(සුජිත් හේවාජුලිගේ)
රට ලබන පළමු වැනිදා අලුයම හතරට විවෘත කිරීමට හැකි වන පරිදි සියලු කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මේ අනුව රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍යය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය, රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය යනාදි අංශ ඉලක්ක කර මෙම සැලසුම් සකස් කෙරෙන බවත් එම සැලසුම් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධ කෙරෙනු ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
එසේම ජනතාවට අවශ්‍ය කෙරෙන දැනුවත් කිරීම් කරන ලෙස සියලු අමාත්‍යංශවලට උපදෙස්දී ඇතැයිද යුද හමුදාපතිවරයා කීය.
රට විවෘත කළ පසු ජනතාවට සැලකිය යුතු කාලයක් සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කිරීමට සිදුවනු ඇති බවත් එසේ කටයුතු නොකළහොත් යළි බරපතළ ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු පැවසුවේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රට විවෘත කරන්න සැළසුම් සුදානම් ‘
Sk Monday, 27 September 2021 02:31 PM
දැනුත් රට ඇරලා වගේනේ...
Sanath Monday, 27 September 2021 04:09 PM
ඔබට පොදු ප්‍රවාහන අංශය වැඩිදියුණු කළ නොහැකි නම් අනෙක් සියල්ලෙන් පලක් නැත. ඔවුන් වෙනුවෙන් කාලය නාස්ති නොකරන්න.
mihira Monday, 27 September 2021 05:50 PM
ඩීසල් නැව ඊට කළින් නාවොත් කීයටවත් අරින්නේ.., රනිල් ඔන්න විස්තර සහිතව කියලා තියෙනවා... රාජපක්ෂ සූත්‍රයේ හැටි..
fairoosMonday, 27 September 2021 06:18 PM
එහෙනම් අනිවාර්යයෙන් රට අරින්න... දැනුත් කරන්නේ ඒකනේ...
Sriland Monday, 27 September 2021 09:42 PM
කොයි රටද ?අපිත් බලන් ඉන්නේ කොරෝනා බොරුව කවද්ද ඉවර කරන්නේ කියලා ?