IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රට හදන බාධා නැති කරන්න නව නීතියක්

(අංජුල මහික වීරරත්න)

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක්  ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය  වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14) සහභාගී වෙමිනි.

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින්  ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ.

උපාධි අපේක්ෂකයන් සඳහා  පර්යේෂණාගාර, දේශන ශාලා, පරිගණක විද්‍යාගාර හා වෘත්තීය උපදේශන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර  AI හා GIS තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය  මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.

 

මෙම නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 750කි. 

 

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

 

 



අදහස් (8)

රට හදන බාධා නැති කරන්න නව නීතියක්

Hafeel Tuesday, 14 May 2024 06:37 PM

රට හදන බාධා නැති කරන්න නව නීති අවශ්‍ය නැහැ. එහම හදන්න පාර්ලිමේන්තුව රැස් කරන්නත් තේරුමක් නැහැ. දැනට පවතින නීති ඕනේ තරම් ඇති තරාතිරම් නොබලා ක්‍රයාත්මක කරනවා නම්....මෙයාගේ කැබිනට් එකේ ඉන්නවා ඕනේ තරම් දූෂිතයන්. ඒ වගේම දූෂිත මහ කොමසාරිසලා පත් කරලා තියන්නේ. ඉතින් කියනවා නව නීති හදනවලු.

:       1       3

Rata Perata Tuesday, 14 May 2024 07:42 PM

බාධකය රනිල් වික්‍රමසිංහ තමයි. ඔයා අයින් වෙන්න.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 14 May 2024 07:54 PM

අවුරුදු හතලිස් පහක් රටේ පාලන බලයට හවුල් වු පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සිට ජනාධිපති වෙනතුරු සියලු තනතුරු දරා රට අගාධයේ පතුලටම ඇද දමන්නට හවුල් වෙලා දැන් තමයි රට නගන්න රටේ ආර්ථිකය සංවර්ධනය ඇති කරන්න උපාය මාර්ග සැලසුම් හා නීති රීති අණ පනත සකස් කරන්න මෙයාට මතක්වෙලා තියෙන්නේ. දැන් ඔයා මහළු වයසේ ඕවට කරදර වෙන්න එපා ලබන ඔක්තෝබර් මාසයේ විශ්‍රාම ගියාම ගෙදරට වෙලා නිදහසේ ඉන්න ලැබුනොත් බණක් භාවනාවක් කරගෙන ඉන්න බලන්න, එහෙමත් නැත්නම් ඉතින් වැලිකඩ දර පලන්න සූදානම් වෙන්න.

:       11       5

හෙණ තරුණWednesday, 15 May 2024 09:09 AM

විධායක ජනාධිපති කෙනෙක් ඉන්නරටක බලතල තියෙන්නෙ කාටද කියන්න දන්නෙවත් නැති කිරිසප්පයෙක්ද මොණරා ඔයා.අනෙක්දේ තමයි තමුන් ඔය කියන මහළු කථාව.රුසියාව චීනෙ වගේ දියුණු රටවල ඉන්නෙත් හෙණ තරුණ නායකයෝද.පෙරහැරක කරඩුව වඩම්මන්නෙත් පරිණත ඇතෙක්.ලියල තියාගන්න රනිල්ට වැලිකඩ යන්න වුණේ නැත්නම් අංගොඩ යන්නේ ඔයා.

:       2       6

ජයනාත් Tuesday, 14 May 2024 09:06 PM

තමුන්ට හිතෙන හිතෙන විදියට වැඩ කරන්න කවුද බලය දුන්නෙ .. ගෙම්බ ඕනවට වැඩිය පිම්⁣ඹෙන්න ගිහිල්ලා වුන දේ අහල ඇති නේද .

:       3       3

පිටරටවැසියා Tuesday, 14 May 2024 09:33 PM

රට හදන බාධා නැති කරන්න එක නීතියයි ඕන...දේශපාලනයට උපාධිය අවම සුදුසුකම කරලා, රාජ්‍ය සේවයට අනුයුක්ත කරන්න. එතකොට රාජ්‍ය සේවයට තියෙන වරප්‍රසාද භුක්ති විඳලා 60න් විශ්‍රාම යන්න පුළුවන්..දැනට ඕක විතරක් කරාම ඇති. අනිත් ඒවා මතු සම්භන්ධයි....

:       0       3

Warnasinghe Wednesday, 15 May 2024 06:24 AM

කයියනායක

:       3       2

Sirilakajanathawa Wednesday, 15 May 2024 10:24 AM

අපට පක්ශගතවීමක් නැත.රටට හිටපු නායක නායිකාවො එයාලට පුලුවන් ආකාරයට රටට මිනිසුන්ට සේවය කරල තියෙනව.කරන්න බැරි වුන දේත් තියනව.ඒක තමා ජාතික වශයෙන් අවශය වුනු පිලිවෙලින් හැදිය යුතු විනය,ආර්ථික සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය.පලමුව විනය දෙක මිනිසුන්ගේ ආර්ථික සංවර්ධනය අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය.රටටම නායකයෙක් නැති වෙලාවක අපිට හිටියෙ ඔය වයසක මනුස්සය විතරයි.අපිට යුද්ධය ජයගත් වීරයො, තාර්කිකව වැරදි පෙන්වාදෙන වීරයො,පාසල් වලට සම්පත් ලබාදෙන නායකයො හිටියට ඒ වෙලාවෙ එතුමා ක්‍රියාකල ආකාරය අපට අමතක කල නොහැක.මේ ඔක්කොම අපේ රටේ මිනිස්සු.ඕන දේවල් වලට හරියට නීති සම්මත කරගෙන රටේ ආර්ථිකය ගොඩ දාන්න ක්‍රම වලින් අපි හැමෝම දායක වෙමු.සෑම දේකටම සිස්ටම් එකක් හදල ඒව මැනේජ් කරමු. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන තත්වය යුරෝපීය රටක වගේ පහසු කරවමු.නීතිය කාටත් පොදු දෙයක් කරවමු.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 339 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 172 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 407 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1411 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 372 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 167 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site