IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘රටේ නම රැකගන්න තිබුණා‘

මේ වනවිට ආන්දොලනයකට ලක්ව ඈති රමිත රඹුක්වැල්ල   ක්‍රිකට් ක්‍රීඩකයා රට ගැන සිතා  වගකීමෙන් හැසිරිය යුතුව තිබුණා යැයි  බස්නාහිර පලාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

‘මමත් අනන්තවත්  ගුවන් ගමන් ගිහින් තියෙනවා. එත් කිසිම දවසක වැසිකිලියේ දොරයි ගුවන් යානයේ දොරයි හොයා ගන්න අපහසු වෙලා නැහැ. නොදන්න යම් දෙයක් තියෙනවා නම් මම කාර්ය මණ්ඩලයෙන් අහනවා. දොරවල් දෙක පැටලුනා කීම හිතාගන්න අමාරුයි.‘

‘මේ සිදුවීම මමත් පත්තර වලින් තමයි දැක්කේ. ඔහු බීලා හිටියා කියලයි සදහන් වෙලා තිබුණේ. ඒක ඇත්ත නම් ඇමතිවරයෙක්ගෙ පුතෙක් වශයෙන් නොවෙයි රට නියෝජනය කරන ක්‍රිඩකයෙක් වශයෙන් වගකීමක් ඇතිව හැසිරෙන්න තිබුනා. හැබැයි කොලු කමට අපිත් ඒ දවස්වල නොයෙක් දේ කළා.‘

‘අපේ තාත්තාට වඩා ගුරුවරියක් වෙච්ච අම්මා තමයි අපිට තදින් හිටියේ. කොලුකමට කරන දෙවල් ඔබත් දන්නවා ඇතිනේ. හැබැයි ඇමතිවරුන්ගේ දරුවන් ‍ බොහෝ සැලකිලිමත් වෙන්න ඕනෑ. මාධ්‍යය නිතරම ඔවුන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ‘



අදහස් (0)

‘රටේ නම රැකගන්න තිබුණා‘

අශාන් Wednesday, 03 July 2013 06:35 PM

රැක ගන්න රටට නමක් තියෙද? (නදී)

:       0       0

ශිහාන් Thursday, 04 July 2013 09:43 AM

බ්‍රිටිෂ් ගුවන් යානයේ වැසිකිලිය තියන්නේ දොරෙන් එළියේ. එමනිසා දොර අරගෙන එලියට යන්න බලන්න ඇති. ඇමති පුතාගේ කිසි වැරද්දක් නැහැ. (නදී)

:       0       0

බුද්ධික Thursday, 04 July 2013 12:38 AM

ඇමතිවරයෙක්ගෙ පුතෙක් වැරද්දක් කලොත් විතරද ඒව කොළුකම්. සාමාන්‍ය මිනිහෙකගෙ එකෙක් මොකක් හරි කරොත් උන්ට උරුම උසාවිය.(නදී)

:       0       0

නදුන් Wednesday, 03 July 2013 06:41 PM

මට ලසිත් මාලිංග ගැන ඇතිවෙන්නේ මාර දුකක්. ගම් වලින් දුක් වීදගෙන කොළඹ ඇවිල්ලා , අමාරුවෙන් ජාතික කණ්ඩායමට ඇතුලු වේලා. තමන්ට හරියන මුදලක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නොලැබෙන කොට අයි. පී . එල් වගේ තරගවලට ගිහිල්ලා වැඩි මුදලක් හම්බු කරන්න හදන මාලිංගව, සිය දහස් වාරයක් අගය කලයුතුයි මේ රට කන ඇමති යක්කුන්ට වඩා.(නදී)

:       0       0

රුවන් Thursday, 04 July 2013 12:48 AM

වැසිකිලියේ දොරයි ගුවන් යානයේ දොරයි මාරු වුනානම් ඔය කියන කෙනාට ක්‍රිකට් ගහන්න බැහැනේ. (නි)

:       0       0

තිලින බංඩාර Wednesday, 03 July 2013 06:45 PM

මම නම් කියන්නේ කොච්චර දක්ෂ වුනත් ඉවත් කරන්න රටට හොදක්.(නදී)

:       0       0

සහන් Wednesday, 03 July 2013 06:45 PM

අවුරුදු විසි එකක ශ්‍රී ලංකාවේ කොල්ලෙක් බීමතින් ගුවන් යානයේ ඩෙගා නැටීම කොලු කමට කරන දෙයක් ද ?(නදී)

:       0       0

රන්ජිත් Wednesday, 03 July 2013 06:48 PM

හරිම ඇත්ත (දී)

:       0       0

ජානි Thursday, 04 July 2013 01:27 AM

නිදිමතෙන් වෙන්න ඇති දොර අරින්න ඇත්තේ.(නදී)

:       0       0

සුනේත්‍රා Thursday, 04 July 2013 01:38 AM

අනේ පුතේ, නිකම් දුන්නත් බොන්න එපා ,රටේ නම නේද අරක්කු නිසා විනාස උනේ.(නදී)

:       0       0

ගිහාන් Wednesday, 03 July 2013 06:51 PM

කුක්කු බබා මුළු බටහිර ඉන්දීය තරගවලියෙදීම අරන් තියෙන්නේ කඩුළු 2 ක් හා ලකුණු 34 ක් පමණයි.(නදී)

:       0       0

කපිල Wednesday, 03 July 2013 06:52 PM

දුප්පත් කොල්ලෙක් කරා නම් සදහටම ක්‍රිකට් ඉවරයි.(නදී)

:       0       0

සඳමල් Thursday, 04 July 2013 01:46 AM

තාත්තත් ඔය කොහෙන්ද මොකක්ද වුනා නේද?(නදී)

:       0       0

චමීර Wednesday, 03 July 2013 06:52 PM

මහ ඇමතිතුමාගේ කතාව නම් ඇත්ත තමයි.(නදී)

:       0       0

අසංග Thursday, 04 July 2013 09:58 AM

අද පුත්තුන්ගේ දේශපාලනය.(නදී)

:       0       0

ෂෆීක් Wednesday, 03 July 2013 06:57 PM

අපි බලමු මෙයාට කොහොමද දඩුවම් දෙන්නේ කියා . (ත)

:       0       0

ජයන්ත Thursday, 04 July 2013 02:39 AM

මම හිතන්නේ පියාටත් ඕස්ට්‍රේලීයාවේ යම් කිසි දෙයක් සිදුවුනා. මෙදා පුතා. බුද්ධ දේශනාවට අනුව මත් වතුර ප්‍රමාදයට පසුතැවිල්ලට හේතුවක්. මෙලොව පරිහානියට පරලොව අපායගාමීවීමට හේතුවක් කව්රුන් විස්වාස කලත් නොකලත් සනාතන දහම එයයි.(නදී)

:       0       0

විබුෂ Wednesday, 03 July 2013 07:00 PM

ගිහාන් ඔබ හරි (ත)

:       0       0

රකිත් Thursday, 04 July 2013 10:01 AM

මොහුව කණ්ඩායමට තේරුවේ ඔහුගේ අතීත දස්කම් නිසා නොව අනාගතයේදී දස්කම් දක්වයි කියන උපකල්පනය මතලු. පේනවා නේද දස්කම් දක්වන හැටි? ඒවා දස්කම් නොව විස්කම්. (නදී)

:       0       0

ලංකා Wednesday, 03 July 2013 07:03 PM

ලොකු අය ගොඩනැගිලි වලින් බිමට පනින්න හදනවා, පොඩි අය ගුවන් යානයේ දොර ඇරන් බිමට පනින්න හදනවා..........මට නිකන් පිස්සු වගේ අප්පා. (අ)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 03 July 2013 07:06 PM

මහා ඇමති තුමා පට්ට , මම උඹේ පිට කසන්නම්, උඹ මගේ කසපන් කීවලු.(නදී)

:       0       0

සුනිල් Thursday, 04 July 2013 03:51 AM

ඉන්දික ඔයා හරී. සනත්ට දෙන්න කියන්න උත්තර.(නදී)

:       0       0

චාමර Wednesday, 03 July 2013 07:19 PM

රටෙනුත් එලවලා දාන්නයි තියෙන්නේ. බලමු ජනාධිපති තුමා ගන්න ක්‍රියාමාර්ගය. ලංකාව නැතිකර.(නදී)

:       0       0

ගයානක් Thursday, 04 July 2013 03:54 AM

''පුතා ආසයි පියාබාන්න''.(නදී)

:       0       0

ලක්තිලින Thursday, 04 July 2013 03:57 AM

ඔහොම දෙයක් වුණාම අත්අඩංගුවට ගන්න තිබ්බනේ.....මොකටද ලංකාවට එන්න දුන්නේ.(නදී)

:       0       0

පපා Wednesday, 03 July 2013 07:22 PM

රටට නමක් තියෙන්ඩ එපැයි රැක ගන්ඩ.. ඕන නාඩගමක් නටපන් කොල්ලෝ.(නදී)

:       0       0

අබේසිංහ Wednesday, 03 July 2013 07:25 PM

කාගේද තාත්තා කෙනෙකුත් පිටරටදී බිල හෝටලයකින් බිමට වැටී තුවාල වුනා නේද?(නදී)

:       0       0

සිල්වා p Wednesday, 03 July 2013 07:34 PM

පුතාට මොකුත් කියන්න බැහැනේද? (අ)

:       0       0

අනුර Thursday, 04 July 2013 10:22 AM

මිනිහා නින්දෙන් ඇවිදිනවා නම් තියෙන්නේ හොදට නින්ද යන්න ඉන්ජෙක්සන් එකක් ගහන්නයි.(නදී)

:       0       0

මාටින් Thursday, 04 July 2013 04:20 AM

රට ගැන සිතා වගකීමෙන් හැසිරෙන්න කියන්නේ ......පුහ්..අපි නම් තව කිව්වත් කමක් නෑ ..මෙයාට පුලුවන්ද එහෙම කියන්න.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 04 July 2013 04:38 AM

මෙයා දක්ෂකමට කණ්ඩායමට ආපු කෙනෙක් නෙවෙයි. මූලික තේරීමට අහුවුනේ නෑ. දේශපාලන බලපෑමෙන් ඇතුලට ගියේ. නෝන්ඩි වෙන නිසා ජාතික කණ්ඩායමට දාන්න බෑ. රට හදන්න කලින් තමන්ගේ පුතා හදාගන්න ඕනෑ. මේකෙන් වෙන්නේ කෙහෙළිය මහින්දානන්ද පරණ ගැටුම නැවත මතුවන එක. තව ටික දිනකින් නුවර වලව්වකින් කෙල්ලෙකුත් බන්දලා දෙයි. රට ගිය ගෘහ සේවිකාවක් ලඟට යවලා වැසිකිලි දොර හොයාගන්න උගන්වන්න ඕනෑ.(නදී)

:       0       0

මාටින් Thursday, 04 July 2013 10:30 AM

ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ මෙයාලා. අපි හැමෝම බොනවනේ. බිල වැඩි උනාම පිස්සු කෙලිනවනේ. ප්ලේන් එකේද බස් එකේද, බයිසිකලේද කියල වෙනසක් නෑ වෙරි උනාම. ප්ලේන් එක නම් මොකක්ද, මේ ලගදී මගේ හොදම යාළුවා කිතුල් ගහකින් බිමට පැන්නා බඩු වැඩි වෙලා.(නදී)

:       0       0

කුමාර් Wednesday, 03 July 2013 08:12 PM

නදුන් ඔබ කීව හරියට හරි, පත්තර කාරයෝ මාලින්ගව කන්න හැදුවා, එයාල කතා කලේ එයාලට තියෙන දහසකුත් එකක් ප්‍රසන ගැන, ඒ අස්සේ පත්තර කාරයෝ කිනි මිනි කරන කොට ඕනෑම මිනිහෙකුට තරහ යන්න පුළුවන්, ඊට පස්සේ පත්තරේ මලින්ගව පතුරු ගැහුවා.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 04 July 2013 05:19 AM

මහා ඇමතිතුමාට හොඳ නරක කියාදෙන්න අම්ම කෙනෙක් ඉන්නවා. ඒත් අපි නම් මෙයාගේ අම්මව මාධ්‍යවලවත් දැකල නැහැ. මෙයාගේ පියා උත්සවවලට එන්නේ තනියම. සමහර විට ඇය රඹුක්වැල්ල වලව්වෙන් එලියට බහින් නැතුව ඇති. උඩරට වලව්වල ක්‍රමයට නම් ඇගේ නම රඹුක්වැල්ල කුමාරිහාමි විය යුතුයි. ඇගේ ඡයාරූපයක්වත් නැද්ද පත්තරේ පල කරන්න?(නදී)

:       0       0

නිශාන් Wednesday, 03 July 2013 08:29 PM

මොන පිස්සුද? එයා ඇරිලා තිබුන දොර වහන්න වෙන්න ඇති හදලා තියෙන්නේ (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Thursday, 04 July 2013 10:39 AM

රමිතකරණය = "ගුවන් යානයකදී වැසිකිලියේ දොර වෙනුවට ගුවන්යානයේ දොර ඇරීම හෙවත් නින්දෙන් ඇවිදීම".(නදී)

:       0       0

අස්මිත් Wednesday, 03 July 2013 08:32 PM

ඇමතිතුමා රටවැසියාගෙන් සමාව ගතයුතුයි නේද? (නි)

:       0       0

අමරනාත් Wednesday, 03 July 2013 08:40 PM

. රටට හෙනේගැහුවත් ,රටේ නම කෑ වත් කැත වුනත් ඒවා සුළු දේවල් . ඕවට කතා කරන අපි මොනවත් කලොත් නඩු ! හිරේ .කාට කියන්නද ?. ඒක එයට සුළු දෙයක් වුනාට රට කෑ ව. (අ)

:       0       0

මාලතී Wednesday, 03 July 2013 08:42 PM

ඔය ළමයා නේද අර රුසියන් කෙල්ලන්ට කොලුකම කියා දෙන්න ගිහින් ලෙඩක් දාගත්තේ (අ)

:       0       0

ඩී.උපුල් Wednesday, 03 July 2013 08:55 PM

සුද්දගේ රටේ ගුවන් යානයක මේ වගේ දෙයක් කරන්න එයා හරි එඩිතර (කො)ල්ලෙක් නේද?(දී)

:       0       0

නෙත් Thursday, 04 July 2013 06:06 AM

මෙයා රෝයල් ගිය කෙනෙක් වෙන්න බැහැ. වැසිකිලියේ දොර අදුනන්නේ නැති කෙනා. මෙයාගේ සහෝදරියක් තානාපති සේවයේ ඉන්නවා සුදුසුකම් තියනවද? තාත්තා නිසා වෙන්න ඇති ප්‍රශ්නයක් නැතිව ඉන්නේ.(නදී)  

:       0       0

සුදු Thursday, 04 July 2013 10:47 AM

කුමාරිහාමි තාම ඔසරිය ගැලවුවේ නැතෙයි. ඕනෑම කෙනෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවා. කුමරිහාමිටත් වලව්වේ හාමුල දුසින් ගණන් ඉන්නවනේ. අපි වචනයක් කතා කරනවද?(නදී)

:       0       0

මිනිපෙ Thursday, 04 July 2013 06:57 AM

ඕකත් කජ්ජක්ද. වතාවක් මම ඩෝප් වෙලා වැරදි කාමරයකට රිංගුවා. (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 03 July 2013 09:14 PM

.මමත් ඉන්නේ බටහිර රටක අපි කොහොමද මෙහෙ ඉන්නේ.? (අ)

:       0       0

සමන් Thursday, 04 July 2013 06:58 AM

තිලින බණ්ඩාර , ඔය කියන්නේ ඔය්ස් රමිත ශ්‍රීලංකා ටීම් එකට ගත්තේ මිනිහට හොදට ක්‍රිකෙට් ගහන්න පුළුවන් හින්ද කියලද ? ජයවේ ශ්‍රී ලංකා !!! (අ)

:       0       0

සමන් Thursday, 04 July 2013 06:59 AM

ඔය සේරම එයා සැලැස්මකට කරලයි ඇත්තේ. ඔය කියන තරම් ඔය කෙනා මෝඩ නැහැ. ඕක ප්‍රචාරය කරන අපි මෝඩයෝ. මම හරිද කියලා බලන්න (නි)

:       0       0

පාලින්ද Thursday, 04 July 2013 02:07 PM

ලංකාවට ජයවේව

:       0       0

සංජීව Thursday, 04 July 2013 07:17 AM

අපේ රටේ නම්බුව දැන් විනාශ වෙලා ඉවරයි. මම ඉන්නේ පිට රටක. ඒත් මම ලංකාවේ කියලා කියන්නෙවත් නැහැ. ඒ ගැන මගේ රත්තරන් රටෙන් සහ ගුණ ගරුක නම්බුකාර මිනිසුන්ගෙනුයි මම සමාව ඉල්ලනවා (නි)

:       0       0

සදුනි Wednesday, 03 July 2013 09:27 PM

නදුන් සමග එකග වෙමි.(අ)

:       0       0

කුමාරි Thursday, 04 July 2013 07:25 AM

තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න එපා ළමයිනේ! (ස)

:       0       0

පෙරේරා Thursday, 04 July 2013 07:28 AM

මේකත්, පුදුම වෙන්න දෙයක්ද? (ස)

:       0       0

වින්සන්ට් Wednesday, 03 July 2013 09:31 PM

ඔක්කොම පුත්තු එක බෝට්ටුවේ (අ)

:       0       0

හරීන් Thursday, 04 July 2013 07:44 AM

ලසිත්, ඔය හුගක් අය ඉදිරියට එන්නේ දේශපාලන බලයෙන්.අද දක්ෂයට තැනක් නැහැ (නි)

:       0       0

රෝහණ Thursday, 04 July 2013 11:09 AM

මමත් ඔබ තුමාගේ මවගේ ගෝලයෙක් ගම්පහ පාසල් කාලයේදී. ඒ ගැන මතක් වුනා මටත්.(නදී)

:       0       0

ඉන්දික දයාරත්න Wednesday, 03 July 2013 09:34 PM

ඕවට වග කියන්න ගොඩක් කට්ටිය ඉන්නව, මෙහෙමකෙනෙක් කණ්ඩායමට ආවේ කොහොමද හුඟක් වැඩ කාරයෝ ඉන්දෙද්දී ????සනත් උත්තර දෙන්න? කණ්ඩායමට එන්න එයාට තිබුණු සුදුසු කම මොකක්ද? එයාගේ පහු ගිය වාර්තා ටික ප්‍රසිද්ද කරන්න,අඩුම ගැනේ විනයක් වත් මෙයාට නැහැනේ.අනේ අපේ රටට යන කල.(අ)

:       0       0

කුමාරිහාමි Friday, 05 July 2013 04:30 PM

සුදු, මොකද ඔයාට තද වුනේ? මට හාමුලා දුසිම් ගණන් නෑ. කාටවත් එහෙම ඉන්න බව මම කියලත් නෑ. එහෙම දුසිම් ගණන් ඉන්න කෙනෙක් වෙනුවෙන්, මම නොකියපු දෙයක් අල්ලාගෙන ඔයා පෙනී සිටිනවා. ඒ නිසා බළලා මල්ලෙන් එලියට පැන මේ සිද්ධියට සම්බන්ධ අයට අපහාසයක් වෙන්න පුළුවන්. ඔයා කියන විදියට අනිත් ඇමති බිරියන්ට පෞද්ගලිකත්වයක් නැද්ද? "තාම ඔසරිය ගැලවුවේ නැතෙයි?" කියන ප්‍රශ්නයේ අර්ථය නම් මට තේරුනේ නෑ. එක පැහැදිලිව අහන්න. එවිට පිළිතුරක් දෙන්නම්.(නදී)

:       0       0

සරෝජ් Wednesday, 03 July 2013 09:41 PM

මෑතක සිට ක්‍රිකට් දේශපාලනීකරනය වෙලා. සැබෑ දක්ෂ පිතිකරුවන් නෙමේ ඉන්නේ මැති ඇමතිවරුගේ පුත්තු. ඕනෑම වැරදි වැඩක් කළහමත් පැරදුනහමත් කියන්න ඕනෑ තරම් දේවල් ඔවුන්ට ඇත. (නි)

:       0       0

මහින්ද ඩුබයි Thursday, 04 July 2013 08:02 AM

පලුමුවෙන්ම විනය පියවරක් ගන්න ඔය කළමනාකරීවරයට විරුද්දව, මොකද සත්‍ය වසන්කර කරුණු ඉදිරිපත් කලාට. ඕක අහිංසක කෙනෙකුට උනානම් නටන නාඩගම බලාගන්න තිබුනා.(නදී)

:       0       0

කෝසල Thursday, 04 July 2013 11:17 AM

එතකොට අර 77 ගේ ගිනි තියනකොට අහු උනු පරිප්පු සීනි එහෙම අම්ම දකින්න නැතුව ඇති.(නදී)

:       0       0

සුමනා Thursday, 04 July 2013 11:17 AM

මහා ඇමතිතුමෝ, ඔය ටික ඔයගොල්ලන්ගේ ලොක්කට කියල දෙන්නකෝ, සුදුසුකම් තියෙන ක්‍රීඩකයෝ කපල දාගන ටීම් එකට ඇවිත් රටේ නමත් කනවා.(නදී)

:       0       0

සුසී Wednesday, 03 July 2013 09:53 PM

ගමේ ඉන්න බන්ඩයියලත් දන්නව ප්ලේන් එකේ යනකොට ටොය්ලට් එක හොයගන්න. (අ)

:       0       0

වරුන Thursday, 04 July 2013 08:10 AM

වැඩක් නැහැ ප්‍රසන්න මහත්තයෝ ඔබේ සහෝදරයා ලංකාවේ ක්‍රිකට් වලට ගාපු රත්තරන් වල මේ පුතාල අසූචි ගානවා. ඔබ තුමා කොන්ද කෙලින් තියන් ඔය ටික කියපු එක ලොකු දෙයක්. මේ වැරැද්දට දඩුවමක් දෙන්න ඔබේ අනෙක් සහෝදරයට කොන්දක් තියේවිද කියල රටම බලා ඉන්නවා.(නදී)

:       0       0

ශංක Thursday, 04 July 2013 08:40 AM

බෝට්ටුවක යවන්නයි තිබුනේ.(නදී)

:       0       0

ආනන්ද Thursday, 04 July 2013 08:45 AM

චන්දෙ ඉල්ලන්න සුදුසුකම් සම්පුර්ණ කරනවා ඇති! (ස)

:       0       0

සමන්ත Thursday, 04 July 2013 08:47 AM

මට පේන්නේ සනතුත් කටින් බතල කොළ හිටවනවා වගේ. තේරීම් කමිටුව කොහොමද ඔය ලොකු බබාව තේරුවේ. (නදී)

:       0       0

සනත් Wednesday, 03 July 2013 10:19 PM

මහා ඇමතිගේ කතාව හරියටම හරි. ඇමති දරුවන්ගේ ඔලුව ඉදිමිලානේ. විනය ක්‍රියා මාර්ග ගතයුතුයි (නි)

:       0       0

මිනිපෙ Wednesday, 03 July 2013 10:48 PM

මේ සිද්දිය මහා ලොකු අපරාදයක් ලෙස සලකන්න එපා. ඔය ළමයා ගේ බිමත් කම ගැන දෙමව්පියන් සැලකිලිමත් විය යුතයි. (නදී)

:       0       0

ප්‍රභාත් විජයවික්‍රම Wednesday, 03 July 2013 10:57 PM

මෙයට එංගලන්තයේ ගුවන් සේවයක් සම්බන්ධ නිසා මෙය දේශප්‍රේමී රජය අපහසුතාවයට පත්කිරීමට අධිරාජ්‍යවාදීන් විසින් සිදුකල කුමන්ත්‍රනයක් විය හැක. (නි)

:       0       0

පුෂ්පිකා Thursday, 04 July 2013 09:14 AM

නිවැරදි අදහසක්. (ස)

:       0       0

මලිත් Thursday, 04 July 2013 11:54 AM

ඇත්ත....ඇත්ත....ඇත්ත....

:       0       0

නිවුටන් Thursday, 04 July 2013 09:17 AM

අනේ මේ ලක් දරුවා අඩි තිස් දහස් ගණනක් උඩදී මුත්‍රා කලාම ඒවා පොලොවට වැටෙන්න යන කාලය මැනීමේ පරීක්ෂණයක් කරන්න යන්න ඇති. ඒකට ඉඩ නොදීපු අයව ගස් බැඳලා දනගස්වන්න ඕනෑ. (නි)

:       0       0

යසෝ Thursday, 04 July 2013 03:00 PM

එයාව දෙමුපියන්ට හදන්න බැරිනම් අපිට දෙන්න. හදන්න බැරිනම් මකවල හරි ගන්නම් අපි (නි)

:       0       0

මංගල Thursday, 04 July 2013 09:18 AM

තවත් වාර්තාවක් ක්‍රිකට් ඉතාසයේ ප්‍රථමවරට (නි)

:       0       0

අංජලී Wednesday, 03 July 2013 11:12 PM

තාත්තා අඩි 35ක් උඩින්.පුතා බී මත්ව වැටෙන්න ගියේ අඩි 35000ක් උඩින්..දෙන්නටම එකම රෝගෙද කොහෙදෝ...(අ)

:       0       0

ලිලත්-එස්.එල් Wednesday, 03 July 2013 11:18 PM

උබේ කටෙත් ලක් මවගේ මස් මගේ කටෙත් ලක් මවගේ මස් කාපන් පුතේ ඇතිවෙන්න මස්. බීපන් ඇතිවෙන්න ලේ මම ඉන්නවා ඇමෙත්තෙක් වෙලා උබව බේරාගන්න.(නදී)

:       0       0

සංජීව Wednesday, 03 July 2013 11:37 PM

කිසිම දක්ෂකමක් නැතිව කණ්ඩායමට ආවේ කොහොමද කියලා හොයන්න වෙනවා. ඇමති කෙනෙක්ගේ පුතෙක් නිසා සුදුසුකම් ඕන නැහැනේ එක වෙන්න ඇති. කොච්චර නම් දක්ෂ දුප්පත් ළමයි ඉන්නවද ? අද ක්‍රීඩාවත් සල්ලි වලට විකිණිලා. ඕවට වග කියන්න ඕනා ක්‍රිකට් පාලක මඩුල්ල. මාලිංගගේ වචනයක් අල්ලාගෙන දැගලුව මාධ්‍යය කෝ අද මේ වගේ ජරා වැඩ පෙන්නේ නැද්ද එයාලට. සනත් ජයසූරියලා ඇතුලේ ඉදගෙන මොකද කරන්නේ මේවා පෙන්නේ නැද්ද? මේයාව ඉවත් කරලා දක්ෂතා තියෙන කෙනෙක් ගන්න. රටේ නිතිය බල්ලට ගිහිල්ලා. බලමුකෝ ජනාදිපතිතුමා ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. එක්කෙනෙක් නිසා මුළු කණ්ඩායම ටම කැළලක්. මේ රට හදා ගන්නනම් මුලින්ම රජයේ ජනපති ලග ඉන්න හොරු ටික ඉවත් කරන්න ඕනා. නැත්නම ජනාදිපතිතුමනි. රට හදනවා බොරු. ඕකනම් රටේ නම කැත කරන්න කල වැඩක්. හිතා මතාම කරපු එකක් ඔය රටට ආදරේ අය නම් නෙමෙයි. සුදුස්සාට සුදුසු තැන ලැබුනේ නැති වුනාම ඔහොම වෙනවා.(නදී)

:       0       0

රවී බංඩාර Thursday, 04 July 2013 09:34 AM

රණතුන්ගලා කොහොමත් රට ගැන හිතන අය. රණතුන්ගලා මේ රට ගැන හිතුවට ලඟදි ආපු දේශපාලුවන්ගේ ළමයි කොහොමත් පිස්සෝ, බේබද්දෝ, කුඩු ගෙන්නන එවුන්. රණතුන්ගලට ජයවේවා.(නදී)

:       0       0

සනත් Thursday, 04 July 2013 12:24 PM

සුදුසු අයට තැන නොදී දේශපාලුවෝ සතුටු කරන්න ටුවර් යැව්වම ඔහොම තමයි. ප්ලේන් එකක මනුස්සයෙක් වගේ යන්න නොදන්නා අය නේද මේ?(නදී)

:       0       0

නිලංකා Wednesday, 03 July 2013 11:50 PM

විදේශ සේවා එකට කියන්න ඕනා මැද පෙරදිග යන අයට දෙන පුහුණුව විතරක් නෙමෙයි සල්ලා කාරයන්ට වැසිකිලිය තියන තැනත් එතන හොයාගන්න හැටිත් උගන්වන්න කියලා. (නදී)

:       0       0

නදී Wednesday, 03 July 2013 06:25 PM

රටේ යුක්තිය ඉටු වෙන්න රටේ නිතිය හැමෝටම එක සාමානව තියෙන්න ඕනේ. අපී හැමෝම දන්නවනේ ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ පුත්තු හැසිරෙන විදිය.(නදී)

:       0       0

ලසිත් Wednesday, 03 July 2013 06:28 PM

ඔය අදාල ක්‍රීඩකයා එතරම් දක්ෂ ක්‍රීඩකයෙකුත් නොවෙයි. (නදී)

:       0       0

මාධව Thursday, 04 July 2013 12:09 AM

ප්‍රධාන පෙලේ ක්‍රිකට් තරඟ වලදීත් වැඩි දක්ෂතා දක්වලා නැහැ. මේම පත් කිරීම තනිකර දේශපාලන පත් කිරීමක්. ඉ.එස්.පී.එන් ක්‍රීක් ඉන්ෆෝ යන ක්‍රීඩා වෙබ් පිටුවේ මේම ක්‍රීඩකයාගේ නම ටයිප් කර වැඩි තොරතුරු දැනගන්න.(නදී)

:       0       0

මංජු Thursday, 04 July 2013 12:38 PM

මොනවද පෙව්වේ. මට පාර පේන්නේ නැහැ.(නදී)

:       0       0

පියසිරි Wednesday, 03 July 2013 06:30 PM

ලොක්කා ගේ ළමයින්ට ඕකේ නම් අපිටත් ඕකේ.(නදී)

:       0       0

නන්ද Wednesday, 03 July 2013 06:32 PM

මහා ඇමති තුමාගේ කතාව අගය කල යුතුයි. ඔබ තුමා ඔය ටික අදාළ ඇමති වරයාටම කීවානම් හරි අගෙයි. ගුවන් යානයේ වැසිකිලියේ දොර හොයා ගන්න බැරි නම් මොකක් හරි අසනීපයක් ඇති. එවැනි අසනීප වලට බෙහෙත් නැහැ. අපේ රටේ ගෞරවය නැති කරන්නේ මෙවැනි දේශපාලුවෝ. එහෙම නැත්නම් උන්ගේ අවලම් දුදරුවෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 114 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2513 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 919 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 523 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1558 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site