IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රාජ්‍ය සේවයට උපාධිධාරීන් තිස් දාහක් ගන්න අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශපාලන බලපෑම් වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව, රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රතිපත්තිය බව රජය පවසයි.

කොවිඩ් - 19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000 ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය සේවයේ විවිධ ආයතන වල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර, අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර ඇත. 

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මතපදනම් ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,853 ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන "2025 අයවැය මඟින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල " යටතේ නියමිත බඳවා ගැනීම පටිපාටි වලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවා ගැනීම් සිදු කිරීම පිණිස අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.



අදහස් (5)

රාජ්‍ය සේවයට උපාධිධාරීන් තිස් දාහක් ගන්න අනුමැතිය

යෝගා Tuesday, 08 April 2025 03:17 PM

88දී රජයේ දේපල ගිනි තියපු අයගේ දරුවන්ටයි, අරගලයේදී ගෙවල් ගිනි තියපු අයටයි, මාලිමා ඩෝබිලටයි ඔන්න රජයේ රස්සා ලැබෙන්නයි යන්නේ

:       7       10

Lalla Tuesday, 08 April 2025 03:34 PM

සංවර්ධන නිලධාරී අංක දෙක වගේ. මොනවා හරි ලේසි කමකට නැති විෂයයන් වලින් කලා සහ වාණිජ භාහිර උපාධිය ගත්තු නාකි රංචුවක් ආයෙමත් ගන්න වගේ. ආපුදා ඉඳලා අයිතිවාසිකම සහ පගාව හොයනවා හැර වැඩ නෑ.

:       0       0

Amila Tuesday, 08 April 2025 03:34 PM

රාජ්‍ය ආදායමෙන් 50% කට වඩා වියදම් වෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න.. එන්න අපි තව බදු ගෙවමු.

:       0       0

kamal Koyrala Tuesday, 08 April 2025 05:17 PM

මේ කණ්ඩායමෙන් වත් රාජ්‍ය සේවය පුනරුද යුගයකට ගලපා ගන්න

:       0       0

lasandu Tuesday, 08 April 2025 08:19 PM

රට වලටම තව ණය අරන් ගෙවමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 80 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 156 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 114 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 138 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 252 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1533 6

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 458 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site