(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදා රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදන බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ගේ අයිතියක් බවද දැන් එයටත් වැඩේ දෙන්න හදනවා යැයිද මද්දුමබණ්ඩාර මහතා කීය.
අද ජනාධිපතිට උපදෙස් දෙන්නේ රට ප්‍රතික්ෂේප කර හිටපු අගමැති සහ ඔහුගේ සගයන් බව ද අයවැය අවසන් දින විවාදයට එක්වෙමින් මද්දුමබණ්ඩාර මහතා කීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ සේවක විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදනවා
ලංකාපුත්‍ර Friday, 02 September 2022 12:05 PM
ලංකාවේ කිසිම දියුණුවක් ලබන්න බැරි මේ තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමය තමයි. මේ නිසා පුද්ගලික අංශයේ නිලනිවාස, නිලවාහන හිමිකම් තිබුණත් ඒවා අතහැර තරුණ පිරිස් රජයේ සේවයට එන්නේ විශ්‍රාම වැටුප් නිසා වගේම නිකරුණේ සිට මාසයේ තෙවැනි සතියේ මුදලක් ලැබෙන නිසා තමයි එයට අමතරව විශ්‍රාම ගියාම ජීවත්වනතුරු මුදල් ලැබෙනවා. මියගියාම කලත්‍රයාට ලැබෙනවා පවතින ක්‍රමය අනුව විශ්‍රාම ගෙවීමට අයවැය මගින් මුදල් වෙන්කරන්න ඕනෑ. නමුත් වැන්දඹු විශ්‍රාම වැටුප් ගෙවීමේදී එහෙම අවශ්‍ය නැහැ.. මොකද එයට සේවයේ සිටියදී දායක මුදල් ගෙවන නිසා... මෙම තත්වය දුටු ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා 1970 සමගි පෙරමුණු රජය කාලයේ රජයේ සේවය සඳහා ගැනීම අර්ථසාධක ක්‍රමයට කළා. එය මෙතෙක් තිබුණා නම් රටේ වත්මන් තත්වයක් ඇති නොවෙන්න තිබුණා. යෝජිත ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඉතාමත් හොඳයි... ඔබලාගේ රජයක් පිහිට වූ පසුව වුණත් අනුගාමිකයන්, අනුග්‍රාහකයින් සඳහා රජයේ රැකියා දෙනවා කියලා පොරොන්දු දෙන්න ඕනෑ නැහැ...
Fernando Friday, 02 September 2022 01:09 PM
මෙම ක්‍රමය ඉතාම හොඳයි. මෙයින් විශ්‍රාම වැටුප නැතිවෙන්නේ නැ. රනිල් අගමැති හිටිය අවු. 2 දීත් මේය කරන්න හැදුවා. නමුත් රජාපක්ෂලා මිනිස්සු බය ගැන්නුවා විශ්‍රාම වැටුප නැති කරන්න යනවා කියලා. මෙම ක්‍රමයෙන් වන්නේ විශ්‍රාම වැටුපට රජයේ සේවකයින් දායක කර ගැනීමයි. එවිට රජය මතම රදා පවතින්න ඕන නැ. රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප ගෙවීමට ඉතා අදික මුදලක් අය වැයෙන් වෙන් කරන්න වෙනවා.
චන්දන Friday, 02 September 2022 01:30 PM
විශ්‍රාම වැටුප් අහිමි කරල දායකත්ව ක්‍රමය ගෙනාවෙ තමන්ගේ කාලයෙ නේද
ප්‍රියංකා Friday, 02 September 2022 03:07 PM
පළමුව වසර 5කින් විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න. දෙවනුව රජයේ සේවකයන් ගැන බලන්න.
සකල ගුරු Friday, 02 September 2022 03:17 PM
රජයේ සේවක විශ්‍රාම වැටුප් ගැන කියන්නෙ පාර්ලිමේන්තුවේ 225 ට සහ ජනාධිපතිට විශ්‍රාම වැටුප් අහිමි කරන්නෙ නැතෙයි. අපි යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 225 ට සහ ජනාධිපතිවරයාටත් විශ්‍රාම වැටුප් ගෙවීම හා වැන්දඹු විශ්‍රාම වැටුප් ගෙවීම් වහාම අහෝසි කරන්න කියලා.
Sathya Friday, 02 September 2022 03:47 PM
2016 රාජ්‍ය පරිපාලන ඇමති විදියට ඔබතුමාම නේද දායකත්ව විශ්‍රාම වැටුප ගෙනාවෙ? දැන් ජන්ද හිඟාකන්නද කතාව අනිත් පැත්තට හරවන්න හදන්නේ?
Bamunuarachchi Saturday, 03 September 2022 07:35 AM
අර්ථසාධක අරමුදල පිහිටවලා රජය නිදහස් වෙන්න. පෞද්ගලික අංශය කරන්නේ අර්ථසාධක අරමුදල ගෙවීම නම් ඇයි රජයේ සේවයට විශ්‍රාම වැටුප්? සේවකයාට විශ්‍රාම වැටුප් ඊලනගට බිරිඳට.මොකකක්ද මේ කොටිවලිගේ?
සේනාධීර . Tuesday, 06 September 2022 06:42 PM
රජයේ සේවකයා විශ්‍රාම වැටුප් ලබන්නේ අවුරුදු 35/40ක් තමන්ගෙ ජීවිතේ හොඳම කාලෙ කැප කරලයි රජයේ සේවකයට අඩු ප්ඩියක් ලැබෙන්නෙ. කිසිමවරප්රසාදයක් නෑ. ඒත් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවෙ ඉදල රටට මෙලෝ වැඩක් නැතිව විවිධ දීමනා වරප්‍රසාද කොමිස් ,පරම්පරා ගාණකට හම්බු කරගෙන් අවුරුදු 5සේවයට විශ්‍රාම වැටුප් විතරක් නෙවෙයි වැන්දඹු අනත්දරුත් දෙනවා. ළමයින්ටත් විදේශීය ශිෂ්‍යත්ව . ඒවයි නැති කරන්න ඕනෙ. රජයේ සේවකයගෙ සොච්චම් විශ්‍රාම වැටුප නැතිකරන්න කලින්. රජයේ සේවකය බොරු කරනව නම් ඒකත් දුර්වල පරිපාලන යේ වරද්ස්යි. කවුරු වුනත් තමන් ගන්න වැටුපට ණය නැතිවෙන්න සේවය කළ යුතුයි . දේශපාඅකයොවගේම හරියට වැඩ නොකරන හැමෝම රටේ විනාශයට වග කිව යුතුයි .