වතුර ප්‍රශ්නයක් නිසා රිටිගල ඇත් අතුරු සෙවණේ සිටි අලි පැටවුන් හය දෙනා උඩවලව ජාතික වනෝද්‍යානයට මාරු කළ බව වනජී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කියයි.
මෙම පුවත පසුගිය 02 වැනිදා එසැණ වෙබ් අඩවියේ පළ වු පුවතින් පසුව එහි ගිය තමා මේ පිළිබඳව සොයා බලා උපදෙස් ලබා දුන් බවද නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයා පැවසීය.
පසු ගිය වසරක කාලයකදී මේ ඇත් අතුරු සෙවනේ අලි පැටවුන් පස්දෙනකු මියගොස් ඇතැයිද වාර්තා වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසැණටත්, එසැණ පුවත සොයා බලා නිසි පිළියම් යෙදු වන ජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් මහතාටත් මගේ ගෞරවාචාරය. අලි කොල්ලනේ, උඹලා මතක තියාගන්න සත්තු ජාතියක්නේ. එහෙනම් 'එසැණ' මතක තියා ගනිල්ලා ඔන්න. ඉස්සහටත් කරදරයක් වුනොත් කාංචන මලයව අල්ල ගනිල්ලා. (ස)
ලංකාදීප එසැනට අපේ ප්‍රණාමය දොස්තර තාරක ප්‍රසාද් කියන්නේ ඉතින් අලින් එක්කම ජීවිතේ ගෙව්ව කෙනෙක්නෙ. ඒ මහත්තයා දන්නවා අලියට කොතනද හොද කියලා. උඩවලවේ අතුරු සෙවන කියන්නේ අනාථ අලින් ගේ මහගෙදර වගේ තමයි.හොද තීරණයක් ..... (ස)
ඕකනේ කියන්නේ. අපිටත් තේරෙන එක දොස්තර එනකම්ම හිටියනේ. කොහොම හරි හොඳ තීරණයක්. (ස)
දෙවියන්ට ස්තුති වේවා! ලංකාදීප එසැන කාර්ය මණ්ඩලයට ස්තුති වෙවා!! අදහස් දැක්වූ සැමටම ස්තුති වේවා !!! අපට සවන් දුන් වනජීවී අංශයේ සැමටම ස්තුති වේවා !!!! ප්‍රශංසා වේවා! මගේ අලි පැටවුන්ට දීර්ඝායු වේවා!(නදී)
ඒ කට්ටිය ඒ කාලයේ කළේම මෝඩ වැඩ තමයි (නි)
තාරක ප්‍රසාද් මහතාට ගොඩක් ස්තුතියි. කිරි සප්පයෝ හින්ද අපි දුකෙන් හිටියා. අලුත් අලි ගෙදරට නෑගම් එන්නම්කෝ. (ස)
ස්තුතියි ලංකාදීපයට, ඔබ කරන ජාතික මෙහෙවර ඉතාම වටිනවා. (ස)