ලබන වසරේ සිට රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් වැඩි කරන බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
2006 ට පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500 ක වියදමක්ද ඊට පසු විශ්‍රාම ගිය අයට රුපියල් 350 ක් ද වැඩි කෙරේ.
විනිසුරුවරුන්ගේ පෞද්ගලික දීමනාව සියයට අටකින් වැඩි කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයන් බහුතරයක් වැඩ කරන්නේ නැහැ. දුප්පත් මනුෂ්‍යයකුට රජයේ ආයතනයකින් වැඩක් කරගන්න බැහැ රටක් දියුණු වෙන් ඔනතරම් රාජ්‍ය අංශ කැපවීමෙන් වැඩ කළ යුතුය. (අ)
හැම අයවැයකින්ම කීයක් හරි වැඩිවෙනවනේ. එහෙත් ඒක වැඩිවෙන්නේ කොටස් වලටනේ. ඒ කිව්වේ 25%ක් ජනවාරිවල, තව 25%ක් තව මාස කීපයකින් ඒක වැඩි වෙනවද කියලා අපි දන්නේ නැහැනේ. (නි)
කොච්චර රට දියුණු වුණත් වැඩක් තියෙනවද රටේ අසරණ දරුවන්ට තුන් වේල කාලා අැදලා ඉන්න බැරි නම්. (නි)
පිටරට වලට එන අසරණ මිනිසුන්ගෙන් විදේශ සේවා එකෙන් රක්ෂණය කියලා ගන්න ගණන වැඩි කරලද?අඩු කරලද? (නි)
අනේ මන්දා, මම නම් අහගෙනයි එක ඇමතිවරයෙක් කියනවා රු10,000කින් වත් වැඩි විය යුතුයි කියලා. මොකද දැන් සාමාන්‍ය පවුලකට අඩුම වශයෙන් රු 47,000 වත් අවශ්‍යයි කියලා ජිවත් වෙන්න. (නි)
රට විරුවන්ට කිසිම සහනයක් නැහැ. විදේශ සේවා ගාස්තුව හරි කප්පාදු කල යුතුයි.(නදී)
අනේ සර්, ගාණ නම් මදි. (නි)
මේ දීමනාව දැක්කම මට මෙහෙම කියන්න හිතෙනවා. දන්සල් දොරෙහි නැත යදියෝ, සල්පිල් වලය පුරවැසියෝ .... මේ කේතුමතී නුවරයි..... ඇයි අපි කාටත් අගහිගකම් නැහැනේ (නි)
මේ හැම දෙයක්ම කරන්නේ පිටරට ඉන්න අපි හම්බකරන විදෙස් විනිමයෙන්.එහෙත් අපිට කවදාවත් සහනයක් නැහැ. අඩුම තරමින් බැංකුවකින් ණයක් ගන්න පුලුවන්ද?බදු සහනයක්( 100 % නොවේ )යටතේ වාහනයක් ගන්න පුලුවන්ද? වැඩිපුර එක විදුලි පංකාවක් ගන්න පුලුවන්ද? ඒ වුණාට ලංකාවේ තිබෙන වාහන දැක්කම පුදුම හිතෙනවා. මේ හැම වාහනයක්ම ලංකාවට අාවේ බදු ගෙවලද කියලා. (නි)
දුවල ගිහිල්ල ලම්බෝර්ගිනි එකක් ගන්න ඕනේ රුපියල් 1200 න්. යකෝ ආණ්ඩුවේ මැති ඇමති වරුන්ට රුපියල් 50000 වැඩි කරලා අපිට 1200 වැඩි කරපු උත්තමයට සුබ අනාගතයක්. දැන්නම් තුන්වේලම හොඳට කල බීල කියක් හරි ඉතුරු කර ගන්නත් පුළුවන්. වාසනාවන්. (අ)
පඩි වැඩිවිය යුත්තේ වැඩකරන මිනිසුන්ටයි (නි)
1200ක් කියන්නේ ඩොලර් 8 ක් විතර. අපෝ හොඳටම ඇති. මේ පාරත් මම ඡන්දෙ දෙනවා. (නි)
පුද්ගලික අංශයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් මොකටද සහන දෙන්නේ? ඒ මොන ආර්ථික විද්‍යාව අනුවද?( ස)
ජනාධිපති තුමනි පිට රට ඉන්න අපි දුක්විදල විදේශ මුදල් එකතු කරන අප ගැන කිසිම රජයකබට පෙනේනේ නැ ඔබත් අපව අමතක කල නේද (ස)
සීනිබෝල!!! ජීවනවියදම කීයකින්ද වැඩි වෙන්නේ?????(ස)
අයවැය කෙසේ වෙතත් කට්ටිය ගයන්තව වට කරගෙන ඉන්න එක නම් ඇල්ලුවේ නැ....(ස)
රුපියල් 1000 තේ බොන්නත් මදියි ඒකත් තියාගන්න( ස)
තව අවුරුදු දෙකක් ඉවසලා ඉන්නකෝ 2016 දී ලංකාව ආසියාවේ ආශ්චර්යයට පත්වෙනකන් (නි)
අර සැණකෙළියට ගෙනාපු අලුත්ම බෙන්ස් එස් 500 චාර් 58 ට සහ අලුත්ම ටොයෝට චොරොල්ල චාර් අකසිය ගානට මොකදවුනේ.අපේ බදු මුදල්වලින් නිසා අපිට අහන්නත් අයිතියක් තියෙනවා.මොකද කලේ කියල.(අ)
"විදේශ ගත වෙලා ලංකාවට විදෙස් විනිමය හොයලා එවන අපිට බදු වලින් තොර වාහනයක්වත් දෙන්න බැරිද?" කොහොමද හලෝ එහෙම කොරන්නේ එහෙම ගියෝත් අවුරුදු පහෙන් විශ්‍රාම වැටුපත් ඉල්ලයි. (ස)
මම පුද්ගලික ආයතනයක වැඩකරන්නේ. මට අවුරුද්දකට කොහෙමෙත් සියයට 10 යක් වත් වැඩි වෙනවා. මගේ සැමියාගේ පියා රජයේ රැකියාවලට කැමතියි. ඉතින් ඔහු බල කලා මගේ සැමියට අපේ ආයතනයෙන් අයින් වෙලා රජයේ රැකියාවකට යන්න කියලා. මගේ ගිය අවුරුද්දේ ඉන්ක්‍රිමන්ට් එකට වඩා මහත්තයගේ පඩිය වැඩි රුපියල් තුන්දාහයි. අපි දෙන්නටම තියෙන්නේ එකම සුදුසු කම ඒත් වැටුපේ වෙනස අහසට පොළොව වගේ. මට හිතාගන්න බැහැ රජයේ රැකියාවක් කරන තාත්ත කෙනෙක් තමන්ගේ පවුල නඩත්තු කරන්න මො තරම් යුද්ධයක් කරන්න ඕනෙද කියලා.(නදී)
රු1200 න් අපට හොඳට කාලා බීලා ඉන්න පුලුවන්. (ස)
මොකද අර සින්දු මෑන් ලොකුවට හිනා වෙන්නේ. මොකද එයත් රජයේ සේවක්යකේ නිසා පඩි වැඩි උන් නිසාද. (ස)
ඇති යාන්තම්...1200 ක් වැඩි කරලා මට ලංකාවට ඇවිත් රජයේ රැකියාවකට යන්න ලැබුනොත් පෙර පිනක්..ආයේ ඉතාලියේ පස් පාගන්නේ නෑ...අම්මෝ රුපියල් 1200 ක් කිව්වාම මටයි මගේ දරු පවුලටයි ජිවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් වෙයි. (ස)
මේ කරපු උපකාරයට කළගුණ සලකන්න ඡන්දයක් එනකන් ඡනතාව බලාගෙන ඉන්නවා. (ස)
සියල්ලම දේශපාලකයනුයි , රජයේ සේවකයනුයි වැඩි කරගන්නවා. අනිත් ජනතාවට මොනවද වෙන්නේ? (නදී)
කැන්ඩි විකී වෙත" ඔයාල වගේ පිට රට සේවය කරන අයටත් ඔය හොද සහනයක් දීල තියෙන්නේ දුරකථන ගාස්තු වැඩි කරලා.(නදී)
2013 අයවැයෙනුත් 2006 ට කලින් විශ්‍රාම ගිය රජයේ සේවකයින්ට රුපියල් 1000/- ක් දෙවරකදී (500/- බැගින්) ගෙවනවා කියල ගෙව්වේ 2013 ජනවාරියේ සිට රුපියල් 500/- ක් විතරයි. ඉතිරි 500/- මුදල 2013 ජුලි සිට ගෙවන්න තිබුනේ. නමුත් ඒක ගෙව්වේ නැහැ. 2014 යෝජනාවලින් ඔය කියන රුපියල් 500/- වැටුප් වැඩිකිරීම 2013 අවුරුද්දේ නොගෙවපු මුදල මිසක් අලුත් ගෙවීමක් නොවෙයි. මේකත් ගෙවන කම් අපි විශ්වාස කරන්නේ නැහැ. මේ රටේ තියෙන ආර්ථික පසුබිමේ හැටියට මාසයකට රුපියල් 500/ ක් වැඩිකිරීම විහිළුවක් 2006 ට කලින් විශ්‍රාම ගිය අයගේ විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම පසෙකට දමා කරන ප්‍රෝඩාවක්. 2006 ට කලින් විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමික රජයේ නිලධාරීන් නැවතත් නොසලකා හැරීමක්.(නදී)
ජය වේවා ...මේ දීල තියෙන දේවල් හොඳටම ඇති මේ කාලේ හැටියට ,අද රටේ තියන තත්වේ හැටියට අපේ අය දන්නවා කොහොම හරි පඩි වැඩි කරන්න .(නදී)
හිනා කටයි ඇමතිවරුන්ගේ ජනාදිපති තුමනි ඇමති වරප්‍රෂද අඩුකර ඊලග අය වැය ඒමට පෙර රජයේ සේවයේ නියත වන අසරණ ජනතාවට සෙතක් සැලසීමට ජනාදිපති තුමාගේ අවධානය යොමුවී අදාල රාජ්‍ය ආයතන දියුණුව කරා ඔසවා තබා රටේ රාජ්‍ය පරිපාලනය නිවැරදි රජයේ සේවකයන් බ්හිකර රටට සෙතක් අත් කර දෙන්න ජය ශ්‍රී (අ)
මමත් රජයේ සේවකයෙක්. 1200 ක් හරි දුන්න එක සතුටුයි.ඒත් ගොවියො, දුප්පත් කම්කරුවන්ට කාගේ සරණද?? ඒ මිනිස්සු ජිවත් වන්නේ හරිම අමාරුවෙන්. (ස)
සතුටුදායක අය වැයක් නෙමෙයි කියලයි මගේ මතය. කොහොමටත් මිනිස්සුන්ට ඇත්තටම අමාරු කාලයක්. පොදු ජනතාවගෙ පැත්තෙන් හිතල ලයිට් බිල, කිරිපිටි ඇතුලු අත්‍යාවශ්‍ය බඩු වල මිල පහල දැමිය යුතුයි. (ස)
නිකන් ඉන්න මිනිසුන්ට සත පහක් දෙන්න හොඳ නෑ නිකන් කන්න...ඔය හොඳටම ඇති දුන්නා... (ස)
ගම්වල ඉන්න මිනිසු පක්ෂ වලට බෙදිලා බේද බින්න වෙනවා..නායකයෝ සිනා සාගරේ ගිලෙනවා.. (ස)
තිබුණු හැටියට මදැයි (නි)
විදේශගත වෙලා ලංකාවට විදෙස් විනිමය හොයලා එවන අපිට බදු වලින් තොර වාහනයක්වත් දෙන්න බැරිද? (නි)
අය වැයෙන් වැඩි වුණ දේවල් බඩු ගන්න ගියාම බලා ගන්න පුළුවන්. (නි)
"කොච්චර රට දියුණු වුණත් වැඩක් තියෙනවද රටේ අසරණ දරුවන්ට තුන් වේල කාලා අැදලා ඉන්න බැරි නම්." කන්න නම් තිබෙනවා, නමුත් ටීවී වල වෙළද දැන්වීම් වල යන ඒවා නොවෙයි. කන්න නැහැයි කියලා මිනිසුන් මැරිලා තිබෙනවද? (නි)
ඔයින් ගියා ඇති. (නදී)
බාලගිරි දෝෂය වගේ නොවේවි නේද? (නි)
කිරි පිටි ලොකු පැකට් එකක් ගන්නම රු.1000ක් ඕනෑ. (නි)
1200 ක් කිව්වේ මාසයකටද ? (නි)
අනේ අපේ රටේ මිනිස්සු! (නි)
රජයේ සේවකයින්ට 1200 වැඩි වෙද්දී අමාරුවෙන් ජීවත් වන අහිංසක මිනිස්සුන්ට මොනවද ලැබෙන්නේ. තව පොඩ්ඩක් ජිවන බර වැඩි වේවිද ?(නදී)
අම්මෝ ඇති යන්තම් කාර් එකක් ගන්න සල්ලි මදි වෙලා හිටියේ (නදී)
මම නම් බයේ හිටියේ 2500 ට අඩු කරවී කියලා. ඔබ තුමාට පින්. (ස)
ගොඩක් සතුටු වෙන්න එපා.ඕක 2016 අවුරුද්දේ ජනවාරි සිට ක්‍රීයාත්මක වෙන එකක්ද දන්නේ නැහැනේ. (ස)
මමත් පැන්ෂන් කාරයෙක්. දැන් නම් මට කාල ඇඳල සන්තෝෂෙන් ඉන්න පුළුවනි. 350 ක් ලොකු ගානක්.(නදී)
අතිගරු ජනාධිපතිතුමනි, පුද්ගලික අංශයේ අපිත් වැඩ කරන්නේ මෙරට වෙනුවෙන්. අපිටත් ජිවන වියදම දැනෙනවා. පුද්ගලික අංශය අමතක කරන්න එපා (නි)
ගොඩක් හොදයි.(නදී)
රජයේ සේවකයන්ට විතරක් නොවේ පවුද්ගලික අංශයේ අපිටත් මේවගේ දීමනාවක් ලබුනන් නේද හොද , මොකද අපිත් කන්නේ රජයේ සේවකයන් කන තැන්වලින්ම තමයි . අපිත් රජයට බදු ගෙවනවානේ ....(. ස )
පඩිවැඩි කළයුතු වන්නේ වැඩ කරණ ජනතාවටයි ගොවියටයිග. ( ස )
උද්දමනය වැඩි වු පමණින් වැටුප් වැඩි වී නොමැත. පෞද්ගලික අංශයේ සේවකයින්ට කිසිදු දීමනාවක් වෙන් කර නැත. මෙම අය වැය අසාදාරන අය වැයකි.(නදී)
රජයේ සේවකයින්ට දැන්නම් සැපසේ ජීවත් වෙන්න පුළුවන්. (ස)
අතිගරු ජනාධිපති තුමනි, රජයේ සේවකයාට මෙන්ම පුද්ගලික අංශයේ අපිටත් ජිවන වියදම දැනෙනවා. පුද්ගලික අංශය අමතක විම කණගාටුවට කරුනක්..!(නදී)
ස්තුතියි. (නදී)
ඔය ඇති ඉතිරි ටික පස්සේ (නදී)
අනේ පවු. රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා ජනතාවට සේවය කරන අහිංසක ඇමැතිවරුන්ට කිසිම සහනයක් දීලා නැති හැඩයි (නි)
දුරන්ග් 2014 වර්ෂය අවසන් වෙනකොට මේ රටේ අහිංසක මිනිසුන්ගේ බඩයි පිටකොන්දයි අතරේ පරතරය කොච්චර අඩු වෙයිද? වැඩි වෙයි ද?හොදම අදහස ඔබෙයි.
හිනා කටයි ඇමතිවරුන්ගේ ජනාදිපති තුමනි ඇමති වරප්‍රසද අඩුකර ඊලග අය වැය ඒමට පෙර රජයේ සේවයේ නියත වන අසරණ ජනතාවට සෙතක් සැලසීමට ජනාදිපති තුමාගේ අවධානය යොමුවී අදාල රාජ්‍ය ආයතන දියුණුව කරා ඔසවා තබා රටේ රාජ්‍ය පරිපාලනය නිවැරදි රජයේ සේවකයන් බ්හිකර රටට සෙතක් අත් කර දෙන්න ජය ශ්‍රී (අ)
මේකට අදහස් ලියන පිටරට ඉන්න අයට නම් ප්‍රශ්නයක් නැහැ.ලංකාවේ මිනිස්සු ගැන කණගාටුයි (නි)
අර දැන් මේකේ කට්ටියක් ලියලා තිබුනේ දැන් කාලා බීලා සැපසේ ඉන්න පුළුවන් කියලා. හොදයිනේ ඉතින් (නි)
රට ගිහිල්ලා එන මිනිසුට ලක්ෂ 1.5 දීමනාවක් විතරයි දෙන්නේ. අඩුම ගානේ ඒ මිනිසුන්ට බදුරහිත වාහනයක්වත් ගන්න දෙනවා නම්... (නි)
2014 වර්ෂය අවසන් වෙනකොට මේ රටේ අහිංසක මිනිසුන්ගේ බඩයි පිටකොන්දයි අතරේ පරතරය කොච්චර අඩු වෙයිද? වැඩි වෙයි ද?(ස)
ඔය ඉලක්කම් 4 වෙනස්වී 5 ඉලක්කම වෙන කාලයට තව කොපමණ කාලයක් අපි බලාගෙන ඉන්න ඕනෙද (අ)
සියයට දාහකින් බඩුමිල වැඩිකරලා ,රුපියල් 1200 පඩි වැඩි කරලා ලංකාවේ මිනිස්සු කන්නේ අදින්නේ කොහොමද,මේකට අදහස් ලියන පිටරට ඉන්න අයටනම් ප්‍රස්නයක් නැහැ.ලංකාවේ මිනිස්සු ගැන කණගාටුයි .(අ)
පුද්ගලික අංශයට කොහොමද අප්පා රජයෙන් පඩි වැඩි කරන්නේ. ඒවා ඉතින් බොස්ලත් එක්ක බලාගන්න. ඕනිනම් අර උපයන විට ගෙවීම් බද්ද නැති කරන්න කියන්න. පුද්ගලික අංශයට මොනවහරි දෙනවනම් අර උපාධි ගහලා නො ජොබ් කම්පනියේ වැඩකරන අයට මොනවහරි දෙන්න. (අ)
ඔය සේරම රජයේ සේවකයින්ටනේ. අපි වගේ පිටරට සේවය කරන අයට දෙන සහන මොනවද? (නදී)
මම හිතන්නේ අයවැයෙන් වැටුප් වැඩිවීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ (නි)
ඇයි එතකොට අපේ ගරු ඇමතිතුමන්ලා? එයාලව අමතක වෙලාද? (නි)
මම 2002 ලිපිකරු සේවයේ අධි ශ්‍රේණියට පත්වුණා. 2004 දී ලිපිකරු සේවයේ අය කළමනාකර සහකාර සේවයට අන්තර්ග්‍රහණය කර පඩි වැඩිකළත් අධි හ්‍රේණියේ අපිට වැඩිකළේ නැත. එනිසා 2006 වැඩිවීමත් නොමැත. 2006 න් පසු විශ්‍රාම නිසා විශ්‍රාමයට වැඩිවීද නොමැත. මේවා විසඳන්නේ කවදාද? (නි)
කිසිම ඉරිසියාවකින් තොරවයි මේ ටික කියන්නේ, පුද්ගලික අංශයේ වැඩ කරන අයට මොකද වෙන්නේ? හැමෝටම උගත්කමින් හෝ දේශපාලන හැදුනුම්කම් ඔස්සේ හෝ රජයේ රැකියා ලබාගන්න අපහසුනේ. ඕක නිසානේ ජනතාව දේශපාලකන්ගේ පස්සෙන් යන්නේ, කොහොමහරි රජයේ රැකියාවක් ලබා ගන්න (නි)
1200කින් පඩිය වැඩි වෙද්දී පොල් අතු පැලේ සිටින අප වෙනුවෙන් පාරිභෝගික භාන්ඩ වල මිළ ඉහළ යාවිද? (නදී)
ඉස්සර අපි ඩුබායි ඉදලා එනකොට දෙවියනේ කියලා විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ ගෙනාවා. අපිට අසාධාරන විදිහට බදු මුදල් පැනවූයේ නැහැ.දැන් අපි ගෙනෙන්නේ,හාල්,පරිප්පු,කරවල,ටින් කෑම ජාති සහ ඇදුම් පැළදුම්.ඒත් පෙට්ටිය වටේ කරකැවිලා රුපියල් 8000-15000ක් බදු ගහනවාමයි. (නි)
පඩි වැඩිකළාට වැඩක් නැහැ. ජිවන වියදම අඩුකළා නම් හොදයි.පඩි වැඩිකරලා ජිවන වියදමත් වැඩිකළොත් මොනවා වෙයිද? (නි)
එතකොට ගොවියෝ, රැකියා නොකරන දුප්පතුන්ට මොනවද? මම කියන්නේ සැමටම ජිවන වියදම් දීමනාවක් දෙන්න ඕනෑ. (නි)