මැද පෙරදිග ගෘහ සේවා රැකියාවකට යාම සඳහා ග්‍රාම සේවක නිලධාරී අත්සන හා නිල මුද්‍රාවද ප්‍රදේශිය ලේකම් කාර්යාල නිලධරයකුගේ අත්සන හා නිල මුද්‍රාවද හොරෙන් ගැසී යැයි කියන දෙදරු මවක අත්අඩංගුවට ගැනීමට සොයන බව පිළියන්දල පොලීසිය කියයි.
ඇය රැකියාවට යැවීමට නියමිතව සිටියේ මරදානේ ස්ථානයකිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් වැරද්දක් තමයි, ඒත් මද පෙරදිග යන්නේ නෑ සල්ලි තියෙන ගෑනු කෙනෙක්නම්. කෝටි ගණන් වටිනා කුඩු කන්ටේනර් නිදහස් කරගන්න ලියුම් දීලාත් ඒවාට සුදු හුණු ගානවා. අහිංසක මිනිස්සුන්ටනම් නීතිය අකුරටත් වඩා වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා(දිල්).
අනේ පව්! ඕකත් මහ ලොකු රස්සාවක්ද? (නදී)
අසරණ අයටම තමයි හැම නීතියක්ම , පහත් තැනින් යයි ගලා ජලේ.(නදී)
අනේ අපේ ගැහැනුන්ට තව ලජ්ජා නැහැ. හොර පස්ස්පෝර්ට් හදාගෙන රට යන්න තරම් වටිනවද, ලංකාවේ ගේක වැඩ කරපල්ලකෝ අරාබින්ගේ ඉදුල් කන්නේ නැතුව.(නදී)
මෙයාට නීතිමය විදිහට මේ සහතිකය ගන්න බැරි ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති මෙහෙම කරන්න ඇත්තේ. (දිල්)
දුප්පත් කමට මොනාකරන්නද ,රට යන්නවත් උත්සහ කරනනැති (දිල්)
මේක දුප්පත් කම නිසා ජීවත්වෙන්න එතෙර රැකියාවක් සඳහා කර වංචාවක් මේකෙන් කාටවත් පාඩුවක් නැහැ.මිට වැඩිය නොයෙකුත් මහාපරිමානයේ වංචාවල් සිදුවෙනවා රට ඇතුලේ මේවා ගැන පොලිසිය නිහඩයි. (දී)
මේ අහින්සකයින්ව අල්ලන්නේ නැතුව එන්නකෝ ඔස්ට්‍රේලියාවට මම 'හොර සහතික' තබාගෙන 'මයිග්‍රෙට්' වෙලා ඉන්න රැලක්ම පෙන්වන්නම්. (දී)
ලංකාවේ වෙන වැඩත් එක්ක මේවා නම් මොනවාද (දී)
මේවගේ වැඩ සාමාන්‍ය දේවල් ලංකාවේ (දී)
විදේශ රටවල දී ආයතනයේ පවතින පුරප්පාඩුවලට යොමුකිරීම සඳහා ඉන්දියන්, බංගලිදේශ, නේපාල, පකිස්තාන් හා පිලිපීන අයට, අදාල රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් හොර සහතික ලබාගන්න පුළුවන්. එහෙම කරන්නේ වැඩියෙන් විදේශ විනිමය රටට ගෙන්වාගන්න. නමුත් ඔවුන් වුර්තීය නිපුණයන් නොවෙයි අනෙක් ප්‍රධානම දේ, වෘතීය සුදුසුකම් නැති ලාංකිකයන් කිසිවිටෙක නිශ්චිත වෘතියක් සඳහා විදේශගතවෙන්නේ නැහැ. ලාංකිකයන් එවැනි දේට බයයි . හොර සහතික වලින් හරි වෙන රටකට යන්න හදන්නේ ඔවුන් යම් රැකියාවකට මන දැනුමක් ඇති නිසයි ඔවුන්ගේ දැනුමෙන් ලංකාවේ හොඳ වැටුපක් ලබන්න බැරි නිසයි වෙනරටකට යන්නේ. මෙයට මීට වැඩ රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි (දී)
ප්‍රදීපා ඇත්ත කතාව .... මේවා වැරදිද ලොකු කට්ටිය කරන ඒවත් එක්ක..(දී)