ඕස්ට්‍රේලියාව හා කැනඩාවට මිනිසුන් යවන බව කියා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වංචා කළ බව කියන 40 හැවිරිදි කතක් හොරණ වංචා විමර්ශන අංශය විසින් මිනුවන්ගොඩදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම රටවලට යවන බව කියා මැලේසියා විසාවලින් මැලේසියාවට යවා එහිදී ඔවුන් අතරමං කළැයි කියන මේ කත ‘ලංකා හා වාසනා‘ යන නම් වලින් පෙනීසිට ඇති බව ද වැල්ලවත්ත, ත්‍රීකුණමලය, මිරිහාන, හොරණ මාතලේ ආදි පොලිස් රැසක ඇයට එරෙහිව පැමිණිලි 60ක් වඩා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාල්,ඔය කියා කෙනා වෛක්කලේ කොහෙද?නම දන්නැත්ද?අපේ නංඟී අහු උන ඉතාලි යන්න දීල.ඒ ගෑනු කෙනා මීගමුවේ දෙමන් හන්දියේ පැත්තේ, (අ)
ශානිකා, මුදල් ගත්තේ ඉතාලි යවනවා කියලා තමයි. (නදී)
අපි සියලු දෙනාගේ බලාපොරොත්තුව හොද ගෙයක් දොරක් හදාගෙන,පුලුවන් නම් වාහනයකුත් අරගෙන කාටවත් කරදරයක් නොවී හොද ජීවිතයක් ගත කිරීමට උත්සහා දැරීමයි. ඒ නිසයි අපි පිටරට රැකියාවකට යාමට උත්සහා කරන්නේ. ලංකාවේ බටහිර රටවල් වලට රැකියා ලබදෙනවයි කියන රැකියා ඒජන්සි බොහෝය. ඔවුන් මිනිසුන්ට දහසක් සුරංගනා කතා කියති.බොරු දෙසාබාති. මේ ඒජන්සිකරුවන්ට කළ හැකි උපරිම දෙය වන්නේ හැකිනම් තම සේවාදායකයා හට සංචාරක වීසාපතක් ලබාදීම පමණි. සමහර බටහිර රටවල්වල සංචාරක වීසා හිමියන්ට රැකියා කිරීමට නීතිමය අවසරයක් නැත. හොරෙන් හෝ රැකියාවක් කිරීමට පුළුවන්කමක් නැත. ඒ මන්ද සංචාරක වීසාපත් හිමියන්ට රැකියාවක් දීමට කිසිවෙකු ඉදිරිපත් නොවන නිසාය. ඔවුන් නීතියට ඉතා ගරු කරන නිසාය. මා හට මේ අයට දීමට හැකි උපදේශය වන්නේ, මේ ඒජන්සිකරුවන්ට මුදල් දීමට පෙර තමන් යාමට අදහස් කරන රටෙහි තම නෑ කෙනෙකු ,හිතවෙතෙකු සිටි නම් පළමුව ඔවුන්ගෙන් විස්තර විමසා දැනගන්න. එසේ නොවුවහොත් සිදුවන්නේ, ඔබ උකස් කළ නිවසත් ,මුදලුත්, බලාපොරොත්තුත් , රැකියාවත් ඔබට අහිමිවීම පමණි. (නි)
රට ගැන මං හොද විස්තරයක් ලිවුවා. ඒක මගේ අතින් මැකුනා. නැවත ලියන්න කම්මැලියි (නි)
නාමල්, දයාල්, ඔබ එසැණ හරහා කරන්නේ ලොකු සේවයක්. මේ වගේ වංචනිකයන්ට අහුවුණ අය නීති මාර්ගයට යන්න පෙළඹවීමෙන්. ඒ දැනුවත් කිරීම ඉතාම වැදගත්. තොරතුරු හුවමාරුවෙලා අපි දනුවත්වෙන තරමට හොරුන්ගේ කපටිකම් වලින් බේරිලා ඉන්න පුළුවන්. (නි)
ශානිකා, මේ පිළිබඳව මම සියල්ල දන්නවා. කෙසේ වෙතත් ලස්සන නිසා මිනිස්සු ගොඩක් අහුවෙනවා. මේකට මිනිස්සු ගොඩක් බනිවි. (නි)
දැඩි දඬුවම් දියයුතුයි (නි)
බැංකු වල මුදල් ස්ථාවර හෝ තැන්පතු ගිණුම් වල තැන්පත් කිරීමේදී සිදුවෙන විශාල අඩුපාඩුව නම් රුපියල් ලක්ෂ 5කට වෑඩි නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දෙන පෝර්මයෙහි මේ මුදල් කොහොම ලෑබුනාද කියා සටහන් කිරීමට ක්‍රමචේදයක් නොතිබීම. හොරකම් කරන කලු සල්ලි බැංකු වලට එන එක අඩුවෙනවා විතරක් නොවේ, ආරක්ෂක අංශ වලටත් පහසුවක් වේවි හොරු අල්ලන්න. (නි)
දිනපතා ගුවන් විදුලියෙන්, රුපවාහිනී නාලිකා වලින්, පුවත්පත් මගින් මහජනතාව කොපමණ දැනුවත් කරනවද? මේ හොරෙන් බෝට්ටු වලින් රට යෑම මුලාවක්. එම රටවල් දැන් මෙහෙම එන කොටස් බාර ගන්නේ නැහැ. අනික් කරුණ යන්න ගොස් අසුවුණහම මුදලත් නැතුව හිරේ විලංගුවේ වැටෙනවා. මෝඩකමට බෙහෙත් නැහැ (නි)
මේ ලංකා කරලා තියෙන්නේ මහ අවාසනාවන්ත වැඩක්. දැඩි දඬුවම් දිය යුතුයි.(නදී)
ඔය වැඩේ කරන ගැහැණියක් වෛක්කාලේ ඉන්නවා. මගේ නෝනා සහ එයාගේ අයියා අහු වෙලා ඉන්නේ.(නදී)
ලංකා කියන නමත් කපටි කමට දාගන්න ඇති නේද? (නදී)
ඔන්න අක්කටත් වීසා හම්බවෙලා. බෝගම්බරට පායක හද ලස්සනද බලන්න.(නදී)
ලංකාදීප, බොරු නම් අහල බලන්න මැලේසියා එම්බසි එකෙන් එයාල හරියට මහන්සි වෙනවා අතරමන් වෙන කට්ටිය ලංකාවට එවන්න.(නදී)
මේක හොඳ ආරංචියක්. මෙයාට අහු උන අය ඉන්නවා නම් ඉක්මනට පොලිසියට යන්න. මෙයා වගේම තව සෙට් එකක් ඉන්නවා සින්ගප්පුරුවෙත්. මේවා දන්නා අය මේකෙවත් ලියන්න. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොලිසියට යන්න. ටෙකා කියල කියන කෙනෙකුත් ඉන්නවා දැන් මැලේසියාවේ, මිනිහව සිංගපුරුවේ පොලිසියෙන් අල්ලලා රටින් පැන්නුවා.. දැන් වැඩේ දෙනවා මැලේසියාවේ ඉඳන්.(නදී)
දැන් වැඩිපුර වංචා කරන්නේ කාන්තාවන් අපේ රටේ.(නදී)
හොර වැඩ වංචා හැමදාම බැහැ තනි ඇහැට ඇඩෙනවා වාසනා .(නදී)