(ඩයනා උදයංගනී)
මොනවා වුණත් රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බලකාය ලබාදෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට රජය සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ලෝකයෙ කොවිඩ් වසංගතයට විසඳුම් ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කරන බව කී ඇමතිවරයා මුළුමනින්ම රට වැසීම, ජනගහණයෙන් සියයට 40කට 50කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සහ යම් ප්‍රමාණවත් සංඛ්‍යාවකට එන්නත දී රට අර්ධ වශයෙන් විවෘත කිරීම එම ක්‍රමවේදයන් බවත්, ශ්‍රී ලංකාව ඉන් තුන්වෙනි ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් පැවසීය.
අවුරුදු එහ හමාරක් පමණ රටේ විවිධ අංශ වසා දමා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය අනුව එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් අලහප්පෙරුම මහතා කීවේය. මෙම අවස්ථාවේ මෙරට රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා නමුත් රජය අනම්‍ය තීරණයක නොමැති බව ද පැවසීය.
සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවේ වසර එක හමාරක් තුළ අවස්ථා රාශියකදී රට වසා දැමූ අතර ඒ සෑම අවස්ථාවකට නොවිධිමත් ආර්ථිකයක් ඇති ජනතාව පීඩාවට පත්වූ බවයි.
ඔවුන්ට ආධාර දීමට රුපියල් කෝටි 8,000කට වැඩි මුදලක් වැයවූ බව කී ඇමතිවරයා රට ආර්ථික අපහසුතාවයක සිටින මෙවැනි මොහොතක අඛණ්ඩව සහනදීමේ ගැටලුවක් බවත්, දැනටත් රට තුළ පාසල් වැසීම, පළාත් සංචරණ සීමා, ආයතනවල කාර්ය මණ්ඩල සීමා කිරීම වැනි පියවර ගෙන තිබෙන බව සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට වැසීම ගැන රජය මුරණ්ඩු ස්ථාවරයක නෑ
pakeer Wednesday, 18 August 2021 04:12 PM
ආර්ථිකේ ගැන ඔයාලා ඔච්චර හිතනවා නම්... නාස්තියයි, දූෂණයයි පිටු දකින්න. කොමිස් ගහන එක නවත්වන්න.. මෝඩ මීහරක් ව්‍යාපෘති නවත්වන්න.. ආර්ථිකයට හරියන වියදම පුරුදු වෙන්න. මෙහෙම ආර්ථිකේ ගැන කැක්කුමක් තියෙනවා නම් රටට මේ වගේ එක එක්කෙනාගෙන් හිඟාකන්න වෙන්නේ නැහැ.
kapila Wednesday, 18 August 2021 05:02 PM
මුල්ම පුවත බලන්න. මුරණ්ඩුකම හොඳින්ම පේනවා.
Dhammika Wednesday, 18 August 2021 05:06 PM
මිලියන 8 ක් වගේ ලොකු ගාණකට නිකම්ම කන්න දිදී ඒ අය දුප්පත් කරේ අපිද? උඹලාම අවුරුදු 10කට වැඩිය රට පාලනය කරලා තියෙනවා. හම්බානෙට ණය අරන් තියෙනවා. තවත් ගන්නවා. කෝ ඒ ගත්ත ණය වලින් මොනවද කලේ. තමන්ගේ අය, තමන්ට කඩේ ගිය අය ආණ්ඩුවේ ආයතනවලට දැම්මා. එතන වියදම වැඩි කළා. අර සහන, මේ සහන කියකිය නිකන් දීලා වැඩ කරන්න අය නිකමුන් කළා. තමන්ගේ රටේ හදන්න පුලුවන් දෙයක්වත් හදන්න එක කර්මාන්තයක් දැම්මාද? ඔක්කොම රටින් ගෙන්නෙව්වා. එහෙම කරලා අද කියනවා ඩොලර් නැතිලු. යකෝ ඩොලර් නැතිකලේ අපිද?
පප්ප Wednesday, 18 August 2021 05:32 PM
මේකත් ආපු ගමන් අරයා වගේම බොරු කෙලින්න පටන් ගත්තා...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 August 2021 05:51 PM
අපොයි ඔව් ඔව්... මුරණ්ඩු ස්ථාවරයක ඇත්තේම නැහැ. ඒ ගැන තවත් කුමන කතාද? ඔබතුමා සන්නිවේදන ක්‍රම සහ විධික්‍රම භාවිතා කර යථා තත්වය විකෘති කරන්නට ගියාම පිරිහෙන්නේ ඔබතුමාමයි. ඒක අමතක කරන්නට එපා...