රටක පාලකයින් කැපවිය යුත්තේ රටේ උගත් බුද්ධිමත් සමාජයක් බිහි කිරීමට මිස නුගතුන් ජන සමාජයක් ඇති කිරීමට නොවේ යැයි නාට්‍යවේදී ජයලාල් රෝහණ මහතා පවසයි.
‘ඇත්තෙන්ම මුල් කාලේ අපේ රටට බිහි වුණේ උගත් සමාජ හිතකාමී දේශපාලකයින්. අද ගමේ නගරයේ තැන චණ්ඩියටයි, කසිප්පු කාරයටයි. අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මෙගා නාට්‍ය වලින් තරු බවට පත් වුණු ගමේ නගරයේ සංගීත ප්‍රසංගයකදී හු කියන නළු නිළියන් ගායක ගායිකාවන් රට පාලනය කරන්න ඇවිත් තවත් රොත්තක් එන්න හදනවා. රටේ ලොකු පාලකයින් දන්නවා මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම. එකයි මේ වගේ අ ය ඒ තැන වලට ගේන්නේ. මේ යන විදියට කොතනින් නවතීද කියලයි ප්‍රශ්නය.
ඒ කොහොම වුණත් මම සැප්තැම්බර් මාසේ මුල් සති දෙකේදී ඉතාලියට එනවා. දේශන කිහිපයකට සහභාගී වීමට. ඇත්ත කතා කරලා රටේ ජන සමාජය හොද තත්වයකට ගන්න පුළුවන්නම් මැරුණත් කමක් නැහැ කියලයි මම හිතන්නේ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කතා කරන මනුස්සයෙක් , (දී)
කොන්ද කෙලින් තියෙන නියම සිංහලයෙක්..ඔබ තුමාට දීර්ග යුස පතමි (අ)
ඔබතුමාගේ අදහස් අප අනුමත කරනවා. නමුත් අද ඉන්න ගොඩක් අය කලා කාරයෝ නොවේ කඩේ යන නලාකාරයෝ. ඒ නිසා කෙලින් අදහස් දක්වන්න පිට කොන්දක් නෑ.(නදී)
ජනක, දේශපාලන පක්ෂයකට සම්බන්ද වීම අදහස් ප්‍රකාශනයට භාදාවක් බව මම දන්නේ නැහැනේ.(නදී)
කාලෝචිත ප්‍රකාශයක් ලංකාවේ බුද්දිමත් වැඩි පිරිසක් හිටියත් තමන්ගේ ඡන්දයේදී කල්පනාකාරීව ක්‍රියා කරන්නේ නැහැ. (නදී)
හිනා... හිනා... හතර හිනා... තව මොනවද කියන්නට ඕනා. (අ)
ඇත්ත කියපු ඔබට අපේ උපහාරය (අ)
බලාගෙන පරිස්සමින් (අ)
මම හිතන් හිටියේ දැන් ලංකාවේ ඉන්නේ කළා "කරු" කියල. ඉදල හිටලා කළා කාරයෙකුත් ඉන්න එක ලොකු දෙයක්.(නදී)
මිනිස්සු සරු දේ සරු විදියටත් නිසරු දේ නිසරු විදියටත් දකින්න හැකිනම් අපේ පුංචි රට අගාදයට යන එකක් නෑ.(අ)
"ලංකාවේ කතාව" නමැති නාට්‍යයේ ඊළඟ ජවනිකාව කොහොම වෙය්ද කියල හිතාගත්තැහැකි නේද ????? (දී)
අපටත් කියන්න තියෙන්නේ රටට ගිය කලක් කියලා තමයි මහත්තයෝ (දී)
"ඇත්ත කතා කරලා රටේ ජන සමාජය හොද තත්වයකට ගන්න පුළුවන්නම් මැරුණත් කමක් නැහැ" උදාර කියමනක්. එත් මේ කියමන ම 1971 දී සහ 88-89 දී කිව්ව දස දහසක් තම වටිනා ජීවිත පුදලත් රට අගාධයට යෑම නතර උනේ නැහැ. ඉගෙනගත යුතු පාඩම: රට හදන්න පණ දෙන්නම ඕනේ නැහැ. ජීවත්ව ඉඳිමින් ආදර්ශයක් දෙන්න.(දී)
බුද්ධිමතුන් පෙරට පැමිණිය යුතු කාලය එලඹ ඇත. ඔබතුමාට ස්තුතියි. (නදී)
ඹබ කවදත් ඇත්ත කියන කෙනෙක්.(නදී)
ඇත්ත තමයි ජයලාල් මහත්තයෝ. අද අපේ රටේ මහ උදවිය කරන දේවල් දැක්කම ලැජ්ජයි (දිල්)
ඔබ සැබෑ කලාකරුවෙක්. ඔය වගේ අදහස් දරන අතලොස්සක් කලාකරුවන් කිහිප දෙනාට කලාකාමී අපගේ ආචාරය පුද කරමු. (නදී)
දේශපාලනය ගැන හයක් හතරක් නොදන්නා මං වගේ කෙනෙකුට මේ කතාව බණකටත් වඩා වැදගත් කියල හිතෙනවා. ජයලාල් මහත්තයා ඡන්දෙ ඉල්ලුවනං ගැප් එකක් තියලා දිනනවා. ජවහල ලාල් නේරු තුමා වගේ ලංකාවේ ජය ලාල් තුමා රටට වැඩක්වත් කරාවි කියල මට හිතෙනවා. ඔබතුමා ඡන්දෙ ඉල්ලලා එන්නකෝ ඉදිරියට. ඉතාලි දේශනා අහන්න යන්න එපා. ලංකාවේ අපිට දේශනා කරන්නකෝ. (නදී)
අනේ මහතයෝ අපේ හිත්වල කියාගන්න බැරි වේදනාවක් තියෙනවා රට යන දෙස බැලුවම. රටේ බහුතරයක් දුර දිග නොබලයි ඡන්දේ දෙන්නේ. ඒ ගැන ජනතාවට පහදලා දෙන්න පුලුවන්නම් ඔබ ජාතික වීරයෙකි. ජනතාව අතරට ඔබ වැනි බුද්දිමත් කලාකරුවෙකුට පහසුවෙන් ලං වියහැක.(දිල්)
ඇත්ත නොබියව ප්‍රකාශ කළාට ඔබට පින් මහත්මයාණනි.(නදී)
ජයලාල් රෝහණ මැතිතුමනි, ඔබගේ කියමන ඉතාමත් නිවරදිය.(නදී)
උගත් බුද්ධිමත් සමාජයක් ඇති වුනොත් මේ රටේ ලොකු අයට මොකද වෙන්නේ? (නදී)
ඔබතුමාගේ කතාව ඇත්ත. නමුත් ඔබතුමාත් දේශපාලන පක්ෂෙකට සම්බන්දයිනේ.(නදී)
කවුරු මොනවා කියුවත් රට වැරදි පාරේ වේගයෙන් පහලට යනවා. හැමදෙනා එකතුවෙලා මොනවා හරි කරලා හරි මගට ගන්න.(නදී)
ඔබතුමා 100% හරි. ප්‍රශ්නය තිබෙන්නේ බොහෝ බුද්දිමතුන් තත්වය ගැන අවබෝදයක් තිබෙද්දීත් නිහඩව ඉන්න එකයි.(නදී)
ඇත්ත නොබියව ප්‍රකාශ කළාට ඔබට අපගේ ආචාරය !(නදී)
මෙන්න මේකට තමයි මම කිව්වේ දේශප්‍රේමය නමැති මානසිකත්වය 2005 ආවට පස්සේ මිනිස්සුන්ගේ බුද්ධිය අඳුරු වලාවකින් වැහිලා කියලා. (නදී)
වාසි තකා ලොක්කන්ට කඩේයන කලාකරුවන්ට ඔබ නියම ආදර්ශයක් ...සුබ පැතුම්! (නදී)
අසු අට අසු නාමයේ කැරැල්ල කාලේ පාරවල් පුරා රෑට අලවාපු පෝස්ටර් ඉතා අසාවෙන් කියෙව්වා මට තාමත් මතකයි. පස්සේ කාලේ ඒ පෝස්ටර්වල නිර්මාණ කරුවා ඔබයි කියල දැනගත්තේ.(නදී)
මා කවදත් ප්‍රිය කරපු නළුවෙක් ඔබ. ඔබේ කතාවට තිබුණු ගෞරවය දෙගුණ තෙගුණ වුනා. ඔයා වගේ කවුරුත් හිතනවා නම්.(නදී)
අද අපේ රටේ දේශපාලනයට එන්න දඟලන කට්ටියව දැක්කහම අපටම හිනා. ඒත් ජනතාව බුද්දිමත්ව හිතන්න ඕන කාලයයි මේ .(නදී)
ජානක, අද දේශපාලනය නැතිව කක්කුස්සියටවත් යන්න පුලුවන්ද? වැරැද්ද දේශපාලනයේ නොව එය කරන තක්කඩියන්ගේ බව තේරුම් ගන්න.(නදී)
අද සමාජයේ උගත් අය තමයි වැඩිපුරම ඉන්නේ, එත් උගත් වුනාට බුද්දිමත් නැති එකයි ප්‍රශ්නේ, උගත් මෝඩ මිනිස්සු ඉන්නකන් මේ ක්‍රමය වෙනස් කරන්න අමරුයි. (අ)
ඇත්ත නොබියව ප්‍රකාශ කළාට ඔබට අපගේ ආචාරය ! (අ)
ඔබ උසස් පුද්ගලයෙක්, අප ඔබට සුභපතනවා (අ)