IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රට හදන්න එක්වන්නැයි ජනපති යළිත් ඉල්ලයි

ණය බරින් ද අලාභ ලබන ආයතනවලින්ද මිරිකී සිටින ශ්‍රී ලංකාව ගොඩගැනීමට මිත්‍ර පක්ෂ සමග සහයෝගයෙන් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමින් ක්‍රියා කිරීමට සියලු වාද බේද දුරලා නිර්මල පිවිතුරු හා යහපත් රටක් බිහි කිරීමට එක්වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව මෛත්‍රිපාල සිරිසේන ජනපති ගාල්ලේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්වෙමින් පැවසීය.

ජනපතිවරයා කථා කළේ මහ වැසි මැද්දේය. ජනපති රැලිය අමතමින් මෙසේ පැවසීය.

‘අපි ශ්‍රමය පිළිබඳ කථා කරනකොට 18 වැනි සියවසේ කම්කරුවාගේ ශ්‍රමය අද තාක්ෂණයත් සමග බොහෝ වෙනස්කම්වලට පත්වී තිබෙනවා. වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම අපේ ප්‍රධානතම වගකීමයි. යුරෝපා සංගමයට අපේ ධීවර මත්ස්‍ය අලෙවිය නැවත ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක වෙනවා. අද ලෝකයේ සියලු රාජ්‍යයන් කිසිදු භේදයක් නැතිව අපට උදව් කරනවා. ඒ නිසා අපි මේ රට ගොඩනගන්න සියලු රටවල සහාය ලබාගන්නවා. ලබන සතියේ පැවැත්වෙන ජී7 සමුළුව වෙනුවෙන් ලංකාවේ රාජ්‍ය නායකයාට ආරාධනා කර තිබෙනවා. එය පළමුවතාවට ලැබුණු ආරාධනයක්. දුප්පත්කම, දුගී භාවය මුලික වශයෙන්ම අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒ අනුව ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් මිත්‍රශීලී පක්ෂ සමගින් මහජනතාවගේ යහපත සඳහා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වරප්‍රසාද ලබාදීම සඳහා අපි සැම විටම ක්‍රියා කරනවා. මේ රට ගොඩනගන්න ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනගන්න අපි කැපවෙලා කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අපේ වගකීමක් හා යුතුකමක්.

මේ රටේ වාද බේද අමතක කරලා දේශපාලන පක්ෂ භේද අමතක කරලා ආගම්, පක්ෂ, පාට ජාති කුල මල බේද නැතිව සියලු දෙනා එකතුවී මේ රට ගොඩනැගීම අවශ්‍යයි. මේ ගාලු පුරවරයේදී මේ රටේ සියලු දේශපාලන බලවේගවලට සියලු දෙනාට දෑත් ඔසවා ආරාධනා කරනවා මේ රට ගොඩනගන්න එකතුවෙන්න කියලා. සමගිය සුහදතාවය ඒකරාශීවීම අපට අවශ්‍යයි. අපේ අද ණය බර රුපියල් කෝටි 8,50,000 ක්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සේවය මිහින් එයාර් ගුවන්සේවය වගේ පාඩුව කෝටි 8500ක්. මේ වගේ බරපතල තත්ත්වයන් එක්ක මේ රට ගොඩනගන්න ඉස්සරහට යන්න වාද බේද අමතක කරලා මුළු රට එකම සහෝදරත්වයෙන් ඉදිරියට ගෙන යන්න අපේ රට අපේ මාතෘ භූමිය කියන හැඟීමෙන් එකට එකතු වෙන්න ඕනෑ. අවුරුදු ගාණක සිට එන උතුරේ හඬ අපට පුරුදුයි. හතළිස් ගණන්වල, පනස් ගණන්වල, හැට ගණන්වලත් ෆෙඩරල් හඬක් ආවා. මේ හඬ නෙමෙයි ප්‍රශ්නයක් කර ගත යුත්තේ. ඒ ඇයි කියන කාරණය සොයා බැලිය යුතුයි. අපි සැම විටම ඒකීය රටක් විදියට රටට ආදරේ පිරිසක් විදියට ශක්තිමත් ජාතික සංහිඳියා පිළිවෙතක් අනුව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දීලා ඉතා සුබ වාදී රටක් හදන්න සෑම කෙනෙක්ම එකට එකතු වෙන්න ඕනෑ. මේ පණිවිඩය රටට දෙන්න මේ වේදිකාව හදන්න මේ රැලිය වෙනුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ අපේ නායකයෝ ඇතුළු පිරිස විශාල සහයෝගයක් දීලා තිබෙනවා.

මේ මහා අව්ව ඉවසන්න බැරි අව්වේ ඒත් එක්කම ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවට මුහුණ දී මේ මැයි රැලිය සාර්ථක කරන්න ඔබ කළ කැපවීමට ස්තූතියි. ශ්‍රීලනිපය හැටියට ඉදිරි අනාගතයේදී මේ රටේ ආණ්ඩුවක් හදන්න එකට එකතුවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවවාදී ලෙස ලෝකයේ විශිෂ්ට නායකයින් පිරිසිදු දේශපාලන ව්‍යාපාර ගෙනගියා. එදා කාල්මාක්ස්ලා එංගල්ස්ලා මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක වගේ නායකයින් ගුණාත්මක පිරිසිදු දේශපාලනයක් ගැන ලෝකයට පණිවිඩයක් දී තිබෙනවා. මේ රට හොඳ රටක් විදියට ගොඩනගන්න හොඳ ආණ්ඩුවක් හදන්න පිරිසිදු ගුණාත්මක මානවවාදී ශිෂ්ටසම්පන්න දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. අනාගතයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය සඳහා පැහැදිලි පිරිසිදු අවංක මානවවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න මේ මැයි රැලිය අද අඩිතාලම දැම්මා. තමුන්නාන්සේලා හෙළූ දහදිය දැනුම හා අවබෝධය දේශපාලන පරිණතභාවය ඔබ සෑම කෙනෙක්ම විශිෂ්ට කැපවීමක් කළා. ඔබ වෙනුවෙන් කළ හැකි සියලු පරිත්‍යාගයන් මාතෘ භූමිය වෙනුවෙන් මම ඉටු කරනවා. සියලු කැපවීම් නොබියම පරිත්‍යාගශීලීව ශ්‍රේෂ්ඨත්වය හා විශිෂ්ඨත්වය තුළින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රට ගොඩනගන ශක්තිමත් කරන ඒ සියලු ජනතාවට ජයවේවා.‘



අදහස් (0)

රට හදන්න එක්වන්නැයි ජනපති යළිත් ඉල්ලයි

පීරිස් Monday, 02 May 2016 02:52 AM

පරණ ගත්ත ණය ගැනම කිය කියා ඉන්නවා මිසක් මේ කාලයේ ජනතාවට කරපු දෙයක් තිබෙනවද? (නි)

:       0       0

දුමින්ද Monday, 02 May 2016 03:33 AM

අතීතයට වහල් නොවෙන්න. (ර)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 May 2016 01:35 PM

අරගොල්ලෝ රටින් ඉල්ලන බාගය දුන්නොත් ගොඩනඟන්න මොනවද ඉතිරි වෙන්නේ? (නි)

:       0       0

ගාමිණි Sunday, 01 May 2016 02:08 PM

ඒකාබද්ධ විපක්ෂය කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 99% ක් ඒගොල්ලන්ට පක්ෂපාතියි කියලා. නමුත් ගාල්ලේ ඉන්න සෙනඟ දැක්කම එ්ක ලොකු බොරුවක් කියලා පේනවා. (නි)

:       0       0

සමන් Sunday, 01 May 2016 02:11 PM

එහෙන් කට්ටියක් රට කනවා. මෙහෙන් අපිට කියනවා රට හදන්න එකතු වෙන්නලු. කියන්න බලන්න ඒ කොහොමද කියලත්. (නි)

:       0       0

ශශිකා Sunday, 01 May 2016 03:48 PM

අපොයි ඔබතුමාලගේ රට හැදිල්ල. අනුන්ගේ වැරදි කිය කියා යනවා විතරනේ. අවුරුද්දයි මාස 04යි. කෝ අද වැඩ? (නි)

:       0       0

විජේසුන්දර Sunday, 01 May 2016 07:31 PM

ජය ඝෝෂා නොනගනකොටම තේරෙනවා ජනතාවගේ කැමැත්ත අකමැත්ත. ආවේ රැලියට හදවතින්මද නැද්ද කියලා. ඔළුගෙඩි ගණන උත්තරය නොවෙයි. එය මුදල් නාස්තියක් හා තව තවත් හදවත් වලින් දුරස්වීමක් විතරයි (නි)

:       0       0

සිල්වා Sunday, 01 May 2016 07:45 PM

නිල් පාට අැඳලා සෙනග ගෙනාවම එ්කේ කෘතීම පාටක් අපිට පෙනෙන්නේ (නි)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 01 May 2016 08:19 PM

අපේ නිහතමානි නායකයා ජනපති මෛත්‍රී! (නි)

:       0       0

සත්‍යයා Sunday, 01 May 2016 11:41 PM

මේ වගේ කතා දැනට වසර 50කට උඩදී සිටම අපි අසා තිබෙනවා. කියන වචන ක්‍රියාවට පෙරළාගන්න එදා ඔය වචනම පාවිච්චි කරලා මැයි දිනය ඔපකළ අය උත්සාහ කළා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

අනූෂා Monday, 02 May 2016 01:51 AM

ගොඩක් සහභාගිවෙලා ඉන්න අයගේ උද්යෝගයක් නැති බවක් පෙනීයනවා. අනෙකුත් රැලි හා සසඳනකොට මේ බව හොඳින් පෙනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හිමි ළමා කාලය යළි දරුවන්ට දෙනවා
2024 ඔක්තෝබර් මස 01 9 0

දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි


IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 332 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 322 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 339 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 448 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 739 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38331 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25257 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 858 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site