(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකාවේ ජනගහණයවන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව පවසයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනකුගෙන් 6 දෙනකුම ආර්ථික අවදානම් කලාපයේ පසුවන බවද එම කාරක සභාව සඳහන් කරයි.
ජනතාව ආර්ථික අවදානම් කලාපයට ඇතුළත්වීම ප්‍රතිශතයක් ලෙස සියයට 55.7 ක් බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
ග්‍රාමීය ප්‍රදේශවල මෙය සියයට 82 ක් තරම් ඉහළ තත්වයක් බව පවසන එම කමිටුව පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය බවද සඳහන් කළේය.
පුත්තලමේ අවදානමට ලක් වූවන්ගේ ප්‍රතිශතය සියයට 71.8 කි.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
ශ්‍රී ලංකාවේ මේ තත්වය වර්ධනය වී ඇත්තේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 කොවිඩ් 19 වසංගතය, 2022 අප්‍රේල් මාසයේ ඇති වූ ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව සමගම 2022 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ 7.8 දක්වා ගමන් කිරීම හේතුවෙන් බව එම වාර්තාවේ දැක්වෙන්නේ යැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘රටේ භාගයකටත් වඩා අහේනිය හොඳටම දැනිලා‘‘
Rata Perata Saturday, 07 October 2023 01:36 PM
සම්පූර්ණ ඇත්ත. ආර්ථික පරිහානිය නැවත ගොඩගන්න පුළුවන් මේ අය එළෙව්වාම...ඒත් රාජපක්ෂලා සහ රනිල් ඇතිකළ සමාජීය පරිහානිය අතිශය භයංකාරයි.
ගමේ එකාලා Saturday, 07 October 2023 04:26 PM
ආර්තික අහේනිය ජනතාවට දැනුණාට, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට නම් ප්‍රශ්නයක් නැතුව ඇති...
Nimal Saturday, 07 October 2023 06:00 PM
ඔහොම කිව්වට මෙයත් ඕවට වගකියන්න ඕනෑ.
චාන්දනී Sunday, 08 October 2023 06:12 AM
මන්ත්‍රිතුමා ජන හා නිවාස සංගණනයක් කළේ මෙයට අවුරුදු 12 කටත් පෙර කියලා මතකයි. ඉතින් ඒකාලේ රටේ ජනතාව දෙකෝටි විසි ලක්ෂයක් ඉක්මවා හිටියා. එහෙම තියෙද්දි තවමත් දෙකෝටි විසි ලක්ෂයක් කියන්නේ ලංකාවේ ජනගහනය වැඩිවීමක් වෙලා නැද්ද?