IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘‘රට බංකලොත් කළ රාජපක්ෂ පවුලට දඬුවම් දෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

දුෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකාශ කළත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බැවින් හොරු ඇල්ලීම විපක්ෂයේ සිටම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ෆයිල් පෙන්වා සිදුකරන බොරු සංදර්ශනවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

මෙම අවස්ථාව සදහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිදායක තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂද සිල්වා, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, විජිත් විජයමුනි සොයිසා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (16)

‘‘රට බංකලොත් කළ රාජපක්ෂ පවුලට දඬුවම් දෙනවා‘‘

Rohana Tuesday, 05 December 2023 07:23 AM

බලය ගන්නකලින් චන්ද්‍රිකා මැතිණියත් ඔය කතාව කිව්වා. නමුත් බලය ලබාගත්තට පස්සෙ දඩුවම්කල එක්කෙනෙක්වත් හොයාගන්න ලැබුනෙනෑ. ඒ නිසා මැතිවරණයක් කටලග තියෙද්දි කරන මෙවැනි ප්‍රකාශ පිලිගන්න අමාරුයි. සමහරවිට හොරු අල්ලන්න ගියාම තමතමන්ගෙ හොරුගැනත් අනාවරනයවන නිසා ප්‍රශ්නය හිමින්සීරුවේ යටගහන්න වෙන නිසයි කාගෙ කාගෙ හොරුත් අල්ලන්නෙ නැත්තෙ.

:       0       0

abaran Tuesday, 05 December 2023 07:47 AM

අර හොර සල්ලි එක්ක අහුවුණු ගණුකෙනා බේරපු එකටත් එයාලටත් දඬුවම් දෙනවයි ආයුබෝවන් ?

:       0       0

Chandra Tuesday, 05 December 2023 08:06 AM

රට හාරපු , හොර සල්ලි අච්චු ගහපු අයටත් දේශය පාලු කරන්න බැරි විදියේ දඩුවමක් දෙන්න ඕන .

:       0       0

හොරුපෙරට Tuesday, 05 December 2023 08:17 AM

බලයට එනකං මහජනතාව , රට, ආර්ථිකය ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ. නමුත් ඔය එකක්වත් බලය ගත්තම මතක නෑ. හිටපු ජනාධිතුමියක් කීවා හොරු ගෙනත් ගෝල්පේස් එකට දඬුවම් දෙනවා කීවා. අපේ මිනිස්සුත් කට ඇරන් බලන හිටියා මෙදා පාරනම් හොරුන්ට හම්බුවෙනවා ආයේ හොරකම් නොකරන්න කියලා. දුන්නද දඬුවම්. අඩුම ගානේ ඒ ගැන වචනයක්වත් කීවද බලයට ආවට පස්සේ. එදත් හොරු හිටියා. එදත් ඔහොම පොරොන්දු දුන්න. අල්ලපු හොරෙක් නෑ. අන්තිමට හොරුත් එක්ක හෙළුවෙන් කට්ටියම එක පැත්තක. මිනිස්සු බලන් ඉන්නවා අර එළුවාගේ මොකද්ද එක වැටෙනකන් පස්සෙන් ගියා සුනඛයා වගේ.... මොළේ තියෙනකොට බලේ නෑ, බලේ තියෙනකොට මොළේ නෑ. " අවුරුදු හැත්තෑගානක් අපේ මිනිස්සු රවට්ටලා. තවත් ඒ කතාවම කියනවා. අපේරටේ මිනිස්සු ඒ කතාවට අදත් රැවටෙනවා. පුදුම රටක පුදුම රටවැසියෝ. මෙහෙම රටක් ලෝකේ කොහෙවත් තියෙනවද.....

:       0       1

Aravinda Monarawila Tuesday, 05 December 2023 08:57 AM

අධිකරනය කියන තුරු ඔයා බය වෙලා හිටියා රජපක්ශලාට හොරු කියලා කියන්න, ඒත් අනුර එහෙම නොවෙයි බය නතුව රජපක්ශලාට හොරු කියලා කිව්වා.

:       0       0

wedage Tuesday, 05 December 2023 09:42 AM

මේ විකාර නම් කරන්න එපා...

:       0       0

Lal Tuesday, 05 December 2023 09:43 AM

බබා ලන්තේ ..සහ පුරවැසියන්...

:       0       0

Nimal Tuesday, 05 December 2023 10:28 AM

තමුන්ටත් චෝදනා තියනවා නේද ?අනුන් ගැන කිය කියා ඉන්නේ

:       6       19

මැක්ස් Tuesday, 05 December 2023 10:58 AM

අම්මේ... ඔහෙලා ඔක්කොමල බබාලා!

:       8       16

අබිලින් Tuesday, 05 December 2023 11:20 AM

අදහස නම් ඉතාමත් හොදයි එලෙසින්ම අපරාධයක් වුනාම සමහර වින්දිතයින්ට සහනයක් ලැබෙන බවක් පේන්නෙ නැහැ ඒගැනත් මොනවත් කරන්න පුළුවන් නම් තවත් හොදයි

:       1       12

Perera Tuesday, 05 December 2023 12:02 PM

ඔක්කොටම ඉස්සෙල්ලා බලයට එන්න ක්‍රමයක් ගැන කියන්න මුන් කිසි දාක චන්ද තියන්නේ නැති නිසා

:       3       14

sam Tuesday, 05 December 2023 12:10 PM

දුලාංජලී ගේ ලක්ෂ හතළිහේ හොර සල්ලි කේස් එකේ ෆයිල් එකත් එතන ඇති නේද??

:       13       20

fairoos Tuesday, 05 December 2023 01:08 PM

ඔක්කොම කතා බලයට එන්න කළින් විතරයි. ආවොත් අපි ඔක්කොම යාළුවෝ මල්ලි...

:       0       0

Chandima Tuesday, 05 December 2023 02:50 PM

එතකොට ජනාධිපති මන්දිරේ බඩු හොරකම් කරපු පවුලට...?

:       0       0

Kazi Shajahan Tuesday, 05 December 2023 04:41 PM

ඔය කීවට හොරු අල්ලන්නේ නැහැ මල්ලි .මොකද දැන් SJB ගොඩක් අය රනිල් එක්ක යාලුයි.SJB ආණ්ඩුව ගත්තත් හොරු නම් අල්ලන්න බැහැ .ඇතුළෙන්ම යනවා හොරු බේරගන්න

:       0       0

Bamunuarachchi Wednesday, 06 December 2023 08:10 AM

හරි හරී එහෙම කරන්න තුම්සේ බලයට එන්න එපෑය. කව්ද තුම්සේට බලය දෙන්නේ? අපිනම් නෝ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 19 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 635 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1252 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2883 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3263 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 380 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25665 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1136 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site