මුදල් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථිකය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිසට් පක්ෂයේ නායක ඩීව්. ගුණසේකර මහතා කීය.
බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එලෙස කීවේය.
“අද කෝප් කමිටුවටත් ඊට අදාළ තේරීම් කාරක සභාවලටත් විවිධ පාර්ශව බාධා කරන්න උත්සාහ කරනවා. අද දේශපලාන ඇගිලි ගැසීම් සිදුවෙනවා. මේ බාධා කිරීම් පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. වසර 1947 ඉඳන් මේ දක්වා කිසිවෙක් මේ තේරීම් කමිටුවලට බාධා කරලා නැහැ. දේශපාලන ඇගිලි ගැසීම් සිදු කරලා නැහැ.
අද ඉතිහාසයේ ප්‍රථම වතාවට විගණාධිපතිවරයාගේ සුදුසුකම් අභියෝගයට ලක් කරනවා. විගණකාධිපති කියන්නේ රටේ මූල්‍ය විනය පිළිබඳ කටයුතු කරන පුද්ගලයා. ඔහු වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. මේ තනතුරට පත්වෙන්නේ ඉහළ සුදුසුකම් තියෙන පුද්ගලයෙක්. වත්මන් විගණකාධිපති පශ්චාත් උපාධිධාරියෙක්. ඔහු දත්ත මත පදනම් ව නිර්දේශ හා නිගමන සහිතව වාර්තාවක් ඉදිරිපත් කළා. ඔහු අපහාසයට පත් කරන පිටස්තර ආයතනයකට විගණාධිපතිවරයාගේ වාර්තාව දෙන්න යනවා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධවයි. එහෙම දේවල් ලංකාවේ වෙලා නැහැ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයට ජයවේවා! (නි)
මොන වැරදි තිබුනත් පහුගිය ආණ්ඩුව කාලේ රටේ ආර්ථිකය දිනෙන් දින සාවර්ධනය වුණා. රටේ යටිතල පහසුකම් වේගයෙන් දියුණු වුණා. මිනිසුන්ට බොරු සුරඟන ලෝක පෙන්නලා මිනිසුන්ව බොරුවෙන් රවට්ටලා බලය අරන් එක අවුරුද්දක් ඇතුළත ඒ සේරම අනිත් පැත්තට හරවලා. රටේ ආර්ථිකය දැන් අනිත් පැත්තට යනවා. කලින් හැදු දේ අලුත් පුවරු සවිකරලා විවෘත කරනවා ඇරෙන්න කිසි සංවර්ධනයක් වෙන්නෙත් නැහැ. අනේ අපේ රටට වුණ හෙණයක්! (නි)
ඔබගේ කාලේ කෝප් කමිටුවෙන් දඬුවම් දුන්නාද? (නි)
එක්සත් ජාතික පක්ෂයට බලයට එන්න පාර කැපුවේ රාජපක්ෂ ආණ්ඩුව. එනිසා කොමියුනිස්ට් පක්ෂය වගකියන්න වෙනවා. එනිසා රටට වෙන විපතින් බේරාගන්න ඔබ හොරුන්ගෙන් ඉවත් වෙන්න (නි)
මෙතුමලා මෙහෙම කිවුවට රටට කළ සේවය කුමක්ද? (නි)
අද ලෝකයේ කොමියුනිස්ට් කියලා පක්ෂ නැහැ. මේගොල්ලෝ කවුරුත් කරන්නේ හොරුන්ට කඩේ යන එක (නි)
කොමියුනිස්ට් පක්ෂය තවම තියෙනවද? (නි)
රටේ ආර්ථිකය කඩා වෙටිලා නම් ඒකට වගකිව යුත්තේ ඔබල වගේ දෙසපලකයෝ මිස වෙන කවුරුත් නොවෙයි නේද ? පේනවා නේද මිලියන ගණන් කොමිස් කාල අත් දෙකට මාංචු වැටුණ ලස්සන .. දේශපාලකයෝ ඔවුන්වම විවේචනය කර ගනිමින් එම මඩ ගොඩේම ලැගj ගෙන ඉන්නවා ...(ම)
සම්පුර්ණ වැරැද්ද යහපාලනයේ. (නි)
වසර 1947 සිට මෙතුමා කියන බාධාකිරීම් සහ දේශපාලන ඇගිලි ගැසීම් සිදුවී නොමැති නම් පසු ගිය සමයේ සිදුවී ඇති වංචාවන් සහ දුෂණයන් ඇති වී ඇත්තේ කෙසේද යන්න තේරුම් ගත නොහැකිය. (ම)