IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘රටේ හතරෙන් එකකට වතුර නෑ‘

මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් මේ වනවිට බරපතළ පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය.

හදිසි නියං හා වියළි කාල-ගුණ තත්ත්වය යටතේ පානීය ජල අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ශ්‍රී ලංකා නෙක්ස්ට් : නීල  හරිත යුගයක්‘ පාරිසරික සමුළුව සහ ප්‍රදර්ශනයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.

හදිසියේ ඇති වූ මේ තත්ත්වය හේතුවෙන් ජල බවුසර් හිඟයකට මුහුණ දී සිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.

RDS_1383 RDS_1444 RDS_1462 RDS_1484    



අදහස් (0)

‘රටේ හතරෙන් එකකට වතුර නෑ‘

චාමර Friday, 21 October 2016 02:08 AM

සුද්දා ලෝකේ වටේ රවුම් ගහලා ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරගත්තා. අපිට අපිට අවශ්‍ය දේ කරගන්න තවමත් බැරිවෙලා තියෙන්නේ. සංස්කෘතිය විනාශ වෙලා. පරිසරය විනාශ වෙලා. ලාංකික ජනතාවගේ අනන්‍යතාව රැකගන්න, කොන්ද කෙළින් තියාගන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයයි. (නි)

:       0       0

සංජීව Wednesday, 19 October 2016 02:21 AM

තව කැලේ කපන්න දීලා බලා ඉන්න. එතකොට හරි. එක ගහක් හිටවලා අක්කර ගානක් වනසන හැටි?? (නි)

:       0       0

සජී Wednesday, 19 October 2016 02:37 AM

වනාන්තර වැනසූවිට මෙහෙම වෙනවා තමයි (නි)

:       0       0

සරත් Wednesday, 19 October 2016 02:59 AM

ගංගා හාර හාරා වැලි ගන්නකොට ගංගා වලට කරදිය එනවා. මහවැලියට වුණෙත් ඔය ටිකනේ. ඒ ටිකම කළු ගඟටත් වෙලා. පහුගිය අවුරුදු 15 - 20 හිටපු වාරිමාර්ග ඇමැතිලාගේ වැඩ ගැනත් හොයන්න කාලය හරි. (නි)

:       0       0

රංග Wednesday, 19 October 2016 03:20 AM

මේ දේට විසදුම් හොයමු.(හේ)

:       0       0

රුවන් Wednesday, 19 October 2016 03:25 AM

වන විනාශය තමයි.(හේ)

:       0       0

අරුන් Wednesday, 19 October 2016 03:43 AM

ඔබ තුමාගේ පස් අවුරුද්ද ප්‍රීතියෙන්, සතුටෙන් ගතකරන්න. අපේ සතුටද එයයි.වතුර වගේද ඔබතුමා ගතකරන මනරම්,සුඛෝපබෝගී ජීවිතය. (අ)

:       0       0

කේලිත Wednesday, 19 October 2016 04:20 AM

මේ ප්‍රශ්නයට කුමක් හෝ දෙයක් කළාද?(හේ)

:       0       0

ධම්ම Tuesday, 18 October 2016 02:32 PM

ඩුබායිවලින් 'මසාෆි' බෝතල් වතුර ගෙනල්ලා දෙන්න. ඒ වතුර බීමට හරිම හොඳයි. (අ)

:       0       0

රංජන් Tuesday, 18 October 2016 02:42 PM

ඉතින් රටටම වතුර දෙන්න ක්‍රමයක් හදන්නකෝ කියව කියව ඉන් නැතුව. (අ)

:       0       0

දිමුතු Tuesday, 18 October 2016 03:22 PM

එදා කතාවෙන් ජනතාව හොදටම කලකිරිලා .(අ)

:       0       0

බණ්ඩාර Wednesday, 19 October 2016 07:46 AM

ජනාධිපති වශයෙන් ඔබතුමාත්, රජයේ විෂයබාර ඇමතිවරයාත් මෙම නියගයෙන් පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ගත් පියවර කවරේද? අපිට දැනගන්නේ අවශ්‍ය එයයි. රටේ යම් ප්‍රදේශ වල නියගයක් පවතින බවත් ජනතාව එයින් පිඩාවට පත්ව සිටින බවත් ඔබතුමා කියන්න කලින් අපි දන්නවා.(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 18 October 2016 04:00 PM

මොරගහකන්ද-කළුගඟ ජල ව්‍යාපෘතිය නිමවෙනතුරු තව ටිකක් ඉවසලා ඉඳිමු (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 18 October 2016 04:07 PM

ජල බවුසර් හිඟයක් තියෙනවා නම් රාජ්‍ය නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවන්නේ කොහොමද? (නි)

:       0       0

චන්දන Tuesday, 18 October 2016 04:24 PM

ඔය කතා වැඩක් නැහැ. පොළොන්නරුවේම සංරක්ෂණ ඉඩම් කට්ටියක් අල්ලාගෙන. අරෙහේ විල්පත්තුව එළිකරනවා. ඒවාට මොකුත් නැහැ (නි)

:       0       0

රජිත් Tuesday, 18 October 2016 04:28 PM

මෙහෙම ගියොත් රටටම නැතිවෙයි (නි)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 04:28 PM

"රාජා භවතු ධම්මිකෝ" (නි)

:       0       0

ලලිත් Tuesday, 18 October 2016 04:50 PM

ඉතින් වතුර නැති පැතිවල භවභෝගයක්වත් වවාගන්න බැරුව ඉන්නවාට වඩා හොඳ නැද්ද වතුර තියෙන පැත්තකට ගෙනවිත් පදිංචි කළා නම්. (නි)

:       0       0

භද්‍රානි Wednesday, 19 October 2016 10:06 AM

නිදහසින් පසුව බිහිවූ අපේ රටේ පාලකයින්ගේ කෙරුවාවේ තරම තමයි මේ. අඩු තරමේ ජලයේ කිසිදු හිගකමක් නොමැති මේ ලක් භුමියේ ජීවත් වන ජනතාවට වතුර ටික දෙන්නවත් පාලකයින්ට බැරි වුනා. ඉතින් අනිත් දේවල් ගැන කවර කතාද? කයිවාරුව වගේම , වැඩටික කර ගත්තෙත් සංවර්ධනය වුනෙත් පාලක පැලැන්තිය විතරයි. කොහොමත් සුද්දෝ රට සුරගෙන කෑවත්, අපේ රටට විශේෂ යමක් කළා. (හේ)

:       0       0

වින්සන්ට් Tuesday, 18 October 2016 09:05 PM

දැනටමත් වර්ෂාව පටන්ගෙන ඇති නිසා ඔබතුමා කලබල විය යුතු නැත. මේ මොහොතේ ලක්ෂ 62 ක් ජනතාව කලබලවී ඇත්තේ මේ ජනවාරි 8 වැනිදා පත්කරගත් රජයමද කියායි. ජනතා අභිලාශය, ජනතා අපේක්ෂා වගේ ලස්සන වචන තවදුරටත් අපේ මතකයේ තබාගන්නට හැකිවේද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 18 October 2016 09:31 PM

විදුලිය කපලා ඉන්දියාවෙන් විදුලිය ගේන්න මිනිසුන්ගේ ඔලුව හදනවා වගේ පුළුවන්නේ මේ අස්සේ ඉන්දියාවෙන්ම බටදාලා වතුරත් ගේන ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඉන්දියාවේ අයියලට මේක ආරංචි වුණොත් ඒකත් කරන්න අණ කරනවා ෂුවර් (නි)

:       0       0

හියුමන් Tuesday, 18 October 2016 09:41 PM

ඉස්සරත් මෙහෙම අමාරු කාල තිබුනානේ ඉතින් (නි)

:       0       0

ප්‍රබෝද Tuesday, 18 October 2016 10:42 PM

අපිට විල්පත්තුව සිහිවෙනවා (නි)

:       0       0

නන්දනී සුබසිංහ Tuesday, 18 October 2016 11:05 PM

නියඟයක් එන්නම ඕනෑ රටේ ජල අර්බුදය කතා කරන්න. කපන ගස් වලට නැවත ගස් ඉන්දනවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නි)

:       0       0

රමණි Tuesday, 18 October 2016 11:19 PM

එෆ් සී අයි ඩී ගැන කිව්වා විතරයි ගොඩක් පළාත් වලට වැස්ස පටන් ගත්තා. යහපාලනේ ඉන්න සමහර ඇමතිවරු ගැනත් මොනවහරි කිව්වා නම් ඉතුරු ටිකටත් වැසි ලැබිලා ගංගා උතුරලා යාවි. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 19 October 2016 01:10 AM

ගජරාමෙට කැලෑ එළිකරනකොට වතුර තියෙයිද? (නි)

:       0       0

නාමල් Wednesday, 19 October 2016 01:14 AM

ලක්ෂ 50 විතර ජීවිත අනතුරේ. වතුර නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් දින 5ක් විතරයි. දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 19 October 2016 01:41 AM

පෙර සිට සිංහල මිනිස්සු රට පුරා වැව් බැඳගෙන ජලය රැස්කර ගත්තා. දැන් උදවිය අහස දිසා කට ඇරගෙන පෙළපාලි යනවා. ඩුබායි මිනිස්සු සල්ලි වියදම් කරලා ලුණු දිය පානීය ජලය බවට පත්කර ගන්නවා. ඇයි තමුන්නාන්සේලාට බැරි මුහුදුකරයේ ලුණු වතුර පිරිසිදු කරන ස්ථාන ඉදිකරගන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1038 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2839 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 328 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site