(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දින සිදුකෙරුණි.
නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන, රජයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් ඒ සඳහා වැයකොට තිබේ.
මෙහි ඉදිකිරීම් 2021 වසරේදී ආරම්භ කෙරැණ අතර වත්මන් කර්මාන්ත වලට ගැලපෙන පරිදි, තාක්ෂණික , අධ්‍යාපනික හා පර්යේෂණ පහසුකම් නගාසිටුවීම හරහා තාක්ෂණය මත පදනම් වූ ශ්‍රම බලකාය ඉහළ නැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
නව පීඨය අක්කර 2 ක භූමි භාගයක ඉදිකර ඇති අතර, ආසන 800 ක ධාරිතාවයකින් යුත් ශ්‍රවණාගාරයක් , මහල් 3 කින් යුත් විශාල පුස්තකාලයක්, බහු දේශන ශාලා, අති නවීන විද්‍යාගාර රැස්වීම් ශාලා වලින් එය සමන්විත වේ.
මෙම පීඨය යටතේ, ජෛව සැකසුම් තාක්ෂණවේදය, විදුලි හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය, ආහාර තාක්ෂණවේදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය හා ද්‍රව්‍ය තාක්ෂණවේදය යන අධ්‍යයන අංශ 05 ක්‍රියාත්මක වීමට නියමිතයි.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී, මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය චතුරංග බමුනුආරච්චිගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
බකල ජයා Wednesday, 02 October 2024 12:53 PM
කිසි ගතියක් නෑ. අපේ රනිල් සර් හිටියා නම් ඔතැනට ලොකු ගාඩ් එකකින් ගිහිල්ලා IMF ගැන නියම කතාවක් කරනවා. සජිත් සර් හිටියා නං අර ජපන් මහත්තයාට හරි ජපන් භාෂාව උගන්නනවා.
Jayamanna Wednesday, 02 October 2024 08:19 PM
තවත් වැඩකට නැති ආයතනයක්.....