වත්මන් ආණ්ඩුවම වැඩි කළ බඩු මිලෙන් සොච්චමක් අඩුකර මහා ලොකු දෙයක් කළා යැයි ජනතාවට පෙන්වන්න ආණ්ඩුව ඇස්බැන්දුම් වැඩ පටන් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද මාධ්‍ය හමුවක දී කීවේය.
‘එක්සත් ජාතික පක්ෂය බලයෙන් යන විට පෙට්‍රල් ලීටරය තිබුණේ රුපියල් 52කට වගේ ගණනකට. එය රුපියල් එකසිය හැට ගණන් දක්වා වැඩි කළේ වෙන කවුරුත් නෙවෙයි. මේ ආණ්ඩුව විසින්මයි. මේ මායාකාරී වැඩත් හරියට ඇලඩින්නේ පුදුම පහන වගෙයි. ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජා ගැන මුළු රටම හොඳ අවබෝධයක් ලබා තිබෙනවා.
2005 සිට දෙන්න බැරිවුණු සහන, යුද ජයග්‍රහණයෙන් පස් වසරකට පස්සේ දෙන්න බැරිවුණු සහන, දැන් කඩිමුඩියේ දෙන්න තරම් කරුණාවක් පහළ වී ඇත්තේ ඇයි කියා ඕනෑම කුඩා දරුවකුට පැහැදිලියි. මේ ආණ්ඩුවේ වෙස්සන්තර නාඩගම තියෙන්නේ මැතිවරණ කාලෙට විතරයි, ඡන්දෙන් පසු දෙව්දත් චරිතයයි රඟපානේ කියා රටේ ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා.
යුද්ධය අවසන් කළ යුද හමුදාපතිට අද තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නවත් අවස්ථාවක් දීලා නෑ. හැබැයි කොටි සන්ධානයේ හිටපු සමහරුන් දැන් ඇමැති මණ්ඩලයේ.‘
සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතීට හැමවෙලේම කියන්න ඕනෑ, එය ඉගෙනගත්ත කෙනෙක්, පිටරට ඉන්නේ.... කියලා. මාතෘකාවට අදාලව නෙමෙයි කතා කරන්නේ (නි)
ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වැඩිවෙන විදිහටම අපෙත් මිල අඩු වැඩි වෙනවා නම් කියලා හිතෙනවා (නි)
කවුරු මොන නාඩගමක් නැටුවත් අන්තිමට තැලෙන්නේ අපි (නි)
ලෝක වෙළඳපොළ තෙල් මිල ඔපෙක් එක හරහා ඇ/ඩොලරය අඩුවැඩි වීම අනුවයි බොර තෙල් බැරලයක මිළ තීරනය කරන්නේ. දූෂණය නාස්තිය වැඩි රටක මිල අඩුකිරීමේ හැකියාව ඉතා විරලයි. තිබුනු අවස්ථාද පොදු ජනතාවට ලබා නොදීමත් බලධාරීන් කළ දෙයක් (නි)
ආණ්ඩුව රට දියුණු කරන්න ගොඩක් දේවල් කරනවා. නමුත් එක හොඳ වැඩක් කරද්දී තව නාඩගම් පන්සීයක් විතර නටන එක තම ප්‍රශ්නය. (නි)
මට මතක් වෙනවා අපි රන් හැන්දෙන් කිරි පැණි කෑව කාලය. අනේ එහෙම කිරියෙන් පැණියෙන් උතුරපු, රටේ නීතිය සැමට සමානව බෙදුණු, විරුද්ධ පාක්ෂිකයින්ට සහෝදරවරුන්ට වගේ සළකපු, දුෂණ වංචා නැති මර බිය නැති පාලකයෝ පාලිතයෝ හතර පෝයට සිල් ගත් යුගයක් ආයේ කවදා එයිද? නේද ලලිත් මහත්තයෝ? ඔයා සෞදියේම ඉන්න.මෙහෙට එන්න එපා. (නි)
ලබන අප්‍රියල් වෙනකම් අපිට නම් නත්තල් (නි)
මිනිසුන්ට අතීතය මතකයි. ඔබතුමාලට මතක නැහැ. (නි)
අපිට තිබෙන ප්‍රශ්නය තෙල් මිලවත් බඩු මිලවත් නොවෙයි. රටේ ආරක්ෂාව. (නි)
යුද්ධය වවාගෙන කෑවේ කවුද කියලා අමතක වෙලාද? බලාගෙන ඉන්නකෝ... (නි)
එදා විවාදය අපිට තවම මතකයි (නි)
කිරි පැණි ලැබේවි කියලා හිතලා පත්කරගත්තා මදෑ. අන්තිමේදී හරක් බානත් විකුණන්න වෙලා එදිනෙදා වියදම පිරිමහගන්න. අසවල් රාජ්‍ය සමයෙහි පටන් මෙහෙමයි කිය කියා ඉන්න අයට නම් ජීවන ප්‍රශ්නයක් නැතුව ඇති. (නි)
හැමෝම යු.එන්.පි. එක අත උඩින් දිනනවා කිව්වට මෙහෙම කතා කරන්නේ පොඩි චකිතයකුත් හිතේ තිබෙන හින්දා වගෙයි. (නි)
වෙන මොනවා කියන්නද රණසිංහ එයිටත් වඩා. ඔයාලට යන්න පුලුවන් නම් ඔයාලත් රට යයි දරු මල්ලොත් එක්ක. ලංකාවේ තියන භයානක තත්වේ පෙනෙන්නේ අපි වගේ දුරක ඉදන් බලන මිනිසුන්ට මිස, පැණි හැලියට වැටුන එකා එ්කේ තියන පැනි ටික ලෙව කකා රස බලනවා මිස ඊ ලගට එහි ඇති භයානක කම ගැන මොකුත්ම හිතන්න සිහියක් නැහැ. ලංකාවේ මිනිසුන් රැල්ලේ දුවනවා. ඉදිරියේ විදින්න සිදුවෙන පල විපාක. නූපන් දරුවෝ තමයි විඳවන්නේ. දැනටම පෙනෙනවනේ. ලංකාවේ ඇති ආරක්ෂාව. පාරක යන්න තියා තම නිවසේ නිදාගන්න බයයි ඇස් දෙක පියාගෙන. හැම වෙලේම එක ඇහැක් ඇරගෙන සෝදිසියෙන් තමයි නිදාගන්න ඕනේ තම නිවසේ. මරණ බය (නදී)
රණසිංහ, හැමෝම ලියල තියෙන්නේ තෙල් මිල ගැන. මෙලෝ රහක් නැහැ. අනික මට තෙල් ලීටරය ඩොලර් 100 ට ගියත් කමක් නැහැ ලංකාවේ. මට ලංකාවේ වාහනයක් නැහැ. මේ ඉන්න රටේ ලංකාවට වඩා චුට්ටක් අඩුයි තෙල් මිල. ඉතින් මෙහෙ වැඩි උනොත් නම් ඔන්න ඉතින් මට හොදටෝම කේන්ති යයි. ඔය බඩු මිල ගැන හැමදාම කියන දේ අපිට ඇතිවෙලා දැන් රණසිංහ. අනික හැමෝටම වෙන දේ අපිටත් වේවි කියල බලන් ඉන්නවා. ලංකාව සහ එහි ගැටෙන අසරණයින් ගැන පුදුම දුකයි මෙහෙම ලියන්නේ. (නදී)
ලබන පාර මම ජනාධිපතිවරනයට එනවා ඇවිත් දිනලා හැම පවුලටම ලැම්බොගිනියකුයි, හොඳ ෆෝන් එකකුයි දෙනවා. මට කතිරේ ගහන්ඩ. (අ)
සරත් ෆොන්සේකාගේ නම හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවෙන් අයින් කරලා. මම අද බැලුවා මොකද මේ 2005-2009 දක්වා හමුදාපති කෙනෙක් නෑ වගේ නේද කියා. ඔබලා සරත් ගේ නම අයින් කරලා තියෙන්නේ. මේවා හෙන ගහන අපරාද (නදී)
මෙතන 100% බදු ගහලා තියෙන්නේ. ලෝකේ වෙළදපොලේ බාගෙට බාගයක් අඩුයි. මැදපෙරදිග සෞදියේ වෙන්නේ රුපියල් 24යි. අපේ රට තමයි ජීවන වියදම වැඩිම රට (නි)
ගයන්ත මන්ත්‍රී තුමෝ ඔයාට සාමාන්‍ය දැනුමවත් නැහැනේ. ,,පෙට්‍රල් වල මිල වැඩි වෙන්නේ ලෝක තෙල් මිල අනුව. එය කරන්නේ රජය නොවේ. ඔපෙක් එක. අනේ අපොයි යූ එන් පී එකට ගිය කල. (ස)
චීන නම් අපට හොඳා. සුද්ද එපා, (ස)
එතකොට ගයන්ත මන්ත්‍රී තුමා කියන්නේ ජෙනරාල් ෆොන්සේකා මහත්තයට දෙපාරක්ම දිනන්න දෙන්න කියලද? හොඳට තියෙයි. එක මහත්තයෙකුට යන්තම් ආතතිය විතරක් හැදිලා බේරුනා. දැන් ඉන්න එක්කෙනාට මොනවා වෙයිද කියන්න බැහැ. අනේ අපරාධනම් කරන්න හදන්න එපා ඔන්න. (අ)
එක එකා වෙස්සන්තර හදන්න වේවි මහජනයාට අයිති මුදල් කොල්ල කාල. දැන්වත් ඡන්ද කාලේ ලං වෙන්කොට වෙනකොට ඔය 'යුද්දේ' විකුණගන නොකවොත් හොදා. (අ)
ගයන්ත මන්ත්‍රී තුමා ඔබ පෙට්‍රල් මිල ගැන කතා කරනවානම් ඔබ දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගන්න 1977 යු එන් පි ආණ්ඩුව බලයට පත් වෙනකොට පෙට්‍රල් ලීටරයක මිල කීයද ? ඊට පසු එම ආණ්ඩුව බලයෙන් ඉවත් වන විට මිල කීයද කියල. නිකන් මෝඩ කතා කියන්න එපා මන්ත්‍රී තුමා. (අ)
ජයසිරිටයි මම මේ කියන්නේ. ඔබත් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති වගෙයි. යු.එන්.පී කාලේ තිබිච්ච මිලට සාපේක්ෂව සියදහස් ගුණයක් බඩුමිල වැඩිකළේ මේ ආණ්ඩුව නෙමෙයිද? දුප්පත්ම මිනිහ ජීවත් වුන 120000 ට තිබුනා ත්‍රීවීල් එක අද ලක්ෂ 6 ට ගියේ කොහොමද ඔබ දන්නවද? 1994 සෞදි අරාබියේ පැට්‍රල් ලීටරයක මිල රුපියල් 15 යි ඩීසල් මිල රුපියල් 7.50 යි ඔබ දන්නවද අද කීයද කියලා. ඒ ගානමයි. වෙනසක් නැහැ. අැයි ඒ ? ගසා කෑම හොරකම වංචාව, කොමිස් ගැහිලි මෙහෙ නැහැ. නීතිය රජාටත් එකයි පුරවැසියාටත් එකයි විදේශිකයටත් එකයි. (නදී)
77 ට පළමුව පාන්ගෙඩිය ශත 25යි. ඔබතුමාලා ගෙදර යද්දී පාන් ගෙඩිය කීයද? නිකන් හඳෙන් බැහැලා වගේ කතාකරන්න එපා. (නි)
ඔපෙක් එකෙන් තෙල් මිල වැඩිකරකොට ලංකාවේ වැඩිකරනවා කියමුකෝ. එතකොට අඩු කරනකොට අඩුකරන්නේ නැතුව ඡන්දෙ කාලෙට අඩුකරන්නේ ඇයි. දැනට තෙල් වලට 43% බදු. අනෙක් හැම රටකම කරන්නේ තෙල් මිල වැඩිවෙනකොට තෙල්වලට ගහන බදු අඩුකරනවා. ලංකාවේ කරන්නේ තෙල් මිල අඩුවුණත් වැඩිවුණත් බදු වැඩි කර කර ඡන්දෙට සොච්චමක් අඩුකරනවා. (නි)
කවුරු කවුරුත් මොන නාඩගම නටන්න පටන් ගත්තට කමක් නැහැ ආපහු රට අක්‍රිය කරන්නේ නැතුව.මේ උදාකරගත්ත සාමය ඉදිරියටත් ගෙනියන්න ඕනේ පර සුද්දට වහල් නොවී.කාට කාටත් ඇස් ඇරෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දී තමයි. (අ)
අනේ මහත්තයෝ, මොනවද මේ කියවන්නේ? (නි)
අම්මෝ! මට නම් කොපමණ බදු මිල වැඩිවුණත් කමක් නැහැ ලංකාවේ. නිවාඩු කාලයට ලංකාවට ආවාම පවුලේ අය මාව කවදාවත් කඩේට යවන්නේ නැහැ. ඔය තියෙන කෑළෑ කොළ ටිකක් තිබුනොත් මට තුන් වේලටම ඇති.දැන් ලංකාවේ තියෙන දේවල් කන්නත් බයේ බැහැ, වස කාලා අකාලේ මැරෙන්නත් බයයි (නි)
අපි නම් ඕනෑ නාඩගමකට ඔට්ටුයි (නි)
ඒ වුණාට යූ.එන්.පී. කාලේ මිනිසුන්ට සල්ලි තිබුනා (නි)
එතකොට ඔබතුමාලට පැට්‍රල් ගැන විතරද ඇහුනේ? (නි)
එතකොට තෙල් ගැනුම් මිලයි විකිණුම් මිලයි අතර පරතරය අහස පොළව වගේ වෙන්නේ කාගේ අබිමතයටද? (නි)
යු.එන්. පි. රජයන් කාලේ එක සොච්චමක් අඩුකළාද? අතීතය අමතකද ඔබට? දෙන්නම්කෝ අපි ඡන්දය (නි)