මේ වසරේ මුල් මාස නවයේදී විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 349 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එසේ මරණයට පත්ව වුවන්ගේ සිරුරු විදේශ කටයුතු අමාත්‍යංශ කොන්සියුලර් සේවා ආයතනයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ඇති අතර ඉන් වැඩිම මළ සිරුර සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ සෞදි අරාබියෙනි.
එහිදී මිය ගිය ලාංකිකයින් 110 දෙනකුගේ සිරුරු ගෙන්වා ඇත.
මීට අමතරව කටාරයෙන් සිරුරු 47 ක් ද කුවේටයෙන් 36 ක් ද ඉතාලියෙන් 35 ක් ද එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් 26 ක් ද ඉන්දියාවෙන් 3 ක් ද වෙනත් විවිධ රටවල් වලදී මිය ගිය 92 කගේ සිරුරද විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා තිබේ.
සිදු වී ඇති මරණ අතුරෙන් 180 ක් ලෙඩ රෝග නිසා ද 75 ක් හදිසි අනතුරු නිසා ද19 ක් දිවි නසා ගැනීම නිසා ද 70 ක් නිච්චය කැර ගත නොහැකි නිසා ද සිදු වී ඇත.
ගිය වසරේදී විදේශයන්හිදී ලාංකිකයෝ 431 දෙනෙක් මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද අහිංසක මිනිසුන්ට වෙන දේ . ගරු ජනාධිපතිතුමණි .මේවට ගන්න විසදුමක් ගන්න(දිල්)
කාටවත් දොස් පැවරිමෙන් වැඩක් නැත. මුතුන් මිත්තන් කියා තිබෙන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා.(නදී)
කිසිම කෙනකුට දොස් කීමෙන් පලක් නෑ .වාසනාව එනතෙක් නොනිදා අවදි වන්න නිදි ගැට හැරදා"(දිල්)
සංජු , මේ කතාව මාත් අහල තියෙනවා. කරුමේ කියන්නේ අපේ නිලදාරින්ට මේක තවම ඇහිලත් නැහැ දැකලත් නැහැ දන්නෙත් නැහැ. අපේම කරුමේ මිසක් වෙන මොකක්ද ආයුබෝවන්.(නදී)
සංජු පළකර ඇති අදහස් ගැන පාලකයින්ගේ අවදානය යොමුවිය යුතුව තිබේ. සමහරක් මල සිරුරුවල අභ්‍යන්තර කොටස් ඉවත්කර ඇති බැව් පස්චාත් මරණ පරීක්ෂනවල්දී හෙළිදරව් වී ඇත.(නදී)
විදේශ විනිමය හොයන්න ගිය තුන්සිය පනහක් පෙට්ටියෙන් එද්දී දේශපාලුවෝ මොනවද කළේ මොවුන් වෙනුවෙන්.(නදී)
සංජු කියන කතාව ඇත්ත නම් තත්වය හරිම බරපතලයි. හැබැයි මේක ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ සිරුරුවල කොටස් අඩුද කියල හොයලා බැලුවොත්.(නදී)
සෞදි අරාබිය හැමදාම ඕක තමයි වුනේ. කාන්තාවන් මේ බව තේරුම් ගත යුතුයි.(නදී)
ලංකාවේ සිදුවන ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, බේබදුකම, ඇතුළු වෙනත් සමාජ විරෝධී ක්‍රියා කාන්තාවන් පිටරට වල ගෘහ සේවයට යාම හා බද්ධව පවතී. විදේශිකව රැකියාවල යෙදෙන ලාංකීය කාන්තාවන් රටට ගෙනෙන විදේශ විනිමයට වඩා මිලකළ නොහැකි සමාජ ප්‍රශ්ණ රැසකට අද අපි මුහුණ පා ඇත . සෞදි අරාබිය තුල වැඩි පිරිසක් මිය යාමට හේතුව එරට තුල අනෙක් රටවලට වඩා වැඩි විදේශිකයන් පිරිසක් රැකියාවේ යෙදීමය.(නදී)
වැටත් නියරත් ගොයම් කන කොට කාට කියන්නද? මළ සිරුරු ගණන දහස ඉක්මවූ වද, පාලකයින් ඒ ගැන සැලෙන්නේ නැත. මොකද වහල් සේවයෙන් ලැබෙන ආදායමේ අඩුවක් ඉන් නොසිදුන නිසා.(නදී)
මේ අයව මැරෙන්න හරි යැව්වේ නැත්නම් විදේශ විනිමය එන්නේ කොහෙන්ද? (නදී)
යම් කිසි කෙනෙක් මේ රටේදි ජීවිතක්ෂයට පත් වුවහොත් ලී බද්ද වශයෙන් විශාල මුදලක් මෙරටින් ලබා දෙනවා. අපි දන්නා අපේ මේ රටේදි මිය ගිය යහළුවෙක්ට ලක්ෂ 20 ක් පමණ මුදලක් ලබා දුන්නා. ඒ මුදල් අපේ යහළුවන් විසින් ඔහුගේ දෙමාපියන් අතටම ලබා දුන්නා. ඒත් විදේශ සේවා මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගත්තා නම් ඒ මුදලට මොකද වෙන්නේ?(නදී)
මේ සිරස් තලේ විදේශ විනිමේ හොයන්ට ගිය තුන්සිය පනහක් පෙට්ටියෙන් එති කියලා දැම්මොත් තවත් හොඳයි නේද? (නදී)
කොහේ නව්ත්තන්නද ? කව්රුත් දන්නවා ඇතිනේ ලංකාවේ විදේශ විනිමය වැඩි පුරම ලැබෙන්නේ මැදපෙරදිගින් බව. ඉතින් එයාලට වාසිනම් අපට හෙන ගැහුවත් මොකද ? (නදී)
දන්න කෙනෙක් ඉන්නවනම් අපට කියනවද ලංකාවේ වසරකට ලෙඩදුක්, හදිසි අනතුරු, සියදිවි නසාගැනීම් සහ මිනීමැරුම් නිසා කීදෙනෙක් මිය යනවද කියා. (දිල්)
සෞදි වල තත්වය දැන් පේනවා නේද. දැන් අරාබි රට වල ඉන්න මිනිස්සුන්ට වැඩි හරියක් ලෙඩ සැප සම්පත් වැඩි නිසා. කොහෙන් හරි රටකින් ගෙනල්ලා මිනිස්සු මරලා ශරීර කොටස් ගන්න එක දැන් ගොඩක් බහුලව වෙනවා. මේකට දැඩි තීරණයක් ගන්න.(නදී)
තව පහලොස් දෙනෙක් එකතු කලා නම් 365යි. ඒ කියන්නේ රට වෙනුවෙන් විදේශ විනිමය සොයන්න ගිය අයවලුන්ගෙන් දිනපතා එක් අයෙකු බැගින් වසරකට මිය ගිහින්. ගම්බද දුගී දුප්පත් අයවලුන්ගේ කරුමයම තමා මේ යයි අපිට කියන්න ඇත්තේ. (නදී)
මොකටද මෙච්චර මැරෙද්දිත් සෞදියට යවන්නේ? විදේශ රැකියා ඇමති තුමා ඇයි කාන්තාවන් ගෘහ සේවිකා වෘත්තියට යවන එක නවත්වන්න හදන්නේ නැත්තේ. (නදී)
මේ වසරේ ටිකක් අඩු වෙලා නිසා රජයට සතුටු ඇති.(නදී)
අපිටත් දැන් රට යන්න බයයි.(නදී)
රිසානා වගේ කීදෙනක් ඉන්න ඇතිද? (නදී)