(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසීය.
එම සැකකරුවන් වෙනත් රටවලට පලා යෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් කෙරුණු ඉල්ලීමක් අනුව බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
ඉන් සැකකරුවන් කිහිප දෙනකු දැනටමත් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි පැවසූ කරවිට මහතා සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන එරටේදී නඩු පවරා ඇතැයිද ප්‍රකාශ කළේය.
එම පිරිස දැනට සිටින්නේ එරට බන්ධනාගාරයේ බවද ඔහු පැවසුවේය.
විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.
මේ අතර මරණ දඬුවම නියම වන අපරාධ සිදුකර විදේශගතව සිටින සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීමේ ගැටලූවක් පවතින බවත් බොහෝ රටවල් මරණ දඬුවම ප්‍රතික්ෂේප කරන හෙයින් මේ තත්වය ඇතිවී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
මරණ දණ්ඩනය නියමවන අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට මේ හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීම ජාත්‍යන්තර පොලිසියෙන් ප්‍රතික්ෂේප කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය.
පාතාල ලෝකයේ සියලුම නායකයන්ගේ නාමලේඛනය සහ ඔවුන්ගේ පදිංචි ස්ථාන ඡායාරූප ඇතුළු සියලු විස්තර සොයා ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර කොන්ත්‍රාත් මිනීමැරුම් කරන පාතාල කණ්ඩායමද හඳුනාගෙන ඇතැයි පැවසූ අසංක කරවිට මහතා මින් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන් කළේය.
පාතාලකරුවන් වැඩි දෙනකු අපරාධ මෙහෙයවන්නේ විදේශයන්හි සිට බවද ඔහු පැවසුවේය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු
කිරිපුතා Monday, 04 September 2023 09:35 AM
කොහොම හරි ගෙන්වගෙන නිදොස් කොට නිදහස් කරලා දාමු. එහෙම අයනෙ තාම සමාජය ඇතුලෙ අපරාධ කරන්නෙ.
Nira Monday, 04 September 2023 09:43 AM
බැසිල් , උදයංග , අර්ජුන් මහේන්ද්‍රන් ශුවර් එකට ඇති.
wedage Monday, 04 September 2023 10:12 AM
කන්ජිපානි ඉම්රාන් හට රතු නිවෙදන නිකුත් කරල නැද්ද ?