වී මිලට ගැනීමේ ප්‍රමාධය හා ගැටළු ඇතිවීමට හේතුව පසුගිය පස් වසරේ වී නිෂ්පාදනය ඉහළ ගොස් රටේ සහල් අතිරික්තයක් ඇතිවීම නිසා යැයි වී අළෙවි මණ්ඩලයේ සභාපති පී ජයසිංහ මහතා තිස්සමහාරාමයේ දී පැවසීය.
මණ්ඩලයේ 210 වැනි ගබඩාව එහිදී විවෘත විය.
දැනටම වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් මිලට ගත් බවත්, දිගටම වී මිලට ගන්නා බවත්, ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කරන බවත් ඔහු කීවේය.
නව වී ප්‍රබේධ වගා කර උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය කිරීමට ගොවියා උනන්දු විය යුතු බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිරික්ත වෙන තරමට බඩු තියේ නම් අනේ මහත්තොයෝ අල්ලමුකෝ විදේශ වෙළඳ පොළවල් ටික ! ඔය තියෙන්නේ ඇෆ්රිකාව වගේ රටවල්. (ස)
මීට අවුරුදු 10-15 ට විතර ඉස්සර නම් තිබුනා නොයෙක් වී වර්ග,දැන් වැඩක් නැහැ. දැන් එන වී ඔක්කොම අලුත් ඒවා (නි)
වී මිලදී ගැනීමට සහ ඇතිවන ප්‍රයෝගික ගැටළු වලට විසදුම් සොයා ගැනීමට වසර 05 ක් තිස්සේ නොහැකි වී ඇතැයි යන්න ගම්‍ය වේ. මෙයින් මණ්ඩලයේ නොහැකියාව ප්‍රදර්ශනය වෙයි. ඉල්ලා අස්වී හැකියාව ඇති කෙනෙකුට බාර දීම ප්‍රඥා ගෝචර නොවන්නේද? (නි)
කොච්චර අතිරික්තයක් තිබුණත් ගණන් නම් අඩු වෙන්නේ නැහැ (නි)
අහුවෙන්න නම් එපා. (නි)
රටේ වී අතිරිත්තයක් තියනවනම් ඒවා සහල් නොකර පිටරටින් ආනයනය කරන්නේ ඇයි? (නදී)
වී අතිරික්තයක් තිබේනම් සහල් පිටරට යවන්න කටයුතු නොකළේ මොකද මහත්මයෝ. මේ වැනි කටයුතු සැලසුම් කිරීම ඔබගේ රාජකාරියක් නේද ? ඔබලාට මහජන මුදල් වලින් වැටුප් , බදු රහිත වාහන බලපත්‍ර , ඉන්ධන දීමනා ගෙවන්නේ රටට සේවය කරන්න නේද ? රටේ වී අස්වනු නෙලන කාලයවත් ඔබතුමා දන්නේ නැද්ද? පුළුවන් නම් ලබන කන්නයේදී වත් මෙවැනි ප්‍රශ්න ඇති නොවෙන්න වග බලාගන්න , වී ගබඩා කලට වැඩක් නැත. ඉක්මනට සහල් බවට පත් කර පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු කරන්න නැත්නම් ඒවා පස් උනාට පස්සේ කාටවත් වැඩක් නැහැ.(නදී)
අතිරික්ත වී තොග තිබේනම් බෙදාහැරීම සදහා යුරෝපෙයේ ක්‍රියාත්මක වන විශාල සුපර් මර්කෙට් ජාලයන් වන Aldi , lidel (අ)
මුළු ලංකාවේම සහල් මේ ආකාරයෙන් මිල ඉහළ යාමට අහවල් පුද්ගලයාගේ මැදිහත්වීමකුත් තියනවා (නි)
අම්පාර පැත්තේ ගොවියෝ නම් කියන්නේ වෙන කතාවක්ලු නේද? (නි)
එහෙනම් රට යන අත හොදයි (නි)