රුපියල් පනස් ලක්ෂ අනු දහස් හයසිය හැට හයක් වටිනා යුරෝ සහ ඇමරිකානු ඩොලර් තොගයක් තම අත් බෑගයේ ව්‍යාජ පතුලක සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවකට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම මුදල් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සිදු කළේය.
අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර යුරෝ දහසය දහස් හාරසිය හතලිහක් සහ ඇමරිකානු ඩොලර් දහසය දහසක් තිබූ බව රේගුව කියයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේ ඇය නිතර නිතර ඉන්දියාවට යන එන කාන්තාවක් බවත් පසුගිය සති දෙක ඇතුලත පමණක් හතර වතාවක් ඉන්දියාවට ගොස් ඇති බවයි.
ඇය කොළඹ ජම්පටා වීදියේ පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවකි.
නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල් සහ කීර්ති අබේසේකර යන නිලදාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්දන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ඩී. පෙරිම්බනායගම් සහ නියෝජය රේගු අධිකාරීවරුන් වන ඩී.ඩී.එස්.සී මයිකල්, කීර්ති අබේසේකර යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා කෙනෙක් කියනවද රට සල්ලි ලංකාවට කොච්චර ගෙනෙන්න පුලුවන්ද කියලා? (නි)
සත්‍යා ඔයා හරියටම හරි, එත් ගොඩක් අය ලංකාවට එන විට මුදල් කොහේ හරි හංගා ගෙන එන්නේ ඒ පරිස්සම් කරන්න ඕන නිසා මොකද ප්ලයිට් එක ඇතුලෙත් හොරකම් සිද්ධ වෙනවනේ (දිල්)
ලංකාවෙන් සල්ලි පිටට ගෙනියන්නත් බැහැ ලංකාවට ගේන්නත් බැහැ කියන එකේ පදනමක් නැහැ. බලයේ ඉන්න ඕනෙම ආණ්ඩුවක් මැති ඇමති වරුන්ට, බිරියන්ට හා පුතුන්ට පිටරට ගෙනයාමට නිල වශයෙන් දෙන මුදලට අමතරව කිසිදාක රේගුවට හෙළි නොකරන මුදල් ප්‍රමාණයක්ද අරගෙන යනවා. එසේ කරන්නේ පිටරටදී ලංකාවේදී විඳගන්න බැරි සැප විඳින්න. ලංකාවට ඉතින් සල්ලි ගේන්නේ මැද පෙරදිග ලේ දහදිය වගුරන ශ්‍රමිකයෝයි, ලොව පුරා විසිරී සිටින සාමාන්‍ය ශ්‍රමිකයනුයි. (නදී)
අනේ ඔව් මමත් මේ අහන්නමියි හිටියේ .මේ අල්ලන සල්ලිවලට මොකද අප්පා වෙන්නේ ? ඒවා කාටද යන්නේ මොනාද වෙන්නේ ?මමත් මේ දන්නේ නැති හින්දා අහන්නේ (අ)
ඔයාට ගොඩක් ස්තුතියි අශෝකා.(නදී)
ලංකාවට කොපමණ මුදලක් ගෙනාවත් තහනමක් නැහැ. ඒ මුදල් රේගුවට දන්වල තියෙන්න ඕනා. නමුත් ප්‍රශ්නේ ඊට පස්සේ නොමැරී යහතින් ගෙදර යන්නේ කොහොමද කියන එක. සල්ලි ගැන කිව්වත් අමාරුවේ නොකිව්වත් අමාරුවේ. මෙන්න ලංකාවේ තත්වය. මම හොරකම් නොකර මගේ මහන්සියෙන් උපාය ගත්ත කොපමණ මුදලක් වුනත් ලංකාවට ගෙන එක වැරද්දක් වෙන්නේ ඇයි. (නදී)
මම දන්නා විදියට නම් සල්ලි ලංකාවට ගෙන්න පුළුවන් නමුත් ඒවා ගුවන් තොටුපලේදී අපි සඳහන් කල යුතුයි. (මෙපමණ මුදලක් ගේනවා කියල) (අ)
මේවා රට සල්ලි නෙවෙයි කළු සල්ලි බව මතක තියා ගන්න. අපේ රටින් පිට කරන්ට පුළුවන් සල්ලි ගණන කෑෂ් වලින් වෙනයි. ට්‍රැවලස් චෙක් වලින් වෙනයි. මෙහෙම නීතියක් ඇති උනේ කෝටිපතියෝ සීමා රහිතව කලු සල්ලි ජාවාරමක් ඉස්සර රට තුල කල නිසයි. ඒක ලංකා ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇතිකළා. ඔයාලා පිටරට යන්ට කලින් දැනගත යුතු පළවැනි කාරණේ තමයි මේ සල්ලි පිළිබඳව හරියාකාරව දැනගන්න එක. රට ඉඳන් එනකොට එයා පෝට් එකේදී කස්ටම් එකට ඩික්ලයාර් කරන්ට බය වෙන්ට එපා. ඒ මුදල පාස්පෝට් එකේ ලියවෙන එක ගොඩාක් හොඳයි. (නදී)
මේ අල්ලන සල්ලි වලට ඇත්තටම මොකද වෙන්නේ? (නදී)
ලංකාවෙන් පිට නොකර ලංකාව තුලට රට සල්ලි එනවා නම් හොඳ නැද්ද? මගේ අදහස - බෑග් වල පතුලේ මුදල් සගවාගෙන එන්නේ, ගුවන් මලු ප්‍රවාහනයේදී ඉන්දියාවේත්, ලංකාවෙත් ගුවන් තොටුපලේ ඉන්න හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න චේතනාව ඇතුවයි. (නදී)
දැන් මේ රේගු නිලදාරීන් උසස් වෙන්න ඕන කමට මේවා කරනවද මන්දා රට සල්ලි ලංකාවට ගෙනාවයි කියල අත් අඩංගුවට ගන්නේ. ඒ කියන්නේ ලංකාවට එනවිට ගෙන ආ හැකි යම් කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවද? කරුණාකර පිට රට සිටින අපිව දැනුවත් කරන්න. හිරේ ගිහින් දඩ ගෙවන්න. ඔන්න අපිට නම් බැහැ.(නදී)
ලංකාව හොර සල්ලි ජාවාරමේත් කේන්ද්‍රස්ථානය වෙලාද? (නදී)
අයියෝ! මෙහෙම අරගෙන ගියා කියලා ලොකු වාසියක් නැහැ. මේක නොදැනුවත්කම ලෙසයි මම නම් දකින්නේ. (නි)
මම නම් දකින්නේ මෙය මේ තැනැත්තියට කර තිබෙන ලොකු අසාධාරණයක් ලෙසටයි. (නි)
මොනවා වුණත් සියළු දෙනාවම හොද පරීක්ෂාවකට ලක්කිරීම හොදයි. (නි)
මම දන්නා තරමට ගෙනියන්න පුළුවන් රේගුවට නොපෙන්වා ඩොලර් දස දහසයි. ඉතිරි සියල්ල පෙන්නන්න ඕනේ.(නදී)
ලාංකාවට සල්ලි ගේන්නත් බැහැ ලංකාවෙන් සල්ලි පිට අරන් යන්නත් බැහැ මොකක්ද ලංකාවේ නිතිය. (නදී)
ඇයි රට සල්ලි ලංකාවට ගේන්ඩ බැරි? ඇල්ලුවේ ඉන්දියාවට යද්දී නම් කමක් නෑ.(නදී)
රට සල්ලි කොපමණ ගේන්න පුලුවන්ද එක පාරකට එක්කෙනෙකුට කියල දැනුම්වත් කලානම් හරිනේ. ඒ ගැන පිටරට ඉන්න අපව දැනුම්වත් කරන්න.(නදී)
රට සල්ලි ලංකාවට ගේන්න බැරි ඇයි? (නදී)
මේ අල්ලන රට සල්ලි ,රත්තරන් ,දඩ මුදල් වලිනුයි අවුරුද්දක් ලංකාවටම කන්න දෙන්න පුළුවන්. (නදී)