IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘රටට ගිය කලක්‘

රටක පාලකයින් කැපවිය  යුත්තේ රටේ උගත් බුද්ධිමත් සමාජයක් බිහි කිරීමට  මිස නුගතුන් ජන සමාජයක් ඇති කිරීමට නොවේ යැයි  නාට්‍යවේදී  ජයලාල් රෝහණ මහතා පවසයි. 

‘ඇත්තෙන්ම මුල් කාලේ අපේ රටට බිහි වුණේ උගත් සමාජ හිතකාමී දේශපාලකයින්. අද ගමේ නගරයේ තැන චණ්ඩියටයි, කසිප්පු කාරයටයි. අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මෙගා නාට්‍ය වලින් තරු බවට පත් වුණු ගමේ නගරයේ සංගීත ප්‍රසංගයකදී හු කියන නළු නිළියන් ගායක ගායිකාවන් රට පාලනය කරන්න ඇවිත් තවත් රොත්තක් එන්න හදනවා. රටේ ලොකු පාලකයින් දන්නවා මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම.  එකයි මේ වගේ අ ය ඒ තැන වලට ගේන්නේ. මේ යන විදියට කොතනින් නවතීද කියලයි ප්‍රශ්නය.

ඒ කොහොම වුණත් මම සැප්තැම්බර් මාසේ මුල් සති දෙකේදී ඉතාලියට එනවා. දේශන කිහිපයකට සහභාගී වීමට. ඇත්ත කතා කරලා රටේ ජන සමාජය හොද තත්වයකට ගන්න පුළුවන්නම් මැරුණත් කමක් නැහැ කියලයි මම හිතන්නේ.‘



අදහස් (0)

‘රටට ගිය කලක්‘

මාලා Monday, 27 January 2014 03:33 PM

අසු අට අසු නාමයේ කැරැල්ල කාලේ පාරවල් පුරා රෑට අලවාපු පෝස්ටර් ඉතා අසාවෙන් කියෙව්වා මට තාමත් මතකයි. පස්සේ කාලේ ඒ පෝස්ටර්වල නිර්මාණ කරුවා ඔබයි කියල දැනගත්තේ.(නදී)

:       0       0

අශාන් Monday, 27 January 2014 03:39 PM

මා කවදත් ප්‍රිය කරපු නළුවෙක් ඔබ. ඔබේ කතාවට තිබුණු ගෞරවය දෙගුණ තෙගුණ වුනා. ඔයා වගේ කවුරුත් හිතනවා නම්.(නදී)

:       0       0

ගිත් Monday, 27 January 2014 03:50 PM

අද අපේ රටේ දේශපාලනයට එන්න දඟලන කට්ටියව දැක්කහම අපටම හිනා. ඒත් ජනතාව බුද්දිමත්ව හිතන්න ඕන කාලයයි මේ .(නදී)

:       0       0

සදිස්ස Monday, 27 January 2014 03:56 PM

ජානක, අද දේශපාලනය නැතිව කක්කුස්සියටවත් යන්න පුලුවන්ද? වැරැද්ද දේශපාලනයේ නොව එය කරන තක්කඩියන්ගේ බව තේරුම් ගන්න.(නදී)

:       0       0

එස් ගොඩගේ Tuesday, 28 January 2014 08:49 AM

ඹබ කවදත් ඇත්ත කියන කෙනෙක්.(නදී)

:       0       0

නිමල් Monday, 27 January 2014 04:41 PM

අද සමාජයේ උගත් අය තමයි වැඩිපුරම ඉන්නේ, එත් උගත් වුනාට බුද්දිමත් නැති එකයි ප්‍රශ්නේ, උගත් මෝඩ මිනිස්සු ඉන්නකන් මේ ක්‍රමය වෙනස් කරන්න අමරුයි. (අ)

:       0       0

මන් Monday, 27 January 2014 04:45 PM

ඇත්ත නොබියව ප්‍රකාශ කළාට ඔබට අපගේ ආචාරය ! (අ)

:       0       0

අනුරශාන්ත Tuesday, 28 January 2014 09:58 AM

ඇත්ත තමයි ජයලාල් මහත්තයෝ. අද අපේ රටේ මහ උදවිය කරන දේවල් දැක්කම ලැජ්ජයි (දිල්)

:       0       0

ඉරේෂ් පෙරේරා Monday, 27 January 2014 05:32 PM

ඔබ උසස් පුද්ගලයෙක්, අප ඔබට සුභපතනවා (අ)

:       0       0

මේනකා Monday, 27 January 2014 06:22 PM

මිනිස්සු සරු දේ සරු විදියටත් නිසරු දේ නිසරු විදියටත් දකින්න හැකිනම් අපේ පුංචි රට අගාදයට යන එකක් නෑ.(අ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 28 January 2014 11:34 AM

ඔබ සැබෑ කලාකරුවෙක්. ඔය වගේ අදහස් දරන අතලොස්සක් කලාකරුවන් කිහිප දෙනාට කලාකාමී අපගේ ආචාරය පුද කරමු. (නදී)

:       0       0

ශාන්ද්යි ගමගේ Monday, 27 January 2014 07:28 PM

කොන්ද කෙලින් තියෙන නියම සිංහලයෙක්..ඔබ තුමාට දීර්ග යුස පතමි (අ)

:       0       0

සුමනා මානවඩුව Monday, 27 January 2014 08:30 PM

ඔබතුමාගේ අදහස් අප අනුමත කරනවා. නමුත් අද ඉන්න ගොඩක් අය කලා කාරයෝ නොවේ කඩේ යන නලාකාරයෝ. ඒ නිසා කෙලින් අදහස් දක්වන්න පිට කොන්දක් නෑ.(නදී)

:       0       0

සමන්ත Monday, 27 January 2014 09:15 PM

ජනක, දේශපාලන පක්ෂයකට සම්බන්ද වීම අදහස් ප්‍රකාශනයට භාදාවක් බව මම දන්නේ නැහැනේ.(නදී)

:       0       0

අස්මිත් Monday, 27 January 2014 09:21 PM

කාලෝචිත ප්‍රකාශයක් ලංකාවේ බුද්දිමත් වැඩි පිරිසක් හිටියත් තමන්ගේ ඡන්දයේදී කල්පනාකාරීව ක්‍රියා කරන්නේ නැහැ. (නදී)

:       0       0

සොනාලි Tuesday, 28 January 2014 03:06 PM

දේශපාලනය ගැන හයක් හතරක් නොදන්නා මං වගේ කෙනෙකුට මේ කතාව බණකටත් වඩා වැදගත් කියල හිතෙනවා. ජයලාල් මහත්තයා ඡන්දෙ ඉල්ලුවනං ගැප් එකක් තියලා දිනනවා. ජවහල ලාල් නේරු තුමා වගේ ලංකාවේ ජය ලාල් තුමා රටට වැඩක්වත් කරාවි කියල මට හිතෙනවා. ඔබතුමා ඡන්දෙ ඉල්ලලා එන්නකෝ ඉදිරියට. ඉතාලි දේශනා අහන්න යන්න එපා. ලංකාවේ අපිට දේශනා කරන්නකෝ. (නදී)

:       0       0

අල්විස් Monday, 27 January 2014 10:35 PM

හිනා... හිනා... හතර හිනා... තව මොනවද කියන්නට ඕනා. (අ)

:       0       0

ශාන්ති Monday, 27 January 2014 10:37 PM

ඇත්ත කියපු ඔබට අපේ උපහාරය (අ)

:       0       0

අසංග කුලියාපිටිය Monday, 27 January 2014 10:42 PM

බලාගෙන පරිස්සමින් (අ)

:       0       0

දාස් Monday, 27 January 2014 11:43 PM

මම හිතන් හිටියේ දැන් ලංකාවේ ඉන්නේ කළා "කරු" කියල. ඉදල හිටලා කළා කාරයෙකුත් ඉන්න එක ලොකු දෙයක්.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 28 January 2014 02:10 AM

ඇත්ත කතා කරන මනුස්සයෙක් , (දී)

:       0       0

අචිනි Monday, 27 January 2014 02:04 PM

වාසි තකා ලොක්කන්ට කඩේයන කලාකරුවන්ට ඔබ නියම ආදර්ශයක් ...සුබ පැතුම්! (නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 27 January 2014 02:20 PM

ඇත්ත නොබියව ප්‍රකාශ කළාට ඔබට පින් මහත්මයාණනි.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 28 January 2014 02:51 AM

"ලංකාවේ කතාව" නමැති නාට්‍යයේ ඊළඟ ජවනිකාව කොහොම වෙය්ද කියල හිතාගත්තැහැකි නේද ????? (දී)

:       0       0

දයා අලහාකෝන් Monday, 27 January 2014 02:20 PM

ජයලාල් රෝහණ මැතිතුමනි, ඔබගේ කියමන ඉතාමත් නිවරදිය.(නදී)

:       0       0

පෙරුමාල් Monday, 27 January 2014 02:22 PM

උගත් බුද්ධිමත් සමාජයක් ඇති වුනොත් මේ රටේ ලොකු අයට මොකද වෙන්නේ? (නදී)

:       0       0

වික්‍රම Tuesday, 28 January 2014 03:01 AM

අපටත් කියන්න තියෙන්නේ රටට ගිය කලක් කියලා තමයි මහත්තයෝ (දී)

:       0       0

ජානක Monday, 27 January 2014 02:26 PM

ඔබතුමාගේ කතාව ඇත්ත. නමුත් ඔබතුමාත් දේශපාලන පක්ෂෙකට සම්බන්දයිනේ.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 27 January 2014 02:30 PM

කවුරු මොනවා කියුවත් රට වැරදි පාරේ වේගයෙන් පහලට යනවා. හැමදෙනා එකතුවෙලා මොනවා හරි කරලා හරි මගට ගන්න.(නදී)

:       0       0

සේන Monday, 27 January 2014 02:52 PM

ඔබතුමා 100% හරි. ප්‍රශ්නය තිබෙන්නේ බොහෝ බුද්දිමතුන් තත්වය ගැන අවබෝදයක් තිබෙද්දීත් නිහඩව ඉන්න එකයි.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 28 January 2014 06:21 AM

"ඇත්ත කතා කරලා රටේ ජන සමාජය හොද තත්වයකට ගන්න පුළුවන්නම් මැරුණත් කමක් නැහැ" උදාර කියමනක්. එත් මේ කියමන ම 1971 දී සහ 88-89 දී කිව්ව දස දහසක් තම වටිනා ජීවිත පුදලත් රට අගාධයට යෑම නතර උනේ නැහැ. ඉගෙනගත යුතු පාඩම: රට හදන්න පණ දෙන්නම ඕනේ නැහැ. ජීවත්ව ඉඳිමින් ආදර්ශයක් දෙන්න.(දී)

:       0       0

ලංකා Monday, 27 January 2014 03:07 PM

ඇත්ත නොබියව ප්‍රකාශ කළාට ඔබට අපගේ ආචාරය !(නදී)

:       0       0

චමල් Monday, 27 January 2014 03:14 PM

මෙන්න මේකට තමයි මම කිව්වේ දේශප්‍රේමය නමැති මානසිකත්වය 2005 ආවට පස්සේ මිනිස්සුන්ගේ බුද්ධිය අඳුරු වලාවකින් වැහිලා කියලා. (නදී)

:       0       0

සුරනිමල Tuesday, 28 January 2014 06:51 AM

බුද්ධිමතුන් පෙරට පැමිණිය යුතු කාලය එලඹ ඇත. ඔබතුමාට ස්තුතියි. (නදී)

:       0       0

ෂෙෆීක් Monday, 27 January 2014 03:29 PM

අනේ මහතයෝ අපේ හිත්වල කියාගන්න බැරි වේදනාවක් තියෙනවා රට යන දෙස බැලුවම. රටේ බහුතරයක් දුර දිග නොබලයි ඡන්දේ දෙන්නේ. ඒ ගැන ජනතාවට පහදලා දෙන්න පුලුවන්නම් ඔබ ජාතික වීරයෙකි. ජනතාව අතරට ඔබ වැනි බුද්දිමත් කලාකරුවෙකුට පහසුවෙන් ලං වියහැක.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 727 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 389 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 313 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 313 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 360 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 471 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site