IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රට සල්ලි තොගය රාජ සන්තකයි

රුපියල් පනස් ලක්ෂ අනු දහස් හයසිය හැට හයක් වටිනා යුරෝ සහ ඇමරිකානු ඩොලර්  තොගයක්  තම අත් බෑගයේ ව්‍යාජ පතුලක සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි  ශ්‍රී ලාංකික කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම මුදල් තොගය රාජසන්තක කළේය.

මේ පිළිබඳ රේගු පරීක්ණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සිදු කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර යුරෝ දහසය දහස් හාරසිය හතලිහක් සහ ඇමරිකානු ඩොලර් දහසය දහසක් තිබූ බව රේගුව කියයි.

රේගු මාධ්‍ය  ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේ ඇය නිතර නිතර ඉන්දියාවට යන එන කාන්තාවක් බවත් පසුගිය සති දෙක ඇතුලත පමණක් හතර වතාවක් ඉන්දියාවට ගොස් ඇති බවයි.

ඇය කොළඹ ජම්පටා වීදියේ පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවකි.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල් සහ කීර්ති අබේසේකර යන නිලදාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්  රේගු අධිකාරී ඩී. පෙරිම්බනායගම් සහ නියෝජය රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල්, කීර්ති අබේසේකර යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

රට සල්ලි තොගය රාජ සන්තකයි

අල්විස් Wednesday, 29 January 2014 02:58 PM

මේවා රට සල්ලි නෙවෙයි කළු සල්ලි බව මතක තියා ගන්න. අපේ රටින් පිට කරන්ට පුළුවන් සල්ලි ගණන කෑෂ් වලින් වෙනයි. ට්‍රැවලස් චෙක් වලින් වෙනයි. මෙහෙම නීතියක් ඇති උනේ කෝටිපතියෝ සීමා රහිතව කලු සල්ලි ජාවාරමක් ඉස්සර රට තුල කල නිසයි. ඒක ලංකා ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇතිකළා. ඔයාලා පිටරට යන්ට කලින් දැනගත යුතු පළවැනි කාරණේ තමයි මේ සල්ලි පිළිබඳව හරියාකාරව දැනගන්න එක. රට ඉඳන් එනකොට එයා පෝට් එකේදී කස්ටම් එකට ඩික්ලයාර් කරන්ට බය වෙන්ට එපා. ඒ මුදල පාස්පෝට් එකේ ලියවෙන එක ගොඩාක් හොඳයි. (නදී)

:       0       0

සෙලිනා Thursday, 30 January 2014 11:48 AM

සත්‍යා ඔයා හරියටම හරි, එත් ගොඩක් අය ලංකාවට එන විට මුදල් කොහේ හරි හංගා ගෙන එන්නේ ඒ පරිස්සම් කරන්න ඕන නිසා මොකද ප්ලයිට් එක ඇතුලෙත් හොරකම් සිද්ධ වෙනවනේ (දිල්)

:       0       0

අසෝකා Wednesday, 29 January 2014 06:25 PM

මම දන්නා විදියට නම් සල්ලි ලංකාවට ගෙන්න පුළුවන් නමුත් ඒවා ගුවන් තොටුපලේදී අපි සඳහන් කල යුතුයි. (මෙපමණ මුදලක් ගේනවා කියල) (අ)

:       0       0

පහන්, ප්‍රංසය Wednesday, 29 January 2014 08:57 PM

ලංකාවට කොපමණ මුදලක් ගෙනාවත් තහනමක් නැහැ. ඒ මුදල් රේගුවට දන්වල තියෙන්න ඕනා. නමුත් ප්‍රශ්නේ ඊට පස්සේ නොමැරී යහතින් ගෙදර යන්නේ කොහොමද කියන එක. සල්ලි ගැන කිව්වත් අමාරුවේ නොකිව්වත් අමාරුවේ. මෙන්න ලංකාවේ තත්වය. මම හොරකම් නොකර මගේ මහන්සියෙන් උපාය ගත්ත කොපමණ මුදලක් වුනත් ලංකාවට ගෙන එක වැරද්දක් වෙන්නේ ඇයි. (නදී)

:       0       0

සෑම් Wednesday, 29 January 2014 08:15 AM

ලංකාව හොර සල්ලි ජාවාරමේත් කේන්ද්‍රස්ථානය වෙලාද? (නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 29 January 2014 08:41 AM

මේ අල්ලන රට සල්ලි ,රත්තරන් ,දඩ මුදල් වලිනුයි අවුරුද්දක් ලංකාවටම කන්න දෙන්න පුළුවන්. (නදී)

:       0       0

චන්දි Wednesday, 29 January 2014 09:45 PM

ඔයාට ගොඩක් ස්තුතියි අශෝකා.(නදී)

:       0       0

උපාලි Wednesday, 29 January 2014 09:23 AM

රට සල්ලි ලංකාවට ගේන්න බැරි ඇයි? (නදී)

:       0       0

ගිම්හානි Wednesday, 29 January 2014 10:53 PM

අනේ ඔව් මමත් මේ අහන්නමියි හිටියේ .මේ අල්ලන සල්ලිවලට මොකද අප්පා වෙන්නේ ? ඒවා කාටද යන්නේ මොනාද වෙන්නේ ?මමත් මේ දන්නේ නැති හින්දා අහන්නේ (අ)

:       0       0

චින්තක බණ්ඩාර Wednesday, 29 January 2014 10:23 AM

රට සල්ලි කොපමණ ගේන්න පුලුවන්ද එක පාරකට එක්කෙනෙකුට කියල දැනුම්වත් කලානම් හරිනේ. ඒ ගැන පිටරට ඉන්න අපව දැනුම්වත් කරන්න.(නදී)

:       0       0

ලංකා Wednesday, 29 January 2014 10:41 AM

ඇයි රට සල්ලි ලංකාවට ගේන්ඩ බැරි? ඇල්ලුවේ ඉන්දියාවට යද්දී නම් කමක් නෑ.(නදී)

:       0       0

මනෝජ් ද සිල්වා Wednesday, 29 January 2014 10:46 AM

ලාංකාවට සල්ලි ගේන්නත් බැහැ ලංකාවෙන් සල්ලි පිට අරන් යන්නත් බැහැ මොකක්ද ලංකාවේ නිතිය. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 29 January 2014 10:49 AM

මම දන්නා තරමට ගෙනියන්න පුළුවන් රේගුවට නොපෙන්වා ඩොලර් දස දහසයි. ඉතිරි සියල්ල පෙන්නන්න ඕනේ.(නදී)

:       0       0

දයා Wednesday, 29 January 2014 11:07 AM

මොනවා වුණත් සියළු දෙනාවම හොද පරීක්ෂාවකට ලක්කිරීම හොදයි. (නි)

:       0       0

චන්දි Wednesday, 29 January 2014 11:09 AM

මම නම් දකින්නේ මෙය මේ තැනැත්තියට කර තිබෙන ලොකු අසාධාරණයක් ලෙසටයි. (නි)

:       0       0

කුසුම් Wednesday, 29 January 2014 11:19 AM

අයියෝ! මෙහෙම අරගෙන ගියා කියලා ලොකු වාසියක් නැහැ. මේක නොදැනුවත්කම ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

‍සේන Wednesday, 29 January 2014 11:22 AM

දන්නා කෙනෙක් කියනවද රට සල්ලි ලංකාවට කොච්චර ගෙනෙන්න පුලුවන්ද කියලා? (නි)

:       0       0

චන්දි Wednesday, 29 January 2014 12:25 PM

දැන් මේ රේගු නිලදාරීන් උසස් වෙන්න ඕන කමට මේවා කරනවද මන්දා රට සල්ලි ලංකාවට ගෙනාවයි කියල අත් අඩංගුවට ගන්නේ. ඒ කියන්නේ ලංකාවට එනවිට ගෙන ආ හැකි යම් කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවද? කරුණාකර පිට රට සිටින අපිව දැනුවත් කරන්න. හිරේ ගිහින් දඩ ගෙවන්න. ඔන්න අපිට නම් බැහැ.(නදී)

:       0       0

ගුණේ Wednesday, 29 January 2014 12:32 PM

ලංකාවෙන් පිට නොකර ලංකාව තුලට රට සල්ලි එනවා නම් හොඳ නැද්ද? මගේ අදහස - බෑග් වල පතුලේ මුදල් සගවාගෙන එන්නේ, ගුවන් මලු ප්‍රවාහනයේදී ඉන්දියාවේත්, ලංකාවෙත් ගුවන් තොටුපලේ ඉන්න හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න චේතනාව ඇතුවයි. (නදී)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 29 January 2014 12:53 PM

මේ අල්ලන සල්ලි වලට ඇත්තටම මොකද වෙන්නේ?  (නදී)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 08:26 AM

ලංකාවෙන් සල්ලි පිටට ගෙනියන්නත් බැහැ ලංකාවට ගේන්නත් බැහැ කියන එකේ පදනමක් නැහැ. බලයේ ඉන්න ඕනෙම ආණ්ඩුවක් මැති ඇමති වරුන්ට, බිරියන්ට හා පුතුන්ට පිටරට ගෙනයාමට නිල වශයෙන් දෙන මුදලට අමතරව කිසිදාක රේගුවට හෙළි නොකරන මුදල් ප්‍රමාණයක්ද අරගෙන යනවා. එසේ කරන්නේ පිටරටදී ලංකාවේදී විඳගන්න බැරි සැප විඳින්න. ලංකාවට ඉතින් සල්ලි ගේන්නේ මැද පෙරදිග ලේ දහදිය වගුරන ශ්‍රමිකයෝයි, ලොව පුරා විසිරී සිටින සාමාන්‍ය ශ්‍රමිකයනුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2180 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 66 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 112 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 456 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 285 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


මහනුවර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 412 0

අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14647 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 47 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 220 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 120 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site