තමාගේ ගිණුමේ තිබු රුපියල් මිලියන 15.7 තමාගේ මුදල් නොවන බවට ඇම්ට්‍රැක් නම් සමාගමක රොහාන් නම් පුද්ගලයකු උසාවියේ දී කළ ප්‍රකාශයෙන් පසුව එම මුදල් මහා භාණ්ඩාගාර ගිණුමට බැර කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොමිසම කියයි.
යෝෂිත රාජපක්ෂගේ සිඑස්එන් නාළිකාවේ අරමුදල් වෙනුවෙන් මෙම මුදල තමා තැන්පත් නොකළ බව එම ව්‍යාපාරිකයා අධිකරණයේ දී කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ගොඩක් දේවල් තේරෙනවා (නි)
මහින්ද පස්සේ යන එක දේශප්‍රේමියෙක් ගෙන්වපු අධිසුඛෝපභෝගී කාර් එකේ වටිනාකම රුපියල් කෝටි 4.5 ක්. එ්ත් කතා කරන්නේ සමාජවාදය ගැන.මෙහෙම අයට ඡන්දෙ දෙන අය ඉන්න රටක මොනවද කරන්න බැරි. (නි)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය, අනිවාර්යෙන්ම පුළුවන්. (නි)
කැකිරි, වට්ටක්කා ගෙඩියෙන් ජීවත්වෙන අහිංසක ගැමියන්ගෙන් ගහපු බදු සල්ලි තමයි මේ හොරාකාලා ඔය දැන් ටික ටික වමාරන්නේ (නි)
කොහොම වුණනත් මහජන මුදල් අවභාවිතය තවත් සිදුවෙන බව පුවත්පත් වල පළවෙන පුවත් වලින් පෙනෙනවා. (නි)
බණ්ඩාර - කැකිරාව, ඔබත් බදු/දඩ ගෙවන රටේ පුරවැසියෙක් නිසා ඔබට අයිතියක් තිබෙනවා රටේ බදු මුදල් වලට මොනවද වුණේ/වෙන්නේ කියලා දැනගන්න. (නි)
පසුගිය දශකයේදී ගුවන් තොටුපලෙන් දවස ගානේ අල්ලාගත් රත්තරන් තොග වලට මොකද වුණේ? (නි)
බණ්ඩාර - කැකිරාව, මම එජාපයට කඩේ යන පාඨකයෙක් නෙමෙයි. අපේ රටේ තුන් වේල දරුවන්ට කන්න දෙන්න නැතුව අසරණ පවුල් කියක් ජීවත් වෙනවද? තේ කහට කෝප්පය බිලා සෙරෙප්පු දෙකක් නැතුව කිසිම පහසුකමක් නැති පාසල් වලට යන දරුවන් ලක්ෂ කියක් ඉන්නවද? මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45% ජිවත්වෙන රටක, රක්තහීනතාවයෙන් පෙළෙන ගැබිණි මව්වරුන් 35% ජිවත්වෙන රටක එක පවුලක් රටේම ධනස්කන්දය ගසා කාලා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ලෝකයේ බැංකු පුරවන එක සාධාරණද?එවැනි අයට නීතිය ක්‍රියාත්මක කරන එක වැරදිද? (නි)
දැන් මේ සල්ලි වලට මොකද වෙන්නේ?
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
බණ්ඩාර - කැකිරාව, තිලක් කියා ඇති දේ සම්බන්ධයෙන් ඇමතිවරයෙක් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එය සොයාගෙන කියවන්න (නි)
හිටපු රජය හොරකම් කළ සල්ලි ටික මේ වගේ ගන්න පුළුවන් නම් භාණ්ඩාගාරය උතුරලා වෙනත් රට වලට ණයත් දෙන්න පුලුවන් වේවි. (නි)
මම විවෘත ආරාධනාවක් කරනවා තිලක් ඩුබායි මහතා හට, කරුණාකරලා ලංකාවට විත් මුදල් වංචා සම්බන්ධ ඔබ දන්නා සියලුම තොරතුරු මුල්‍ය අපරාධ විමර්ශන කොමිසමට හෝ රහස් පොලිසියට හෝ ජනාධිපති කොමිසමට ලබාදෙන්න. එවිට ඔබගේ නිවැරදිතාවය මෙන්ම ඔවුන්ගේ වංචාවන්ද මුළු රටටම දැකගත හැක. එසේ නොමැතිව අපිට පෙනෙන්නේ ඔබතුමා එක්ස්ත් ජාතික පක්ෂයට කඩේ යන පාඨකයෙක් ලෙසටයි. (නි)
උසාවියේදී කිබිහුමක් ගිය අයට හිරගෙදර . එතකොට යෝශිතට මොකද වෙන්නේ ? (ම)
මේ නඩු ගැන නම් විශ්වාසයක් තියන්න අමාරුයි. අන්තිමටම ඔය හොරු සේරම නිදහස්. නඩු ඇසීමේ මුදලුත් මහජනයා උඩට තමා. (නි)
මේ ගැන වැඩි කතා බහක් නැත්තේ ඇයි?හරිම නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ .රටේ සියලුම දේශපාලකයින්ට දැනෙන්න නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ .(රේ)
මේ වනවිට පරීක්ෂණ කටයුතු නිම කර ඇති මූල්‍ය වංචා සිදුවූ බවට චෝදනා සහිත ලිපි ගොනු පනස් දෙකකට අනුව රුපියල් කෝටි 5300 ක (රුපියල් මිලියන 53,000) මූල්‍යමය වංචාවන් කියන්නෙත් මුළු ගසා කාපු දනස්කන්දයෙන් ඉතාම සුළු මුදලක් පමණයි.(රේ)
වනචර දශකයේදී ගුවන් තොටුපලෙන් දවස ගානේ අල්ල ගත්තු රත්තරන්,ඩොලර්,යුරෝ කන්දරාවට මොකද වුනේ?ඒ රත්තරන් කවුරු හරි විකුණා ගත්තද?(රේ)
ඊළඟ ආණ්ඩුව අවම දේසපාලන පලිගැනීම් කියල පොලියත් එක්කදෙවි එකත් දැන්ම වහන්න(අ)
කල්ගතවෙනකොට ෆයිල් අතුරුදන්වෙයි.එතකන්ද බලා ඉන්නෙ. (අ)
කරුණා කරලා භාණ්ඩාගාරයට එම මුදල් ලැබුණු බවට රාජකාරීමය රිසිට් පතක් පල කරන්න. එවිට කාටත් පැහැදිලි වේවි. විනිවිද භාවය පෙන්වීම ඉතාමත් වැදගත්. (අ)
චුට්ටක් අල්ලා ගෙන ටික ටික පහලට බහින කොට තමා ලොකු ලොකු කුට්ටි අල්ලා ගැනීමට හැකි වෙන්නේ !!!භාණ්ඩාගාරයටත් දැන් දෙවියෝ ටික ටික දෙනවා වගෙයි. (අ)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු නිම කර ඇති මූල්‍ය වංචා සිදුවූ බවට චෝදනා සහිත ලිපි ගොනු පනස් දෙකකට අනුව රුපියල් කෝටි 5300 ක (රුපියල් මිලියන 53,000) මූල්‍යමය වංචාවන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි අධිකරණ හා බුද්ධශාසන ... (අ)
ඔය කෝටි 15 සොච්චමක් පමණයි. කොහොම හරි ඒක භාණ්ඩාගාරයට ගත්තා නම් ලොකු දෙයක්. ඒ ගොල්ලන්ගේ කාලේ මෙහෙම දෙයක් වුනානම් ඒකෙනුත් 10%ක් අහවලාගේ සාක්කුවට! (අ)
ඕකත් ලොකු දෙයක් ද ගෝල්ඩන් කීයි එකේ වංචාවට ලලිත් ට මොක ද වුණේ දැන් සැපට ගෙදර නේද සල්ලි දාපු අය තම බලන් ඉන්නවා (අ)
යෝෂිත කියන්නේ හිටපු රජාගේ පුතා එයා සති දෙකකින් නාවික හමුදාවේ උප ලුතිනන් කෙනෙක් වෙන්න තරම් මොලයක් තියෙන කෙනෙක්. (අ)