IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රජයේ වියදම් පාලනයට චක්‍රලේඛයක්

(සුජිත් හේවාජුලිගේ )

රජයේ වියදම්  තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින්  මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා  සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට  සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක්   අද (26) යොමු කළේය.

මේ අනුව ආරම්භ කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති තාවකාලිකව  අත්හිට විය යුතුවේ.

එසේම මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීම, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබා දෙනු ලබන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම, සියලුම සුභසාධන හා සහනාධාර වැඩසටහන් අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීම, නිල වාහන භාවිතයේදී එක් වාහනයක් පමණක් නිශ්චිත  ඉන්ධන සීමාව තුළ  භාවිතා කිරීමට වගබලා ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම් කල් තැබීමට කටයුතු කිරීම රාජායතන අතර සන්නිවේදන කටයුතු සඳහා හැකිතාක් විද්‍යුත් ක්‍රමවේද භාවිතා කිරීම, ලිපි ද්‍රව්‍ය භාවිතය හා මුද්‍රණ කටයුතු සඳහා වන පිරිවැය අවම කර ගැනීම , සත්‍ය වශයෙන්ම සේවයේ නිරතවී සිටින බව තහවුරු කරගැනීමෙන් තොරව සිදුකරනු සිදුකරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීම, විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනා වන්හි එකතුව වැටුප  ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහාද කටයුතු කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

තවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ නොමැති කිසිදු දීමනාවක් සුබසාධන වැඩසටහන් සංවර්ධන  සහායන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීම කළ යුතු බවද එහි දැක්වේ.



අදහස් (7)

රජයේ වියදම් පාලනයට චක්‍රලේඛයක්

swene Tuesday, 26 April 2022 07:44 PM

නිල නිවාස දෙකක්, සේවක හා ආරක්ෂක නිලධාරි කප්පරක් නිල වාහන ගණනාවක් යනාදී මෙකී නොකී විශාල රජයේ මුදල් ප්‍රමාණයක් සහිත අගමැතිගේත් වියදම් අඩු කිරීමෙන් ආදර්ශයක් දීමට තවමත් පසුබට වන්නේ ඇයි?

:       0       0

Kapila Tuesday, 26 April 2022 10:52 PM

දේශපාලුවන්ගේ වරප්‍රසාද නොකපන්නේ ඇයි?

:       0       5

සම්පත් Tuesday, 26 April 2022 11:26 PM

ඉතාම අගය කරයුතු තීරණයක්

:       2       1

සමිත හිමි කුරුණෑගල Wednesday, 27 April 2022 01:48 AM

චක්‍රලේඛණ ගැහුවට වැඩක් නෑ. ගහන එවුන් තමයි මහජන මුදල්. කාබාසිනියා කරන්නේ. කපුටා ඇතුළු ගසා කන්නන් එළවා දැමිය යුතුයි.

:       0       7

Sunil Wednesday, 27 April 2022 09:17 AM

ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිට සිට

:       0       4

Rohana Wednesday, 27 April 2022 11:49 AM

අපට මුදල් පාලනය සකසුරුවම... අරයලා කෝටි ගණන් ගිලිනවා. එක රටක් නීති දෙකක්.

:       0       1

සුමිත් Wednesday, 27 April 2022 04:54 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද, ආයතන ප්‍රධානී වරප්‍රසාද සහ රජයේ සියලු තනතුරුවල අයට දෙන වරප්‍රසාද කපන්න. මන්ත්‍රී කෙනෙකුට සේවකයින් 6 දෙනෙක් (ඩ්‍රයිවර්ලා දෙදෙනෙක් ඇතුළු) මොනවාටද? ඉස්සර ඔහොම තිබුනේ නෑ. ඉස්සර අගමැති වෙලා හිටිය දහනායක මහත්තයත් ගාල්ලේ ඉඳන් ආවේ ගියේ බස් එකේ. බලපත්‍ර නොදී අවශ්‍ය නම් බැංකු ණය ක්‍රමයක් යටතේ බදුසහන නැතුව වාහන ලබාදෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 961 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 343 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 992 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1214 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 690 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 675 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site