තමා රජයට එක් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය.
ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර ගැනීමේ කුමන හෝ අදහසක් නැතැයි ද අමරතුංග මහතා කීවේය.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපති සමඟ මැදපෙරදිග සංචාරයක යෙදී අද අලුයම ආපසු පැමිණී අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍ය ධුරය දෙන්න බෑ කියපු නිසාද ? (නදී)
මෙයා කලිනුත් ඔහොම ගියා.(නදී)
වැඩේ ජෝන් බාස්ට ගිහිල්ල වගේ? (නදී)
තවත් අය ඔය වගේ කව්වා.(නදී)
මලා ජෝන් ! (නදී)
"ශ්‍රී ලංකා නිදහස් එක්සත් ජාතික පක්ෂය" යනුවෙන් අනාගතයේ බිහිවන අලුත්ම දේසපාලන පක්ෂයට දරදිය අදින්න පංච මහා බලවේගය සුදානම් විය යුතුය. (අ)
සුවර් එකටම ආණ්ඩුවට යන්නේ නැහැ. නමුත් කට පියාගෙන ඉදිවී වැඩිය ආණ්ඩුව විවේචනය නොකර. (අ)
රජයේ මැති ඇමතිවරු විරුද්දයි,ඒ වගේම දෙන්න තනතුරකුත් නැතිලු.(නදී)
දේශපාලකයින්ගේ හැසිරීම් අධ්‍යයනය කරන කොට ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා වෙනසක් නැති එකම රට ශ්‍රී ලංකාවයි. මොකද ආණ්ඩුවේ බොරු පරදින්න විපක්ෂය බොරු කියනවා. බලය ට ආපු දාට කරන දේවල් වල පෙර හුරුවක් හැටියටයි මෙසේ හැසිරෙන්නේ. බලන කොට ඒගොල්ලොත් එකයි මේ ගොල්ලොත් එකයි. (දී)
විශ්වාස කරන්න නම් බැහැ ලංකාවේ දේශපාලනය (දී)
අනේ මහත්තයෝ තරහ වෙන්න එපා කියුවට, ලංකාවේ දේශපාලකයෝ විශ්වාස කරන්න බැහැනේ (දී)
යනවා නම් අනේ මන් අරන් හොඳ තැනකට යන්න රත්තරන් (දී)
දයාසිරි ඇමති කිව්වෙත් ඔහොම තමයි.හැම කෙනාම ජනතාව මුලකරලා තමන්ගේ බඩගෝස්තරේ හොයාගන්නවා.(දී)
කතා නායක කම දුන්නොත් මොකද කියන්නේ? (දී)
යන්නෙම නැහැ කියපු ය තමයි අනිතිමට පැදුරටත් නොකියා යන්නේ (දී)
ලංකාවේ ඉන්නකොට තමන්ට තමන්වත් විශ්වාස කරන්න බෑ. රෑ නිදාගෙන උදේට නැගිටිනකොට කාටවත් නොකියා තමන්ගේ යටි බාගේ ආණ්ඩුවට ගිහිල්ලා තියෙන්න ඉඩ තියෙනවා (දී).
හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිටනේ.. අපි බලමුකෝ නටන්නේ මොකටද කියල. (අ)
ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැහැනේ නේද ?(දිල්)
එන්න එපා ඔහේ ඉදන් ඔක්කොම විස්තර දෙන එක ඕන තරම් ඇති.(නදී)
අර කුරුණෑගල සින්දු මල්ලිත් එහෙම කිව්වා. පස්සේ බලන කොට අනේ ගිහිල්ලා.(නදී)
අනේ මන්දා වයසත් යනවා බලය ලැබෙන්නේ නැහැ ජෝන් මහත්තයෝ.(නදී)
මේ තරම් දුරට ගෙනාපු රටට , මාර්තුවෙන් පස්සේ අපලයි , එක හින්ද පිල් මාරු කිරීම ප්‍රශ්නයක් ?(දිල්)
මෙතුමා විතරක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයේ අතලොස්සක් හැරෙන්න අනෙක් සියලු දෙනා ජනධිපති තුමත් එක්ක එකතුවෙන්න කැමතියි.(දිල්)
පොරොන්දු වෙච්ච ඇමතිකම දීල නෑ වගේ (දිල්)
එතුමාත් වයසට යනවා.පක්ෂය දිනන පාටක් පෙන තෙක්මානයක නැහැ.(දිල්)
මොකද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දෙන්න බෑ කියපු නිසාද ?(දිල්)
එහෙනම් අනිවාර්යෙන්ම මෙයා යයි (දිල්)
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කව්ද කියල මම හොදටම දන්නේ මීට අවරුදු 15-20 කට කලින් ඉදලමයි. (නදී)
වැදගත්ම දේ ඕක නෙමේ. නායකතුමා දැනුවත්වද ගියේ කියන එක.(නදී)
රෑ ධනියෙල් දවල් මිගෙල්. (අ)
අනේ බබා, ආණ්ඩුවේ දුෂණය අකටයුතු කම් වලට හඩක් නගන්න ඉන්න විපක්ෂය ඔහොම එකගෙයි කනකොට ජනතාව හැටියට මොනාද අපට නොහිතෙන්නේ, විපක්ෂය තවත් දියාරු නොකර නායකතුමත් අරගෙනම ආණ්ඩුවට පනින්නකෝ, (අ)