මේ වනවිට ආන්දොලනයකට ලක්ව ඈති රමිත රඹුක්වැල්ල ක්‍රිකට් ක්‍රීඩකයා රට ගැන සිතා වගකීමෙන් හැසිරිය යුතුව තිබුණා යැයි බස්නාහිර පලාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
‘මමත් අනන්තවත් ගුවන් ගමන් ගිහින් තියෙනවා. එත් කිසිම දවසක වැසිකිලියේ දොරයි ගුවන් යානයේ දොරයි හොයා ගන්න අපහසු වෙලා නැහැ. නොදන්න යම් දෙයක් තියෙනවා නම් මම කාර්ය මණ්ඩලයෙන් අහනවා. දොරවල් දෙක පැටලුනා කීම හිතාගන්න අමාරුයි.‘
‘මේ සිදුවීම මමත් පත්තර වලින් තමයි දැක්කේ. ඔහු බීලා හිටියා කියලයි සදහන් වෙලා තිබුණේ. ඒක ඇත්ත නම් ඇමතිවරයෙක්ගෙ පුතෙක් වශයෙන් නොවෙයි රට නියෝජනය කරන ක්‍රිඩකයෙක් වශයෙන් වගකීමක් ඇතිව හැසිරෙන්න තිබුනා. හැබැයි කොලු කමට අපිත් ඒ දවස්වල නොයෙක් දේ කළා.‘
‘අපේ තාත්තාට වඩා ගුරුවරියක් වෙච්ච අම්මා තමයි අපිට තදින් හිටියේ. කොලුකමට කරන දෙවල් ඔබත් දන්නවා ඇතිනේ. හැබැයි ඇමතිවරුන්ගේ දරුවන් බොහෝ සැලකිලිමත් වෙන්න ඕනෑ. මාධ්‍යය නිතරම ඔවුන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් කජ්ජක්ද. වතාවක් මම ඩෝප් වෙලා වැරදි කාමරයකට රිංගුවා. (නි)
චන්දෙ ඉල්ලන්න සුදුසුකම් සම්පුර්ණ කරනවා ඇති! (ස)
බෝට්ටුවක යවන්නයි තිබුනේ.(නදී)
වැඩක් නැහැ ප්‍රසන්න මහත්තයෝ ඔබේ සහෝදරයා ලංකාවේ ක්‍රිකට් වලට ගාපු රත්තරන් වල මේ පුතාල අසූචි ගානවා. ඔබ තුමා කොන්ද කෙලින් තියන් ඔය ටික කියපු එක ලොකු දෙයක්. මේ වැරැද්දට දඩුවමක් දෙන්න ඔබේ අනෙක් සහෝදරයට කොන්දක් තියේවිද කියල රටම බලා ඉන්නවා.(නදී)
පලුමුවෙන්ම විනය පියවරක් ගන්න ඔය කළමනාකරීවරයට විරුද්දව, මොකද සත්‍ය වසන්කර කරුණු ඉදිරිපත් කලාට. ඕක අහිංසක කෙනෙකුට උනානම් නටන නාඩගම බලාගන්න තිබුනා.(නදී)
ලසිත්, ඔය හුගක් අය ඉදිරියට එන්නේ දේශපාලන බලයෙන්.අද දක්ෂයට තැනක් නැහැ (නි)
මේකත්, පුදුම වෙන්න දෙයක්ද? (ස)
තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න එපා ළමයිනේ! (ස)
අපේ රටේ නම්බුව දැන් විනාශ වෙලා ඉවරයි. මම ඉන්නේ පිට රටක. ඒත් මම ලංකාවේ කියලා කියන්නෙවත් නැහැ. ඒ ගැන මගේ රත්තරන් රටෙන් සහ ගුණ ගරුක නම්බුකාර මිනිසුන්ගෙනුයි මම සමාව ඉල්ලනවා (නි)
ඔය සේරම එයා සැලැස්මකට කරලයි ඇත්තේ. ඔය කියන තරම් ඔය කෙනා මෝඩ නැහැ. ඕක ප්‍රචාරය කරන අපි මෝඩයෝ. මම හරිද කියලා බලන්න (නි)
තිලින බණ්ඩාර , ඔය කියන්නේ ඔය්ස් රමිත ශ්‍රීලංකා ටීම් එකට ගත්තේ මිනිහට හොදට ක්‍රිකෙට් ගහන්න පුළුවන් හින්ද කියලද ? ජයවේ ශ්‍රී ලංකා !!! (අ)
මට පේන්නේ සනතුත් කටින් බතල කොළ හිටවනවා වගේ. තේරීම් කමිටුව කොහොමද ඔය ලොකු බබාව තේරුවේ. (නදී)
මෙයා රෝයල් ගිය කෙනෙක් වෙන්න බැහැ. වැසිකිලියේ දොර අදුනන්නේ නැති කෙනා. මෙයාගේ සහෝදරියක් තානාපති සේවයේ ඉන්නවා සුදුසුකම් තියනවද? තාත්තා නිසා වෙන්න ඇති ප්‍රශ්නයක් නැතිව ඉන්නේ.(නදී)
මහා ඇමතිතුමාට හොඳ නරක කියාදෙන්න අම්ම කෙනෙක් ඉන්නවා. ඒත් අපි නම් මෙයාගේ අම්මව මාධ්‍යවලවත් දැකල නැහැ. මෙයාගේ පියා උත්සවවලට එන්නේ තනියම. සමහර විට ඇය රඹුක්වැල්ල වලව්වෙන් එලියට බහින් නැතුව ඇති. උඩරට වලව්වල ක්‍රමයට නම් ඇගේ නම රඹුක්වැල්ල කුමාරිහාමි විය යුතුයි. ඇගේ ඡයාරූපයක්වත් නැද්ද පත්තරේ පල කරන්න?(නදී)
මෙයා දක්ෂකමට කණ්ඩායමට ආපු කෙනෙක් නෙවෙයි. මූලික තේරීමට අහුවුනේ නෑ. දේශපාලන බලපෑමෙන් ඇතුලට ගියේ. නෝන්ඩි වෙන නිසා ජාතික කණ්ඩායමට දාන්න බෑ. රට හදන්න කලින් තමන්ගේ පුතා හදාගන්න ඕනෑ. මේකෙන් වෙන්නේ කෙහෙළිය මහින්දානන්ද පරණ ගැටුම නැවත මතුවන එක. තව ටික දිනකින් නුවර වලව්වකින් කෙල්ලෙකුත් බන්දලා දෙයි. රට ගිය ගෘහ සේවිකාවක් ලඟට යවලා වැසිකිලි දොර හොයාගන්න උගන්වන්න ඕනෑ.(නදී)
රට ගැන සිතා වගකීමෙන් හැසිරෙන්න කියන්නේ ......පුහ්..අපි නම් තව කිව්වත් කමක් නෑ ..මෙයාට පුලුවන්ද එහෙම කියන්න.(නදී)
ඔහොම දෙයක් වුණාම අත්අඩංගුවට ගන්න තිබ්බනේ.....මොකටද ලංකාවට එන්න දුන්නේ.(නදී)
''පුතා ආසයි පියාබාන්න''.(නදී)
ඉන්දික ඔයා හරී. සනත්ට දෙන්න කියන්න උත්තර.(නදී)
මම හිතන්නේ පියාටත් ඕස්ට්‍රේලීයාවේ යම් කිසි දෙයක් සිදුවුනා. මෙදා පුතා. බුද්ධ දේශනාවට අනුව මත් වතුර ප්‍රමාදයට පසුතැවිල්ලට හේතුවක්. මෙලොව පරිහානියට පරලොව අපායගාමීවීමට හේතුවක් කව්රුන් විස්වාස කලත් නොකලත් සනාතන දහම එයයි.(නදී)
තාත්තත් ඔය කොහෙන්ද මොකක්ද වුනා නේද?(නදී)
අනේ පුතේ, නිකම් දුන්නත් බොන්න එපා ,රටේ නම නේද අරක්කු නිසා විනාස උනේ.(නදී)
රමිතකරණය = "ගුවන් යානයකදී වැසිකිලියේ දොර වෙනුවට ගුවන්යානයේ දොර ඇරීම හෙවත් නින්දෙන් ඇවිදීම".(නදී)
සුදු, මොකද ඔයාට තද වුනේ? මට හාමුලා දුසිම් ගණන් නෑ. කාටවත් එහෙම ඉන්න බව මම කියලත් නෑ. එහෙම දුසිම් ගණන් ඉන්න කෙනෙක් වෙනුවෙන්, මම නොකියපු දෙයක් අල්ලාගෙන ඔයා පෙනී සිටිනවා. ඒ නිසා බළලා මල්ලෙන් එලියට පැන මේ සිද්ධියට සම්බන්ධ අයට අපහාසයක් වෙන්න පුළුවන්. ඔයා කියන විදියට අනිත් ඇමති බිරියන්ට පෞද්ගලිකත්වයක් නැද්ද? "තාම ඔසරිය ගැලවුවේ නැතෙයි?" කියන ප්‍රශ්නයේ අර්ථය නම් මට තේරුනේ නෑ. එක පැහැදිලිව අහන්න. එවිට පිළිතුරක් දෙන්නම්.(නදී)
එයාව දෙමුපියන්ට හදන්න බැරිනම් අපිට දෙන්න. හදන්න බැරිනම් මකවල හරි ගන්නම් අපි (නි)
ලංකාවට ජයවේව
මොනවද පෙව්වේ. මට පාර පේන්නේ නැහැ.(නදී)
සුදුසු අයට තැන නොදී දේශපාලුවෝ සතුටු කරන්න ටුවර් යැව්වම ඔහොම තමයි. ප්ලේන් එකක මනුස්සයෙක් වගේ යන්න නොදන්නා අය නේද මේ?(නදී)
ඇත්ත....ඇත්ත....ඇත්ත....
මහා ඇමතිතුමෝ, ඔය ටික ඔයගොල්ලන්ගේ ලොක්කට කියල දෙන්නකෝ, සුදුසුකම් තියෙන ක්‍රීඩකයෝ කපල දාගන ටීම් එකට ඇවිත් රටේ නමත් කනවා.(නදී)
එතකොට අර 77 ගේ ගිනි තියනකොට අහු උනු පරිප්පු සීනි එහෙම අම්ම දකින්න නැතුව ඇති.(නදී)
මමත් ඔබ තුමාගේ මවගේ ගෝලයෙක් ගම්පහ පාසල් කාලයේදී. ඒ ගැන මතක් වුනා මටත්.(නදී)
කුමාරිහාමි තාම ඔසරිය ගැලවුවේ නැතෙයි. ඕනෑම කෙනෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවා. කුමරිහාමිටත් වලව්වේ හාමුල දුසින් ගණන් ඉන්නවනේ. අපි වචනයක් කතා කරනවද?(නදී)
නිදිමතෙන් වෙන්න ඇති දොර අරින්න ඇත්තේ.(නදී)
ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ මෙයාලා. අපි හැමෝම බොනවනේ. බිල වැඩි උනාම පිස්සු කෙලිනවනේ. ප්ලේන් එකේද බස් එකේද, බයිසිකලේද කියල වෙනසක් නෑ වෙරි උනාම. ප්ලේන් එක නම් මොකක්ද, මේ ලගදී මගේ හොදම යාළුවා කිතුල් ගහකින් බිමට පැන්නා බඩු වැඩි වෙලා.(නදී)
මිනිහා නින්දෙන් ඇවිදිනවා නම් තියෙන්නේ හොදට නින්ද යන්න ඉන්ජෙක්සන් එකක් ගහන්නයි.(නදී)
මොහුව කණ්ඩායමට තේරුවේ ඔහුගේ අතීත දස්කම් නිසා නොව අනාගතයේදී දස්කම් දක්වයි කියන උපකල්පනය මතලු. පේනවා නේද දස්කම් දක්වන හැටි? ඒවා දස්කම් නොව විස්කම්. (නදී)
අද පුත්තුන්ගේ දේශපාලනය.(නදී)
බ්‍රිටිෂ් ගුවන් යානයේ වැසිකිලිය තියන්නේ දොරෙන් එළියේ. එමනිසා දොර අරගෙන එලියට යන්න බලන්න ඇති. ඇමති පුතාගේ කිසි වැරද්දක් නැහැ. (නදී)
රණතුන්ගලා කොහොමත් රට ගැන හිතන අය. රණතුන්ගලා මේ රට ගැන හිතුවට ලඟදි ආපු දේශපාලුවන්ගේ ළමයි කොහොමත් පිස්සෝ, බේබද්දෝ, කුඩු ගෙන්නන එවුන්. රණතුන්ගලට ජයවේවා.(නදී)
තවත් වාර්තාවක් ක්‍රිකට් ඉතාසයේ ප්‍රථමවරට (නි)
අනේ මේ ලක් දරුවා අඩි තිස් දහස් ගණනක් උඩදී මුත්‍රා කලාම ඒවා පොලොවට වැටෙන්න යන කාලය මැනීමේ පරීක්ෂණයක් කරන්න යන්න ඇති. ඒකට ඉඩ නොදීපු අයව ගස් බැඳලා දනගස්වන්න ඕනෑ. (නි)
නිවැරදි අදහසක්. (ස)
දුප්පත් කොල්ලෙක් කරා නම් සදහටම ක්‍රිකට් ඉවරයි.(නදී)
නදුන් ඔබ කීව හරියට හරි, පත්තර කාරයෝ මාලින්ගව කන්න හැදුවා, එයාල කතා කලේ එයාලට තියෙන දහසකුත් එකක් ප්‍රසන ගැන, ඒ අස්සේ පත්තර කාරයෝ කිනි මිනි කරන කොට ඕනෑම මිනිහෙකුට තරහ යන්න පුළුවන්, ඊට පස්සේ පත්තරේ මලින්ගව පතුරු ගැහුවා.(නදී)
පුතාට මොකුත් කියන්න බැහැනේද? (අ)
කාගේද තාත්තා කෙනෙකුත් පිටරටදී බිල හෝටලයකින් බිමට වැටී තුවාල වුනා නේද?(නදී)
රටට නමක් තියෙන්ඩ එපැයි රැක ගන්ඩ.. ඕන නාඩගමක් නටපන් කොල්ලෝ.(නදී)
රටෙනුත් එලවලා දාන්නයි තියෙන්නේ. බලමු ජනාධිපති තුමා ගන්න ක්‍රියාමාර්ගය. ලංකාව නැතිකර.(නදී)
මහා ඇමති තුමා පට්ට , මම උඹේ පිට කසන්නම්, උඹ මගේ කසපන් කීවලු.(නදී)
ලොකු අය ගොඩනැගිලි වලින් බිමට පනින්න හදනවා, පොඩි අය ගුවන් යානයේ දොර ඇරන් බිමට පනින්න හදනවා..........මට නිකන් පිස්සු වගේ අප්පා. (අ)
ගිහාන් ඔබ හරි (ත)
අපි බලමු මෙයාට කොහොමද දඩුවම් දෙන්නේ කියා . (ත)
මහ ඇමතිතුමාගේ කතාව නම් ඇත්ත තමයි.(නදී)
මොන පිස්සුද? එයා ඇරිලා තිබුන දොර වහන්න වෙන්න ඇති හදලා තියෙන්නේ (නි)
කුක්කු බබා මුළු බටහිර ඉන්දීය තරගවලියෙදීම අරන් තියෙන්නේ කඩුළු 2 ක් හා ලකුණු 34 ක් පමණයි.(නදී)
හරිම ඇත්ත (දී)
අවුරුදු විසි එකක ශ්‍රී ලංකාවේ කොල්ලෙක් බීමතින් ගුවන් යානයේ ඩෙගා නැටීම කොලු කමට කරන දෙයක් ද ?(නදී)
මම නම් කියන්නේ කොච්චර දක්ෂ වුනත් ඉවත් කරන්න රටට හොදක්.(නදී)
මට ලසිත් මාලිංග ගැන ඇතිවෙන්නේ මාර දුකක්. ගම් වලින් දුක් වීදගෙන කොළඹ ඇවිල්ලා , අමාරුවෙන් ජාතික කණ්ඩායමට ඇතුලු වේලා. තමන්ට හරියන මුදලක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නොලැබෙන කොට අයි. පී . එල් වගේ තරගවලට ගිහිල්ලා වැඩි මුදලක් හම්බු කරන්න හදන මාලිංගව, සිය දහස් වාරයක් අගය කලයුතුයි මේ රට කන ඇමති යක්කුන්ට වඩා.(නදී)
රැක ගන්න රටට නමක් තියෙද? (නදී)
මහා ඇමති තුමාගේ කතාව අගය කල යුතුයි. ඔබ තුමා ඔය ටික අදාළ ඇමති වරයාටම කීවානම් හරි අගෙයි. ගුවන් යානයේ වැසිකිලියේ දොර හොයා ගන්න බැරි නම් මොකක් හරි අසනීපයක් ඇති. එවැනි අසනීප වලට බෙහෙත් නැහැ. අපේ රටේ ගෞරවය නැති කරන්නේ මෙවැනි දේශපාලුවෝ. එහෙම නැත්නම් උන්ගේ අවලම් දුදරුවෝ.(නදී)
ලොක්කා ගේ ළමයින්ට ඕකේ නම් අපිටත් ඕකේ.(නදී)
ඔය අදාල ක්‍රීඩකයා එතරම් දක්ෂ ක්‍රීඩකයෙකුත් නොවෙයි. (නදී)
ගමේ ඉන්න බන්ඩයියලත් දන්නව ප්ලේන් එකේ යනකොට ටොය්ලට් එක හොයගන්න. (අ)
වැසිකිලියේ දොරයි ගුවන් යානයේ දොරයි මාරු වුනානම් ඔය කියන කෙනාට ක්‍රිකට් ගහන්න බැහැනේ. (නි)
ඇමතිවරයෙක්ගෙ පුතෙක් වැරද්දක් කලොත් විතරද ඒව කොළුකම්. සාමාන්‍ය මිනිහෙකගෙ එකෙක් මොකක් හරි කරොත් උන්ට උරුම උසාවිය.(නදී)
ප්‍රධාන පෙලේ ක්‍රිකට් තරඟ වලදීත් වැඩි දක්ෂතා දක්වලා නැහැ. මේම පත් කිරීම තනිකර දේශපාලන පත් කිරීමක්. ඉ.එස්.පී.එන් ක්‍රීක් ඉන්ෆෝ යන ක්‍රීඩා වෙබ් පිටුවේ මේම ක්‍රීඩකයාගේ නම ටයිප් කර වැඩි තොරතුරු දැනගන්න.(නදී)
විදේශ සේවා එකට කියන්න ඕනා මැද පෙරදිග යන අයට දෙන පුහුණුව විතරක් නෙමෙයි සල්ලා කාරයන්ට වැසිකිලිය තියන තැනත් එතන හොයාගන්න හැටිත් උගන්වන්න කියලා. (නදී)
කිසිම දක්ෂකමක් නැතිව කණ්ඩායමට ආවේ කොහොමද කියලා හොයන්න වෙනවා. ඇමති කෙනෙක්ගේ පුතෙක් නිසා සුදුසුකම් ඕන නැහැනේ එක වෙන්න ඇති. කොච්චර නම් දක්ෂ දුප්පත් ළමයි ඉන්නවද ? අද ක්‍රීඩාවත් සල්ලි වලට විකිණිලා. ඕවට වග කියන්න ඕනා ක්‍රිකට් පාලක මඩුල්ල. මාලිංගගේ වචනයක් අල්ලාගෙන දැගලුව මාධ්‍යය කෝ අද මේ වගේ ජරා වැඩ පෙන්නේ නැද්ද එයාලට. සනත් ජයසූරියලා ඇතුලේ ඉදගෙන මොකද කරන්නේ මේවා පෙන්නේ නැද්ද? මේයාව ඉවත් කරලා දක්ෂතා තියෙන කෙනෙක් ගන්න. රටේ නිතිය බල්ලට ගිහිල්ලා. බලමුකෝ ජනාදිපතිතුමා ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. එක්කෙනෙක් නිසා මුළු කණ්ඩායම ටම කැළලක්. මේ රට හදා ගන්නනම් මුලින්ම රජයේ ජනපති ලග ඉන්න හොරු ටික ඉවත් කරන්න ඕනා. නැත්නම ජනාදිපතිතුමනි. රට හදනවා බොරු. ඕකනම් රටේ නම කැත කරන්න කල වැඩක්. හිතා මතාම කරපු එකක් ඔය රටට ආදරේ අය නම් නෙමෙයි. සුදුස්සාට සුදුසු තැන ලැබුනේ නැති වුනාම ඔහොම වෙනවා.(නදී)
උබේ කටෙත් ලක් මවගේ මස් මගේ කටෙත් ලක් මවගේ මස් කාපන් පුතේ ඇතිවෙන්න මස්. බීපන් ඇතිවෙන්න ලේ මම ඉන්නවා ඇමෙත්තෙක් වෙලා උබව බේරාගන්න.(නදී)
තාත්තා අඩි 35ක් උඩින්.පුතා බී මත්ව වැටෙන්න ගියේ අඩි 35000ක් උඩින්..දෙන්නටම එකම රෝගෙද කොහෙදෝ...(අ)
මෙයට එංගලන්තයේ ගුවන් සේවයක් සම්බන්ධ නිසා මෙය දේශප්‍රේමී රජය අපහසුතාවයට පත්කිරීමට අධිරාජ්‍යවාදීන් විසින් සිදුකල කුමන්ත්‍රනයක් විය හැක. (නි)
මේ සිද්දිය මහා ලොකු අපරාදයක් ලෙස සලකන්න එපා. ඔය ළමයා ගේ බිමත් කම ගැන දෙමව්පියන් සැලකිලිමත් විය යුතයි. (නදී)
මහා ඇමතිගේ කතාව හරියටම හරි. ඇමති දරුවන්ගේ ඔලුව ඉදිමිලානේ. විනය ක්‍රියා මාර්ග ගතයුතුයි (නි)
රටේ යුක්තිය ඉටු වෙන්න රටේ නිතිය හැමෝටම එක සාමානව තියෙන්න ඕනේ. අපී හැමෝම දන්නවනේ ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ පුත්තු හැසිරෙන විදිය.(නදී)
මෑතක සිට ක්‍රිකට් දේශපාලනීකරනය වෙලා. සැබෑ දක්ෂ පිතිකරුවන් නෙමේ ඉන්නේ මැති ඇමතිවරුගේ පුත්තු. ඕනෑම වැරදි වැඩක් කළහමත් පැරදුනහමත් කියන්න ඕනෑ තරම් දේවල් ඔවුන්ට ඇත. (නි)
ඕවට වග කියන්න ගොඩක් කට්ටිය ඉන්නව, මෙහෙමකෙනෙක් කණ්ඩායමට ආවේ කොහොමද හුඟක් වැඩ කාරයෝ ඉන්දෙද්දී ????සනත් උත්තර දෙන්න? කණ්ඩායමට එන්න එයාට තිබුණු සුදුසු කම මොකක්ද? එයාගේ පහු ගිය වාර්තා ටික ප්‍රසිද්ද කරන්න,අඩුම ගැනේ විනයක් වත් මෙයාට නැහැනේ.අනේ අපේ රටට යන කල.(අ)
ඔක්කොම පුත්තු එක බෝට්ටුවේ (අ)
නදුන් සමග එකග වෙමි.(අ)
.මමත් ඉන්නේ බටහිර රටක අපි කොහොමද මෙහෙ ඉන්නේ.? (අ)
සුද්දගේ රටේ ගුවන් යානයක මේ වගේ දෙයක් කරන්න එයා හරි එඩිතර (කො)ල්ලෙක් නේද?(දී)
ඔය ළමයා නේද අර රුසියන් කෙල්ලන්ට කොලුකම කියා දෙන්න ගිහින් ලෙඩක් දාගත්තේ (අ)
. රටට හෙනේගැහුවත් ,රටේ නම කෑ වත් කැත වුනත් ඒවා සුළු දේවල් . ඕවට කතා කරන අපි මොනවත් කලොත් නඩු ! හිරේ .කාට කියන්නද ?. ඒක එයට සුළු දෙයක් වුනාට රට කෑ ව. (අ)
ඇමතිතුමා රටවැසියාගෙන් සමාව ගතයුතුයි නේද? (නි)