IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රජයේ සේවක දීමනාව 1200 කින් වැඩි කරයි

ලබන වසරේ සිට රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් වැඩි කරන බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

2006 ට පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500 ක වියදමක්ද ඊට පසු විශ්‍රාම ගිය අයට රුපියල් 350 ක් ද වැඩි කෙරේ.

විනිසුරුවරුන්ගේ පෞද්ගලික දීමනාව සියයට අටකින් වැඩි කෙරේ.

 

 



අදහස් (0)

රජයේ සේවක දීමනාව 1200 කින් වැඩි කරයි

සෙන Friday, 22 November 2013 09:00 AM

විදේශගත වෙලා ලංකාවට විදෙස් විනිමය හොයලා එවන අපිට බදු වලින් තොර වාහනයක්වත් දෙන්න බැරිද? (නි)

:       0       0

නුගේගොඩ Thursday, 21 November 2013 04:19 PM

මම නම් බයේ හිටියේ 2500 ට අඩු කරවී කියලා. ඔබ තුමාට පින්. (ස)

:       0       0

නුවන් Thursday, 21 November 2013 10:10 PM

රට ගිහිල්ලා එන මිනිසුට ලක්ෂ 1.5 දීමනාවක් විතරයි දෙන්නේ. අඩුම ගානේ ඒ මිනිසුන්ට බදුරහිත වාහනයක්වත් ගන්න දෙනවා නම්... (නි)

:       0       0

රේණු Friday, 22 November 2013 09:04 AM

තිබුණු හැටියට මදැයි (නි)

:       0       0

මාගලී Thursday, 21 November 2013 10:14 PM

අර දැන් මේකේ කට්ටියක් ලියලා තිබුනේ දැන් කාලා බීලා සැපසේ ඉන්න පුළුවන් කියලා. හොදයිනේ ඉතින් (නි)

:       0       0

නන්ද Thursday, 21 November 2013 04:27 PM

අම්මෝ ඇති යන්තම් කාර් එකක් ගන්න සල්ලි මදි වෙලා හිටියේ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 November 2013 10:44 PM

මේකට අදහස් ලියන පිටරට ඉන්න අයට නම් ප්‍රශ්නයක් නැහැ.ලංකාවේ මිනිස්සු ගැන කණගාටුයි (නි)

:       0       0

චන්දන ගයාන් Thursday, 21 November 2013 04:28 PM

රජයේ සේවකයින්ට 1200 වැඩි වෙද්දී අමාරුවෙන් ජීවත් වන අහිංසක මිනිස්සුන්ට මොනවද ලැබෙන්නේ. තව පොඩ්ඩක් ජිවන බර වැඩි වේවිද ?(නදී)

:       0       0

එදිරිසිංහ Thursday, 21 November 2013 10:54 PM

හිනා කටයි ඇමතිවරුන්ගේ ජනාදිපති තුමනි ඇමති වරප්‍රසද අඩුකර ඊලග අය වැය ඒමට පෙර රජයේ සේවයේ නියත වන අසරණ ජනතාවට සෙතක් සැලසීමට ජනාදිපති තුමාගේ අවධානය යොමුවී අදාල රාජ්‍ය ආයතන දියුණුව කරා ඔසවා තබා රටේ රාජ්‍ය පරිපාලනය නිවැරදි රජයේ සේවකයන් බ්හිකර රටට සෙතක් අත් කර දෙන්න ජය ශ්‍රී (අ)

:       0       0

තිලක් ඩුබායි Thursday, 21 November 2013 10:54 PM

දුරන්ග් 2014 වර්ෂය අවසන් වෙනකොට මේ රටේ අහිංසක මිනිසුන්ගේ බඩයි පිටකොන්දයි අතරේ පරතරය කොච්චර අඩු වෙයිද? වැඩි වෙයි ද?හොදම අදහස ඔබෙයි.

:       0       0

එදිරිසිංහ Thursday, 21 November 2013 10:55 PM

හිනා කටයි ඇමතිවරුන්ගේ ජනාදිපති තුමනි ඇමති වරප්‍රෂද අඩුකර ඊලග අය වැය ඒමට පෙර රජයේ සේවයේ නියත වන අසරණ ජනතාවට සෙතක් සැලසීමට ජනාදිපති තුමාගේ අවධානය යොමුවී අදාල රාජ්‍ය ආයතන දියුණුව කරා ඔසවා තබා රටේ රාජ්‍ය පරිපාලනය නිවැරදි රජයේ සේවකයන් බ්හිකර රටට සෙතක් අත් කර දෙන්න ජය ශ්‍රී (අ)

:       0       0

TIKIRI BANDA Thursday, 21 November 2013 10:56 PM

අර සැණකෙළියට ගෙනාපු අලුත්ම බෙන්ස් එස් 500 චාර් 58 ට සහ අලුත්ම ටොයෝට චොරොල්ල චාර් අකසිය ගානට මොකදවුනේ.අපේ බදු මුදල්වලින් නිසා අපිට අහන්නත් අයිතියක් තියෙනවා.මොකද කලේ කියල.(අ)

:       0       0

ගමා Thursday, 21 November 2013 11:01 PM

තව අවුරුදු දෙකක් ඉවසලා ඉන්නකෝ 2016 දී ලංකාව ආසියාවේ ආශ්චර්යයට පත්වෙනකන් (නි)

:       0       0

සුනෙත් Friday, 22 November 2013 09:36 AM

ගම්වල ඉන්න මිනිසු පක්ෂ වලට බෙදිලා බේද බින්න වෙනවා..නායකයෝ සිනා සාගරේ ගිලෙනවා.. (ස)

:       0       0

හඳයා Friday, 22 November 2013 09:36 AM

නිකන් ඉන්න මිනිසුන්ට සත පහක් දෙන්න හොඳ නෑ නිකන් කන්න...ඔය හොඳටම ඇති දුන්නා... (ස)

:       0       0

සේන Friday, 22 November 2013 09:49 AM

සතුටුදායක අය වැයක් නෙමෙයි කියලයි මගේ මතය. කොහොමටත් මිනිස්සුන්ට ඇත්තටම අමාරු කාලයක්. පොදු ජනතාවගෙ පැත්තෙන් හිතල ලයිට් බිල, කිරිපිටි ඇතුලු අත්‍යාවශ්‍ය බඩු වල මිල පහල දැමිය යුතුයි. (ස)

:       0       0

දිලංක Thursday, 21 November 2013 04:50 PM

අනේ අපේ රටේ මිනිස්සු! (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 22 November 2013 03:42 PM

රු1200 න් අපට හොඳට කාලා බීලා ඉන්න පුලුවන්. (ස)

:       0       0

උපුල් Friday, 22 November 2013 10:11 AM

මමත් රජයේ සේවකයෙක්. 1200 ක් හරි දුන්න එක සතුටුයි.ඒත් ගොවියො, දුප්පත් කම්කරුවන්ට කාගේ සරණද?? ඒ මිනිස්සු ජිවත් වන්නේ හරිම අමාරුවෙන්. (ස)

:       0       0

බමුණු Friday, 22 November 2013 10:28 AM

"විදේශ ගත වෙලා ලංකාවට විදෙස් විනිමය හොයලා එවන අපිට බදු වලින් තොර වාහනයක්වත් දෙන්න බැරිද?" කොහොමද හලෝ එහෙම කොරන්නේ එහෙම ගියෝත් අවුරුදු පහෙන් විශ්‍රාම වැටුපත් ඉල්ලයි. (ස)

:       0       0

සුම්ත් Friday, 22 November 2013 12:00 AM

රුපියල් 1000 තේ බොන්නත් මදියි ඒකත් තියාගන්න( ස)

:       0       0

ජීවක Thursday, 21 November 2013 05:04 PM

1200 ක් කිව්වේ මාසයකටද ? (නි)

:       0       0

දිසා Friday, 22 November 2013 10:31 AM

ජය වේවා ...මේ දීල තියෙන දේවල් හොඳටම ඇති මේ කාලේ හැටියට ,අද රටේ තියන තත්වේ හැටියට අපේ අය දන්නවා කොහොම හරි පඩි වැඩි කරන්න .(නදී)

:       0       0

දිලාන් Thursday, 21 November 2013 05:04 PM

කිරි පිටි ලොකු පැකට් එකක් ගන්නම රු.1000ක් ඕනෑ. (නි)

:       0       0

මැනික් Friday, 22 November 2013 12:27 AM

අයවැය කෙසේ වෙතත් කට්ටිය ගයන්තව වට කරගෙන ඉන්න එක නම් ඇල්ලුවේ නැ....(ස)

:       0       0

පෙරේරා Friday, 22 November 2013 12:28 AM

සීනිබෝල!!! ජීවනවියදම කීයකින්ද වැඩි වෙන්නේ?????(ස)

:       0       0

ඩයස් Friday, 22 November 2013 12:44 AM

ජනාධිපති තුමනි පිට රට ඉන්න අපි දුක්විදල විදේශ මුදල් එකතු කරන අප ගැන කිසිම රජයකබට පෙනේනේ නැ ඔබත් අපව අමතක කල නේද (ස)

:       0       0

සදුනි දුනුවිල Friday, 22 November 2013 12:46 AM

පුද්ගලික අංශයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් මොකටද සහන දෙන්නේ? ඒ මොන ආර්ථික විද්‍යාව අනුවද?( ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 22 November 2013 10:59 AM

2013 අයවැයෙනුත් 2006 ට කලින් විශ්‍රාම ගිය රජයේ සේවකයින්ට රුපියල් 1000/- ක් දෙවරකදී (500/- බැගින්) ගෙවනවා කියල ගෙව්වේ 2013 ජනවාරියේ සිට රුපියල් 500/- ක් විතරයි. ඉතිරි 500/- මුදල 2013 ජුලි සිට ගෙවන්න තිබුනේ. නමුත් ඒක ගෙව්වේ නැහැ. 2014 යෝජනාවලින් ඔය කියන රුපියල් 500/- වැටුප් වැඩිකිරීම 2013 අවුරුද්දේ නොගෙවපු මුදල මිසක් අලුත් ගෙවීමක් නොවෙයි. මේකත් ගෙවන කම් අපි විශ්වාස කරන්නේ නැහැ. මේ රටේ තියෙන ආර්ථික පසුබිමේ හැටියට මාසයකට රුපියල් 500/ ක් වැඩිකිරීම විහිළුවක් 2006 ට කලින් විශ්‍රාම ගිය අයගේ විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම පසෙකට දමා කරන ප්‍රෝඩාවක්. 2006 ට කලින් විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමික රජයේ නිලධාරීන් නැවතත් නොසලකා හැරීමක්.(නදී)

:       0       0

චමින්ද Thursday, 21 November 2013 05:46 PM

බාලගිරි දෝෂය වගේ නොවේවි නේද? (නි)

:       0       0

කපිල Thursday, 21 November 2013 05:50 PM

අතිගරු ජනාධිපතිතුමනි, පුද්ගලික අංශයේ අපිත් වැඩ කරන්නේ මෙරට වෙනුවෙන්. අපිටත් ජිවන වියදම දැනෙනවා. පුද්ගලික අංශය අමතක කරන්න එපා (නි)

:       0       0

බෙනට් Friday, 22 November 2013 11:19 AM

කැන්ඩි විකී වෙත" ඔයාල වගේ පිට රට සේවය කරන අයටත් ඔය හොද සහනයක් දීල තියෙන්නේ දුරකථන ගාස්තු වැඩි කරලා.(නදී)

:       0       0

බෙනට් Friday, 22 November 2013 11:22 AM

සියල්ලම දේශපාලකයනුයි , රජයේ සේවකයනුයි වැඩි කරගන්නවා. අනිත් ජනතාවට මොනවද වෙන්නේ? (නදී)

:       0       0

පද්මිණි Thursday, 21 November 2013 05:50 PM

එතකොට ගොවියෝ, රැකියා නොකරන දුප්පතුන්ට මොනවද? මම කියන්නේ සැමටම ජිවන වියදම් දීමනාවක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

සුමුදු Friday, 22 November 2013 02:40 AM

1200ක් කියන්නේ ඩොලර් 8 ක් විතර. අපෝ හොඳටම ඇති. මේ පාරත් මම ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

චානක Thursday, 21 November 2013 06:18 PM

පඩි වැඩිකළාට වැඩක් නැහැ. ජිවන වියදම අඩුකළා නම් හොදයි.පඩි වැඩිකරලා ජිවන වියදමත් වැඩිකළොත් මොනවා වෙයිද? (නි)

:       0       0

දුසන්ත යග්ගහවිට Friday, 22 November 2013 05:04 AM

රජයේ සේවකයන් බහුතරයක් වැඩ කරන්නේ නැහැ. දුප්පත් මනුෂ්‍යයකුට රජයේ ආයතනයකින් වැඩක් කරගන්න බැහැ රටක් දියුණු වෙන් ඔනතරම් රාජ්‍ය අංශ කැපවීමෙන් වැඩ කළ යුතුය. (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 November 2013 06:30 PM

ඉස්සර අපි ඩුබායි ඉදලා එනකොට දෙවියනේ කියලා විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ ගෙනාවා. අපිට අසාධාරන විදිහට බදු මුදල් පැනවූයේ නැහැ.දැන් අපි ගෙනෙන්නේ,හාල්,පරිප්පු,කරවල,ටින් කෑම ජාති සහ ඇදුම් පැළදුම්.ඒත් පෙට්ටිය වටේ කරකැවිලා රුපියල් 8000-15000ක් බදු ගහනවාමයි. (නි)

:       0       0

රටේ රාළ Friday, 22 November 2013 05:08 AM

දුවල ගිහිල්ල ලම්බෝර්ගිනි එකක් ගන්න ඕනේ රුපියල් 1200 න්. යකෝ ආණ්ඩුවේ මැති ඇමති වරුන්ට රුපියල් 50000 වැඩි කරලා අපිට 1200 වැඩි කරපු උත්තමයට සුබ අනාගතයක්. දැන්නම් තුන්වේලම හොඳට කල බීල කියක් හරි ඉතුරු කර ගන්නත් පුළුවන්. වාසනාවන්. (අ)

:       0       0

සනත් ඉතාලිය Friday, 22 November 2013 05:15 AM

මේ හැම දෙයක්ම කරන්නේ පිටරට ඉන්න අපි හම්බකරන විදෙස් විනිමයෙන්.එහෙත් අපිට කවදාවත් සහනයක් නැහැ. අඩුම තරමින් බැංකුවකින් ණයක් ගන්න පුලුවන්ද?බදු සහනයක්( 100 % නොවේ )යටතේ වාහනයක් ගන්න පුලුවන්ද? වැඩිපුර එක විදුලි පංකාවක් ගන්න පුලුවන්ද? ඒ වුණාට ලංකාවේ තිබෙන වාහන දැක්කම පුදුම හිතෙනවා. මේ හැම වාහනයක්ම ලංකාවට අාවේ බදු ගෙවලද කියලා. (නි)

:       0       0

උකුස්ස Friday, 22 November 2013 05:17 AM

මේ දීමනාව දැක්කම මට මෙහෙම කියන්න හිතෙනවා. දන්සල් දොරෙහි නැත යදියෝ, සල්පිල් වලය පුරවැසියෝ .... මේ කේතුමතී නුවරයි..... ඇයි අපි කාටත් අගහිගකම් නැහැනේ (නි)

:       0       0

චන්දන ගයාන් Thursday, 21 November 2013 06:43 PM

1200කින් පඩිය වැඩි වෙද්දී පොල් අතු පැලේ සිටින අප වෙනුවෙන් පාරිභෝගික භාන්ඩ වල මිළ ඉහළ යාවිද? (නදී)

:       0       0

නාමල් Thursday, 21 November 2013 06:47 PM

කිසිම ඉරිසියාවකින් තොරවයි මේ ටික කියන්නේ, පුද්ගලික අංශයේ වැඩ කරන අය‍ට මොකද වෙන්නේ? හැමෝටම උගත්කමින් හෝ දේශපාලන හැදුනුම්කම් ඔස්සේ හෝ රජයේ රැකියා ලබාගන්න අපහසුනේ. ඕක නිසානේ ජනතාව දේශපාලකන්ගේ පස්සෙන් යන්නේ, කොහොමහරි රජයේ රැකියාවක් ලබා ගන්න (නි)

:       0       0

කල්ප Thursday, 21 November 2013 07:01 PM

මම 2002 ලිපිකරු සේවයේ අධි ශ්‍රේණියට පත්වුණා. 2004 දී ලිපිකරු සේවයේ අය කළමනාකර සහකාර සේවයට අන්තර්ග්‍රහණය කර පඩි වැඩිකළත් අධි හ්‍රේණියේ අපිට වැඩිකළේ නැත. එනිසා 2006 වැඩිවීමත් නොමැත. 2006 න් පසු විශ්‍රාම නිසා විශ්‍රාමයට වැඩිවීද නොමැත. මේවා විසඳන්නේ කවදාද? (නි)

:       0       0

මිනිපෙ Friday, 22 November 2013 06:57 AM

අනේ සර්, ගාණ නම් මදි. (නි)

:       0       0

රොකී Thursday, 21 November 2013 07:08 PM

ඇයි එතකොට අපේ ගරු ඇමතිතුමන්ලා? එයාලව අමතක වෙලාද? (නි)

:       0       0

සුදත් Friday, 22 November 2013 07:22 AM

රට විරුවන්ට කිසිම සහනයක් නැහැ. විදේශ සේවා ගාස්තුව හරි කප්පාදු කල යුතුයි.(නදී)

:       0       0

තුෂී Wednesday, 27 November 2013 12:58 PM

මම පුද්ගලික ආයතනයක වැඩකරන්නේ. මට අවුරුද්දකට කොහෙමෙත් සියයට 10 යක් වත් වැඩි වෙනවා. මගේ සැමියාගේ පියා රජයේ රැකියාවලට කැමතියි. ඉතින් ඔහු බල කලා මගේ සැමියට අපේ ආයතනයෙන් අයින් වෙලා රජයේ රැකියාවකට යන්න කියලා. මගේ ගිය අවුරුද්දේ ඉන්ක්‍රිමන්ට් එකට වඩා මහත්තයගේ පඩිය වැඩි රුපියල් තුන්දාහයි. අපි දෙන්නටම තියෙන්නේ එකම සුදුසු කම ඒත් වැටුපේ වෙනස අහසට පොළොව වගේ. මට හිතාගන්න බැහැ රජයේ රැකියාවක් කරන තාත්ත කෙනෙක් තමන්ගේ පවුල නඩත්තු කරන්න මො තරම් යුද්ධයක් කරන්න ඕනෙද කියලා.(නදී)

:       0       0

කැන්ඩි විකී Thursday, 21 November 2013 03:35 PM

ඔය සේරම රජයේ සේවකයින්ටනේ. අපි වගේ පිටරට සේවය කරන අයට දෙන සහන මොනවද? (නදී)

:       0       0

අශාන් Thursday, 21 November 2013 07:27 PM

මම හිතන්නේ අයවැයෙන් වැටුප් වැඩිවීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ (නි)

:       0       0

නිහාල් පීරිස් Thursday, 21 November 2013 03:43 PM

ඔය ඇති ඉතිරි ටික පස්සේ (නදී)

:       0       0

ලක්මාල් Thursday, 21 November 2013 03:43 PM

ස්තුතියි. (නදී)

:       0       0

රකිත් Friday, 22 November 2013 07:43 AM

අනේ මන්දා, මම නම් අහගෙනයි එක ඇමතිවරයෙක් කියනවා රු10,000කින් වත් වැඩි විය යුතුයි කියලා. මොකද දැන් සාමාන්‍ය පවුලකට අඩුම වශයෙන් රු 47,000 වත් අවශ්‍යයි කියලා ජිවත් වෙන්න. (නි)

:       0       0

මදුසංක Thursday, 21 November 2013 03:44 PM

අතිගරු ජනාධිපති තුමනි, රජයේ සේවකයාට මෙන්ම පුද්ගලික අංශයේ අපිටත් ජිවන වියදම දැනෙනවා. පුද්ගලික අංශය අමතක විම කණගාටුවට කරුනක්..!(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 November 2013 07:50 AM

පිටරට වලට එන අසරණ මිනිසුන්ගෙන් විදේශ ‍ සේවා එකෙන් රක්ෂණය කියලා ගන්න ගණන වැඩි කරලද?අඩු කරලද? (නි)

:       0       0

දයා Thursday, 21 November 2013 03:46 PM

රජයේ සේවකයින්ට දැන්නම් සැපසේ ජීවත් වෙන්න පුළුවන්. (ස)

:       0       0

ඇන්ටන් Thursday, 21 November 2013 07:59 PM

අනේ පවු. රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා ජනතාවට සේවය කරන අහිංසක ඇමැතිවරුන්ට කිසිම සහනයක් දීලා නැති හැඩයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 22 November 2013 07:56 AM

කොච්චර රට දියුණු වුණත් වැඩක් තියෙනවද රටේ අසරණ දරුවන්ට තුන් වේල කාලා අැදලා ඉන්න බැරි නම්. (නි)

:       0       0

ගැමා Friday, 22 November 2013 07:56 AM

හැම අයවැයකින්ම කීයක් හරි වැඩිවෙනවනේ. එහෙත් ඒක වැඩිවෙන්නේ කොටස් වලටනේ. ඒ කිව්වේ 25%ක් ජනවාරිවල, තව 25%ක් තව මාස කීපයකින් ඒක වැඩි වෙනවද කියලා අපි දන්නේ නැහැනේ. (නි)

:       0       0

චතුර Friday, 22 November 2013 01:55 PM

මේ කරපු උපකාරයට කළගුණ සලකන්න ඡන්දයක් එනකන් ඡනතාව බලාගෙන ඉන්නවා. (ස)

:       0       0

සමීර සාලින්ද Thursday, 21 November 2013 03:50 PM

උද්දමනය වැඩි වු පමණින් වැටුප් වැඩි වී නොමැත. පෞද්ගලික අංශයේ සේවකයින්ට කිසිදු දීමනාවක් වෙන් කර නැත. මෙම අය වැය අසාදාරන අය වැයකි.(නදී)

:       0       0

අනුර Thursday, 21 November 2013 03:53 PM

පඩිවැඩි කළයුතු වන්නේ වැඩ කරණ ජනතාවටයි ගොවියටයිග. ( ස )

:       0       0

බමුණු Friday, 22 November 2013 08:09 AM

පඩි වැඩිවිය යුත්තේ වැඩකරන මිනිසුන්ටයි (නි)

:       0       0

ධම්මි Thursday, 21 November 2013 03:54 PM

රජයේ සේවකයන්ට විතරක් නොවේ පවුද්ගලික අංශයේ අපිටත් මේවගේ දීමනාවක් ලබුනන් නේද හොද , මොකද අපිත් කන්නේ රජයේ සේවකයන් කන තැන්වලින්ම තමයි . අපිත් රජයට බදු ගෙවනවානේ ....(. ස )

:       0       0

බමුණු Friday, 22 November 2013 08:14 AM

"කොච්චර රට දියුණු වුණත් වැඩක් තියෙනවද රටේ අසරණ දරුවන්ට තුන් වේල කාලා අැදලා ඉන්න බැරි නම්." කන්න නම් තිබෙනවා, නමුත් ටීවී වල වෙළද දැන්වීම් වල යන ඒවා නොවෙයි. කන්න නැහැයි කියලා මිනිසුන් මැරිලා තිබෙනවද? (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 02:06 PM

ඇති යාන්තම්...1200 ක් වැඩි කරලා මට ලංකාවට ඇවිත් රජයේ රැකියාවකට යන්න ලැබුනොත් පෙර පිනක්..ආයේ ඉතාලියේ පස් පාගන්නේ නෑ...අම්මෝ රුපියල් 1200 ක් කිව්වාම මටයි මගේ දරු පවුලටයි ජිවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් වෙයි. (ස)

:       0       0

බමුණු Friday, 22 November 2013 08:16 AM

අය වැයෙන් වැඩි වුණ දේවල් බඩු ගන්න ගියාම බලා ගන්න පුළුවන්. (නි)

:       0       0

නිසාර් Thursday, 21 November 2013 08:29 PM

පුද්ගලික අංශයට කොහොමද අප්පා රජයෙන් පඩි වැඩි කරන්නේ. ඒවා ඉතින් බොස්ලත් එක්ක බලාගන්න. ඕනිනම් අර උපයන විට ගෙවීම් බද්ද නැති කරන්න කියන්න. පුද්ගලික අංශයට මොනවහරි දෙනවනම් අර උපාධි ගහලා නො ජොබ් කම්පනියේ වැඩකරන අයට මොනවහරි දෙන්න. (අ)

:       0       0

‍‍ජේමිස් අප්පු Thursday, 21 November 2013 04:01 PM

ගොඩක් හොදයි.(නදී)

:       0       0

සමන් Friday, 22 November 2013 02:28 PM

මොකද අර සින්දු මෑන් ලොකුවට හිනා වෙන්නේ. මොකද එයත් රජයේ සේවක්යකේ නිසා පඩි වැඩි උන් නිසාද. (ස)

:       0       0

නීලා Thursday, 21 November 2013 04:07 PM

ඔයින් ගියා ඇති. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 21 November 2013 08:42 PM

සියයට දාහකින් බඩුමිල වැඩිකරලා ,රුපියල් 1200 පඩි වැඩි කරලා ලංකාවේ මිනිස්සු කන්නේ අදින්නේ කොහොමද,මේකට අදහස් ලියන පිටරට ඉන්න අයටනම් ප්‍රස්නයක් නැහැ.ලංකාවේ මිනිස්සු ගැන කණගාටුයි .(අ)

:       0       0

මාලා Thursday, 21 November 2013 04:08 PM

මමත් පැන්ෂන් කාරයෙක්. දැන් නම් මට කාල ඇඳල සන්තෝෂෙන් ඉන්න පුළුවනි. 350 ක් ලොකු ගානක්.(නදී)

:       0       0

සිරානි Thursday, 21 November 2013 04:08 PM

ගොඩක් සතුටු වෙන්න එපා.ඕක 2016 අවුරුද්දේ ජනවාරි සිට ක්‍රීයාත්මක වෙන එකක්ද දන්නේ නැහැනේ. (ස)

:       0       0

එදිරිසිංහ Thursday, 21 November 2013 08:52 PM

ඔය ඉලක්කම් 4 වෙනස්වී 5 ඉලක්කම වෙන කාලයට තව කොපමණ කාලයක් අපි බලාගෙන ඉන්න ඕනෙද (අ)

:       0       0

දුරන්ග් Thursday, 21 November 2013 09:04 PM

2014 වර්ෂය අවසන් වෙනකොට මේ රටේ අහිංසක මිනිසුන්ගේ බඩයි පිටකොන්දයි අතරේ පරතරය කොච්චර අඩු වෙයිද? වැඩි වෙයි ද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 883 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 626 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 743 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1303 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 524 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 28 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 157 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site