
(අංජුල මහික වීරරත්න)
රට හදන ආණ්ඩුව මෙන්ම රාජ්‍ය සේවය රකින ආණ්ඩුව ජාතික ජන බලවේග රජය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් අද පැවසීය.
අයවැය සහ වැඩ කරන ජනතාව යන තේමාවෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී මෙම හමුව පැවැත්විණි.
"කලබල වෙන්න ඕන නෑ .පොඩි පොඩි ඒවා තියෙනවා.ඒවා පොඩිම වෙලා යන බව මතක තියාගන්න.අපි සියලු දෙනා එක්ව මේ රට හදන්න ඕන.දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය,පොදු ජානතාව ඔක්කොම මේ රට හදන්න මැදිහත් වෙන්න ඕන. රට හදන විට ඔබටත් ප්රතිලාභ ලැබෙන්න ඕන.මේ මොහොතේ රාජ්‍ය සේවය ඉලක්ක කරගෙන අප ප්රතිලාභ ලබාදී තිබෙනවා.තවත් ගැටළු තිබෙනවා.2028 වසරේ මූලික වැටුප් වර්ධකයක් නැහැ.2028 වසරේ බිලියන 400 ක් අලුතින් වියදම් කරන්න හැකි වේ යැයි අප සිතනවා.එයින් බිලියන 150ක් රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සමාලෝචනය කර ඊට යෙදවීමට බලාපොරොත්තු වෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd