IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රජයේ සේවක වැටුප වැඩි කරන්නැයි විරෝධතා

(යොහාන් භාසුර)

සියලු රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 20,000 කින් ඉහළ දමන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ සේවකයෝ අද (27) විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මෙම විරෝධතාව රට පුරා සියලුම රාජ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්විණි.

දීමනා හෝ වැටුප් වැඩිකිරීම් 2024 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීම, 2016 සිට අහිමි කළ පූර්ණ විශ්‍රාම වැටුප් අයිතිය යළි දීම, වැන්දඹු අනත්දරු අරමුදලට වැටුපෙන් සියයට 8 ක් ක් කැපීම නැවැත්වීම සහ සියලු සේවකයින්ගේ ශ්‍රේණි උසස්වීම් වහා ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන ඉල්ලීම් ද මෙම විරෝධතාවට ඇතුළත් වේ.

එහි ප්‍රධාන විරෝධතාව කොළඹ සෙත්සිරිපාය ඉදිරිපිට පැවති අතර එම විරෝධතාවයට වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් චන්දන සූරියආරච්චි මහතා ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (10)

රජයේ සේවක වැටුප වැඩි කරන්නැයි විරෝධතා

Bamunuarachchi Monday, 27 November 2023 02:44 PM

පුළුවන් රස්සාව කරන්න... බැරිනම් දාලා යන්න... ඔයාලාට පඩි ගෙවන්න අපිට හිඟා කන්න බැහැ. වැඩි වැටුප් ගෙවන්නේ 225 බුදලයෙන් නොවෙයි, ජනතාවගෙන් ගන්න බදුවලින් වැඩි පඩි දියව් කියන ජෙප්පන්ගෙන් වැඩි පඩි ඉල්ලා ගනීවි.

:       14       33

Aravinda MonarawilaMonday, 27 November 2023 03:42 PM

රාජපක්ෂලාගේ රටේ සම්පත්, මුදල් හොරාකන විට අන්ධ, ගොළු, බිහිරි වගේ හිටිය අයගේ ඉඳුල් කන අයගේ උපදෙස් මේ රටේ වැඩකරන මිනිස්සුන්ට වුවමනා නැත...

:       8       12

Bamunuarachchi huTuesday, 28 November 2023 01:29 AM

රාජපක්‍ෂල හොරකම් කලා කියලා මේ ජෙප්පෝ කියන්නේ මහ ජෙප්පන්ගේ කථා අහලා මිසක් උන්දන්නා මගුලකට නොවෙයි. විස්තර ඇතිව දන්නවා නම් කියව කියවා ඉන්නේ නැතුව පල උසාවි.

:       0       0

GunendraMonday, 27 November 2023 09:55 PM

100% එකගයි. අපෙන් පඩි අරන් නිකරුණේ කාලය ගතකරන අය.

:       0       0

pakeer Monday, 27 November 2023 03:31 PM

බැරි නම් යන්න... නුඹලාත් වගකියන්න ඕනේ මේවට... පඩිගන්නයි... අපි ගෙවන්නයි... මරු වැඩේ...

:       6       18

නන්දන Monday, 27 November 2023 03:39 PM

මුදල් අච්චු ගහලා රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් කරන්නේ නම් ඩොලරයේ අගය ඊට සාපේක්ෂව ඉහළ නැංවීම කළ යුතුයි. නැත්නම් මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා කරන අයට කරන විශාල අසාධාරණයක් ඒක. මහ බැංකු අධිපතිතුමා මෙය ගැන සලකා බලන්න අවශ්‍යයි. මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා කරන අයට කිසිම බැංකුව කින් ණයක් දෙන්නේ නැහැ. පඩියෙන් හම්බ කරලා ණය ගෙවන විදියට. එතකොට කාලයක් ගියාම ඒ අය ඉතුරු කළ මුදලේ නොම්මරය විතරයි වටිනාකමක් නැහැ... හැම කෙනෙක්ටම NRFC ගිණුම් වල ඉතුරු කරගන්න තරම් මුදලක් ඉතුරු වෙන්නේ නැහැනේ ගෙදර වියදම් ගියාම. ඉතිං සම්පුර්ණ පඩියම ගෙදරට එව්වාම ගෙදර බිරිඳ තමයි ඉන් කොටසක් ඉතිරි කරන්නේ... මේ මුදලේ අගය සොරකම් කර රජයේ සේවකයින්ට වැටුප් වැඩිකිරීම කොතරම් අසාධාරණයක්ද? අනෙක් අතට රජයේ සේවකයින් බැංකු වලින් ණය අරගෙන පසුව පඩි වැඩිකරගෙන ඒ ණය ගෙවනවා. මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා කරන අයද මෙම ප්‍රශ්නයට යම් විසඳුමක් සොයාගත යුතුයි...!

:       2       6

Lalla Monday, 27 November 2023 06:56 PM

විදේශ සේවය සහ පෞද්ගලික අංශය උපයන දෙයින් රාජ්‍ය අංශයට වැඩිපුර ඉල්ලාගෙන දඟලන්න ලජ්ජාව නැතිකම.. මොන නිවට හැතිකරයක්ද,?

:       0       0

Lal Tuesday, 28 November 2023 06:43 AM

පින් පඩි කාරයෝ

:       0       1

Lal Tuesday, 28 November 2023 07:00 AM

පින් පඩි කාරයෝ

:       0       0

gamaathi Tuesday, 28 November 2023 10:05 AM

වැඩ කරලා පඩි ඉල්ලන්න මගේ ගැටලු වක් දැනට අවුරුදු දෙකක් තිස්සේ රජයේ දෙපාර් දෙපාර්තමේන්තුවක නොවිසඳා තියෙනවා අවශ්‍ය නම් තොරතුරු දෙන්න ප් පුළුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 3 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 131 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 31 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 295 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 831 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 899 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site