IMG-LOGO

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය සේවයේ අවම වැටුප 40,000ක්

(අංජුල මහීකවීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය අංශයේ  අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අය වැයට යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මෙසේ ද කීය.

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවනවා. දේශපාලන හිතවත්කම් මත කිසිවකුත් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අංශයේ  අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නවා.

ඒ සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කරනවා. රාජ්‍ය අංශයේ මූලික වැටුප් සංශෝධනයක් සිදුකොට දශකයක් ගත වී තිබෙනවා.

රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40000 දක්වා වැඩි කරනවා. අදියර වශයෙන් මේ වැටුපැදවීම ලබාදෙනවා. මේ වසරේ වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කරනවා. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම  අප්‍රේල් සිට ක්‍රියාත්මක කරන බවත් එය විසි හත්දාහක් දක්වා වැඩි කිරීමටත්  ලබන ජනවාරියේ සිට 30000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජකයන් එකඟ වී තිබෙනවා

2020 ජනවාරි එක වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කරනවා.  රුපියල් 250ක වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කරයි.



අදහස් (5)

රාජ්‍ය සේවයේ අවම වැටුප 40,000ක්

Sisiranath Wanniarachchi Monday, 17 February 2025 01:30 PM

30,000 ක් බඳවා ගත්තාට කමක් නැහැ. පඩි ගෙවන විදියත් කියන්න. නැත්නම් ආයෙත් මේක වලපල්ලට යනවා. ඔයාට හරි ලේසියි පෞද්ගලික අංශයට උපදෙස් දෙන්න. ඔය සියලු වැඩිකිරීම් වලට පෞද්ගලික අංශය අමතර ආදායම් හොයන්න ඕනෑ. ඒවා කරන හැටිත් උපදෙස් දුන්නොත් තමයි හොඳ....!

:       6       32

sunil Monday, 17 February 2025 03:15 PM

යමක් කලොත් එහි අගුණ කියනවා. නොකලොත් කලේ නැහැ. බැරිද ඔයාට ජනපති කම බාරගන්න? මහින්ද මහත්තයට සැප දෙන්නේ ඔයාගේ සල්ලිවලින්ද? ගෙදරට ගියහම කන්න බොන්න දෙන්නේ ඔයාගේ සල්ලි වලින්ද? ඒවා ගැනත් කියන්න.

:       19       11

Asela Monday, 17 February 2025 01:31 PM

විශ්වවිද්‍යාල පද්ධතිය, ලංවිම, ජලය, ලංකා ඛනිජ තෙල් සහ වරාය අධිකාරිය ඇතුළු තවත් බොහෝ මණ්ඩලවලට අමතර දීමනා තිබේ. උදාහරණයක් ලෙස, විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, 55% ක අමතර දීමනාවක්, ජීවන වියදමක්, 20% ක දීමනාවක් ඇත, එය මූලික වැටුප මත පදනම්ව ගණනය කෙරේ. සාමාන්‍ය OL සමත් සේවකයෙකුට මේ මොහොතේ 80,000 ක් ලැබේ. එලෙසම, කථිකාචාර්ය පරිවාස නිලධාරියෙකුට පමණක් 149% ක අමතර දීමනාවක් ලැබෙන අතර මහාචාර්යවරයෙකුට 20, COL සහ අනෙකුත් දීමනා වලට අමතරව වැටුපෙන් 214% ක දීමනාවක් ලැබේ. මෙය අනෙකුත් සියලුම රාජ්‍ය අංශ සඳහා අදාළ වේ. ඔබට විදේශ මුදල් ලැබෙන නිසා, ඔබට මේ ආකාරයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ නොහැකිය. මෙය ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගෙන ඇත. මෙම රජය සියලු දෙනා රවටා එය නැවත අවුල් සහගත කරයි. අධික ජනාකීර්ණ රාජ්‍ය සේවයේ මෙම බර මෙම රටට දැරිය නොහැක...

:       5       29

Kamal Monday, 17 February 2025 03:06 PM

කෝ අර රට විරුවන්ට විශ්‍රාම වැටුපක් දෙන විදිහක් ගැන බලනවා කිව්වා නේද?

:       5       18

ඇන්ටොන් Monday, 17 February 2025 09:28 PM

රාජ්‍ය සේවකයින්ට රනිල් 25000 ක් වැඩි කර්පු එක 5000 ක් ක්‍රලා නේද අර්ථික අර්බුදයක් තියෙද්දි රනිල් 10,000 වැඩි කලා ඒත් රාජ්‍ය සේවකයෝ රනිල්ට ඡන්දේ නොදි කයියනායකව ගෙනාව දැන් සැපද??

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වාහන ඡාවාරම්කරුවෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 20 116 0

කුලී පදනම මත ලබා ගත් රුපියල් කෝටි පණහකට ආසන්න වටිනා සුඛෝපභෝගී මෝටර් රථ වෙනත් පුද්ගලයින්ට විකුණු පුද්ගලයෙකු එලෙස විකුණු මෝටර් රථ තිහකට ආසන්න ප්‍රමාණය


පැන ගොස් සිටි තවත් අපරාධකරුවන් දෙදෙනකු ගෙන එයි
2025 පෙබරවාරි මස 20 238 0

වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන , මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී , ජාත්‍යන්තර පොලිසියේ ස


මීනගයා දුම්රියේ අලි රංචුවක් ගැටෙයි :6ක් මරුට
2025 පෙබරවාරි මස 20 406 0

මඩකලපුව සිට කොළඹ දක්වා අද (20 ) අලුයම ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අටකින් යුත් වන අලි රංචුවක් ගැටීමෙන්, ඉන්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 20 77 0

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා ද


මදුරුවෝ මැරුවොත් මුදල් තෑගි
2025 පෙබරවාරි මස 20 526 0

පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, ම


යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප් මැදිහත්වීම සතුටක් - පුටින්
2025 පෙබරවාරි මස 20 656 0

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 24 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 364 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 156 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site