ලංකාවේ මානව හිමිකම් සුරැකීම සදහා වන දේශීය යාන්ත්‍රණයට සහාය දක්වමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව නිසා පසුගිය සමයේ ජාත්‍යන්තරයේ සැකකරුවෙක් ලෙස හංවඩු ගැහී සිටි ශ්‍රීලංකාවේ ධනාත්මක වෙනසක් ඇතිවූයේයැයි වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
එසේම ඇමරිකා යෝජනාවේ සම අනුග්‍රාහකත්වය මෙරටට හිමිවීමෙන් ජාත්‍යන්තර පරීක්ෂණ වලින් තොර අලුත් ශ්‍රීලංකාවක් ඉදිරියේදී ලෝකය හමුවේ බිහිවනු ඇතැයිද අමාත්‍යවරයා කීය.
ඔහු මේ බව කියා සිටියේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී පසුගියදා ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ නවතම වාර්තාව පිළිඹදව අදහස් දක්වමිනි.
වැඩබලන විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම යෝජනාව මගින් සිදුවන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක සහයෝගීතාව ශ්‍රීලංකා රජය මෙරට මානව හිමිකම් කඩවීම් විමර්ෂණය කිරීමට ක්‍රියාවට නැංවීමට යන දේශීය යාන්ත්‍රණයට ලබාගැනීම බවය.
මෙහි කිසිම රහස් ගනුදෙනුවක් නොමැති බවත් එය ශ්‍රීලංකා නීතියට යටත්ව සිදුකරන්නක් බවත් හෙතෙම කියා සිටියේය.
මෙවැනි ක්‍රියාවලියක් මෙතෙක් ලෝකයා හමුවේ සැකකරුවෙකුවූ අප රට එයින් මුදවාගත් අවස්ථාවක් වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.එසේම ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවෙන් ශ්‍රීලංකාවටද සම අනුග්‍රාහකත්වය පැවැරී තිබීම නිසා පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට ශ්‍රීලංකාවට බලය පැවැරෙන බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල, ඔය කියන්නේ අර මහ බැංකු හොරකම ගැනද? (නි)
නිමල් මහත්මයා මම ත් ජපන් වාහන ගෙන්වා අලෙවි කරන්නෙක්. ඩොලර් එක පා කිරීම හා බදු වැඩි කිරීම නිසා ලක්ෂ ගණන් පාඩුව වුණා. නමුත් වාහන බදු වැඩි කරන්නේ සීමිත ඩොලර් සන්චිතය ආරක්ෂා කර ගැනීමට හා වාහන ආනයනය සීමා කිරීමටයි. මොකද ලංකාවේ දැන් වාහන වැඩි යි . ඒවගේම දිනපතා වාහන එකතු වෙනවා මිස වාහන අයින් වීමක් නැහැ අනෙක් රට වල වගේ. (අ)
රට හංවඩුව ඉවරද මන්ද නමුත් රට නම් ඉවරයි (අ)
සැබෑ පිළිතුරු සෙවිය හැක්කේ අනාගතය ලුහුබන්දිමෙන්වත් අතීතය තලු මරා වැමරිම වත් නොව වර්තමානයේ ජීවත්වෙමින් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමෙනි. සුබ ගමන්. (අ)
ඔයාල අඩු කරපු බඩුමිල දැන් ටික ටික වැඩි කරනවා නේද? (අ)
මානව හිමිකම් ඉදිරියට දමා සිය අවශ්‍යතාවයට අනුව නැටවෙන පාලන බිහිකර ගැනීමට ඇමරිකාව ඇකුළු යුරෝපා රටවල් අනුගමනය කළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල පසුගිය කාලයේ මොනවට ප්‍රදර්ශනය වුණා. දැන් මානව හිමිකම් අවුල් නෑ කියන එකෙන් පැහැදිලි වෙන්නේ මේ අය ඒ බෙරපදයට නටන්න සූදානම් බව පමණයි. ඒක අපේ රටේ සාමාන්‍ය ජනතාවටනම් හිතකර නෑ.(බ)
විදේශ රටවල වාහන සඳහා බදු පනවන්නේ ඉතා අඩුවෙන්. අපේ රටේ පිටරටකට වඩා හය හත්ගුණයක් ඕනෑ වාහනයක් ගන්න රජය අය කරන අධික බදු මුදල් නිසා. වාහනයක් කියන්නේ අද කාලේ සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. ගරු ඇමතිතුමනි, මිනිසුන් සූරාකන වාහන බදු ක්‍රමය ඉවත් කරන්න. (නි)
දැන් ඉතින් ගැලරිය පිනවන කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ (නි)
විදේශ රටවල් සමඟ ප්‍රශ්න ඇතිකර ගනිමින් අපේ රට ජාත්‍යන්තරයේ හුදකලා කර තවත් උතුරු කොරියාවක් කිරීමට සමහරු උත්සාහ ගනී. යුද්ධයෙන් පසු මෙවැනි පරීක්ෂණ කිරීම අපිට අලුත් දෙයක් නොවේ (නි)
එක එහෙම උනාට දැන් මානව හිමිකම් කඩ කරනවා කියලා චෝදනා කරන්නේ අපේම අයනේ. (හේ)
පිටිගල,කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ ඕවට තමා. (නි)
කාරිය කෙරෙනතුරු කාගේත් රැවටිල්ල. (නි)
හැමෝම කතාව විතරයි. තාම රටට ජනතාවට වුණ සුගතියක් නැහැ (නි)
ධනය සොරකම් කළා නම් එය ගණන් බලන්න පුළුවන්. රට පාවාදුන්නා නම් කොහොමද ගණන් බලන්නේ? (නි)
එතකොට පකිස්තානය, රුසියාව, කියුබාව, චීනය ආදී රටවල් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ මොකද?(හේ)
ඇමරිකාවෙයි , බටහිර රටවලයි හොඳ හිත දිනා ගන්න රට බේරලා දීපු මහින්දව හමුදා සෙන්පතියෝයි තුට්ටු දෙකට දාන එක හරිම වැරදියි.(හේ)
ඔබ තුමා කියන දේ හරි.(හේ)
රටට ලොකුම විපත සිද්ධ වුනේ රටේ ජාතික ධනය සොරකම් කළ නායකයින්ගෙන්. (හේ)