IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රිජ්වේ දොස්තරගෙන් ප්‍රකාශයක් ගන්න කියයි

(රෝෂන් තුෂාර)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් මාස හයකට පසුව වකුගඩු දෙකම අහිමිව මියගිය දැරියගේ ශල්‍යකර්මය කළ විදෙස්ගත වෛද්‍යවරයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා රහස් පොලිසියට අද (03) නියෝග කළේය.

වෛද්‍යවරයා විදෙස්ගතව ඇත්නම් ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම ප්‍රකාශය ලබා ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දුන්නේය.

වකුගඩුවක් අසාත්මිකව රෝහලට ඇතුලත් කළ දැරිය වකුගඩු සැත්කමෙන් පසුව මිය ගොස් ඇති බවත්,දැරිය මිය මිය යාමට පෙර වෛද්‍ය පර්යේෂණ කළ වෛද්‍යවරයා හා සැත්කම කළ වෛද්‍යවරයා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවට රහස් පොලිසිය කළ කරුණු දැක්වීම් වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2022දෙසැම්බර් 22 වන වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුලත් කර සැත්කමකර මාස හයකට පසුව වකුගඩු දෙකම අහිමිව මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

 



අදහස් (3)

රිජ්වේ දොස්තරගෙන් ප්‍රකාශයක් ගන්න කියයි

Ruwan De Silva Wednesday, 03 July 2024 08:48 PM

රජයට පුළුවන් ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවයේ ඉන්නවා නම් ඒ රජය දැනුවත් කරන්න... එතකොට ඒ රටෙන් මෙහෙට පිටුවහල් කරනවා. ඔසීවලත් මේ වගේ මරණ සිදුවෙයි කියලා බයට ඒ රජය ක්‍රියාකරයි. මීට අවුරුදු 15කට කලිනුත් ඔහොම වුණා ඒ රජයෙන් වෛද්‍ය සහතිකය තහනම් කළා... ඒ දොස්තර ලංකාවට ඇවිල්ලා සුපුරුදු රිද්මයට වෛද්‍ය වෘත්තිය කරනවා.. තාමත් ජාතික රෝහලක් විශේෂඥ වෛද්‍යවරයෙක්...

:       0       1

රටවැසියා Thursday, 04 July 2024 08:26 AM

ලංකාවේ දොස්තරලගෙ මෙවැනි වැරදීම් නිසා රෝගීන්ගේ ජීවිත විශාල ගණනක් නැතිවී තිබෙනවා . නමුත් GMOA නැමැති කල්ලිය සැමදාම තමන්ගේ මුණිවත රකින නිසා ඒ වැරදි පස් වලට යට වෙනවා . නීති ශිෂ්‍යාවකගෙ වැරදි අතක් කැපුවට ඒක කරපු දොස්තරට අද දක්වා දඬුවමක් නැ. බණ්ඩාරවෙල එක්තරා දොස්තර කෙනෙක්ගෙ හදවත් සැත්කම කලේ තමන්ගෙම batchmate කෙනෙක්. නහර වඩිපුර කැපිල ඒ දොස්තර මිය ගියා. සැත්කම කරපු දොස්තර තමන්ගෙ මිත්‍රයා අසාද්‍යව සිටිද්දිවත් රජයෙ රෝහලකට ගෙනියන්න දුන්නෙ නෑ තමන්ගෙ වරද අහු වෙයි කියල. ඔහොම තමා ලංකාවෙ කටයුතු සිද්ධ වෙන්නෙ. GMOA එක හැම එකේම ප්‍රමිතිය ගන කතා කලාට කවදාවත් පිටරටවල දොස්තරලගෙ වගෙ, ලංකාවෙ දොස්තරලගෙ සාර්තක ප්‍රමාණය (success rate) එක රෝගීන්ට බලා ගන්න පුලුවන් සිස්ටම් එකක් හදන්න කියල ඉල්ල්ලන්නෙ නැත්තෙ ඒකයි. හැබැයි ලෝකෙ හොඳම සෞඛ්‍ය සේවයලු.

:       1       12

Samanthi Fernando Thursday, 04 July 2024 10:37 AM

මරණ දඩුවම ලබා දෙනු .

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1140 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 329 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2086 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 492 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 970 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 595 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37112 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site