාගේ ආරක්ෂාව ඔබතුමාට සදාකල් තියෙනවා (හේ)
ස්වේඡාචාවෙන් අපි එනවා ආරක්ෂා කරන්න ඔබ තුමා (හේ)
එතුමාගේ ආරක්ෂාව තහවුරු විය යුතුයි නමුත් අනවශ්‍ය වියදම් වලින් තොරව (හේ)
අරකයි මේකයි කියකියා හිටියා ඇති නේද.රට වෙනුවෙන් සේවයක් කරලා පෙන්වන්න ඔක්කොම එක්කාසුවෙලා ඔය කඹ ඇදිල්ල පැත්තකින් තියලා.(හේ)
මහින්දට පොලිසියේ විශ්‍රාම යන්න ඔන්න මෙන්න ඉන්න වයසක කොස්තාපල්ලා දෙන්නෙක් බැටන් පොලු දෙකක් එක්ක දෙන්න .එය හොදටම ප්‍රමාණවත්. (හේ)
කොච්චර හමුදාවම දුන්නත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.සොබාදහමින් හෝ දැඩි දඩුවම් ලැබෙනවා.ලැබෙනවාමයි.(හේ)
ප්‍රියා ඔයාගේ විතරද මුදල් ? අපෙත් මුදල් ගොඩාක් එකතුවෙනවා රජයට , අවුරුදු 40 යුද්දෙකරද්දී ගිය මුදල ඔයාගේ අතීත හත්මුතු පරම්පරාවේයි අනාගත හත්මුතු පරම්පරාවේයි මුදල් එකතුකරලා සියකෝටිය සියකොටියෙන් වැඩි කලත් දසමයිනේ ,අන්න එතනයි මුදලේ වටිනාකම හදන්න ඕන ,ජිවිත කියක් ජීවත්වෙලා සතුටින් ඉන්නවද (හේ)
ඕක සාමාන්‍ය දෙයක්නේ .......ජේ. ආර්. මහත්තය බලේ ඉන්නකොට සිරිමාවෝ මැතිනියගෙන් පළිගත්තා.... මහින්ද මහත්තය බලේ ඉන්නකොට චන්ද්‍රිකා මැතිනියගෙන් පළිගත්තා...දැන් මහින්ද මහත්තයගෙන් පළිගන්නවා ගන්නවා කියලා කෑ ගහනවා.... බොරුවට කෑ ගහන්නේ නැතුව ඉන්න මහත්තයෝ... කැලේ මාරු වුණාට පුල්ලි මාරුවෙලා නෑ කියල කතාවක් අහලා නැත්ද? ඔබතුමත් ඒ වල්ලේම තමා.(බ)
හිටපු ජනාදිපතිතුමා නොහිටියානම් අපිට බංකර් ගහගනවත් ජීවත්වෙන්න ලැබෙන්නේ නැහැ. ඒක නොදන්නා සිංහල ජාතියක් ලංකාවේ ඉන්නේ.අද වෙනකම් ප්‍රබාකරන් හිටියානම් බලාගන්න තිබුනා කොහොමද කියලා.රැලි තියන්න වෙන්නේ පොළවයට.(කෞ)
රජකම් කලත් කළකම් පලදෙනවා මහත්තයෝ ...(හේ)
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගෙන්, හමුදාපති සරත් ෆොන්සේකා මහත්මයාගෙන් පලි ගත්තේ එතකොට (හේ)
ඔබ තුමන්ලගේ පාලන කාලයේදි සිදු වූ දේවල් මතක නැද්ද?(හේ)
මන්ත්‍රී කෙනෙකුට මොකටද මෙතරම් හමුදාවක් (හේ)
මේ අය මැරිලද ඉපදුනේ.(හේ)
පළිගන්න හැටි බලාගන්න තිබුනා නිකම් හරි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැරදුනානම්.(කෞ)
ඔහොම හියොත් හමුදා ඔක්කොම දේශපාලුවන්ගේ ආරක්ෂාවට යොදවන්න වේවි. කාගෙන් ආරක්ෂා වෙන්නද? අද ජනතාවටයි ආරක්ෂාව ඕන වෙලා තියෙන්න, දේශපාලුවන්ගෙන් බේරෙන්න.(කෞ)
ඔහොම හියොත් හමුදා ඔක්කොම දේශපාලුවන්ගේ ආරක්ෂාවට යොදවන්න වේවි. (හේ)
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. අවි ගත්තෝ අවියෙන්ම නැසේවී.(හේ)
ආරක්ෂාව අඩු කරන්න අයිතියක් තියෙනවා.(හේ)
මහින්ද මහත්තය නිසා අද අපි නිදහසේ බෝම්බ බය නැතුව ජීවත් වෙනවා එතුමා ආරක්ෂා කරන එක මේ ආණ්ඩුවේ වගකීමක්.(හේ)
පළිගන්න හැටි බලාගන්න තිබුනා නිකම් හරි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැරදුනානම්.(හේ)
ජානක පෙරේරාගේ ආරක්ෂාව අඩු කළේ කවුද?(හේ)
දැන් යුද්ධයක් නැති එකේ ආරක්ෂාව අඩු කළාම මොකද වෙන්නේ.(හේ)
ත්‍රස්තවාදී සංවිධානයක් සහමුලින්ම පරාජය කරලා දැනට ජීවත්ව සිටින එකම නායකයා. එතුමාට සුවිශේෂී ප්‍රභූ ආරක්ෂාවක් අවශ්‍යයි (කෞ)
මෙතන ඉන්න සමහරක්ට පසු ගිය කාලය අමතක වෙලා වෛරය ඉස්මතුවෙලා පාට පක්ෂ නිසා (කෞ)
රණවිරු ජානක පෙරේරාටත් මේ වගේම බියක් හිතට දැනෙන්න ඇති එදා. සංසාර චක්කරේ .(කෞ)
ඔබ තුමාට අපේ රටේ කළගුණදත් ජනය ඉන්නවා ඒ නිසා බිය යුතු නැහැ (කෞ)
හාමුදුරුවරු 1000 ආරක්ෂාව දෙනවා කිව්වා නේද? (බ)
චන්ද්‍රිකා මැඩම්ට කොටි ගැහුවට මහින්ද මහත්තයාට කොටි ගැහුවෙ නැහැ.ගහන්නේත් නැහැ. (බ)
කළගුණ නොදත්තවුන්ට අතීතය මතක නැත. නැතහොත් වුවමනාවෙන්ම අමතක කරමින් සිටී. (බ)
කළ කළ දේ පළ පළ දේ කියන්නේ නිකන් නෙමෙයිනේ! (නි)
පලිගැනීම පුරුදු කරපු කෙනාත් අපි දන්නවනේ! දැන් ඒවා ඔවුන් පසුපසම එනවා වගේ (නි)
අපි නම් නිශ්ශබ්දව වෙන දෙයක් බලාගෙන ඉන්නවා (නි)
රත්න කියන කතාව සහතික ඇත්ත (නි)
පියුමි, අරුණ, ප්‍රියා, රණවන, රොහාන් වගේ අය ඉන්නකම් රටක් හදන්න බැහැ (නි)
ඔබතුමා කියන දේවල් වලට අපිත් එකඟයි (නි)
දිනේෂ් ගුණවර්ධන මහතා ගැන කියන්නට එතරම් වරදක් අපට පෙනෙන්නට නොතිබුණත් වැරදි දේශපාලකයෙක් වෙනුවෙන් පෙනීසිටීම බොරළුගොඩ සිංහයන්ට තරම් නොවේ. රාජපක්ෂ පාලනයේදී හිටපු හමුදාපතිතුමා කුදලා ගෙනගොස් හිරේ දැමීම පළිගැනීමක් නොවන අතර හිටපු ජනාධිපතිතුමාට හමුදාව වෙනුවට පොලිසිය යෙදවීම මෙතුමාට අනුව පළිගැනීමකි. (නි)
අනේ දිනේෂ් මහත්තයෝ, අපි මේවට මොනවා කියන්නද? (නි)
මාළුවා නහින්නේත් කට නිසාමයි. මහින්ද ඉල්ලගෙන කනවා කියායි සිතෙන්නේ (නි)
රට ජාතියට හෙණගැහුවත් තමන්ගේ බඩ ගැන හිතන වසලයන් මොන රටෙත් ඉන්නවා. අවාසනාව කියන්නේ අන්තිමට ඔවුන්ට බඩ පුරවාගන්නවත් බැරි වෙන්න තරම් ආර්ථික වර්ධනයක් ලැබී තිබීමයි..! (නි)
මහින්ද මහත්තයා කියන්නේ 30 වසරක යුද්ධය ඉවරකළ එකම නායකයා. එ්ක රනිල් කළත් සිරිසේන මහත්තයා කළත් අවශ්‍ය ආරක්ෂාව දීම රජයේ වගකීමක්. (නි)
මහින්ද යුද්ධය නතර කළා. ඒක ඔහුගේ වගකීම. ඔහුගේ නම රන් අකුරින් ඉතිහාසයේ ලියවෙන්න ඉඩ අරිනවද නැද්ද කියලා තීරණය කළයුත්තේ ඔහුම තමයි (නි)
රත්න, කට තිබුන පළියට කියවන්න හදන්න එපා. ඔය කොයි මහත්තුරුත් බලය තියෙද්දී පළිගන්නේ කොහොමද කියන පාඩම රටටම ඉගැන්නුවනේ. අර කතාවට කියනවනේ "කළ කළ දේ පළ පළ දේ" කියලා. ඉතින් අපිට දුකවුණාට මොනවා කරන්නද? එතුමාටත් ඒ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. (නි)
මෙතුමා විශේෂ නායකයෙකි . අනෙකුත් ජනාධිපතිවරුන් හා සම කළනොහැකි සේවයක් මෙතුමා රටට සිදු කර ඇත. ත්‍රස්තවාදීන් මේ රටේ කුඩා ළමුන් පවා මරපු හැටි මේ ටික කාලයට සිංහලයාට අමතකය. ඔබගේ, මගේ ජීවිතය කෝටියකට, දෙකකට මිල කළහැකිද? ඔබගේත්, මගෙත් ජීවිතවලට වටිනාකමක් දුන්නේ ඔහුය. එසේ කළ ඔහුට සිංහල ජනතා උත්තමාචාරය වූයේ "සොරා" යනුවෙනි. මේ රට බේරාගැනීමට උරදුන් අයට අවමන් කරන්න එපා කියා මම ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි (නි)
සමහරුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන අපි දන්නවා (නි)
කළගුණ නොදන්නා අය ඔහොම කරන එක තමා අපිට දුක (නි)
ලංකාවේ මිනිස්සු ප්‍රශ්නයක් දිහා බලන විධිය මේකෙන් පේනවා. පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසින් මේ රට යටත් කරගත්තෙත් මේ තියෙන තමාගේ එකාගෙන් පළිගැනීමේ චේතනාව ප්‍රයෝජනයට අරගෙන. (නි)
මහින්ද ආරක්ෂා වෙන්න ඕනෑ ළඟම ඉන්න අයගෙන්. ඒ ආරක්ෂාවට පොලිස් ආරක්ෂාව හොඳටම ඇති. (නි)
සරත් ෆොන්සේකා ඡන්දෙන් පසු කුදලාගෙන ගිය හැටි සිහිපත් කිරීමෙන් මතකය අලුත් වේවි (නි)
මේ මහත්වරුන්ට අතීතය අමතකවෙලා වගෙයිනේ කතාකරන්නේ (නි)
මහින්ද කාගෙන්වත් පළිගත්තේ නැති නිසා මේක අසාධාරණ වැඩක්. (නි)
ෆොන්සේකාගෙන් පළිගත් හැටි සහ ශිරාණි බණ්ඩාරනායකගෙන් පළිගත් හැටි අමතකවෙලා වගේ (නි)
දැන් ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ පසු ලබා දියයුතු ආරක්ෂාව කොපමණක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබේ. එම නියෝගය මහින්ද රාපක්ෂටද වලංගුය. (නි)
මහින්ද මහතාට තවමත් මිනිසුන් සළකන්නේ දෙවි කෙනෙකුට වගෙයි (නි)
මෙතුමා ජනාධිපති වුණ ගමන් චන්ද්‍රිකාට දී තිබුන ආරක්ෂාව අඩුකළ බව දිනේෂ් ගුණවර්ධන මහතාට අමතකද? (නි)
මහින්ද මහත්තයා නම්බු පිටින් චන්ද්‍රිකා නෝනා, ජේ.ආර්. වගේ පැත්තකට වුණ කෙනෙක් නොවෙයි. ඔහු පැරදුන කෙනෙක්. මේ රටේ එකම පරාජිත ජනාධිපති. ඔහු බලයේ හිටපු කාලේ චන්ද්‍රිකාගේ ආරක්ෂකයන් ඉවත්කළ හැටි අපට මතකයි. එතකොට ඔය කවුරුවත් කතාකෙරුවේ නැහැ. දැන් කොහෙන්ද කොටි තර්ජන? බය නැතුව රටේ ඉන්න පුළුවන් තත්වයක් ජනතාවට උදාකරලා දුන්නා කියලා ඔය සමහරු කියන්නේ? (නි)
දැන් ඇතුළට යන්න සුදානමින් ඉන්නවා කියලා නේද කිව්වේ කිරුළපනේදී? ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. ඇතුළෙදි ආරක්ෂාව ලැබෙයි. අර හිටපු හමුදාපතිතුමාත් ඇතුළේ හිටියනේ අවුරුදු 3ක්. (නි)
මියගිය කොටි සැමරීමට රහසින් පහන් පත්තු කරන උතුරේ ජනතාවට මගේ ගෞරවය! ඒ කිසිත් නිසා නොව, කුමනාකාරයේ වැරදි වුවත් තමන් වෙනුවෙන් පෙනීසිටියවුන් අමතක නොකිරීමේ මහා ගුණය ජාතියක් හැටියට ඔවුන් තුළ ඇති බැවිනි (නි)
පළිනොගන්නා මිනිසුන් අද ඉතාම විරලයි. (නි)
ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ පසු ලබාදිය යුතු ආරක්ෂාව කොපමණක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබේ. එම නියෝගය මහින්ද රාපක්ෂටද වලංගුය. අනාගතයේ මෛත්‍රීපාල සිරිසේන මහතාටද වලංගුය. (නි)
හිටපු ජනපති කළ වැරදි තියෙනවා. නමුත් එතුමා නිකම්ම ඇවිත් ගිය ජනපතිවරයෙකු නොව බිහිසුනු ත්‍රස්තවාදියෙකු අවසන් කළ අයෙකි. අද ඔය කයිවාරු ගසන දේශපාලකයන්ට සහ ඔවුන්ගේ ගැතියන්ට මෙන්ම රටේ සියලුම වැසියන්ට නිදහසේ බියක් නැතුව මහමඟ යාමට හැකියාව ලබාදුන් කෙනෙකි. (නි)
වී වපුරලා තල ලබාගන්න බැහැ කියලා පැරණි කියමනක් තිබුන. ඒ කාලේ ඒකවත් මතක තියාගෙන වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? මහත්තයෝ, ඔබතුමා බලයේ සිටිද්දී මේ වගේ වැඩ කීයක් නම් කළාද? (නි)
ජිවිත තර්ජන තිබෙන්නේ බලයේ ඉන්න නායකයන්ට පමණි. බලය නැති කිසිම නායකයෙකුට ආරක්ෂාව අවශ්‍ය නැත. අනික ඇයි මෙතරම් ආරක්ෂාවක් දැන්? යුද්ධයකුත් නැහැනේ (නි)
කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමයි මහත්තයෝ. (නි)
මෙතුමා විශ්‍රාම සුවයෙන් ඉන්න අවශ්‍යයි. විශේෂ කාර්ය බලකාය කියන්නේ ප්‍රභූ ආරක්ෂාවට විශේෂ පුහුණුව ලැබූ අය. එතුමා බයවෙන්න ඕනෑ නැහැ. (නි)
අනිල් රෝහණ, යුද්ධය කරපු හමුදාපති කොටිත් එක්ක එකට බන්ධනාගාර ගත කරනකොට ඔයාලගේ ඔය කටවල් ඇරුනේ නැද්ද. යුද්ධය කෙරුවේ කවුද කියලත්, සුද්ද කළේ කවුද කියලත් දන්නෝ දනිති. යුද්ධය කරපු ෆිඑල්ඩ් මාර්ෂල් බය නැතුව පාරේ යනවා. ජවිපෙ නායකයෝ උතුරේ කිසි ආරක්ෂාවක් නැතුව යනවා. මෙයාට ආරක්ෂාව ඕනෑවෙලා තියෙන්නේ මිනිසුන්ගෙන් බේරෙන්න වෙන්න ඇති (නි)
හිටපු ජනාධිපතිලට දෙන අාරක්ෂාවද මන්ත්‍රීලට දෙන අාරක්ෂාවද දෙන්න ඕනෑ? රජෙක් වගේ ගෙදර ගියා නම් අදත් රජෙක් (නි)
නිමල් ලාලිත, අනිල් ,ජනතා මුදල් යටිමඩි ගසාගත්තවුන්ට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව දෙනතුරුත් ජනතාව බලාගෙන ඉන්නවා. (නි)
මහින්ද පුදුම හමුදා මානසිකත්වයක් තිබෙන කෙනෙක්. (නි)
හිටපු ඒකාධිපති පැරදිලා ගියත් තවම හමුදාව මදිලු? (ම)
රාජපක්ෂලා රටට කරලා තිබෙන විනාසය මිනීමරු ප්‍රභාකරන් කරපු විනාසය වගේ සිය දහස් ගුණයකටත් වඩා වැඩියි. (ම)
ඉම්රාන් කාන් ලෝක කුසලානය දිනුවා. ක්‍රිකට් වලින් විශ්‍රාම ගත්තා. මෙහෙ හිටපු ජනපති තවම ? (බ)
දිනේෂ් කියන්නේ අමුලික බොරු. හිටපු එක්කෙනාට දැන් මොකටද මෙච්චර ආරක්ෂාවක්. මෙයාලට ඕනේ ආණ්ඩුව පෙරලන්න. දිනේෂ්ට, වීරවංසට, ගම්මන්පිලට වැලේ වැල් නැහැ. එ්කය් මෙච්චර කැක්කුම (බ)
ස්වභාව ධර්මය ඔබව ආරක්ෂා කරනවා බය වෙන්න එපා. මේ වගේ වැඩ කරන දුෂ්ට පාපිෂ්ට මිනිස්සු ගැන දෙවියෝ බලාගනිවී. මෙතරම් කුරිරු යුද්දයක් නිමා කරපු ඔබ වැනි නායකයෙකුට ගරහන අයට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. හදවතින් අපි ඔබතුමා සමගයි (බ)
ගම්පොලගෙදර මම කිසිම දේශපාලන නායකයෙකුට ගැතිකම් කරන නැහැ. දේශපාලන බල පෙරේත කමට සිංහල බොදු අයිතිය පාවා දෙන බල පෙරේත දේශපාලකයන්ට ගැතිකම් කරන්නෙත් නැහැ. හිටපු ජනපති තුමා යුද්දය දිනනවිමට කටයුතු කළාට සිංහලයාගේ අනාගතය රැක ගැනීමට කටයුතු කළෙත් නැහැ. ඉතින් මට කව්රුත් ඇයි. (බ)
මේකේ දාල තියන කොමෙන්ට් දැක්කම හිතෙනවා මේ පාටකයන්ට ප්‍රභූ ආරක්ෂාව ගැන පුදුම හසල දැනීමක්නේ තියෙන්නේ කියලා. වැඩේ කියන්නේ අවරුදු තිහක යුද්ධය තියෙද්දී මේ මිනිස්සු කොහෙද හිටියේ? රාජපක්ෂලා හිටියේ නැත්නම් තාම අපි බෝම්බ පාරවල් කනවා. එත් ඉතින් නොදන්නා දේත් දන්නවා කියල හිතන් ඉන්න මිනිස්සුන්ට වඩා වැඩි පිරිසකට ආදරණීය නායකයාව මතක තියන බව කිරුලපොන මැයි රැළියෙන් රටටම පෙනුණා. (බ)
චන්ද්‍රිකාගේ ආරක්ෂකයෝ 186 අයින් කරලා පොලිසියේ 10ක් දුන්නම, හිටපු ජනපති වරප්‍රසාද නැතිකරන්න සරත් සිල්වා එක්ක ගිවිසුම් ගහනකොට මෙහෙමවෙයි කියල හිතුනේ නැද්ද ? කළකම් පලදේ කියන්නේ මෙන්න මෙව්වට. (බ)
උසාවියේ තීරණය අනුව සරත් එන් සිල්වා නඩු තීන්දුව දෙමින් එදා කියා සිටියේ සහකාර පොලිස් අධිකාරී වරයෙකුද ඇතුළුව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් බලයෙන් ඉවත් වූ ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු බවයි. ඒ නඩු තීන්දුව දුන්නේ 2006 මැයි මස 02 දා එනම් හරියටම මීට වසර 10 කට පෙර දී ය. ඉන්පසු චන්ද්‍රිකාගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක වාර්තාවක් හෝ නොකැඳ වූ මහින්ද රාජපක්ෂ විසින් 2006 මැයි 06 වෙනිදාම ඇයට සිටි 168 ක් වූ හමුදා පිරිස ඉවත් කරමින් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් ලබා දුන්නේ ය. (බ)
යුද්ධය අවසන් කල නායකයා නම් කොටි සමුල ඝාතනය කල නායකයා නම් ඉතින් කාගෙන්ද දැන් ආරක්ෂා වෙන්නට ඕනේ? (ම)
දැන් වැඩි ආරක්ෂාව සඳහා තමා යවන්න වෙන්නේ (ම)
මෙතුමා යුද්ධය දිනන්න දේශපාලන නායකත්වය දුන්නා. ජනපති වශයෙන් එතුමා ඒ දේ හොඳින් කළා. ඒ ගැන අපි ගෞරවයෙන් සිහිපත් කරමු. නමුත් එතුමා ඡන්දයෙන් පැරදුනා. ජනාධිපති ආරක්ෂාව ලැබුනා. එතුමා මන්ත්‍රී කෙනෙක් වෙලා නැවත අවා. ආරක්ෂාව හිටපු ජනාධිපතිගේ. රැකියාව මන්ත්‍රී. එතුමා එතුමාගේම පක්ෂයේ ජනාධිපතිට අභියෝග කරමින් දේශපාලනයක් කරනවා. ආරක්ෂාවත් හමුදාවෙන් දෙන්න කියල ඒ රජයටම කියනවා. යුද්ධය දිනපු හමුදා නායකයා මෙතුමාට විරුද්ධව ඡන්දෙ ඉල්ලුවා මතකද? ඔහුට ඡන්දෙන් පස්සේ කොහොමද සැලකුවේ. (බ)
ප්‍රියා යුද්දකරපු ෆොන්සේකා මහත්තයාගේ ශරීරරය ඇතුලේ තාමත් ඉවත්කරන්න බැරි යකඩ පතුරු තියන බව ඔයාට අමතකද ?අනික එතුමා බන්ධනාගාර ගතවුනේ එතුමාගේ සුදුකොඩි කතාවට වෙන රටකනම් හිස ගසාදානවා, ජානක පෙරේරා ,සරත්ෆොන්සේකා දේශපාලනයට ඇදගෙන ආපු එවුන්ටයි සාපවෙන්න ඕනේ !!(බ)
තිලක් ඇතුළු සමහරු මැරිල ඉපදිලා වගේ. අපරාදේ මෙතුමා කළ ලොකුම වරද සිංහලයාට මැරෙන්න නොදී බේරා ගැනීම. එහෙමනම් මෙහෙම කයිය ගහන අයියලා එක්කො මේරට අත්හැර ගිහින් එහෙම නැත්නම් ප්‍රභාකරන් කියන රාජ්‍ය නායකයට බයේ ඔහු ජාතියේ වීරයා විදියට ඔහුට ආවඩාවි. (ප්‍රතිපත්තියක් නැති සිංහලයාගේ හැටි එහෙමයි) (බ)
දැන් හරි නේ. ඕකටනේ නැටුවේ කට්ටිය. ප්‍රජාතන්ත්‍රවාදය අයුතු භාවිත කරපු නිසා තම ඔය පල විපාක. දැන් සනීප ඇති නේ? තව ඉස්සරහට තව දේවල් වෙයි. (බ)
අනුන්ට කැපූ වළේ තමාත් වැටෙනවා කියල කතාවක් තියෙනවනේ? ඕව කට කහනවට කියපු කතා නොවේනේ? (බ)
මහින්ද මහත්මය සත් ගුණවත් මනුස්සයෙක්. එයා කාගෙන්වත් පලි ගත්තේ නැහෙ. එය හින්ද තමය් තවම රට වටේ පන්සල් සහ දේවාල ගානේ යන්නේ. (ම)
ජනවාරි 8 ජනතාව හා රට මහා ව්‍යසනයකින් බේරුණ දවස වශයෙන් නම් කල යුතුය. (ම)
මහින්ද චන්ද්‍රිකාට දීපු සැලකීමම එයාටත් දුන්නම හොඳටම ඇති. දෙන්නටම අවශ්‍ය එකම මට්ටමක ආරක්ෂාවක්. (බ)
ඉහලම ආරක්‍ෂාව ලබාදුන් ලක්‍ෂමන් කදිරගාමර් මහත්තයා ඝාතනය කළ කොටි ගැන ලෙහෙසියෙන් සිතන්න එපා. හැමදාම ප්‍රවෘත්ති බැලූවොත් අපි දැක්‌කේ මස් ගොඩවල්. බසයක ගියත් පාර්සලයක් දුටු සෑම විටම මර බිය දැනුණු ජනතාවක් හැටියට, ඒවා නැති කළ නායකයා ආරක්‍ෂා කිරීම ජාතියේ යුතුකමක්, නැත්නම් වර්තමානයේ ජීවත්වන සිංහල ජනතාවට අපගේ දූදරුවන් ශාප කරයි. (බ)
ඉසුරු . . . දෙවියෝ ජනතාවගේ සම්පත් සොරකම් කරන්නේ නැහැ. ඔයා කියන මේ දෙවියාට සළකනවා ඇත්තේ මෙයත් එක්කම හොරකම් කළ නඩය පමණක් වෙන්න ඇති . (බ)
මහින්දගේ ජීවිතයට කොටි හානියක් කලොත් මේ තීන්දු ගත් අයට පසුතැවෙන්න වේවී. (ර)
ටිකිරි බණ්ඩා අපේ රට හදන්න බැහැ ඔබ වගේ කාලගුණ නොදත් අය ඉන්නකම්. (ර)
ඔබ තුමා අපේ රට බේරා දුන් වීරයා ඔබ රැකීම අපේ යුතුකමක් මේවා නොදත් අය එදත් හිටියා හෙටත් ඉන්නවා අපේ ජාතියේ අවාසනාව එකයි. (ර)
අපි එතුමාට ආරක්ෂාව දෙමු. (ර)
ටිකිරි බණ්ඩා ඔබ වැනි අය සිංහල නමින් පෙනී හිටියට ඔබ කව්ද අපි දන්නවා. (ර)
මන්ත්‍රීට දෙන ආරක්ෂාව දෙන්න . එතුමා දැන් මන්ත්‍රී නේ... (ර)
පද්මිනී, කළ ගුණ නොදත් මිනිස්සුන්ගෙන්... (ර)
ජෝන්, චන්ද්‍රිකා මැතිණියට එපමණ ආරක්ෂාව මොකටද? (ර)
30 අවුරුදු යුද්ධය අද තිබුනානම්.... (ර)
හරි හරි කවුරුත් කලබල වෙන්න එපා බන්ධනාගාර නියමක ආරක්ෂාව හෙට අනිද්දා මෙයාට ලැබේවි ...(ම)
සමහරු තණ්හාවට ගිහිල්ලා දැන් නැවත බලකාමය ඇතිවලා (නි)
ඔවු සමන්. එතුමා කරපු හරිය අපි දන්නවා, සමහරුන්ට නොපෙනුනාට.
එල්ලෙන්න වැලේ වැල් නැති බංකොලොත් දේශපාලුවන් කීප දෙනෙකු මෝඩ මිනිසුන් මුලාකරගෙන රට අස්ථාවර තත්වයකට පත්කරන්න කුමන්ත්‍රණය කරන බවයි මම නම් අනුමාන කරන්නේ (නි)
අපි කවදාවත් මහින්ද මහත්තයා තනිකරන්නේ නැහැ (නි)
අපේ සිංහලයෝ හැමදාම කළේ, හොඳ පෞරුෂයක් තිබෙන නායකයෙක් බිහිවුණාම ඔහුත් එක්ක ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන, කවුරුහරි පරගැතියෝ ටිකක් එක්ක එකතුවෙලා ඒ නායකයාව පන්නා දාන එක. සමහරු ලියලා තියෙන ඒවා දැක්කහම අපේ ජාතියට නායකයෝ බිහිවෙයිද කියලා හිතෙනවා. (නි)