මාස අටක පමණ ඉඩෝරය හමාරකරමින් රජරටට වැසි ලැබෙමින් පවතී. අනුරාධපුරයටත් පොළොන්නරුව හා මැදිරිගිරියටත් සෙනසුරාදාත් අදත් වැසි ලැබුණු බවත් වැසි ලැබුණු සතුටට ගැමියන් හට්ටි මුට්ටිවලට වැසි ජලය එකතුකරමින් සතුටින් සිටින බව වාර්තා වෙයි.
මීගමුවේ සංචාරක මගපෙන්වන්නකු වන ඇන්ඩෘෘ සිල්වා මහතාගේ මැදහත් වීමෙන් අද මැදිරිගිරියේ දී හා පොළොන්නරුවේ දී ජල ටැංකි 20ක් පරිත්‍යාග කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින්, වැව්වල වාන් දොරටු ඇරලා වතුරටික ඉක්මනටම ඉවරකොරගන්න. (දී)
දැන් කට්ටිය බනියි ගංවතුර ගලනවා කරදරේ බැහැ කියලා (නදී)
අනේ වාසනාවන්! (නි)
ටැංකි 20ක් දීපු එක ගැන කියද්දී ඔයාලට සම්බෝදී විහාරයේ දරණගම කුසලදම්ම හාමුදුරුවෝ කරන සමාජ සත්කාරය කියන්න බැරිද ? (ස)
අනේ වාසනාවන් අපිටත් ලොකු සතුටක් දැනෙනවා. (ස)
අහිංසක දුප්පත් ගොවි මහතුන්ගේ වැස්ස ගැන තිබු පැතුම් ප්‍රර්ථනා ඉටුවේවා!! ගොඩ මඩ සරුවේවා!! ඔවුන්ගේ අත මිට සරු වී සිනහ පොද තොල් අග නිරතුරු දිස්වේවා!!! (දී)
වැස්සත් බනින්නේ පවතින රජයට සමහරු , නොවැස්සත් බනින්නේ පවතින රජයට , (දී)
වැස්ස නැතිවීමත් රජයේ වැඩක් හැටියට විපක්ෂයේ පාඨයක් වුනේ , අපරාදේ ඒ සටන්පාඨයත් කම්මුතුයි (දී)
මිනිස්සුනම් කොහොමහරි වතුර ටිකක් බොන්න ඇති. නමුත් අහිංසක සත්තු කොච්චර මැරෙන්න ඇතිද?. අනේ වැහැපු ඒකනම් ලොකුදෙයක් සියලු දෙවි වරුන්ට පින් සිද්ද වේවා !!!. (දී)
ජනතාවට සතුට.... වතුර බෙදාදෙන්න බලාසිටි දේශපාලඥයින්ට දුක (නි)
වැස්ස වලාහක දේවියන්ට ස්තුති වේවා. (දී)
අනේ වාසනාවන් දැන් ඌවට සටන් පාට අඩු වී යයි (දී)
අනේ වාසනාවන්.... මේ වර්ෂාවෙන් ප්‍රොයෝජනයක් ගන්න බලන්න. (දී)
වාසනාවන්..(දිල්)
අනේ වාසනාවන් !!! මේ නිකන්ම නිකන් මිනිසුන් පිරිසක් නෙමෙයි, මේ රටටම බත සපයන මිනිස්සු. මේ අය නැතිුවණොත් රටම හාමතේ. මේ අය රැකගන්න ඕනෑ රටේ අනාගතයක් ගැන හිතන්න නම් (නි)
ඔය පළාත් වලට වර්ෂාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ඔය පළාත්වල මහත්ම මහත්මීන්ගෙන් පොඩි ඉල්ලීමකුත් කරනවා. ඔයාලට ලබාදුන් ජල ටැංකි වැස්ස ලැබුනා කියලා පැත්තකට දාලා නාස්ති කරන්න එපා. නැවත කවදා හෝ අවශ්‍ය වේවි කියලා හිතලා ප්‍රවේශම් කරගන්න. ඒක ඕවා පරිත්‍යාග කළ පිරිසට කරන කෘතගුණ සැළකීමක් වේවි (නි)
ජල ටැංකි හොඳ උත්තරයක් නියඟයට. හැබැයි ඉතින් ලීටර් 15000 වගේ ලොකු ටැංකි නම් තමයි හොඳ. මේවට ඉතින් රාජ්‍ය අනුග්‍රහය නැතුව නම් කරන්න බැහැ (නි)
ඇති යන්තම්. (නි)